Surah Taha Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Tahaقَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي
එයට ඔහු “මගේ මවගේ පුතුනේ! මගේ හිසද යටි රැවුලද අල්ලා (නො)අදිනු. (මා ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් ඈත් වී තිබුණේ නම්), ‘ඉස්රායීල පරම්පරාවේ දරුවන් අතරේ ඔබ ඛෙදීමක් ඇති කර දැමුවෙහිය. ඔබ මගේ වදනට සැලකුවේ නැත’ යයි ඔබ මා සමග කෝප වනු ඇතැයි නියත වශයෙන්ම බිය වී (ඔවුන් සමග) සිටියෙමි” යයි පැවසුවේය