Surah Al-Baqara Verse 178 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِصَاصُ فِي ٱلۡقَتۡلَىۖ ٱلۡحُرُّ بِٱلۡحُرِّ وَٱلۡعَبۡدُ بِٱلۡعَبۡدِ وَٱلۡأُنثَىٰ بِٱلۡأُنثَىٰۚ فَمَنۡ عُفِيَ لَهُۥ مِنۡ أَخِيهِ شَيۡءٞ فَٱتِّبَاعُۢ بِٱلۡمَعۡرُوفِ وَأَدَآءٌ إِلَيۡهِ بِإِحۡسَٰنٖۗ ذَٰلِكَ تَخۡفِيفٞ مِّن رَّبِّكُمۡ وَرَحۡمَةٞۗ فَمَنِ ٱعۡتَدَىٰ بَعۡدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٞ
විශ්වාසවන්තයිනි! ඝාතනය සඳහා පළි ගැනීම ඔබ කෙරෙහි නියම කරනු ලැබ ඇත්තේය. (එබැවින් මිනිමරුවා) නිදහස් මිනිසෙකු වුවහොත් නිදහස් ඔහුවම -වහලෙකු වශයෙන් සිටියහොත් එම වහලාවම, කාන්තාවක් වුවහොත් එම කාන්තාවම- (ඔබ ඝාතනය කර දමනු. එහෙත් පළි ගන්නා පාර්ශවය) එක් සුළුවෙන් හෝ (එම ඝාතනය කරනු ලැබූවාගේ) සහෝදර (පාර්ශවය) මගින් කවුරුන් හෝ සමාව දෙනු ලැබුවහොත් ඉතාමත් ගෞරවණීය ආකාරයට අනුගමනය කර, (ඔහුව ඝාතනය නොකර අත්හැර) දැමිය යුතුය. (පළි ගැනීම වෙනුවට මිනිමරුවා මුදලක් දෙන බවට බාර ගෙන තිබුණහොත් එම වන්දි මුදල කිසිම පැකිළීමක් නොමැතිව) ඉතාමත් ස්තූති පූර්වකව ඔහු ගෙවා දැමිය යුතුය. මෙය (මෙවැනි වන්දි මුදලක් අනුමත කර තිබීම) ඔබගේ දෙවියන්ගේ සහාය හා දයාවද වන්නේය. මින් පසු (මෙසේ වන්දි මුදල ලබා ගත්තායින් පසු, නැතහොත් වන්දි මුදලක් ලබා දෙන බවට බාර ගැනීමෙන් පසු) කවුරුන් හෝ සීමාව ඉක්මවා (වන්දි මුදල ගෙවූ මිනීමරුවාට වේදනා ගෙන දුන්නහොත් හෝ නැතහොත් වන්දි මුදල ගෙවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ) ඔහුට (පරලොවදී ඉතාමත්) දැඩි වේදනා ගෙන දෙන දඬුවම් ඇත