Surah Al-Kahf Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfسَيَقُولُونَ ثَلَٰثَةٞ رَّابِعُهُمۡ كَلۡبُهُمۡ وَيَقُولُونَ خَمۡسَةٞ سَادِسُهُمۡ كَلۡبُهُمۡ رَجۡمَۢا بِٱلۡغَيۡبِۖ وَيَقُولُونَ سَبۡعَةٞ وَثَامِنُهُمۡ كَلۡبُهُمۡۚ قُل رَّبِّيٓ أَعۡلَمُ بِعِدَّتِهِم مَّا يَعۡلَمُهُمۡ إِلَّا قَلِيلٞۗ فَلَا تُمَارِ فِيهِمۡ إِلَّا مِرَآءٗ ظَٰهِرٗا وَلَا تَسۡتَفۡتِ فِيهِم مِّنۡهُمۡ أَحَدٗا
(ගුහාවෙහි සිටි ඔවුන්) තිදෙනෙකි. හතරවැන්නා ඔවුන්ගේ බල්ලා යයි (සමහරෙක්) පවසන්නාහ. (වෙනත් සමහරෙක් ඔවුන්) පස්දෙනෙකි. ඔවුන්ගේ බල්ලා හයවැන්නා වන්නේය යයිද, සැඟවුනු කාරණාවන් තමන් සොයා ගනු ලැබූවන් මෙන් (ඉතාමත් ස්ථීරව) පවසන්නාහ. (තවත් සමහරෙක් නම්, ඔවුන්) හත් දෙනෙකි. අට වැන්නා ඔවුන්ගේ බල්ලා යයිද පවසන්නාහ. (නබියේ!) “ඔවුන්ගේ සංඛ්‍යාව මගේ දෙවියන්ම හොඳින් දන්නේය. ඔවුන්ගේ (සත්‍ය කාරණාව) සමහරෙකු හැර වෙනත් අය දැන ගන්නේ නැත” යයි පවසනු මැනව! තවද ඔවුන් ගැන සාමාන්‍යයෙන් බාහිරව දැක්වෙන දැය හැර, ඔබ තර්ක නොකරනු. ඔවුන් ගැන මොවුන්ගෙන් කිසිවෙකු වෙත (කිසිවක්) නොඅසනු