Surah Taha - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
طه
තා. හා
Surah Taha, Verse 1
مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ
ඔබ දුක් විඳීම සඳහා මෙම කුර්ආනය අපි ඔබ කෙරෙහි පහළ කළේ නැත
Surah Taha, Verse 2
إِلَّا تَذۡكِرَةٗ لِّمَن يَخۡشَىٰ
(නබියේ! දෙවියන්ට) බිය වන්නන් (භය භක්තිකයින්)ට එක් හොඳ ඔවදනක් වශයෙන්ම (මෙය පහළ කර ඇත්තේය මිස)
Surah Taha, Verse 3
تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى
උසස් අහස්ද, භූමියද නිර්මාණය කළ අය විසින්ම (මෙය) පහළ කර ඇත්තේය
Surah Taha, Verse 4
ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ
(ඒවා උත්පාදනය කළ) රහ්මාන්, අර්ෂ් මත තම රාජ්‍යය පිහිටෙව්වේය
Surah Taha, Verse 5
لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ
අහස්හිද, භූමියෙහිද, ඇති දැයද, මේවා මධ්‍යයෙහි ඇති දැයද, භූමියෙහි වැළලී ඇති දැයද ඔහුටම අයත්ය
Surah Taha, Verse 6
وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى
(නබියේ!) ඔබ (පහත් හඬින්, නැතහොත්) ශබ්ද නගා පැවසුවා වුවද, (දෙකම ඔහුට එක සමානය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු රහසද දන්නේය. ඊටත් වඩා සැඟවී (මනසෙහි) ඇති දැයද දන්නේය
Surah Taha, Verse 7
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ
අල්ලාහ්! ඔහු හැර නැමදුමට යුතු වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුට අලංකාරවත් (බොහෝ) ශුද්ධ වූ නාමයන් ඇත. (එවායෙන් කුමක් භාවිතා කරමින් හෝ ඔහුව ආරාධනා කරනු)
Surah Taha, Verse 8
وَهَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
(නබියේ!) මූසාගේ ඉතිහාසය ඔබ වෙත පැමිණ ඇත්තේද
Surah Taha, Verse 9
إِذۡ رَءَا نَارٗا فَقَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِقَبَسٍ أَوۡ أَجِدُ عَلَى ٱلنَّارِ هُدٗى
(ඔහු තම පවුලේ උදවිය සමග ගිය අවස්ථාවේදී, තමන් යා යුතු මාර්ගය නොදැනුවත්ව සිටියදී තූර් නමැති කන්ද මත) ඔහු ගින්නක් දුටු විට, තම පවුලේ උදවියට “ඔබ (මෙහි පොඩියක්) නතර වී සිටිනු. ඇත්තෙන්ම මා ගින්දර දකින්නෙමි. එයින් එක් ගිනි පෙණෙල්ලක් හෝ ගෙන, ඔබ වෙත එන්නෙමි. නැතහොත් ගින්නෙහි (එළිය) මගින් (අපි යා යුතු) මාර්ගය දැන ගන්නෙමි” යයි කීවේය
Surah Taha, Verse 10
فَلَمَّآ أَتَىٰهَا نُودِيَ يَٰمُوسَىٰٓ
ඔහු එතැනට පැමිණි වහාම (ඔහුට) “ඕ මූසා!” යයි ශබ්ද නගා ආමන්ත්‍රණය කර, (මා මෙසේ පැවසුවෙමි)
Surah Taha, Verse 11
إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى
“නියත වශයෙන්ම මා ඔබගේ දෙවියන්ය. ඔබගේ පාවහන් යුවළ ගලවා දමනු. නියත වශයෙන්ම ඔබ තුවා මිටියාවත වන පරිශුද්ධ වූ තලයෙහි සිටින්නෙහිය”
Surah Taha, Verse 12
وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ
“මා ඔබව (මගේ දූතයා වශයෙන්) තෝරාගෙන ඇත්තෙමි. එබැවින් වහී මගින් (ඔබට) දැනුම් දෙනු ලබන දැයට ඔබ සවන් දෙනු”
Surah Taha, Verse 13
إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ
“නියත වශයෙන්ම මා අල්ලාහ්ය. මා හැර වෙන කිසිම දෙවියෙකු නැත. මාවම ඔබ නමදිනු. මාව සිහිපත් කරමින් සිටිනු පිණිස සලාතය නොකඩවා ඉටු කරනු”
Surah Taha, Verse 14
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ
“නියත වශයෙන්ම විනිශ්චය දින අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. සෑම ආත්මයක්ම තම ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක අත් කර ගැනීම පිණිස එය, මා (මිනිසුන්ට) සඟවා තැබීමට අදහස් කරමි”
Surah Taha, Verse 15
فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ
“එබැවින් එය විශ්වාස නොකර තම (ශරීර) සුවය අනුගමනය කරන්නා, (ඒ දිනය ගැන ඔබ දුක් නොවීමට) ඔබව වළක්වා නොගත යුතුය. එසේ වුවහොත් ඔබ විනාශ වන්නෙහිය! (යයි පවසා)”
Surah Taha, Verse 16
وَمَا تِلۡكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ
“ඕ මූසා! ඔබගේ දකුණු අතේ කුමක් නම් ඇත්තේද?”යි විමසුවේය
Surah Taha, Verse 17
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ
එයට ඔහු “මෙය මගේ සැරයටියයි. මේ මත මා ඇල වන්නෙමි. මෙමගින් මගේ එළුවන්ට (කොළ) අතු ආදිය කඩා ගන්නෙමි. තවද මෙහි වෙනත් විවිධ ප්‍රයෝජනයන් ඇත” යයි පැවසුවේය
Surah Taha, Verse 18
قَالَ أَلۡقِهَا يَٰمُوسَىٰ
එයට (දෙවියන්) “ඕ මූසා! ඔබ එය (බිමට) වීසි කර දමනු” යයි පැවසුවේය
Surah Taha, Verse 19
فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ
ඔහු එය වීසි කළ වහාම එය විශාල නාගයෙක් බවට පත් වී බඩ ගාන්නට විය
Surah Taha, Verse 20
قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ
(එයට දෙවියන්) “ඔබ එය අල්ලනු. බිය නොවනු. එවෙලේම එය පෙර මෙන් (සැරයටිය) බවට පත් කරන්නෙමි” යයි කීවේය
Surah Taha, Verse 21
وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ
“ඔබගේ අත ඔබගේ කිහිල්ලෙහි රුවා (පිටතට ගනු). එය ඉතාමත් ආලෝකවත්ව නපුරෙන් තොර සුදු වර්ණයෙන් බැබලෙමින් එළියට එනු ඇත. (එය) තවත් සාධකයක් වනු ඇත”
Surah Taha, Verse 22
لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى
“(මෙසේ) අපගේ ඉමහත් සාධකයන්ගෙන් සමහරක් ඔබට පෙන්වීමට (අදහස්) කරමු”
Surah Taha, Verse 23
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
“ඔබ ෆිර්අව්න් වෙත යනු. නියත වශයෙන්ම ඔහු (මා හට) වෙනස්කම් කරමින් සිටින්නේය” (යයිද පැවසුවේය)
Surah Taha, Verse 24
قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي
(එයට මූසා) මෙසේ පැවසුවේය: “මගේ දෙවියනේ! මගේ හෘදය (ශක්තිමත් කර), විස්තීරණය කර තබනු”
Surah Taha, Verse 25
وَيَسِّرۡ لِيٓ أَمۡرِي
“(මා කළ යුතු) මගේ කාරණාවන් මට පහසු කර දෙනු”
Surah Taha, Verse 26
وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي
“මගේ දිවෙහි ඇති ගැට ගැසීම ලෙහා දමනු”
Surah Taha, Verse 27
يَفۡقَهُواْ قَوۡلِي
“මගේ වදන (ජනතාව) පැහැදිලිව දැන ගන්නා සේ පත් කරනු මැනව!”
Surah Taha, Verse 28
وَٱجۡعَل لِّي وَزِيرٗا مِّنۡ أَهۡلِي
“මගේ පවුලේ කෙනෙකුව සමීප සහායයෙකු වශයෙන් පත් කරනු”
Surah Taha, Verse 29
هَٰرُونَ أَخِي
“ඔහු මගේ සහෝදරයා වන හාරූන් වශයෙන්ම වන්නේ නම් මැනවි”
Surah Taha, Verse 30
ٱشۡدُدۡ بِهِۦٓ أَزۡرِي
“ඔහු මගින් මාව ස්ථීර කර තබනු (මැනව!)”
Surah Taha, Verse 31
وَأَشۡرِكۡهُ فِيٓ أَمۡرِي
“මගේ කාරණාවන්හි ඔහුව මිතුරෙකු බවට පත් කරනු (මැනව!)”
Surah Taha, Verse 32
كَيۡ نُسَبِّحَكَ كَثِيرٗا
“අපි ඔබව අධික වශයෙන් සුවි ශුද්ධ කරමින් ප්‍රශංසා කරමු”
Surah Taha, Verse 33
وَنَذۡكُرَكَ كَثِيرًا
“(පසුවත්) ඔබව අධික වශයෙන්ම මෙනෙහි කරමින් නමදින්නෙමු”
Surah Taha, Verse 34
إِنَّكَ كُنتَ بِنَا بَصِيرٗا
“ඔබ අපිව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නෙහුය” (යයි මූසා නබි ප්‍රාර්ථනා කළේය)
Surah Taha, Verse 35
قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ
(එයට දෙවියන්) “ඕ මූසා! ඔබ ඉල්ලු සියල්ල නියත වශයෙන්ම ඔබට ලබා දී ඇත්තේය” යයිද
Surah Taha, Verse 36
وَلَقَدۡ مَنَنَّا عَلَيۡكَ مَرَّةً أُخۡرَىٰٓ
“(මීට පෙර) වෙනත් වතාවක්ද නියත වශයෙන්ම අපි ඔබට ඉමහත් වරප්‍රසාදයන් දී ඇත්තෙමු”. (එනම්)
Surah Taha, Verse 37
إِذۡ أَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ
“ඔබගේ මවට වහී මගින් අපි දැනුම් දුන් අවස්ථාවේදී”
Surah Taha, Verse 38
أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ
“(ඔබගේ වාර්ගිකයින්ගෙන් පිරිමි දරුවන්ව ෆිර්අව්න් වද දී මරා දැමුවේය. එබැවින් ඔබ ගැන ඔබගේ මව දුක් වෙමින් සිටියාය. එබැවින් කුඩා ළදරුවෙකු වූ ඔබව) ‘පෙට්ටියක බහා (නයිල්) නදියෙහි වීසි කර දමනු. එම නදිය වෙරළට සේන්දු කරනු ඇත. මටත් ඇයටත් සතුරා වශයෙන් සිටින්නාම එය ඇරගනු ඇත’ යයිද (ඔබගේ මවට දැනුම් දුන්නෙමු). ඔබ මගේ බැල්මෙහි පෝෂණය වීම සඳහාම, ඔබ කෙරෙහි මගේ කරුණාව දයාව පහළ කර, (ඔබව දුටුවන් කැමති වන බවට පත්) කළෙමු”
Surah Taha, Verse 39
إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّـٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ
“ඔබගේ සහෝදරිය (නදියේ පාවෙමින් ගිය ඔබ සමග වෙරළ දිගේ) පයින් ගොස් (ඔබව ඇරගත් අය වෙත) ‘මෙම දරුවාට (කිරි දෙන) වග කීම බාර ගත හැකි (කිරි) මවකු මා ඔබට දැනුම් දෙන්නද?’යි පවසන ලෙසට සලස්වා, (ඔබගේ) මව දුක් නොවී ඇයගේ ඇස් පිනා යාම පිණිස ඔබගේ මව වෙතම ඔබව ගෙනැවිත් (සේන්දු) කළෙමු. (මින්) පසුව ඔබ මිනිසෙකුව ඝාතනය කර දැමුවෙහිය. (ඒ සඳහා) ඔබ මැරූ දුකෙන් ඔබව බේරාගෙන, ඔබව විවිධ ආකාරයෙන් පිරික්සුමට ලක් කළෙමු. මදියන්වාසීන් වෙතද ඔබ අවුරුදු ගණනාවක් රැඳී සිටියෙහිය. ඕ මූසා! (මින්) පසුවම ඔබ (අපගේ දූතයා වන) සුදුසු තත්වයකට පත් වූවෙහිය”
Surah Taha, Verse 40
وَٱصۡطَنَعۡتُكَ لِنَفۡسِي
“මා වෙනුවෙන් ඔබව මා තෝරාගෙන ඇත්තෙමි”
Surah Taha, Verse 41
ٱذۡهَبۡ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِي وَلَا تَنِيَا فِي ذِكۡرِي
“(එබැවින් ඔබත් ඔබගේ සහෝදරයාත්, මගේ ප්‍රාතිහාර්යයන් ගෙන යනු. ඔබ දෙදෙනා මා මෙනෙහි කර නැමදීමෙහි කම්මැලි නොවනු”)
Surah Taha, Verse 42
ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
“ඔබ දෙදෙනාම ෆිර්අව්න් වෙත යනු. නියත වශයෙන්ම ඔහු ඉතාමත් සීමාව ඉක්මවා ගියේය”
Surah Taha, Verse 43
فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ
“ඔබ ඔහුට හොඳ සුමුදු ලෙසම දේශනා කරනු. එමගින් ඔහු හොඳ වැටහීමක් අත් කර ගත හැකිය. නැතහොත් වෙව්ලන්නටද පුළුවන” යයිද පැවසුවෙමු
Surah Taha, Verse 44
قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ
එයට ඔවුන් දෙදෙනා “අපගේ දෙවියනේ! ඔහු අප කෙරෙහි (සීමාව) ඉක්මවා වද දී වේදනා කළ හැකිය. නැතහොත් නපුරක් කරාවි යයි අපි බිය වන්නෙමු” යයි පැවසූහ
Surah Taha, Verse 45
قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ
(එයට) ඔහු (දෙවියන්) මෙසේ පැවසීය: “නියත වශයෙන්ම බිය නොවනු. මා ඔබ සමග සිටිමින් (සියල්ල) සවන් දෙමින්ද, බලමින්ද සිටින්නෙමි”
Surah Taha, Verse 46
فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ
“එබැවින් ඔබ දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු: ‘අපි ඔබගේ දෙවියන්ගේ දූතයින්. ඉස්රායීල් පරම්පරාවේ දරුවන්ව අප සමග යවනු. ඔවුන්ට වේදනා නොකරනු. ඇත්තෙන්ම අපි ඔබ දෙවියන්ගේ සාධකයන් ඔබ වෙත ගෙනැවිත් ඇත්තෙමු. ඍජු මාර්ගය අනුගමනය කරන්නන් කෙරෙහි ශාන්තිය අත් වනු ඇත”
Surah Taha, Verse 47
إِنَّا قَدۡ أُوحِيَ إِلَيۡنَآ أَنَّ ٱلۡعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ
“(ඔබව) කවුරුන් බොරු කර, ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු කෙරෙහි ඇත්තෙන්ම දඬුවම් ඇති වනු ඇතැයි අපට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය”
Surah Taha, Verse 48
قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ
(ඔවුන් එසේ ෆිර්අව්න් වෙත ගොස් පැවසූ වහාම, එයට) ඔහු “ඕ මූසා! (හාරූන්!) ඔබගේ දෙවියන් කවරෙක්ද?”යි විමසුවේය
Surah Taha, Verse 49
قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ
එයට මූසා “කවුරුන් සෑම වස්තුවකටම එයට අයත් ස්වභාවය දී, (එයට අයත්) මාර්ගයද දැනුම් දුන්නේද, ඔහුය අපගේ දෙවියන්” යයි කීවේය
Surah Taha, Verse 50
قَالَ فَمَا بَالُ ٱلۡقُرُونِ ٱلۡأُولَىٰ
එයට ඔහු “පෙර ඉකුත්ව ගිය (පිළිරූ ආරාධනා කරමින් සිටි) බොහොමයක් සමූහයන්ගේ ඉරණම කුමක් විය හැකිදැ?”යි විමසුවේය
Surah Taha, Verse 51
قَالَ عِلۡمُهَا عِندَ رَبِّي فِي كِتَٰبٖۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى
එයට ඔහු “එය මගේ දෙවියන් වෙත තිඛෙණ සටහන් පුස්තකයෙහි ඇත්තේය. මගේ දෙවියන් (එහි කිසිවක්) වැරදී අත්හැර දමන්නේ නැත. අමතක කර දමන්නේද නැත” යයි පවසා
Surah Taha, Verse 52
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ
“ඔහුම භූමිය ඔබට වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර, (ඔබට යා හැකි) මාර්ගයද එහි නිර්මාණය කර, වලාකුළෙන් වර්ෂාවද වසින්නට සලස්වන්නේය” (යයි පිළිතුරු දුන්හ. තවද දෙවියන් පැවසුවේය යයි මෙසේ පැවසූහ: “මා පහළ කර තබන එකම ආකාරයේ වර්ෂා) ජලය මගින් (ගුණයෙන්ද, රසයෙන්ද) විවිධ වර්ගයේ ගස් වැල් (පිරිමි, ගැහැණු) ජෝඩු ජෝඩු වශයෙන් අපි ඉකුත් කරන්නෙමු”
Surah Taha, Verse 53
كُلُواْ وَٱرۡعَوۡاْ أَنۡعَٰمَكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ
“(මේවා) ඔබත් අනුභව කර, ඔබගේ (එළු, ගව ආදී) ගමේ සතුන්වද උලා කෑමට ඉඩ හරිනු. දැනුම ඇත්තන්ට නියත වශයෙන්ම මෙහි බොහොමයක් සාධකයන් ඇත”
Surah Taha, Verse 54
۞مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ
“භූමියෙන්ම අපි ඔබව උත්පාදනය කළෙමු. පසුව එහිම අපි ඔබව සේන්දු කර හරින්නෙමු. තවත් වරක්ද (ඔබට පණ දී) එයින්ම අපි ඔබව ඉකුත් කරන්නෙමු” (යයි පැවසුවේය යයි ඔහුට පවසන ලෙසට සැලැස්සුවෙමු)
Surah Taha, Verse 55
وَلَقَدۡ أَرَيۡنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ
මෙසේ අපගේ සාධකයන් සියල්ල ඔහුට පෙන්වූවෙමු. එහෙත් ඔහු නම්, (මේවා සියල්ල) බොරු යයි කියා (විශ්වාස නොකර) ඈත් වූවේය
Surah Taha, Verse 56
قَالَ أَجِئۡتَنَا لِتُخۡرِجَنَا مِنۡ أَرۡضِنَا بِسِحۡرِكَ يَٰمُوسَىٰ
(තවද) “ඕ මූසා! ඔබ, ඔබගේ සූනියම මගින් අපව අපගේ රටින් පිටමං කිරීමටද අප වෙත පැමිණියේ?”
Surah Taha, Verse 57
فَلَنَأۡتِيَنَّكَ بِسِحۡرٖ مِّثۡلِهِۦ فَٱجۡعَلۡ بَيۡنَنَا وَبَيۡنَكَ مَوۡعِدٗا لَّا نُخۡلِفُهُۥ نَحۡنُ وَلَآ أَنتَ مَكَانٗا سُوٗى
“මෙවැනි සූනියමක් අපිත් ඔබට කර පෙන්වන්නෙමු. අප හෝ නැතහොත් ඔබ හෝ වැරදී නොවී සිටීමට හැකි වන සේ එක් මධ්‍යස්ථ ස්ථානයක අපටත් ඔබටත් අතරේ එක් නියමිත කාලයක් සඳහන් කරනු” යයි පැවසුවේය
Surah Taha, Verse 58
قَالَ مَوۡعِدُكُمۡ يَوۡمُ ٱلزِّينَةِ وَأَن يُحۡشَرَ ٱلنَّاسُ ضُحٗى
(එයට මූසා “ඔබගේ) උත්සව දිනයම ඔබට නියමිත කාලය වන්නේය. නමුත් ජනතාව සියල්ල පෙරවරුවේම රැස්විය යුතුය” යයි පැවසුවේය
Surah Taha, Verse 59
فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ
පසුව ෆිර්අව්න් ඔහුගෙන් වෙන් වී ආපසු හැරී (තමන්ගේ වාසස්ථානයට ගොස් සූනියමට අවශ්‍ය) තමන්ගේ (සියලූම) කුමන්ත්‍රණද එක්රැස් කරගෙන, (නියමිත දින, නියමිත ස්ථානයට) පැමිණියේය
Surah Taha, Verse 60
قَالَ لَهُم مُّوسَىٰ وَيۡلَكُمۡ لَا تَفۡتَرُواْ عَلَى ٱللَّهِ كَذِبٗا فَيُسۡحِتَكُم بِعَذَابٖۖ وَقَدۡ خَابَ مَنِ ٱفۡتَرَىٰ
මූසා (එහි වාසය කළ) ඔවුන්ට “ඔබට කුමන වින්නැහියක්ද? අල්ලාහ් මත අමූලික බොරු ගොතා මනක්කල්පිත කර නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔහු (තම) දඬුවම මගින් ඔබව විනාශ කර දමනු ඇත. බොරු කියූ සියල්ල විනාශ වී ගියහ” යයි පැවසුවේය
Surah Taha, Verse 61
فَتَنَٰزَعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ وَأَسَرُّواْ ٱلنَّجۡوَىٰ
(මෙය ඇසූ) ඔවුන්, තමන් තුළ මේ ගැන තර්ක කරමින් රහසින්ම සාකච්ඡා කර, (එක් තීරණයකට) එළඹුනාහ
Surah Taha, Verse 62
قَالُوٓاْ إِنۡ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخۡرِجَاكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِمَا وَيَذۡهَبَا بِطَرِيقَتِكُمُ ٱلۡمُثۡلَىٰ
ඔවුන් (ජනතාවට) “නියත වශයෙන්ම මේ දෙදෙනාම සූනියම්කරුවන්ය! තමන්ගේ සූනියම මගින් ඔබව ඔබගේ මෙම රට අත්හැර පිටමං කර දමනු ඇත. ඔබගේ උසස් ධර්මය විනාශ කර දමන්නට අදහස් කරන්නාහ”
Surah Taha, Verse 63
فَأَجۡمِعُواْ كَيۡدَكُمۡ ثُمَّ ٱئۡتُواْ صَفّٗاۚ وَقَدۡ أَفۡلَحَ ٱلۡيَوۡمَ مَنِ ٱسۡتَعۡلَىٰ
“එබැවින් ඔබගේ සූනියම් සියල්ල ඒකරාශී කරගෙන, (ඔහුට එරෙහිව) කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් එනු. අද දින කවුරුන්ගේ කාරණාවන් ජයග්‍රහණය කරන්නේද, ඔහුම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේය” යයි පැවසූහ
Surah Taha, Verse 64
قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ
පසුව (සූනියම් ඉදිරිපත් කිරීමට පැමිණි) ඔවුන් (මූසාට) “ඕ මූසා! ඔබ වීසි කරනවාද? නැතහොත් පළමුවෙන් අපි වීසි කරන්නද?”යි විමසූහ
Surah Taha, Verse 65
قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ
එයට ඔහු “ඔබ (පළමුවෙන්) වීසි කරනු” යයි පැවසුවේය. (ඔවුන් වීසි කළ වහාම, වීසි කළ) ඔවුන්ගේ කඹද, ඔවුන්ගේ පොලූද ඔවුන්ගේ සූනියමෙහි හේතුවෙන් ඇත්තෙන්ම ඒවා (නාගයින් බවට පත් වී) දුවන්නාක් මෙන් මොහුට දිස් විය
Surah Taha, Verse 66
فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ
එබැවින් මූසාගේ මනසෙහි බිය හොල්මන් කරන්නට විය
Surah Taha, Verse 67
قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ
(ඒ අතර ඔහුට) අපි මෙසේ කීවෙමු: “ඔබ බිය නොවනු. නියත වශයෙන්ම ඔබ මෙහිදී ඉදිරියට එන්නෙහිය”
Surah Taha, Verse 68
وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ
“ඔබගේ දකුණතෙහි ඇති දැය ඔබ වීසි කරනු. ඔවුන් කළ (සූනියම්) සියල්ල එය ගිල දමනු ඇත. ඔවුන් කළ දෑ සියල්ල සූනියම්කරුවන්ගේ (පුහු) කුමන්ත්‍රණ (මිස, ඇත්තක් නොව). සූනියම්කරුවන් කොහේ ගියා වුවද, ජයග්‍රහණය කරන්නේම නැත” (යයිද පැවසුවෙමු)
Surah Taha, Verse 69
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ
(මූසා තම සැරයටිය වීසි කළ වහාම, එය විශාල නාගයෙක් බවට පත් වී, ඔවුන් කර තිබූ සූනියම් සියල්ල ගිල දැමුවේය. එය දැක ඇත්ත වටහා ගත්) එම සූනියම්කරුවන් සුජූද් කරන්නන් වශයෙන් බිම ඇද වැටී “අපිත් මූසා, හාරූන් ආදී මේ දෙදෙනාගේ දෙවියන්ව විශ්වාස කළෙමු” යයි පැවසූහ
Surah Taha, Verse 70
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَۖ فَلَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ فِي جُذُوعِ ٱلنَّخۡلِ وَلَتَعۡلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابٗا وَأَبۡقَىٰ
(මෙය දුටු ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට කළින්ම ඔබ ඔහුව විශ්වාස කළෙහිය. නියත වශයෙන්ම ඔහු ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා (මෙන් හැෙඟන්නේය). එබැවින් ඔබගේ අත් හා පා මාරුවෙන් මාරුවට කපා, නියත වශයෙන්ම ඔබලාව ඉඳී ගස්වල එල්ලා දමන්නෙමි. ස්ථීර වූ දඬුවම් දීමෙහි අපගෙන් දරුණු තැනැත්තා කවුරුන්ද යන්නද නියත වශයෙන්ම ඔබ දැන ගන්නෙහුය” යයි පැවසුවේය
Surah Taha, Verse 71
قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ
එයට ඔවුන ් (ෆිර්අව්න්ට) “අප වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසු, අපව නිර්මාණය කළ අයව ප්‍රතික්ෂේප කර දමා ඔබට අපි කිසි කලෙක කැමති වන්නේම නැත. ඔබට පුළුවන් දැයක් ඔබ කර ගනු. ඔබ කරන සෑම දැයක්ම මෙලොව ජීවිතයෙහි පමණකි”
Surah Taha, Verse 72
إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
“නියත වශයෙන්ම අපි (සත්‍ය) අපගේ දෙවියන්වම විශ්වාස කරමු. අපගේ වැරදිද ඔබගේ බල කිරීම මගින් අපි කළ සූනියම් (සූනියමේ වැරදි වලට)ද ඔහු අපට සමාව දෙනු ඇත. අල්ලාහ්ම (ඔබටත් වඩා) ඉතාමත් උසස්වන්තයෙකු යයිද, ස්ථීරවන්තයෙකු වන්නේය” යයිද පැවසූහ
Surah Taha, Verse 73
إِنَّهُۥ مَن يَأۡتِ رَبَّهُۥ مُجۡرِمٗا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
ඇත්තෙන්ම කවුරුන් වැරදිකරුවෙකු වශයෙන් තම දෙවියන් වෙත පැමිණෙන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරයම (ඵලවිපාක වනු ඇත). එහි ඔහු මැරෙන්නේද නැත. (සුවයෙන් යුතුව) ජීවත් වන්නේද නැත. (දඬුවම හා දහදුක විඳිමින්ම සිටිනු ඇත)
Surah Taha, Verse 74
وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّـٰلِحَٰتِ فَأُوْلَـٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ
කවුරුන් විශ්වාසය තැබූවන් වශයෙන්ද, දැහැමි ක්‍රියාවන් කරන්නන් වශයෙන්ද, (තම දෙවියන් වෙත) පැමිණෙන්නෝද එවැන්නන්ට උසස් පදවීන් ඇත්තේය
Surah Taha, Verse 75
جَنَّـٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ
(පරලොවදී නම්, ඔවුන්ට) ස්ථීර වූ ස්වර්ගයන් ඇත. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත. ඒවායෙහි සදාකල් රැඳී සිටිනු ඇත. මෙය පරිශුද්ධවන්තයින්ගේ ඵලවිපාක වනු ඇත
Surah Taha, Verse 76
وَلَقَدۡ أَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِي فَٱضۡرِبۡ لَهُمۡ طَرِيقٗا فِي ٱلۡبَحۡرِ يَبَسٗا لَّا تَخَٰفُ دَرَكٗا وَلَا تَخۡشَىٰ
නියත වශයෙන්ම අපි මූසාට වහී මගින් මෙසේ දැනුම් දුන්නෙමු: “ඔබ අපගේ වහලූන්ව කැඳවාගෙන, රාත්‍රිය්දීම පිටත්ව යනු. (මගදී හරස්වන) මුහුදෙහි (ඔබගේ සැරයටියෙන්) ගසා වියළී ගිය මාර්ගය ඔවුන්ට ඇති කරනු. (ඔබව සතුරන්) ළඟා වේවි යයි ඔබ බිය නොවනු. (එම මුහුදෙහි ඔබගේ ජනතාව ගිලී යනු ඇතැයිද) ඔබ බිය නොවනු” (යයිද දැනුම් දුන්නෙමු)
Surah Taha, Verse 77
فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ
(ඒ අන්දමටම මූසා නබි ඉස්රායීල්වරුන්ව කැඳවාගෙන ගිය වහාම) ෆිර්අව්න් තම සේනාව සමග ඔවුන් පසුපස ගියේය. මුහුදු (ජලය මොවුන්ගෙන් කිසිවෙකුත් නොබේරෙන සේ) ඔවුන්ව ගිල්වා දැමිය යුතු අන්දමට ගිල්වා දැමීය
Surah Taha, Verse 78
وَأَضَلَّ فِرۡعَوۡنُ قَوۡمَهُۥ وَمَا هَدَىٰ
ෆිර්අව්න් තම ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකර, වැරදි මාර්ගයෙහිම ඇතුළු කළේය
Surah Taha, Verse 79
يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ قَدۡ أَنجَيۡنَٰكُم مِّنۡ عَدُوِّكُمۡ وَوَٰعَدۡنَٰكُمۡ جَانِبَ ٱلطُّورِ ٱلۡأَيۡمَنَ وَنَزَّلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰ
ඉස්රායීල පරම්පරාවේ දරුවනි! නියත වශයෙන්ම අපි ඔබව ඔබගේ සතුරන්ගෙන් බේරාගෙන, තූර් නමැති කන්ෙඳහි දකුණු දෙසට (පැමිණියහොත් ඔබට තව්රාත්) ධර්මය (ලබා දෙන බවට) පොරොන්දු දී, (ආහාර නොලැඛෙණ කාන්තාරයෙහි) ඔබට මන්නු සල්වා ද පහළ කළෙමු
Surah Taha, Verse 80
كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَلَا تَطۡغَوۡاْ فِيهِ فَيَحِلَّ عَلَيۡكُمۡ غَضَبِيۖ وَمَن يَحۡلِلۡ عَلَيۡهِ غَضَبِي فَقَدۡ هَوَىٰ
“අපි ඔබට ලබා දුන් දැයෙන් හොඳ දැය අනුභව කරමින් සිටිනු. එහි ඔබ සීමාව ඉක්මවා නොයනු. (සීමාව ඉක්මවවුවහොත්) ඔබ කෙරෙහි මගේ කෝපය පහළ වනු ඇත. කවුරුන් කෙරෙහි මගේ කෝපය පහළ වන්නේද, ඔහු නියත වශයෙන්ම විනාශ වී යනු ඇත”
Surah Taha, Verse 81
وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ
“එහෙත් කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන්) ඈත් වී විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කර, ඍජු මාර්ගයෙහි ස්ථීරව සිටින්නේද, ඔහුට මා ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ම සිටින්නෙමි”
Surah Taha, Verse 82
۞وَمَآ أَعۡجَلَكَ عَن قَوۡمِكَ يَٰمُوسَىٰ
(මූසා තූර්, සිනායි කන්ඳට පැමිණි අවස්ථාවේදී ඔහුට දෙවියන්) “ඕ මූසා! ඔබ, ඔබගේ ජනතාව අත්හැර දමා මෙතරම් ඉක්මන් කළේ කිමෙක්ද?”යි (විමසුවේය)
Surah Taha, Verse 83
قَالَ هُمۡ أُوْلَآءِ عَلَىٰٓ أَثَرِي وَعَجِلۡتُ إِلَيۡكَ رَبِّ لِتَرۡضَىٰ
එයට ඔහු “ඔවුන් මෙන්න, මා පසුපසින්ම එන්නාහ. මගේ දෙවියනේ! ඔබව තෘප්තියට පත් කිරීම සඳහා ඉතාමත් ඉක්මනින් ඔබ වෙත (කළින්ම) පැමණියෙමි”
Surah Taha, Verse 84
قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ
එයට (දෙවියන්) “ඔබ පැමිණි පසු අපි ඔබගේ ජනතාව එක් පිරික්සුමකට ලක් කළෙමු. සාමිරී නමැත්තා ඔවුන්ව මාර්ගය වැරද යාමට සැලැස්සුවේය” යයි පැවසුවේය
Surah Taha, Verse 85
فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗاۚ قَالَ يَٰقَوۡمِ أَلَمۡ يَعِدۡكُمۡ رَبُّكُمۡ وَعۡدًا حَسَنًاۚ أَفَطَالَ عَلَيۡكُمُ ٱلۡعَهۡدُ أَمۡ أَرَدتُّمۡ أَن يَحِلَّ عَلَيۡكُمۡ غَضَبٞ مِّن رَّبِّكُمۡ فَأَخۡلَفۡتُم مَّوۡعِدِي
(එවෙලේම) මූසා ඉතාමත් දුකෙන් හා කෝපයට පත් වූ කෙනෙකු වශයෙන් තමන්ගේ ජනතාව වෙත ආපසු පැමිණ “මගේ ජනතාවෙනි! ඔබගේ දෙවියන් ඔබට (තව්රාත් නමැති ධර්මය ලබා දෙන බවට) අලංකාරවත් පොරොන්දුවක් ලබා දුන්නේ නැද්ද? ඔහු පොරොන්දුවක් දී අධික දින සංඛ්‍යාවක් ගත වූයේද? නැතහොත් ඔබ කෙරෙහි ඔබගේ දෙවියන්ගේ කෝපය පහළ විය යුතුය යයි ඔබ කැමැත්තෙන්ම ඔබ මට ලබා දුන් පොරොන්දුවට වෙනස්කම් කළෙහුද?”යි විමසුවේය
Surah Taha, Verse 86
قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ
එයට ඔවුන් “ඔබට ලබා දුන් පොරොන්දුවට අපගේ කැමැත්තට අපි වෙනස්කම් කළේ නැත. නමුත් අපි උසුළාගෙන පැමිණි (ෆිර්අව්න්ගේ) ජනතතාවගේ රණ් ආභරණ (ගින්නෙහි වීසි කරන මෙන් බල කරනු ලැබ), එහි ඒවා අපි වීසි කළෙමු. ඒ ආකාරයටම සාමිරීද (තමන් වෙත තිබූ ආභරණ) වීසි කළේය”
Surah Taha, Verse 87
فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ
“පසුව ඔහු, වසු පැටවෙකුගේ පිළිරුවක් (ජනතාව ඉදිරියේ) එළිදැක්වූවේය. එයට (වසු පැටවෙකුගේ ශබ්දයට සමාන අර්ථයක් නැති) ශබ්දයක්ද තිබුණි. (මෙය දුටු) සමහරෙක් ‘මෙය ඔබගේද, මූසාගේද දෙවියන් වන්නේය. (මෙය) අමතක වී (මූසා කන්ඳට) ගියේය” යයි පැවසූහ
Surah Taha, Verse 88
أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا
(මොන පුදුමයක්ද!) ඔවුන්ට (ඔවුන්ගේ ප්‍රශ්නවලට) එය කිසිම පිළිතුරක් නොදී තිබීමද, ඔවුන්ට හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැතිව තිබීමද ඔවුන් අවධානය කර බැලිය යුතු නොවේද
Surah Taha, Verse 89
وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي
මෙයට පෙරම හාරූන් ඔවුන්ට “මගේ ජනතාවෙනි! (මෙම පිළිරුව නැමද) ඔබ මාර්ගය වැරද ගියෙහුය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් රහ්මාන්ය. (මෙය නොව), මාව අනුගමනය කරනු. මගේ නියෝගයට අවනත වනු” යයි පැවසුවේය
Surah Taha, Verse 90
قَالُواْ لَن نَّبۡرَحَ عَلَيۡهِ عَٰكِفِينَ حَتَّىٰ يَرۡجِعَ إِلَيۡنَا مُوسَىٰ
එයට ඔවුන් “මූසා අප වෙත ආපසු පැමිණෙන තුරු මෙම ආරාධනාව අපි අත්හරින්නේ නැත” යයි පැවසූහ
Surah Taha, Verse 91
قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذۡ رَأَيۡتَهُمۡ ضَلُّوٓاْ
(මූසා පැමිණි පසු හාරූන්ට) “ඕ හාරූන්! මොවුන් මාර්ගය වැරද ගියහ යයි ඔබ දැන ගත් අවස්ථාවේදී, මාව ඔබ අනුගමනය කර කටයුතු කිරීම, ඔබව වැළැක්වූයේ කුමකින්ද
Surah Taha, Verse 92
أَلَّا تَتَّبِعَنِۖ أَفَعَصَيۡتَ أَمۡرِي
ඔබ මගේ අණට වෙනස්කම් කිරීමට ඉදිරිපත් වූවෙහිද?”යි (පවසා, ඔහුගේ යටි රැවුලද, හිස කෙස්ද අල්ලා ඇද්දේය)
Surah Taha, Verse 93
قَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي
එයට ඔහු “මගේ මවගේ පුතුනේ! මගේ හිසද යටි රැවුලද අල්ලා (නො)අදිනු. (මා ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් ඈත් වී තිබුණේ නම්), ‘ඉස්රායීල පරම්පරාවේ දරුවන් අතරේ ඔබ ඛෙදීමක් ඇති කර දැමුවෙහිය. ඔබ මගේ වදනට සැලකුවේ නැත’ යයි ඔබ මා සමග කෝප වනු ඇතැයි නියත වශයෙන්ම බිය වී (ඔවුන් සමග) සිටියෙමි” යයි පැවසුවේය
Surah Taha, Verse 94
قَالَ فَمَا خَطۡبُكَ يَٰسَٰمِرِيُّ
(පසුව මූසා සාමිරීට) “ඕ සාමිරී! ඔබගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ මෙසේ කළෙහිද?)”යි විමසුවේය
Surah Taha, Verse 95
قَالَ بَصُرۡتُ بِمَا لَمۡ يَبۡصُرُواْ بِهِۦ فَقَبَضۡتُ قَبۡضَةٗ مِّنۡ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذۡتُهَا وَكَذَٰلِكَ سَوَّلَتۡ لِي نَفۡسِي
එයට ඔහු “ඔවුන් නොදුටු දැයක් මා දුටුවෙමි. දූතයාගේ පාදයට යටින් (වැලි) මිටක් ගෙන, එහි වීසි කළෙමි. මෙසේ (කරන මෙන්) මගේ මනස මාව පෙළඹවූවේය” යයි පැවසුවේය
Surah Taha, Verse 96
قَالَ فَٱذۡهَبۡ فَإِنَّ لَكَ فِي ٱلۡحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَۖ وَإِنَّ لَكَ مَوۡعِدٗا لَّن تُخۡلَفَهُۥۖ وَٱنظُرۡ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِي ظَلۡتَ عَلَيۡهِ عَاكِفٗاۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِي ٱلۡيَمِّ نَسۡفًا
එයට මූසා (ඔහුට “මෙතැනින්) ඈත් වනු. නියත වශයෙන්ම ඔබ (කවුරුන්ව දුටුවා වුවද) “මා හට ළං නොවනු. (මට ළං නොවනු. මට ළං වුවහොත් ඔබටත් මටත් උණ වැළෙඳනු ඇත)’ යයි පවසමින් ඒ මේ අත සැරි සැරීමම මෙලොවෙහි ඔබට අයත් දඬුවම වන්නේය. (පරලොවෙහි නම්), නියත වශයෙන්ම ඔබට පොරොන්දු දෙන ලද දඬුවම ඇත. ඔබ එයින් බේරෙන්නේම නැත. මෙන්න ඔබ ආරාධනා කරමින් සිටි දෙවියන්ව බලනු. නියත වශයෙන්ම මා එය ගින්නෙහි දවා (උණු කර අළු කර) මුහුදෙහි විසිරුවා හරින්නෙමි” යයිද
Surah Taha, Verse 97
إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَسِعَ كُلَّ شَيۡءٍ عِلۡمٗا
“ඔබගේ දෙවියන් අල්ලාහ් එක් කෙනෙකි. ඔහු හැර, නැමදුමට යුත්තෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු සියල්ල දැන ගත හැකි ඉමහත් දැනුමක් ඇත්තෙකි” යයිද පැවසුවේය
Surah Taha, Verse 98
كَذَٰلِكَ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ مَا قَدۡ سَبَقَۚ وَقَدۡ ءَاتَيۡنَٰكَ مِن لَّدُنَّا ذِكۡرٗا
(නබියේ!) මෙසේම (ඔබට) පෙර ඉකුත් වී ගිය අයගෙන් වූ ඉතිහාසයන් (නැවතත්) අපි ඔබට පවසන්නෙමු. අප වෙතින් හොඳ ඔවදන් (වලින් යුත් මෙම ධර්මය) නියත වශයෙන්ම අපි ඔබට ලබා දුන්නෙමු
Surah Taha, Verse 99
مَّنۡ أَعۡرَضَ عَنۡهُ فَإِنَّهُۥ يَحۡمِلُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وِزۡرًا
කවුරුන් එය ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු විනිශ්චය දිනදී නියත වශයෙන්ම (විශාල වූ) පාපයක්ම උසුළනු ඇත
Surah Taha, Verse 100
خَٰلِدِينَ فِيهِۖ وَسَآءَ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ حِمۡلٗا
එහි ඔහු සැමදා (එය උසුළාගෙනම) සිටිනු ඇත. විනිශ්චය දිනදී ඔවුන් උසුළන මෙම බර, ඉතාමත් නපුරුය
Surah Taha, Verse 101
يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ وَنَحۡشُرُ ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ زُرۡقٗا
කුමන කාලයකදී (සූර් නමැති නලාව) පිඹිණු ලැබ, වැරදිකරුවන්ව අපි ඒකරාශී කරන දිනදී (බියෙන්) ඔවුන්ගේ ඇස් නිල් වී යනු ඇත
Surah Taha, Verse 102
يَتَخَٰفَتُونَ بَيۡنَهُمۡ إِن لَّبِثۡتُمۡ إِلَّا عَشۡرٗا
ඔවුන් තමන් තුළ ඉතාමත් පහත් හඬින් (කතා කරමින්) “ඔබ එක් (දින) දහයකට අධික වශයෙන් (ලොවෙහි) රැඳී සිටියේ නැත” (යයි පවසනු ඇත)
Surah Taha, Verse 103
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَ إِذۡ يَقُولُ أَمۡثَلُهُمۡ طَرِيقَةً إِن لَّبِثۡتُمۡ إِلَّا يَوۡمٗا
ඔවුන් කුමක් කතා කරන්නෝද යන්න අපි හොඳින් දන්නෙමු. ඔවුන්ගෙන් ඉතාමත් විනීත ප්‍රධානියා (ඔවුන්ට) “එකම දවසක් මිස, ඔබ රැඳී සිටියේ නැත” යයි පවසනු ඇත
Surah Taha, Verse 104
وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡجِبَالِ فَقُلۡ يَنسِفُهَا رَبِّي نَسۡفٗا
(නබියේ!) ඔබ වෙතින් ඔවුන් කඳු ගැන (ලෝක විනාශයේදී එහි ඉරණම කුමක් සිදු වන්නේදැයි) විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන් ඒවා සුණු විසුණු කර, (සී සීකඩ විසුරුවා) හරිනු ඇත”
Surah Taha, Verse 105
فَيَذَرُهَا قَاعٗا صَفۡصَفٗا
“ඒවා සමතලා කර හරිනු ඇත”
Surah Taha, Verse 106
لَّا تَرَىٰ فِيهَا عِوَجٗا وَلَآ أَمۡتٗا
“ඒවායෙහි පොඩියක් හෝ කඳු පල්ලම් ඔබ නොදකින්නෙහුය”
Surah Taha, Verse 107
يَوۡمَئِذٖ يَتَّبِعُونَ ٱلدَّاعِيَ لَا عِوَجَ لَهُۥۖ وَخَشَعَتِ ٱلۡأَصۡوَاتُ لِلرَّحۡمَٰنِ فَلَا تَسۡمَعُ إِلَّا هَمۡسٗا
“එදිනදී (සියල්ලන්ම, සැමදා) කැඳවන්නාගේ ශබ්දයම අනුගමනය කර යන්නාහ. එහි කිසිම වරදක් ඇති වන්නේ නැත. රහ්මාන්ට බිය වී සියලූ ශබ්දයන් අඩු වී යනු ඇත. (පහත් හඬින් වූ) අඩි ශබ්දය මිස, (වෙන කිසිවක්) ඔබ නොඅසන්නෙහිය”
Surah Taha, Verse 108
يَوۡمَئِذٖ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَرَضِيَ لَهُۥ قَوۡلٗا
එදිනදී රහ්මාන් කවුරුන් හට අනුමැතිය දී ඔවුන්ගේ වදන අසන්නට අදහස් කරන්නේද, ඔවුන්ව හැර, වෙන කිසිවෙකුගේ මැදිහත් වීම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත
Surah Taha, Verse 109
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يُحِيطُونَ بِهِۦ عِلۡمٗا
ඔවුන්ට ඉදිරියෙන් ඇති දැයද, පසුපසින් ඇති දැයද, ඔහු හොඳින් දන්නේය. එහෙත් ඔවුන්ට ඔහුව (තමන්ගේ) අධ්‍යාපන දැනුම මගින් දැන ගත නොහැකිය
Surah Taha, Verse 110
۞وَعَنَتِ ٱلۡوُجُوهُ لِلۡحَيِّ ٱلۡقَيُّومِۖ وَقَدۡ خَابَ مَنۡ حَمَلَ ظُلۡمٗا
