Surah Al-Kahf Verse 82 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Kahfوَأَمَّا ٱلۡجِدَارُ فَكَانَ لِغُلَٰمَيۡنِ يَتِيمَيۡنِ فِي ٱلۡمَدِينَةِ وَكَانَ تَحۡتَهُۥ كَنزٞ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحٗا فَأَرَادَ رَبُّكَ أَن يَبۡلُغَآ أَشُدَّهُمَا وَيَسۡتَخۡرِجَا كَنزَهُمَا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ وَمَا فَعَلۡتُهُۥ عَنۡ أَمۡرِيۚ ذَٰلِكَ تَأۡوِيلُ مَا لَمۡ تَسۡطِع عَّلَيۡهِ صَبۡرٗا
තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනකු සතු විය. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත් ව පසු ව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නොකළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