Surah Az-Zumar Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarإِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(ඔහුව) ඔබ ප්‍රතික්ෂේප කර දැමුවද, (ඔහුට කිසි පාඩුවක් නැත. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ අවශ්‍යතාවයක් නොමැත්තෙකු වශයෙන් සිටින්නේය. එහෙත් තම වහලූන් (තමන්ව) ප්‍රතික්ෂේප කිරීම ඔහු කැමති වන්නේ නැත. ඔබ (ඔහුට) කෘතඥ වන්නෙහු නම්, ඔබ ගැන ඔහු තෘප්තියට පත් වන්නේය. කෙනෙකුගේ (පාපයන්හි) බර වෙනත් කෙනෙකු උසුළන්නට නොහැක. මින් පසු ඔබ යා යුත්තේ ඔබගේ දෙවියන් වෙතය. ඒ අවස්ථාවේදී ඔබ කරමින් සිටි දැය ඔහු ඔබට දැනුම් දෙනු ඇත. හෘදයන්හි ඇති දැයද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය