Surah Taha Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Tahaأَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ
“(ඔබගේ වාර්ගිකයින්ගෙන් පිරිමි දරුවන්ව ෆිර්අව්න් වද දී මරා දැමුවේය. එබැවින් ඔබ ගැන ඔබගේ මව දුක් වෙමින් සිටියාය. එබැවින් කුඩා ළදරුවෙකු වූ ඔබව) ‘පෙට්ටියක බහා (නයිල්) නදියෙහි වීසි කර දමනු. එම නදිය වෙරළට සේන්දු කරනු ඇත. මටත් ඇයටත් සතුරා වශයෙන් සිටින්නාම එය ඇරගනු ඇත’ යයිද (ඔබගේ මවට දැනුම් දුන්නෙමු). ඔබ මගේ බැල්මෙහි පෝෂණය වීම සඳහාම, ඔබ කෙරෙහි මගේ කරුණාව දයාව පහළ කර, (ඔබව දුටුවන් කැමති වන බවට පත්) කළෙමු”