Surah Al-Baqara Verse 177 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَـٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ وَءَاتَى ٱلۡمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَٱلسَّآئِلِينَ وَفِي ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَٱلۡمُوفُونَ بِعَهۡدِهِمۡ إِذَا عَٰهَدُواْۖ وَٱلصَّـٰبِرِينَ فِي ٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلۡبَأۡسِۗ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ صَدَقُواْۖ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ
බස්නාහිරට හෝ නැගෙනහිරට හෝ ඔබගේ මුහුණු ඔබ හැරවීමෙන් (පමණක්) දැහැමි දැය (කළ බවට) පත් වන්නේ නැත. එහෙත් (ඔබගෙන්) කවුරුන් අල්ලාහ්වද, අවසාන දිනයද, මලායිකාවරුන්වද, ධර්මයන්ද, නබිවරුන්වද, ඇත්තෙන්ම විශ්වාස කර, වස්තුව (එය කෙතරම් ආශා කළා වුවද) ඔහුගේ කැමැත්ත අත් කර ගැනීම සඳහා ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැඟියන්ටද, හිඟන්නන්ටද, නිදහස කැමති වන (වහලූන්, ණයකාරයින් ආදී) අයටද, ලබා දී (උදව් උපකාර කර), සලාතයද නොකඩවා ඉටු කර, සකාතයද (ධර්මයේ නියම කර ඇති දුප්පතුන්ගේ බද්ද) ගෙවමින් සිටින්නේද, ඔහුද; පොරොන්දු ලබා දුන් අවස්ථාවේදී තමන්ගේ පොරොන්දුව (නියමිත ආකාරයට) ඉටු කරන්නන්ද; පරාජයෙහිද, අමාරුකමෙහිද දරුණු යුද සමයෙහිද, ඉවසීමෙන් විඳ දරා ගත් අයද; ආදී මොවුන්ම ඉතාමත් හොඳ අයයි. තවද මොවුන්ම සත්‍යවන්තයින්ය; භය භක්තිකයින්ය