Surah Al-Mumenoon - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
قَدۡ أَفۡلَحَ ٱلۡمُؤۡمِنُونَ
විශ්වාසවන්තයින්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කළහ
Surah Al-Mumenoon, Verse 1
ٱلَّذِينَ هُمۡ فِي صَلَاتِهِمۡ خَٰشِعُونَ
ඔවුන් කෙබන්ඳු අයදයත්, තමන්ගේ සලාතයන් ඉතාමත් මනස තුළ බියෙන් යුතුව සලාත් කරන්නාහ
Surah Al-Mumenoon, Verse 2
وَٱلَّذِينَ هُمۡ عَنِ ٱللَّغۡوِ مُعۡرِضُونَ
ඔවුන් පුහු කාරණාවලින් ඈත් වී සිටින්නාහ
Surah Al-Mumenoon, Verse 3
وَٱلَّذِينَ هُمۡ لِلزَّكَوٰةِ فَٰعِلُونَ
ඔවුන් සකාත්ද ගෙවමින් සිටින්නාහ
Surah Al-Mumenoon, Verse 4
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ
ඔවුන් තමන්ගේ රහස් ස්ථානයන් (අපචාරයෙන්) ආරක්ෂා කර ගන්නාහ
Surah Al-Mumenoon, Verse 5
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ
එහෙත් ඔවුන් තමන්ගේ භාර්යයාවන් වෙත හෝ නැතහොත් තමන්ගේ දකුණු අත් හිමි කර ගත් (වහල්) ස්ත්‍රීන් වෙත හෝ (එක්කාසු වීමෙන්) නියත වශයෙන්ම (ඔවුන් වැරදිකරුවන් නොවන්නාහ. එබැවින් මෙම කාරණාවෙහි) ඔවුන් නින්දා කරනු නොලබන්නාහ
Surah Al-Mumenoon, Verse 6
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ
මෙයට පටහැනි දැයක් කවුරුන් හෝ කැමති වුවහොත් ඔවුන් සීමාව ඉක්මවූ අය බවටද, (වැරදිකරුවන් බවටද) පත් වන්නාහ
Surah Al-Mumenoon, Verse 7
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ
තවද ඔවුන් (විශ්වාස කර බාර දෙනු ලැබූ) තමන්ගේ විශ්වාසයට අයත් දැයද, තමන්ගේ පොරොන්දුවද ගෞරව කරමින් කටයුතු කර
Surah Al-Mumenoon, Verse 8
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَوَٰتِهِمۡ يُحَافِظُونَ
තමන්ගේ සලාතයන්ද නියමිත කාලයන්හි (නොකඩවා) ඉටු කර සලාත් කරන්නාහ
Surah Al-Mumenoon, Verse 9
أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡوَٰرِثُونَ
මෙවැන්නන්ම සත්‍ය උරුමක්කාරයින්ය
Surah Al-Mumenoon, Verse 10
ٱلَّذِينَ يَرِثُونَ ٱلۡفِرۡدَوۡسَ هُمۡ فِيهَا خَٰلِدُونَ
එබැවින් මොවුන් ෆිර්දවුස් (නමැති ස්වර්ගය) උරුම කරගෙන එහි සදාකල් රැඳී සිටින්නාහ
Surah Al-Mumenoon, Verse 11
وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن سُلَٰلَةٖ مِّن طِينٖ
නියත වශයෙන්ම (ආරම්භයේදී පළමු) මිනිසාව කිරි මැටියේ සාරයෙන් උත්පාදනය කළෙමු
Surah Al-Mumenoon, Verse 12
ثُمَّ جَعَلۡنَٰهُ نُطۡفَةٗ فِي قَرَارٖ مَّكِينٖ
පසුව එය අපි ඉන්ද්‍රිය බවට පත් කර, ඉතාමත් ප්‍රවේසම් සහිත ස්ථානයක තැන්පත් කළෙමු
Surah Al-Mumenoon, Verse 13
ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ
පසුව එම ඉන්ද්‍රිය ලේ කැටියක් බවට පත් කළෙමු. පසුව එම ලේ කැටිය මාංශ පිණ්ඩයක් බවට පත් කළෙමු. පසුව එම මාංශ පිණ්ඩයෙන් ඇට කටු නිර්මාණය කර, එම ඇට සැකිළ්ලට මස් මාංශ ඇන්ෙඳව්වෙමු. පසුව එය (පූරණ) මිනිස් (ජීවිතයක් බවට පත් කළෙමු. මෙසේ උත්පාදනය කළ) අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි. (ඔහු) උත්පාදයකයින්ගෙන් ඉතාමත් අලංකාරවන්තයෙකි
Surah Al-Mumenoon, Verse 14
ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ
(මිනිසුනේ!) මින් පසුව නියත වශයෙන්ම ඔබ මරණයට පත් වන්නේය
Surah Al-Mumenoon, Verse 15
ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ
ඉන්පසුව විනිශ්චය දිනදී නියත වශයෙන්ම ඔබ (පණ දී) නැගිට්ටවනු ලබන්නෙහුය
Surah Al-Mumenoon, Verse 16
وَلَقَدۡ خَلَقۡنَا فَوۡقَكُمۡ سَبۡعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلۡخَلۡقِ غَٰفِلِينَ
මිනිසුනේ! මෙසේ අපි ඔබව පමණක්ද උත්පාදනය කර ඇත්තේ? නියත වශයෙන්ම ඔබට ඉහළින් ඇති අහස් හතද අපිම උත්පාදනය කළෙමු. (ඒවා සෑම එකකම ඔබ වැනි උත්පාදනයන් ඇත්තේය. මේවා උත්පාදනය කර ඇති අතර) මෙම උත්පාදනයන්ට (අවශ්‍ය දැය) ගැන අපි නොසැලකිලිමත් නොවූවෙමු. (ඒවාට අවශ්‍ය සෑම දැයක්ම පරිපූරණ වශයෙන් අපි උත්පාදනය කර ඇත්තෙමු)
Surah Al-Mumenoon, Verse 17
وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَسۡكَنَّـٰهُ فِي ٱلۡأَرۡضِۖ وَإِنَّا عَلَىٰ ذَهَابِۭ بِهِۦ لَقَٰدِرُونَ
වලාකුළෙන් (අපගේ) සැලසුමට අනුව වර්ෂාව වසින්නට සලස්වන්නෙමු. එය භූමියෙහි රැෙඳන සේ සලස්වන්නෙමු. එය (භූමියෙන්) පහ කිරීමටද අපි බලසම්පන්න වෙමු
Surah Al-Mumenoon, Verse 18
فَأَنشَأۡنَا لَكُم بِهِۦ جَنَّـٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ لَّكُمۡ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ
එමගින් ඉඳි, මිදි (ආදී) වතුද ඔබ වෙනුවෙන් අපි උත්පාදනය කරන්නෙමු. ඒවායෙන් ඔබට අවශ්‍ය බොහොමයක් පලතුරු වර්ග ඇත්තේය. ඒවායෙන් (බොහොමයක් වර්ග) ඔබ අනුභව කරන්නෙහුය
Surah Al-Mumenoon, Verse 19
وَشَجَرَةٗ تَخۡرُجُ مِن طُورِ سَيۡنَآءَ تَنۢبُتُ بِٱلدُّهۡنِ وَصِبۡغٖ لِّلۡأٓكِلِينَ
තූර්, සිනායි කන්ෙඳහි වැඩෙන (සෙයිතූන් නමැති ඔලිව්) ගසද (අපි උත්පාදනය කරන්නෙමු). එය තෙල්ද, ආහාරයට ගන්නා අයට රසයක්ද ලබා දෙන්නේය
Surah Al-Mumenoon, Verse 20
وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ
නියත වශයෙන්ම එළු, ගව, ඔටුවන් ආදී දැයෙන් ඔබට පාඩමක් ඇත්තේය. මේවායේ තන බුරුල් වලින් (කිරි) අපි ඔබට පොවන්නෙමු. තවද ඔබට බොහොමයක් ප්‍රයෝජනද ඇත්තේය. ඒවායෙන් සමහරක් ඔබ අනුභව කරන්නෙහිය
Surah Al-Mumenoon, Verse 21
وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ
ඒවා මතද, නැව් මතද ඔබව ගෙන යනු ලබන්නේය
Surah Al-Mumenoon, Verse 22
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ
නියත වශයෙන්ම අපි නූහු (නබිව) අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර, වෙනත් හිමියෙකු ඔබට ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි පැවසුවේය
Surah Al-Mumenoon, Verse 23
فَقَالَ ٱلۡمَلَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيۡكُمۡ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَـٰٓئِكَةٗ مَّا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ
(ඔහුව) ප්‍රතික්ෂේප කළ ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන් (තමන්ගේ ජනතාවට නූහු නබිව ගෙනහැර දක්වමින්) “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. එහෙත් ඔහු ඔබ කෙරෙහි උසස් පදවියක් දරන්නට අදහස් කරන්නේය. (ඇත්තෙන්ම) අල්ලාහ් (අප වෙත දූතයෙකු යවන්නට) අදහස් කළේ නම්, මලායිකාවරුන්වම යවන්නට ඉඩ තිබුණි. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් වෙත මෙවැනි කාරණාවන් අපි අරංචි වී ඇත්තේ නැත” යයිද
Surah Al-Mumenoon, Verse 24
إِنۡ هُوَ إِلَّا رَجُلُۢ بِهِۦ جِنَّةٞ فَتَرَبَّصُواْ بِهِۦ حَتَّىٰ حِينٖ
“මොහු එක්තරා පිස්සු මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. එබැවින් (මොහු පවසන සත්‍යය) ටික කලක් ඉවසා බලනු” යයිද පැවසූහ
Surah Al-Mumenoon, Verse 25
قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ
(එයට නූහු නබි) මගේ දෙවියනේ! මොවුන් මාව බොරුකාරයා කර හැරිය බැවින් ඔබ මා හට උදව් කළ යුතුය” යයි ප්‍රාර්ථනා කළේය
Surah Al-Mumenoon, Verse 26
فَأَوۡحَيۡنَآ إِلَيۡهِ أَنِ ٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا فَإِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسۡلُكۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ مِنۡهُمۡۖ وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ
එයට අපි ඔහුට “අපි දන්වන ආකාරයටම ඔබ අපගේ ඇස් ඉදිරියේ නැවක් ඉදි කරනු. අපගේ නියෝගය ඇති වී ලිප (මත ඇති දැය) උතුරා යන්නට ආරම්භ වුවහොත් (සෑම ජීවියෙකුගෙන්ම) පිරිමි ගැහැනු දෙක දෙක බැගින් එක්කාසු වූ ජෝඩු ජෝඩු වශයෙන් ඔබගේ පවුලේ උදවියගෙන් කවුරුන් කෙරෙහි අපගේ (දඬුවම ගැන වූ) පොරොන්දුව ඇති වූවේද, ඔහුව හැර, අනිත් (ඔබගේ පවුලේ) උදවියද ඔබ එහි පටවා ගනු. අපරාධකරුවන් ගැන ඔබ මා වෙත කිසිවක් (මැදිහත් වී) කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුන් (ජල ගැල්මෙහි) ගිල්වා දමනු ලබන්නාහ” යයි වහී දැන්වූවෙමු
Surah Al-Mumenoon, Verse 27
فَإِذَا ٱسۡتَوَيۡتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلۡفُلۡكِ فَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي نَجَّىٰنَا مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
(තවද ඔහුට මෙසේ පැවසුවෙමු): “ඔබත්, ඔබගෙන් වූ අයත් නැවෙහි නැග වාඩි වූ පසු, ‘අපරාධකාර ජනතාවගෙන් අපව බේරාගත් අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා!’ යයි පවසනු මැනව!”
Surah Al-Mumenoon, Verse 28
وَقُل رَّبِّ أَنزِلۡنِي مُنزَلٗا مُّبَارَكٗا وَأَنتَ خَيۡرُ ٱلۡمُنزِلِينَ
“තවද ‘මගේ දෙවියනේ! ඔබ මාව ඉතාමත් භාග්‍යවන්තයෙකු වශයෙන් (භාග්‍යයෙන් පිරි ස්ථානයෙහි ඔබගේ අමුත්තෙකු වශයෙන් නැවෙන්) බැසීමට සලස්වනු මැනව! ඔබ නම්, බැසීමට සලස්වා සංග්‍රහ කිරීමෙහි ඉතාමත් උසස්වන්තයෙකි’ යයි ප්‍රාර්ථනා කරනු මැනව!” (යයිද කීවෙමු)
Surah Al-Mumenoon, Verse 29
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ وَإِن كُنَّا لَمُبۡتَلِينَ
(මෙසේ මිනිසුන්ගේ විශ්වාසය) අපි පිරික්සූමට ලක් කළා වුවද, නියත වශයෙන්ම මෙහි සාධකයන් බොහොමයක් ඇත
Surah Al-Mumenoon, Verse 30
ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ
(ජල ගැල්මෙහි ගිලී ගිය) මොවුන්ගෙන් පසු අපි (ආද් නමැති) වෙනත් සමූහයක් උත්පාදනය කළෙමු
Surah Al-Mumenoon, Verse 31
فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ
ඔවුන්ගෙන් වූ (හූද් නමැති) කෙනෙකුවම ඔවුන්ට (අපගේ) දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහුව හැර, ඔබට වෙන හිමියෙකු ඇත්තේම නැත. (ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි (කීවේය)
Surah Al-Mumenoon, Verse 32
وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِ ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِلِقَآءِ ٱلۡأٓخِرَةِ وَأَتۡرَفۡنَٰهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يَأۡكُلُ مِمَّا تَأۡكُلُونَ مِنۡهُ وَيَشۡرَبُ مِمَّا تَشۡرَبُونَ
එයට (ඔහුව) ප්‍රතික්ෂේප කර හැරිය ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන්ද, විනිශ්චය දිනය හමු වීම ගැන බොරු කරමින් සිටි අයද, මෙලොව ජීවිතයේ සැප සම්පත් අප විසින් ලබා දී තිබියදී (ඔවුන් තම ජනතාවට හූද් නබිව ගෙනහැර දක්වා) මෙසේ පැවසූහ: “මොහු ඔබ වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. ඔබ අනුභව කරන දැයම ඔහුත් අනුභව කරන්නේය. ඔබ පානය කරන දැයම ඔහුත් පානය කරන්නේය”
Surah Al-Mumenoon, Verse 33
وَلَئِنۡ أَطَعۡتُم بَشَرٗا مِّثۡلَكُمۡ إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ
“එබැවින් ඔබ මෙන් (මෙම) මිනිසාව ඔබ අනුගමනය කළහොත් නියත වශයෙන්ම ඔබ පරාජයම අත් කර ගන්නෙහුය
Surah Al-Mumenoon, Verse 34
أَيَعِدُكُمۡ أَنَّكُمۡ إِذَا مِتُّمۡ وَكُنتُمۡ تُرَابٗا وَعِظَٰمًا أَنَّكُم مُّخۡرَجُونَ
ඔබ මරණයට පත් වී ඇට කටු බවටද, පස් බවටද පත් වූ පසු, ඇත්තෙන්ම ඔබ (පණ පිටින්) ඉකුත් කරනු ලබන්නෙහුය යයි ඔහු ඔබව බිය ගන්වන්නෙහුද
Surah Al-Mumenoon, Verse 35
۞هَيۡهَاتَ هَيۡهَاتَ لِمَا تُوعَدُونَ
ඔහු ඔබව බිය ගන්වන එම කාරණාවද ඉතාමත් ඈතින්ය! ඉතාමත් ඈතින්ය! (එය සිදු වන්නට හැකි දැයක් නොව)”
Surah Al-Mumenoon, Verse 36
إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ
“අපට මෙලොව ජීවිතය මිස, වෙන ජීවිතයක් නැත. (මෙහිම) අපි ජීවත්ව සිට මරණයට පත් වන්නෙමු. (මෙයින් පසු පණ ලබා දී) අපිව නැගිට්ටවන්ට යන්නේ නැත
Surah Al-Mumenoon, Verse 37
إِنۡ هُوَ إِلَّا رَجُلٌ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا وَمَا نَحۡنُ لَهُۥ بِمُؤۡمِنِينَ
මොහු අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කර පවසන මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. මොහුව අපි විශ්වාසම නොකරන්නෙමු” (යයිද පැවසූහ)
Surah Al-Mumenoon, Verse 38
قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ
එයට ඔහු “මගේ දෙවියනේ! මොවුන් මාව ඛෙරුකාරයෙකු කර දැමූහ. ඔබයි මා හට උදව් කළ යුත්තේ” යයි ප්‍රාර්ථනා කළේය
Surah Al-Mumenoon, Verse 39
قَالَ عَمَّا قَلِيلٖ لَّيُصۡبِحُنَّ نَٰدِمِينَ
(එයට) ඔහු (දෙවියන්) “(පොඩියක් ඉවසා සිටිනු). ඉතාමත් ඉක්මනින් මොවුන් දුකෙහි ගැලී යනු ඇත” යයි පැවසුවේය
Surah Al-Mumenoon, Verse 40
فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ بِٱلۡحَقِّ فَجَعَلۡنَٰهُمۡ غُثَآءٗۚ فَبُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
එබැවින් ඇත්තෙන්ම (හෙණ හඞ වැනි) ශබ්දයක් ඔවුන්ව අල්ලා ගන්නා ලදී. අපි ඔවුන්ව (ගං වතුරෙහි ගසාගෙන යා හැකි) කුණු ගොඩවල් මෙන් බවට පත් කළෙමු. එබැවින් අපරාධකාර ජනතාව කෙරෙහි (දෙවියන්ගේ) ශාපය ඇති විය
Surah Al-Mumenoon, Verse 41
ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قُرُونًا ءَاخَرِينَ
මොවුන්ගෙන් පසුවද අපි බොහොමයක් සමූහයන්ව උත්පාදනය කළෙමු
Surah Al-Mumenoon, Verse 42
مَا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ
සෑම සමූහයකගේම (තම තමන්ගේ) වාරය ඉස්සර වන්නේද නැත. ප්‍රමාද වන්නේද නැත
Surah Al-Mumenoon, Verse 43
ثُمَّ أَرۡسَلۡنَا رُسُلَنَا تَتۡرَاۖ كُلَّ مَا جَآءَ أُمَّةٗ رَّسُولُهَا كَذَّبُوهُۖ فَأَتۡبَعۡنَا بَعۡضَهُم بَعۡضٗا وَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَۚ فَبُعۡدٗا لِّقَوۡمٖ لَّا يُؤۡمِنُونَ
නැවතත් අපි අපගේ දූතයින්ව කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් යවමින්ම සිටියෙමු. (අපගේ) දූතයා කුමන සමූහයක් වෙත පැමිණියා වුවද, ඔවුන් ඔහුව බොරුකාරයා කරමින්ම සිටියහ. එබැවින් අපිත් (එම සමූහයන්ව) කෙනෙකුගෙන් පසු කෙනෙකු වශයෙන් විනාශ කරමින්ම සිටියෙමු. ඔවුන් සියල්ලන්වම (පසුව පැමිණෙන්නන් කතා කරන) සාමාන්‍ය ඉතිහාසයක් බවට පත් කළෙමු. එබැවින් විශ්වාසය නොතැබූ (මෙවැනි) ජනතාවට විනාශයයි
