Surah Aal-e-Imran Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَرَسُولًا إِلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَنِّي قَدۡ جِئۡتُكُم بِـَٔايَةٖ مِّن رَّبِّكُمۡ أَنِّيٓ أَخۡلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيۡـَٔةِ ٱلطَّيۡرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيۡرَۢا بِإِذۡنِ ٱللَّهِۖ وَأُبۡرِئُ ٱلۡأَكۡمَهَ وَٱلۡأَبۡرَصَ وَأُحۡيِ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِ ٱللَّهِۖ وَأُنَبِّئُكُم بِمَا تَأۡكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ
“ඉස්රායීල පරම්පරා දරුවන්ට (ඔහුව) එක් නබිවරයෙකු වශයෙන්ද පත් කරනු ඇත” (යයි දෙවියන් පැවසුවේය. පසුව ඊසා ඉපදී තම තරුණ වියට පත් වී ඉස්රායීල් පරම්පරා දරුවන් වෙත ගිය අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවේය): “නියත වශයෙන්ම මා ඔබගේ දෙවියන් වෙතින් (යවනු ලැබූ එක් නබිවරයෙකු යන්නට) එක් ප්‍රාතිහාර්යයක් සමග පැමිණ ඇත්තෙමි. ඔබ වෙනුවෙන් මැටි වලින් පක්ෂියෙකුගේ හැඩරුව මෙන් අඹා මා එයට පිඹින්නෙමි. අල්ලාහ්ගේ අනුමැතියට අනුව එය (පණ ඇති) පක්ෂියෙකු බවට පත් වනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියට අනුව උප්පත්තියෙන්ම අන්ධයින්වද, කුෂ්ට (ලාදුරු) රොගීන්වද මා සුව කරන්නෙමි. මරණයට පත් වූවන්ටද මා පණ දෙන්නෙමි. ඔබ අනුභව කළ දැයද, ඔබ නිවෙස්හි එක්කාසු කර ඇති දැයද, මා ඔබට දැනුම් දෙන්නෙමි. ඇත්තෙන්ම ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම් මෙයින් ඔබට (තෘප්තියක් ලැබිය හැකි) සාධකයක් ඇත්තේය”