Surah Hud Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَلَآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ إِنِّي مَلَكٞ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزۡدَرِيٓ أَعۡيُنُكُمۡ لَن يُؤۡتِيَهُمُ ٱللَّهُ خَيۡرًاۖ ٱللَّهُ أَعۡلَمُ بِمَا فِيٓ أَنفُسِهِمۡ إِنِّيٓ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ
“අල්ලාහ්ගේ නිධානයන් (සියල්ල) මා වෙත ඇත්තේය යයිද මා ඔබ වෙත පැවසුවේ නැත. මා ගුප්ත දැය දන්නෙකුද නොව. මා මලායිකාවරයෙකු යයි පැවසුවේද නැත. කවුරුන්ව ඔබගේ දෑසට දීන වූවන් වශයෙන් දකින්නේද, ඔවුන්ට අල්ලාහ් කිසිවක් ලබා දෙන්නේ නැතැයිද, මා පවසන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඇති (විශ්වාසය ඔබට වඩා) අල්ලාහ්ම හොඳින් දන්නෙකි. (මෙයට වෙනස්ව යම් කිසිවක් පැවසුවහොත්) නියත වශයෙන්ම මමත් ඒ අවස්ථාවේදීම අපරාධකාරයින්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙමි” (යයිද පැවසුවේය)