Surah Al-Mumenoon, Verse 44
ثُمَّ أَرۡسَلۡنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ
පසුව අපි මූසාටද ඔහුගේ සහෝදර හාරූන්ටද අපගේ ආයාවන්ද පැහැදිලි සාධකයන්ද ලබා දී
Surah Al-Mumenoon, Verse 45
إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمًا عَالِينَ
(අපගේ දූතයින් වශයෙන්) ෆිර්අව්න් වෙත හා ඔහුගේ ප්‍රධානීන් වෙතද යැව්වෙමු. ඔවුන් නම්, උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන මිනිසුන් වශයෙන් සිටියහ
Surah Al-Mumenoon, Verse 46
فَقَالُوٓاْ أَنُؤۡمِنُ لِبَشَرَيۡنِ مِثۡلِنَا وَقَوۡمُهُمَا لَنَا عَٰبِدُونَ
එබැවින් ඔවුන් මෙසේ පැවසූහ: “අපි මෙන් මිනිසුන් වන මේ දෙදෙනාව අපි විශ්වාස කරන්නෙමුද? මොවුන්ගේ මිනිසුන්ද (අපට වහලූන් වශයෙන් සිටිමින්) අපට වැඩ කරන්නාහ”
Surah Al-Mumenoon, Verse 47
فَكَذَّبُوهُمَا فَكَانُواْ مِنَ ٱلۡمُهۡلَكِينَ
එබැවින් මේ දෙදෙනාව බොරුකාරයින් යයි ඔවුන් පැවසූහ. මේ හේතුවෙන් ඔවුන්ව විනාශ කරනු ලැබූහ
Surah Al-Mumenoon, Verse 48
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ
ඔවුන් ඍජු මාර්ගයෙහි යනු පිණිස මූසාට නියත වශයෙන්ම අපි ධර්මයක් ලබා දුන්නෙමු. (එහෙත් එය ඔවුන් සැලකිල්ලකට ගත්තේ නැත)
Surah Al-Mumenoon, Verse 49
وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ
මර්යම්ගේ පුතාවද, ඔහුගේ මවවද අපි සාධකයක් බවට පත් කර, ඒ දෙදෙනාවද (ඉතාමත් සශ්‍රීක) දිය දහරාවලින් පිරි (වාසය කිරීමට) ඉතාමත් (සුදුසු) උසස් භූමියෙහි ජීවත්වීමට සැලැස්සුවෙමු
Surah Al-Mumenoon, Verse 50
يَـٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ عَلِيمٞ
(අපි යැවූ සෑම දූතයෙකුටම) මගේ දූතයාණෙනි! ඔබ පරිශුද්ධ දැයම අනුභව කරනු. නියත වශයෙන්ම මා, ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නෙමි
Surah Al-Mumenoon, Verse 51
وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱتَّقُونِ
“නියත වශයෙන්ම ඔබගේ මෙම සමූහය එකම සමූහයකි. (මෙහි කිසිම භේදයක් නොමැත). මම ම ඔබගේ දෙවියන්ය. එබැවින් ඔබ මටම බිය වනු” (යයි අණ කර තිබුණෙමු. ඔවුන්ද තම ජනතාවට මේ අන්දමටම පවසමින් සිටියහ)
Surah Al-Mumenoon, Verse 52
فَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ زُبُرٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ
එහෙත් (යුදෙව්වන්) තමන්ගේ ධර්ම කාරණාවන් විවිධ කොටස්වලට ඛෙදාගෙන, සෑම සමූහයක්ම තමන් වෙත ඇති කොටස මගින් සතුටට පත් වන්නාහ
Surah Al-Mumenoon, Verse 53
فَذَرۡهُمۡ فِي غَمۡرَتِهِمۡ حَتَّىٰ حِينٍ
(නබියේ!) ඔබ එක් කාලයක් දක්වා ඔවුන්ව ඔවුන්ගේ ආරවුලෙහි (ගැලී සිටින්නට) අත්හැර දමනු
Surah Al-Mumenoon, Verse 54
أَيَحۡسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٖ وَبَنِينَ
අපි ඔවුන්ට දරුවන්ද, වස්තූන්ද ලබා දී උදව් කරමින් සිටීම ගැන ඔවුන් කුමක් නම් සිතමින් සිටියෙහුද
Surah Al-Mumenoon, Verse 55
نُسَارِعُ لَهُمۡ فِي ٱلۡخَيۡرَٰتِۚ بَل لَّا يَشۡعُرُونَ
(මෙබැවින් නියත වශයෙන්ම) අපි ඔවුන්ට හොඳක් කිරීමෙහි තීව්‍රව සිටින්නෙමුද? (මෙසේ සිතා ගත්තෙහුද?) එසේ නොව! (එය කුමක් සඳහාද යන්න) ඔවුන් වටහා ගන්නේ නැත
Surah Al-Mumenoon, Verse 56
إِنَّ ٱلَّذِينَ هُم مِّنۡ خَشۡيَةِ رَبِّهِم مُّشۡفِقُونَ
නියත වශයෙන්ම කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වී වෙව්ලමින් සිටින්නෝද ඔවුන්ද
Surah Al-Mumenoon, Verse 57
وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمۡ يُؤۡمِنُونَ
කවුරුන් තමන්ගේ දෙවියන්ගේ ආයාවන් ඇත්තෙන්ම විශ්වාස කරන්නෝද ඔවුන්ද
Surah Al-Mumenoon, Verse 58
وَٱلَّذِينَ هُم بِرَبِّهِمۡ لَا يُشۡرِكُونَ
කවුරුන් තමන්ගේ දෙවියන්ට (කිසිවක්) සමානයන් නොකර සිටින්නෝද ඔවුන්ද
Surah Al-Mumenoon, Verse 59
وَٱلَّذِينَ يُؤۡتُونَ مَآ ءَاتَواْ وَّقُلُوبُهُمۡ وَجِلَةٌ أَنَّهُمۡ إِلَىٰ رَبِّهِمۡ رَٰجِعُونَ
කවුරුන් තමන්ට සුදුසු වන අන්දමට දානමාන කරන අතර ඔවුන්ගේ හෘදයන් නියත වශයෙන්ම තමන්ගේ දෙවියන් වෙත ආපසු යන්නෙමු යයි බිය වෙමින් සිටින්නෝද ඔවුන්ද
Surah Al-Mumenoon, Verse 60
أُوْلَـٰٓئِكَ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَهُمۡ لَهَا سَٰبِقُونَ
(ආදී) මොවුන්ම දැහැමි කාරණාවන්ගෙන් (කෙනෙකුට වඩා කෙනෙකු) ඉදිරියට යාමට වේගයෙන් යන්නාහ
Surah Al-Mumenoon, Verse 61
وَلَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ وَلَدَيۡنَا كِتَٰبٞ يَنطِقُ بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ
අපි කිසිම ආත්මයක් තමන්ගේ ශක්තියට අධික වශයෙන් (යම් කිසිවක් කරන මෙන්) බල කරන්නේ නැත. (සෑම කෙනෙකුගේම) නිවැරදි (දෛනික) සටහනද අප වෙත ඇත්තේය. (ඔවුන්ගේ පින් අඩු කර හෝ පාපයන් වැඩි කර හෝ) ඔවුන්ට අපරාධයක් කරනු නොලබන්නාහ
Surah Al-Mumenoon, Verse 62
بَلۡ قُلُوبُهُمۡ فِي غَمۡرَةٖ مِّنۡ هَٰذَا وَلَهُمۡ أَعۡمَٰلٞ مِّن دُونِ ذَٰلِكَ هُمۡ لَهَا عَٰمِلُونَ
එහෙත් ප්‍රතික්ෂේප කරන ඔවුන්ගේ හෘදයන් මෙය (මෙම ධර්මය) ගැන (සැක කර), අවුල් වියවුලෙහි ගැලී සිටින්නාහ. මේ හැර ඔවුන් කරමින් සිටින වෙනත් බොහෝ (නපුරු) කාරණාවන්ද ඇත්තේය
Surah Al-Mumenoon, Verse 63
حَتَّىٰٓ إِذَآ أَخَذۡنَا مُتۡرَفِيهِم بِٱلۡعَذَابِ إِذَا هُمۡ يَجۡـَٔرُونَ
