Surah Al-Baqara Verse 25 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraوَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ كُلَّمَا رُزِقُواْ مِنۡهَا مِن ثَمَرَةٖ رِّزۡقٗا قَالُواْ هَٰذَا ٱلَّذِي رُزِقۡنَا مِن قَبۡلُۖ وَأُتُواْ بِهِۦ مُتَشَٰبِهٗاۖ وَلَهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَهُمۡ فِيهَا خَٰلِدُونَ
තව ද කව්රුන් ( මෙම ධර්මය) විශ්වාස කොට යහකම් කරන්නේද ඔවුන ට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇත යැයි සුබාරංචි දන්වනු. එහි පලතුරු වලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තව ද එකිනෙක ට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තව ද ඔවුනට එහි පිවිතුරු බිරින්දෑවරුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති