Surah Al-Baqara Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ كُلَّمَا رُزِقُواْ مِنۡهَا مِن ثَمَرَةٖ رِّزۡقٗا قَالُواْ هَٰذَا ٱلَّذِي رُزِقۡنَا مِن قَبۡلُۖ وَأُتُواْ بِهِۦ مُتَشَٰبِهٗاۖ وَلَهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَهُمۡ فِيهَا خَٰلِدُونَ
(නබියේ!) “කවුරුන් (මෙම ධර්මය) විශ්වාස කර, (මෙහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (ස්වර්ගයෙහි) දිය දහරා සදාකල් ගලමින් ඇති උයන් වතු ඇත” යයි ඔබ සුභාරංචි දෙනු මැනව! ඒවායෙන් (ඔවුන්ට) පලතුරක් කෑමට ලබා දෙන සෑම විටම “කළින් අපට ලබා දෙනු ලැබුවේද මේවා නොවෙද!”යි (විමතියට පත්වෙමින්) පවසන්නාහ. (මන්දයත් බැලු බැල්මට) එකම විදිහේ පෙනුමක් ඇති දැයම දෙනු ලබන්නාහ. (එහෙත් ඒවා රසයෙන් විවිධව ඇත). ශුද්ධ වූ වල්ලභයන්ද එහි ඔවුන්ට ඇත. තවද ඔවුන් එහි සදාකල් රැඳී සිටින්නාහ