Surah Yunus Verse 24 - Sinhala Translation by Www.islamhouse.com
Surah Yunusإِنَّمَا مَثَلُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ مِمَّا يَأۡكُلُ ٱلنَّاسُ وَٱلۡأَنۡعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلۡأَرۡضُ زُخۡرُفَهَا وَٱزَّيَّنَتۡ وَظَنَّ أَهۡلُهَآ أَنَّهُمۡ قَٰدِرُونَ عَلَيۡهَآ أَتَىٰهَآ أَمۡرُنَا لَيۡلًا أَوۡ نَهَارٗا فَجَعَلۡنَٰهَا حَصِيدٗا كَأَن لَّمۡ تَغۡنَ بِٱلۡأَمۡسِۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَتَفَكَّرُونَ
මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු වෙයි. මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන එය අලංකාරවත් වෙයි. එහි වැසියෝ නියත වශයෙන්ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතති. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණියේය. පසු ව එය නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි එය පත් කළෙමු. එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නොගත්තාක් මෙන් විය. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙසය