Surah Al-Mumenoon Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumenoonفَأَوۡحَيۡنَآ إِلَيۡهِ أَنِ ٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا فَإِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسۡلُكۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ مِنۡهُمۡۖ وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ
එයට අපි ඔහුට “අපි දන්වන ආකාරයටම ඔබ අපගේ ඇස් ඉදිරියේ නැවක් ඉදි කරනු. අපගේ නියෝගය ඇති වී ලිප (මත ඇති දැය) උතුරා යන්නට ආරම්භ වුවහොත් (සෑම ජීවියෙකුගෙන්ම) පිරිමි ගැහැනු දෙක දෙක බැගින් එක්කාසු වූ ජෝඩු ජෝඩු වශයෙන් ඔබගේ පවුලේ උදවියගෙන් කවුරුන් කෙරෙහි අපගේ (දඬුවම ගැන වූ) පොරොන්දුව ඇති වූවේද, ඔහුව හැර, අනිත් (ඔබගේ පවුලේ) උදවියද ඔබ එහි පටවා ගනු. අපරාධකරුවන් ගැන ඔබ මා වෙත කිසිවක් (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නාහ” යයි වහී දැන්වූවෙමු