Surah Az-Zumar Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
මිනිසුන් මරණයට පත් වන විටද, මරණයට පත් නොවී නින්දෙහි සිටින විටද, අල්ලාහ්ම ඔවුන්ගේ පණ අත්පත් කර ගන්නේය. පසුව කවුරුන් කෙරෙහි මරණය නියම වූවේද, ඔවුන්ගේ පණ (තමන් වෙතම) නවතා තබා ගන්නේය. අන් අයගේ (පණ) නියමිත කාලය දක්වා (ජීවත් වීමට) ඔවුන් වෙතම ඔහු යවන්නේය. අවධානය කර දැන ගත හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි පාඩම් (බොහොමයක්) ඇත්තේය