Surah Al-Baqara Verse 249 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ
පසුව තාලුත් සේනාව කැටුව පිටත් වූ අවස්ථාවේදී ඔහු (තම සේනාවට) “නියත වශයෙන්ම (ඔබ යන ගමන් මාර්ගයෙහි) අල්ලාහ් එක් ගංඟාවක් මගින් ඔබව පිරික්සුමට ලක් කරන්නේය. (ඔබගෙන්) කවුරුන් එයින් තම (දෝත් පමණට) වඩා වැඩියෙන් ජලය නොබිව්වේද, ඔහුම මට අයත් කෙනෙකි. කවුරුන් එයින් (ඊට වඩා වැඩියෙන්) බොන්නේද, ඔහු මට අයත් කෙනෙකු නොව” යයි පැවසුවේය. නමුත් (ග`ගට ළඟා වූ වහාම) ඔවුන්ගෙන් සමහරෙකු හැර (වැඩි දෙනෙකු) එයින් (අධික වශයෙන් ජලය) පානය කළහ. පසුව ඔහු තමන් සමග සිටි විශ්වාසවන්තයින් සමග එය තරනය කර ගිය විට, (වැඩියෙන් පානය කළ ඔවුන්) ජාලුත් සමගද ඔහුගේ සේනාව සමගද, අද දින (යුද්ධ කිරීමට) අපට ශක්තියක් නැතැයි පවසා (ඈත් වී) ගියහ. (නමුත් ඔවුන්ගෙන්) කවුරුන් නියත වශයෙන්ම අල්ලාහ්ව හමු වෙමු යයි ස්ථීර වී සිටියෝද, ඔවුන් (අන් අයට “කොපමණදෝ) විශාල සමූහයන්ව, කොපමණදෝ කුඩා සමුහයන් විසින් අල්ලාහ්ගේ උදව් උපකාරය මගින් ජයග්‍රහණය කර ඇත්තාහ. අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය” යයි පැවසූහ