Surah Al-Baqara Verse 194 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلشَّهۡرُ ٱلۡحَرَامُ بِٱلشَّهۡرِ ٱلۡحَرَامِ وَٱلۡحُرُمَٰتُ قِصَاصٞۚ فَمَنِ ٱعۡتَدَىٰ عَلَيۡكُمۡ فَٱعۡتَدُواْ عَلَيۡهِ بِمِثۡلِ مَا ٱعۡتَدَىٰ عَلَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ
(යුද්ධ කිරීම වළක්වනු ලැබ ඇති රජබ්, දුල් කඅදා, දුල් හජ්, මුහර්රම් ආදී මාසයන්හි) උසස් කරන ලද මාසයන් සඳහා, උසස් කරන ලද මාසයයි. එබැවින් උසස් දැයට (සම වන) දැය ඇත. එබැවින් කවුරුන් හෝ සීමාව ඉක්මවා ඔබ කෙරෙහි (එම මාසයන්හි යුද්ධ කිරීමට) පැමිණියහොත් ඔහු ඔබ කෙරෙහි සීමාව ඉක්මවූ ආකාරයටම ඔබත් ඔහු කෙරෙහි සීමාව ඉක්මවා (යුද්ධයට) යනු. නමුත් ඔබ අල්ලාහ්ට බිය වී (එම මාසයන්හි යුද්ධය ආරම්භ නොකර) සිටිනු. අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්නද ස්ථීර වශයෙන් ඔබ දැන ගනු