Surah Aal-e-Imran Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranفَإِنۡ حَآجُّوكَ فَقُلۡ أَسۡلَمۡتُ وَجۡهِيَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِۗ وَقُل لِّلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡأُمِّيِّـۧنَ ءَأَسۡلَمۡتُمۡۚ فَإِنۡ أَسۡلَمُواْ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ
(නබියේ! මින්) පසුවද, ඔබ සමග තර්ක කළහොත් (ඔවුන්ට) “නියත වශයෙන්ම මා අල්ලාහ්ට (අල්ලාහ්ගේ නියෝගයන්ට) සම්පූර්ණයෙන්ම අවනත වුනෙමි. (එසේම) මාව අනුගමනය කරන්නන්ද (අවනත වූහ)” යයි පවසා, ධර්මය පහළ කරනු ලැබූවන්ටද (පිළිරූ ආරාධනා කරන) නූගතුන්ගෙන්ද “ඔබත් (ඒ අන්දමටම) අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වන්නෙහුද?”යි විමසනු. (එසේම) ඔවුන්ද අවනත වුවහොත්, නියත වශයෙන්ම ඔවුන්ද ඍජු මාර්ගය අත් කර ගත්හ. තවද ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ වෙනුවෙන් ඔබ දුක් නොවනු. ඔබ අපගේ දූත මෙහෙවර ඔවුන්ට) ගෙනහැර දැක්වීමම ඔබ කෙරෙහි අනිවාර්යය වී ඇත්තේය. අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය