Surah Al-Baqara Verse 275 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
පොළිය (ගෙන) වැජඹෙන අය ෂෙයිතාන්ට කොටු වී පිස්සුවෙන් නැගිටින්නන් වශයෙන් මිස, (වෙන ක්‍රමයකට පරලොවදී) නැගිටින්නේ නැත. මන්දයත් ‘වෙළෙඳාමද පොළිය මෙන්ම වන්නේය. (එබැවින් පොළිය ගැනීමෙහි වරදක් නැතැ)’යි මොවුන් පැවසූහ. නමුත් අල්ලාහ් (ඔබගෙන්) කවුරුන් හෝ තම දෙවියන්ගෙන් පැමිණි, (පොළිය නොගත යුතුය යන) අවවාදයට අනුව (එය අත්හැර දමා) ඈත් වුවහොත්, (එයට) පෙර (ඔහු ලබා ගත්) කළින් දැය ඔහුටම අයත්ය. (මීට පෙර පොළිය ලබා ගත්) ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේය. (අල්ලාහ්ගේ නියෝගය පැමිණි පසු, පොළිය අත්හැර දැමූ බැවින් අල්ලාහ් ඔහුව ක්ෂමා කර හැරිය හැකිය). තවද (මෙම නියෝගය ලැබුණු පසු) කවුරුන් හෝ පසුවද (පොළිය ගැනීමට) ඉදිරිපත් වුවහොත්, ඔවුන් නිරාවාසීන්ය! එහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත