Surah Aal-e-Imran Verse 75 - Sinhala Translation by Www.islamhouse.com
Surah Aal-e-Imran۞وَمِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مَنۡ إِن تَأۡمَنۡهُ بِقِنطَارٖ يُؤَدِّهِۦٓ إِلَيۡكَ وَمِنۡهُم مَّنۡ إِن تَأۡمَنۡهُ بِدِينَارٖ لَّا يُؤَدِّهِۦٓ إِلَيۡكَ إِلَّا مَا دُمۡتَ عَلَيۡهِ قَآئِمٗاۗ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لَيۡسَ عَلَيۡنَا فِي ٱلۡأُمِّيِّـۧنَ سَبِيلٞ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ
දහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නොදෙති. එය ලිවීමට කියවීමට නොදත් අය සම්බන්ධයෙන් අප කෙරෙහි (වරදට හසු කිරීමේ) මඟක් නොමැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තව ද ඔවුහු දැන දැනම අල්ලාහ් ගැන බොරු ප්‍රකාශ කරන්නෝය