Surah Al-Kahf Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَكَذَٰلِكَ بَعَثۡنَٰهُمۡ لِيَتَسَآءَلُواْ بَيۡنَهُمۡۚ قَالَ قَآئِلٞ مِّنۡهُمۡ كَمۡ لَبِثۡتُمۡۖ قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۚ قَالُواْ رَبُّكُمۡ أَعۡلَمُ بِمَا لَبِثۡتُمۡ فَٱبۡعَثُوٓاْ أَحَدَكُم بِوَرِقِكُمۡ هَٰذِهِۦٓ إِلَى ٱلۡمَدِينَةِ فَلۡيَنظُرۡ أَيُّهَآ أَزۡكَىٰ طَعَامٗا فَلۡيَأۡتِكُم بِرِزۡقٖ مِّنۡهُ وَلۡيَتَلَطَّفۡ وَلَا يُشۡعِرَنَّ بِكُمۡ أَحَدًا
ඔවුන් (එහි කොපමණ කලක් සිටියෙහුද යන්න) තමන් තුළ විමසා දැන ගනු පිණිස (නිදා ගන්නා) ඔවුන්ව මෙසේ අපි නැගිටෙව්වෙමු. ඔවුන්ගෙන් කෙනෙකු (අන් අයගෙන්) “ඔබ කොපමණ වේලාවක් (නින්දෙහි) සිටියෙහුද?”යි විමසුවේය. (එයට) ඔවුන්ගෙන් සමහරෙක් “එක් දිනක් නැතහොත් එක් දවසකින් සුළු කොටසක් සිටින්නට ඇත්තෙමු” යයි පැවසූහ. (අන් අය) “ඔබ (නින්දෙහි) සිටි කාලය ඔබගේ දෙවියන්ම හොඳින් දන්නේය!” යයි පවසා “ඔබගෙන් කෙනෙකු වෙත මෙම (රිදී) කාසිය දී ඔහුව නගරයට යවනු. ඔහු (එහි ගොස්) හොඳ ආහාර ද්‍රව්‍ය යමක් (කොහේ ඇත්තේදැයි) යන්න සොයා බලා, එයින් ටිකක් මිල දී ගෙන එනු. එහෙත් ඔබව (ඔවුන්ගෙන්) කිසිවෙකුත් දැන නොගන්නා සේ ඉතාමත් ප්‍රවේසමෙන්ම ඔහු සිටිය යුතුය