Surah Taha Verse 40 - Sinhala Translation by Www.islamhouse.com
Surah Tahaإِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّـٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ
නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්නදැයි’ ඇය පැවසුවාය. පසු ව අපි ඇය දුක් නොවනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹ ව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ආත්මයක් මරා දැමුවෙහිය. පසු ව එම පීඩනයෙන් අපි නුඹ ව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මගින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසු ව අහෝ මූසා, නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහිය