Surah An-Nahl Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
සමානයන් තබා නමදින්නන් මෙසේ පවසන්නාහ: “අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, අපිත් අපගේ මුතුන් මිත්තන්ද ඔහු මිස, වෙන කිසි දැයක් නැමද ඇත්තේම නැත. ඔහුගේ නියෝගයෙන් මිස, කිසිවක් (සුදුසු නැත යයි) වළක්වා හරින්නේද නැත”. මේ අන්දමටම මොවුන්ගෙන් පෙර වාසය කළ අයද (පුහු වාද විවාද) කරමින්ම සිටියහ. (අපගේ) දුතයින්ට (ඔවුන්ට දෙන ලද නියෝගයන්) පැහැදිලිව දැනුම් දෙනවා මිස, (වෙන කිසිම) වගකීමක් ඇත්තේද? (නොමැත)