Surah Al-Baqara Verse 249 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraفَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ
තාලූත් සේනාව සමඟ පිටත් ව ගිය කල්හි ඔහු ( සිය සේනාව අමතා) සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලා ව පරීක්ෂාවට පත් කරන්නේය. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය. කවරෙක් එහි රස නොවින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. නමුත් තම දෑතින් අහුරක් ගත් අය හැර යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝය. පසුව ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත යැයි පැවසුවෝය. සැබැවින්තම (එක් දිනක) අල්ලාහ් ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය "අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් ජයග්‍රහණය කර තිබේ, තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටින්නේය." යැයි පැවසුවෝය