Surah Al-Anbiya Verse 87 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaوَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبٗا فَظَنَّ أَن لَّن نَّقۡدِرَ عَلَيۡهِ فَنَادَىٰ فِي ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبۡحَٰنَكَ إِنِّي كُنتُ مِنَ ٱلظَّـٰلِمِينَ
(යූනුස් නබි වන) දුන්නූන්වද (අපගේ දූතයෙකු බවට පත් කළෙමු. තම ජනතාවගෙන් ඈත් වී) ඔහු කෝපයෙන් යුතුව පිටමං වූ අවස්ථාවේදී, (අපි ඔහුව අල්ලා ගැනීමට) ඔහු කෙරෙහි අපට ශක්තියක් නැතැයි සිතා ගත්තේය. (එබැවින් ඔහුව මාළුවෙකු ගිල ගැනීමට සැලැස්සුවෙමු. මාළුවාගේ කුසේ) අන්ධකාරයේ සිටි ඔහු (අපට) “ඔබ හැර නැමදුමට යුතු හිමියෙකු වෙන කිසිවෙකුත් නැත. ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. නියත වශයෙන්ම මා නම්, අපරාධකරුවන්ගෙන් කෙනෙකු බවට පත් වුනෙමි. (මා හට සමාව දී දයාව පහළ කරනු මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය