Surah Taha Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Tahaإِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّـٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ
“ඔබගේ සහෝදරිය (නදියේ පාවෙමින් ගිය ඔබ සමග වෙරළ දිගේ) පයින් ගොස් (ඔබව ඇරගත් අය වෙත) ‘මෙම දරුවාට (කිරි දෙන) වග කීම බාර ගත හැකි (කිරි) මවකු මා ඔබට දැනුම් දෙන්නද?’යි පවසන ලෙසට සලස්වා, (ඔබගේ) මව දුක් නොවී ඇයගේ ඇස් පිනා යාම පිණිස ඔබගේ මව වෙතම ඔබව ගෙනැවිත් (සේන්දු) කළෙමු. (මින්) පසුව ඔබ මිනිසෙකුව ඝාතනය කර දැමුවෙහිය. (ඒ සඳහා) ඔබ මැරූ දුකෙන් ඔබව බේරාගෙන, ඔබව විවිධ ආකාරයෙන් පිරික්සුමට ලක් කළෙමු. මදියන්වාසීන් වෙතද ඔබ අවුරුදු ගණනාවක් රැඳී සිටියෙහිය. ඕ මූසා! (මින්) පසුවම ඔබ (අපගේ දූතයා වන) සුදුසු තත්වයකට පත් වූවෙහිය”