Surah Al-Kahf Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfفَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِي ٱلسَّفِينَةِ خَرَقَهَاۖ قَالَ أَخَرَقۡتَهَا لِتُغۡرِقَ أَهۡلَهَا لَقَدۡ جِئۡتَ شَيۡـًٔا إِمۡرٗا
(මෙසේ තීරණයකට එළඹීමෙන් අනතුරුව) ඒ දෙදෙනාම එක් ලී වල්ලමකට නගින තුරු (පා ගමනින්) ගියහ. (ලී වල්ලම මතට නැග ගත් පසු), ඔහු (ලී වල්ලමේ එක් ලෑල්ලක සිදුරක් විද) එය සිදුරු කර දැමුවේය. එයට (මූසා) “මෙහි සිටින අයව ගිල්වා දැමීමටද ඔබ සිදුරු කර හැරියේ? නියත වශයෙන්ම ඔබ ඉතාමත් අනතුරුදායක දැයක් කළෙහිය!” යයි පැවසුවේය