Surah Al-Baqara Verse 275 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (අවසන් දින) නො නැගිටින්නෝය. එය සැබැවින්ම ඔවුහු ඇත්ත වශයෙන්ම ව්‍යාපාරය ද පොලිය මෙනි යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කොට පොලිය තහනම් කළේය. කවරෙකුට තම පරමාධිපතිගෙන් උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතුය. ඔහුගේ විෂය අල්ලාහ් වෙතමය. කවරෙකු නැවත (එම පොලිය) වෙත යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝය