Surah Al-Isra Verse 23 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Isra۞وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنًاۚ إِمَّا يَبۡلُغَنَّ عِندَكَ ٱلۡكِبَرَ أَحَدُهُمَآ أَوۡ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفّٖ وَلَا تَنۡهَرۡهُمَا وَقُل لَّهُمَا قَوۡلٗا كَرِيمٗا
නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ නුඹ හමුවෙහි මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා ලෙස) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා (ඔබලා වෙතින්) පලවා නොහරිනු. ඔවුන් දෙදෙනාව ගෞරවනීය වදනින් අමතනු