(එදිනදී) සදා අමරණීය ස්ථීර වන්නා වූ (දෙවියන්) ඉදිරියේ සියල්ලන්ගේ මුහුණුද බිමට පහත් වනු ඇත. කවුරුන් අපරාධය උසුළා ගත්තේද, ඔහු පරාජිත වන්නේය
Surah Taha, Verse 111
وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّـٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا يَخَافُ ظُلۡمٗا وَلَا هَضۡمٗا
කවුරුන් විශ්වාසය තැබූවන් වශයෙන් සිටිමින් දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහු (තමන්ගේ හොඳ ඵලවිපාක පොඩියක් හෝ) විනාශ වී යනු ඇතැයි හෝ අඩු වී යනු ඇතැයි හෝ බිය නොවන්නේය
Surah Taha, Verse 112
وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ قُرۡءَانًا عَرَبِيّٗا وَصَرَّفۡنَا فِيهِ مِنَ ٱلۡوَعِيدِ لَعَلَّهُمۡ يَتَّقُونَ أَوۡ يُحۡدِثُ لَهُمۡ ذِكۡرٗا
(මෙහි ඇති) මේ අන්දමටම මෙම කුර්ආනය අරාබි භාෂාවෙන් අපි පහළ කර තැබුවෙමු. ඔවුන් හොඳ වැටහීම් අත් කරගෙන, (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, මෙහි අපි (අපගේ) දඬුවම ගැන ඔවුන්ට බිය ගන්වා අනතුරු අඟවන්නෙමු
Surah Taha, Verse 113
فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۗ وَلَا تَعۡجَلۡ بِٱلۡقُرۡءَانِ مِن قَبۡلِ أَن يُقۡضَىٰٓ إِلَيۡكَ وَحۡيُهُۥۖ وَقُل رَّبِّ زِدۡنِي عِلۡمٗا
සත්‍ය රජු වන අල්ලාහ්ම ඉතාමත් උසස්වන්තයෙකි. (නබියේ!) කුර්ආනය ගැන ඔබට වහී දැනුම් දෙනු ලැබ, එය අවසන් වීමට පෙරම (එය සමුදීරණය කිරීමට) ඔබ ඉක්මන් නොවනු. එහෙත් “මගේ දෙවියනේ! මගේ අධ්‍යාපන දැනුම නැවත (නැවතත්) වැඩි කරනු” යයි ඔබ ප්‍රාර්ථනා කරනු මැනව
Surah Taha, Verse 114
وَلَقَدۡ عَهِدۡنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبۡلُ فَنَسِيَ وَلَمۡ نَجِدۡ لَهُۥ عَزۡمٗا
මෙයට (බොහෝ කලකට) පෙර ආදම් වෙතින් නියත වශයෙන්ම අපි පොරොන්දු ලබාගෙන තිබුණෙමු. එහෙත් (එය) ඔහු අමතක කර දැමුවේය. නමුත් එයට වෙනස්කම් කරන අදහස අපි ඔහුගෙන් දුටුවේ නැත
Surah Taha, Verse 115
وَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ
මලායිකාවරුන්ට “ඔබ ආදම්ට සුජූද් කරනු” යයි අපි පැවසූ අවස්ථාවේදී ඉබ්ලීස් හැර, ඔවුන් සියල්ලන්ම සුජූද් කළහ. ඔහු (සුජූද් නොකර) ඈත් වූවේය
Surah Taha, Verse 116
فَقُلۡنَا يَـٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوّٞ لَّكَ وَلِزَوۡجِكَ فَلَا يُخۡرِجَنَّكُمَا مِنَ ٱلۡجَنَّةِ فَتَشۡقَىٰٓ
(එබැවින් අපි ආදම්ට) “ඕ ආදම්! නියත වශයෙන්ම මොහු ඔබටත් ඔබගේ බිරිඳටත් සතුරෙකු වනු ඇත. ඔබ දෙදෙනාවම මෙම උයන් වත්තෙන් ඔහු පිටමං නොකර සිටීමට ඔබ (ප්‍රවේසමෙන්) සිටිනු. නැතහොත් ඔබ අමාරුවේ වැටෙන්නෙහුය” යයි පැවසුවෙමු
Surah Taha, Verse 117
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعۡرَىٰ
“නියත වශයෙන්ම ඔබ මෙහි කුස ගින්නෙන් හෝ නිර්වස්ත්‍රව හෝ නොසිටින්නෙහුය”
Surah Taha, Verse 118
وَأَنَّكَ لَا تَظۡمَؤُاْ فِيهَا وَلَا تَضۡحَىٰ
“නියත වශයෙන්ම ඔබ මෙහි පිපාසයක් නොමතිවද, අව්වෙන් පහර නොවැදීද සිටින්නෙහුය” (යයි පැවසුවෙමු)
Surah Taha, Verse 119
فَوَسۡوَسَ إِلَيۡهِ ٱلشَّيۡطَٰنُ قَالَ يَـٰٓـَٔادَمُ هَلۡ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلۡخُلۡدِ وَمُلۡكٖ لَّا يَبۡلَىٰ
එහෙත් ෂෙයිතාන් ඔවුන්ව සසළ කර “ඕ ආදම්! විනාශයක් නැති රාජ්‍යයක්ද, (අමරණීය ජීවිතයකටද අවශ්‍ය) නිත්‍ය ජීවයද මා ඔබට දැනුම් දෙන්නද?”යි විමසුවේය
Surah Taha, Verse 120
فَأَكَلَا مِنۡهَا فَبَدَتۡ لَهُمَا سَوۡءَٰتُهُمَا وَطَفِقَا يَخۡصِفَانِ عَلَيۡهِمَا مِن وَرَقِ ٱلۡجَنَّةِۚ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ
(අවසානයේදී) ඒ දෙදෙනාම (තහනම් කරනු ලැබූ) එය අනුභව කළහ. එවෙලේම (ඒ දෙදෙනාම නිර්වස්ත්‍ර වී) ඒ දෙදෙනාගේ රහස් අවයවයන් එළිදරව් වීමත් සමගම එම උයනේ කොළ අතු මගින් තමන්ව ආවරණය කර ගැනීමට ඉදිරිපත් වූහ. එබැවින් ආදම් (ඉබ්ලීස්ගේ උගුලට පැටළී වැරදි කර), තම දෙවියන්ට වෙනස්කම් කර, මාර්ගය වැරද ගියේය
Surah Taha, Verse 121
ثُمَّ ٱجۡتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيۡهِ وَهَدَىٰ
පසුව (ඔහු සමාව ඉල්ලා සිටි විට), ඔහුගේ දෙවියන් ඔහුගේ වැරදි වලට සමාව දී ඔහුව තෝරාගෙන, ඍජු මාර්ගයෙහි ඇතුළු කළේය
Surah Taha, Verse 122
قَالَ ٱهۡبِطَا مِنۡهَا جَمِيعَۢاۖ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَنِ ٱتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشۡقَىٰ
(තවද මේ දෙදෙනාට) “ඔබ දෙදෙනා මෙතැනින් පිටමං වනු. ඔබ (ඔබගේ පරම්පරාවේ දරුවන්)ගෙන් සමහරෙක් සමහරෙකුට සතුරන් වශයෙන් පත් වන්නාහ. ඒ අතර නියත වශයෙන්ම මගේ ඍජු මාර්ගය ඔබ වෙත පැමිණෙනු ඇත. කවුරුන් මගේ ඍජු මාර්ගය අනුගමනය කරන්නේද, ඔහු මාර්ගය වැරද යන්නේම නැත. පරාජිත වන්නේද නැත”
Surah Taha, Verse 123
وَمَنۡ أَعۡرَضَ عَن ذِكۡرِي فَإِنَّ لَهُۥ مَعِيشَةٗ ضَنكٗا وَنَحۡشُرُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ أَعۡمَىٰ
“කවුරුන් මගේ හොඳ ඔවදන් ප්‍රත්කෂේප කරන්නේද, ඔහුගේ ජීවිතය නියත වහයෙන්ම ඉතාමත් දුක් ගැහැට වලින් පිරි එකක් වශයෙන්ම තිඛෙණු ඇත. විනිශ්චය දිනදී නම්, අපි ඔහුව අන්ධයෙකු වශයෙන්ම නැගිට්ටවන්නෙමු” යයි පැවසුවේය
Surah Taha, Verse 124
قَالَ رَبِّ لِمَ حَشَرۡتَنِيٓ أَعۡمَىٰ وَقَدۡ كُنتُ بَصِيرٗا
