Surah Al-Baqara Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَا بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ قَالُوٓاْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ ٱللَّهُ عَلَيۡكُمۡ لِيُحَآجُّوكُم بِهِۦ عِندَ رَبِّكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ
තවද ඔවුන් විශ්වාසවන්තයින්ව මුණ ගැසුණහොත් “(තව්රාතයෙහි ඔබගේ නබිවරයා ගැන සඳහන් කරනු ලැබ ඇත්තේය. එබැවින්) අපිද (ඔහුව) විශ්වාස කරන්නෙමු” යයි පවසන්නාහ. නමුත් ඔවුන්ගෙන් සමහරෙක් තවත් සමහරෙකු සමග තනි වූ විට, “(ඔබගේ ධර්මයෙහි) අල්ලාහ් ඔබට දැනුම් දී ඇති දැය ඔවුන්ට ඔබ දැනුම් දෙන්නෙහුද? ඔබගේ දෙවියන් කළින් පවසා තිබීම මගින් ඔවුන් ඔබත් සමග තර්ක කිරීම සඳහාද -(ඔවුන්ට ඒ ගැන පවසමින් සිටින්නේ?- මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?”යි පවසන්නාහ