Surah Yunus Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusإِنَّمَا مَثَلُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا كَمَآءٍ أَنزَلۡنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخۡتَلَطَ بِهِۦ نَبَاتُ ٱلۡأَرۡضِ مِمَّا يَأۡكُلُ ٱلنَّاسُ وَٱلۡأَنۡعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلۡأَرۡضُ زُخۡرُفَهَا وَٱزَّيَّنَتۡ وَظَنَّ أَهۡلُهَآ أَنَّهُمۡ قَٰدِرُونَ عَلَيۡهَآ أَتَىٰهَآ أَمۡرُنَا لَيۡلًا أَوۡ نَهَارٗا فَجَعَلۡنَٰهَا حَصِيدٗا كَأَن لَّمۡ تَغۡنَ بِٱلۡأَمۡسِۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَتَفَكَّرُونَ
මෙලොව ජීවිතයෙහි උපමාව වලාකුළෙන් අපි වසින්නට සලස්වන ජලයට සම වන්නේය. එය ගමේ සතුන්ටද, මිනිසුන්ටද අනුභවයට ගත හැකි ගස් වැල් පලා ආදිය සමග මිශ්‍ර වී (ඝන භෝග බවට පැළ වී, පිපී, කරළ් හටගෙන) භූමිය අලංකාරවත් කරගෙන තිඛෙන අවස්ථාවේදී එහි අයිතිකරුවන් (අපි වගා කළ ගොයම් අස්වැන්න නෙළීමට කාලය එළඹ ඇත. හෙට) එය නියත වශයෙන්ම අපි කපා නෙළා ගන්නෙමු යයි අදහස් කරමින් සිටියහ. ඒ අවස්ථාවේදී, රාත්‍රියේදී හෝ දහවලේදී හෝ අපගේ නියෝගය (මගින් එක් විපතක්) පැමිණ එමගින් ඒවා ඊයේ දින ඒ ස්ථානයේ තිබුනේම නැත යයි සිතන්නට හැකි වන ලෙසට ඒවා අපි විනාශ කර දැමුවෙමු. (මෙම උදාහරණය) සිතා වටහා ගත හැකි ජනතාවට, අපි (අපගේ) ආයාවන් මෙසේ (පැහැදිලිව) විවරණය කරන්නෙමු