(එසේ විනිශ්චය දිනදී අන්ධයෙකු වශයෙන් නැගිට්ටවනු ලබන) ඔහු “මගේ දෙවියනේ! ඔබ කුමක් නිසා මාව අන්ධයෙකු වශයෙන් නැගිට්ටෙව්වෙහිද? මෙ(ලොවෙහි) ඇස් පෙනෙන්නෙකු වශයෙන් සිටියා නොවෙද!”යි විමසනු ඇත
Surah Taha, Verse 125
قَالَ كَذَٰلِكَ أَتَتۡكَ ءَايَٰتُنَا فَنَسِيتَهَاۖ وَكَذَٰلِكَ ٱلۡيَوۡمَ تُنسَىٰ
(එයට) “මෙසේ (අන්ධයෙකු වශයෙන්ම ඔබගේ කාරණාවන් සියල්ල තිබුණි). අපගේ ආයාවන් ඔබ වෙත පැමිණියේය. ඔබ ඒවා (සැළකිල්ලෙහි නොතබා) අමතක කර දැමුවේය. ඒ අන්දමටම අද දින ඔබවත් (සැලකිල්ලට නොගෙන) අමතක කරනු ලැබීය” යයි පවසනු ඇත
Surah Taha, Verse 126
وَكَذَٰلِكَ نَجۡزِي مَنۡ أَسۡرَفَ وَلَمۡ يُؤۡمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦۚ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَدُّ وَأَبۡقَىٰٓ
එබැවින් කවුරුන් සීමාව ඉක්මවා තම දෙවියන්ගේ ආයාවන් විශ්වාස නොකර (සීමාව ඉක්මවා) කටයුතු කරන්නේද, ඔහුටත් මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු. (ඔහුට ලැඛෙණ) පරලොව දඬුවම නම්, ඉතාමත් දරුණු හා ස්ථීරවද වන්නේය
Surah Taha, Verse 127
أَفَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ
මොවුන්ට පෙර විසූ කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන කාරණාව මොවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කළේ නැද්ද? (විනාශ වී ගිය) ඔවුන් වාසය කළ ස්ථානයන්ට සමීපයෙන්ම මොවුන්ද ගමන් කරන්නාහ. බුද්ධිය ඇති අයට නියත වශයෙන්ම එහි සාධකයන් බොහොමයක් ඇත
Surah Taha, Verse 128
وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَكَانَ لِزَامٗا وَأَجَلٞ مُّسَمّٗى
(නබියේ! ඔවුන්ගේ දඬුවමට අයත් කාලය විනිශ්චය දිනය යයි) එක් කාල අවකාශයක් ගැන සඳහන් කරනු ලැබ ඇති ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින්ම ඇති වී නොතිබුණේ නම්, (ඒ අවස්ථාවේදීම) දඬුවම ඔවුන්ව අල්ලා ගනු ලැබ ඇත්තේය
Surah Taha, Verse 129
فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ غُرُوبِهَاۖ وَمِنۡ ءَانَآيِٕ ٱلَّيۡلِ فَسَبِّحۡ وَأَطۡرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرۡضَىٰ
එබැවින් ඔවුන් (ඔබව අවමන් කර) කතා කිරීම ගැන ඔබ ඉවසීමෙන් යුතුව විඳ දරා ගනු (මැනව!). සූර්ය උදාවට පෙරද , සූය්‍ය_ අස්ථමයට පෙරද රාත්‍රී කාලයන්හිද , ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! (මෙසේ) දහවලේ දෙකෙළවරෙහිද (දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව! මෙමගින්) ඔබට (ආධ්‍යාත්මික්) තෘප්තියක් අත් කර ගත හැකිය
Surah Taha, Verse 130
وَلَا تَمُدَّنَّ عَيۡنَيۡكَ إِلَىٰ مَا مَتَّعۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّنۡهُمۡ زَهۡرَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا لِنَفۡتِنَهُمۡ فِيهِۚ وَرِزۡقُ رَبِّكَ خَيۡرٞ وَأَبۡقَىٰ
(නබියේ!) ඔවුන්ගෙන් සමහරෙකුට සුවය විඳීමට අපි ලබා දී ඇති දැය දෙසට ඔබ, ඔබගේ බැල්ම නොහෙළනු. (මේවා සියල්ල) මෙලොව ජීවිතයෙහි අලංකාරයන්ය! ඔවුන්ව පිරික්සුමට ලක් කිරීම සඳහාම (අපි ඒවා ඔවුන්ට ලබා දී ඇත්තෙමු). නමුත් ඔබගේ දෙවියන් (ඔබට) ලබා දී තිඛෙණ දැය නම්, ඉතාමත් උසස් හා ස්ථීරවත් දැයයි
Surah Taha, Verse 131
وَأۡمُرۡ أَهۡلَكَ بِٱلصَّلَوٰةِ وَٱصۡطَبِرۡ عَلَيۡهَاۖ لَا نَسۡـَٔلُكَ رِزۡقٗاۖ نَّحۡنُ نَرۡزُقُكَۗ وَٱلۡعَٰقِبَةُ لِلتَّقۡوَىٰ
(නබියේ!) සලාත් කරමින් සිටින මෙන් ඔබ, ඔබගේ පවුලේ උදවිය පොළඹවනු (මැනව!) ඔබත් ඒ කෙරෙහි ස්ථීරව සිටිනු (මැනව!) අපි ඔබගෙන් කිසිවක් ඉල්ලූවේ නැත. එහෙත් ඔබට අවශ්‍යය සෑම දැයක්ම අපිම ලබා දෙමින් සිටින්නෙමු. අවසාන යහපත, පරිශුද්ධ ගති ගුණය උදෙසාය
Surah Taha, Verse 132
وَقَالُواْ لَوۡلَا يَأۡتِينَا بِـَٔايَةٖ مِّن رَّبِّهِۦٓۚ أَوَلَمۡ تَأۡتِهِم بَيِّنَةُ مَا فِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
“තමන්ගේ දෙවියන්ගෙන් (අපි ආශා කරන අන්දමට) එක් සාධකයක් (ප්‍රාතිහාර්යයක්) ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේද?”යි ඔවුන් පවසන්නාහ. කිමෙක්ද, පෙර ධර්මයන්හි වූ පැහැදිලි සාධකයන් ඔවුන් වෙත පැමිණියේ නැද්ද? (පැමිණ ඇත්තේය)
Surah Taha, Verse 133
وَلَوۡ أَنَّآ أَهۡلَكۡنَٰهُم بِعَذَابٖ مِّن قَبۡلِهِۦ لَقَالُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبۡلِ أَن نَّذِلَّ وَنَخۡزَىٰ
(අපගේ දූතයා වන) මොහු පැමිණීමට පෙරම අපි මොවුන්ව දඬුවම් කර විනාශ කර තිබුනේ නම්, “අපගේ දෙවියනේ! ඔබ අපට එක් දූතයෙකු යැවිය යුතු නොවේද? (එසේ යවා තිබුනේ නම්) අපි මෙම අවමානයටද, නින්දාවටද ලක් වීමට කළින්ම ඔබගේ ආයාවන් අනුගමනය කර ඇත්තෙමු” යයි පවසන්නාහ
Surah Taha, Verse 134
قُلۡ كُلّٞ مُّتَرَبِّصٞ فَتَرَبَّصُواْۖ فَسَتَعۡلَمُونَ مَنۡ أَصۡحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِيِّ وَمَنِ ٱهۡتَدَىٰ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “සෑම කෙනෙකුම බලාපොරොත්තුවෙන් සිටින්නන්ය! එබැවින් ඔබත්, (ඔබට පැමිණිය යුතු දැය ගැන) බලාපොරොත්තුවෙන් සිටිනු. ඍජු මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද? (දුර්මාර්ගයෙහි සිටින්නන් කවරෙක්ද?) ඍජු මාර්ගය අත් කර ගත් අය කවරෙක්ද? යන්න පසුව ඔබ නියත වශයෙන්ම හොඳින් දැනගන්නෙහුය”
Surah Taha, Verse 135