Surah Al-Baqara Verse 178 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِصَاصُ فِي ٱلۡقَتۡلَىۖ ٱلۡحُرُّ بِٱلۡحُرِّ وَٱلۡعَبۡدُ بِٱلۡعَبۡدِ وَٱلۡأُنثَىٰ بِٱلۡأُنثَىٰۚ فَمَنۡ عُفِيَ لَهُۥ مِنۡ أَخِيهِ شَيۡءٞ فَٱتِّبَاعُۢ بِٱلۡمَعۡرُوفِ وَأَدَآءٌ إِلَيۡهِ بِإِحۡسَٰنٖۗ ذَٰلِكَ تَخۡفِيفٞ مِّن رَّبِّكُمۡ وَرَحۡمَةٞۗ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ
අහෝ විශ්වාස කළවුනි ! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්‍රතිචාර දැක්වීම ඔබලාට නියම කරනු ලැබ ඇත. ස්වාධීනයෙකු ස්වාධීනයෙක් වෙනුවෙන් ද වහලෙකු වහලෙක් වෙනුවෙන් ද ස්ත්‍රියක් ස්ත්‍රියක වෙනුවෙන් ද (සමප්‍රතිචාරය) විය යුතුය. එහෙයින් ඔහුට (ඝාතකයාට) ඔහුගේ සහෝදරයාගෙන් ( ඝාතනයට ලක් වූ තැනැත්තාගේ ලේ උරුමක්කාරයාගෙන්) සුලු වශයෙන්හෝ ක්ෂමාවක් ලැබුණොත් යහපත් ලෙස කටයුතු කළ යුතුය. (ඝාතකයා වන්දි මුදල ) නිසි ලෙස ඔවුන් වෙත භාරදිය යුතුය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි. නමුත් කවරෙකු ඉන් පසුව සීමාව ඉක්මවා යන්නේ ද එවිට ඔහුට වේදනීය දඬුවම ඇත