එබැවින් ඔවුන්ගේ සැප සම්පත්හි ගැලී සිටින්නන්ව දඬුවම මගින් අපි අල්ලා ගත්තේ නම්, ඔවුන් එවෙලේම (තිගැස්සී, තමන්ව බේරා ගන්නා මෙන්) ආරක්ෂාව පතා ශබ්ද නගන්නාහ
Surah Al-Mumenoon, Verse 64
لَا تَجۡـَٔرُواْ ٱلۡيَوۡمَۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ
(ඒ අතර ඔවුන්ට) “අද දින ඔබ ආරක්ෂාව පතා ශබ්ද නොනගනු. නියත වශයෙන්ම ඔබ අප විසින් උදව් කරනු නොලබන්නෙහුය
Surah Al-Mumenoon, Verse 65
قَدۡ كَانَتۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ تَنكِصُونَ
නියත වශයෙන්ම මගේ ආයාවන් ඔබට සමුදීරණය කර පෙන්වූ සෑම විටම, ඔබ පිටුපස පෙන්වා යමින් සිටියෙහුය
Surah Al-Mumenoon, Verse 66
مُسۡتَكۡبِرِينَ بِهِۦ سَٰمِرٗا تَهۡجُرُونَ
ඔබ උඞඟූ වී (ඔබගේ) නිසොල්ලාසයන්හිද මේ ගැන (සමච්චල් කරමින්) ෙදාඩවමින් සිටියෙහුය” (යයි කියනු ලැබේ)
Surah Al-Mumenoon, Verse 67
أَفَلَمۡ يَدَّبَّرُواْ ٱلۡقَوۡلَ أَمۡ جَآءَهُم مَّا لَمۡ يَأۡتِ ءَابَآءَهُمُ ٱلۡأَوَّلِينَ
(අපගේ) වදන් ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? නැතහොත් ඔවුන්ගේ පෙර විසූ මුතුන් මිත්තන් වෙත නොපැමිණි යම්කිසිවක් මොවුන් වෙත පැමිණියේද
Surah Al-Mumenoon, Verse 68
أَمۡ لَمۡ يَعۡرِفُواْ رَسُولَهُمۡ فَهُمۡ لَهُۥ مُنكِرُونَ
නැතහොත් තමන් වෙත පැමිණි දූතයාව තමන් නොදන්නේය යනුවෙන් (පවසා) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද
Surah Al-Mumenoon, Verse 69
أَمۡ يَقُولُونَ بِهِۦ جِنَّةُۢۚ بَلۡ جَآءَهُم بِٱلۡحَقِّ وَأَكۡثَرُهُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ
නැතහොත් “ඔහුට පිස්සු හැදී ඇත” යයි පවසන්නෙහුද? එසේ නොව. (අපගේ දූතයා) ඔහුට සත්‍යය ගෙන ආවේය. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් දෙනා එම සත්‍යය පිළිකුල් කරන්නාහ
Surah Al-Mumenoon, Verse 70
وَلَوِ ٱتَّبَعَ ٱلۡحَقُّ أَهۡوَآءَهُمۡ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ بَلۡ أَتَيۡنَٰهُم بِذِكۡرِهِمۡ فَهُمۡ عَن ذِكۡرِهِم مُّعۡرِضُونَ
දිව්රුම ඔවුන්ගේ (වැරදි) අදහස් අනුගමනය කරන්නෙහු නම්, නියත වශයෙන්ම අහස්ද, භූමියද, ඒවායේ ඇති දැයද විනාශ වී යනු ඇත. එබැවින් ඔවුන්ට හොඳ ඔවදනම යැව්වෙමු. එහෙත් ඔවුන් නම්, තමන් වෙත පැමිණි එම හොඳ ඔවදනම ප්‍රතික්ෂේප කර හැරියහ
Surah Al-Mumenoon, Verse 71
أَمۡ تَسۡـَٔلُهُمۡ خَرۡجٗا فَخَرَاجُ رَبِّكَ خَيۡرٞۖ وَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ
නැතහොත් ඔබ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහිද? (එසේත් නැත. මන්දයත්) ඔබගේ දෙවියන් (ඔබට) ලබා දෙන කුලියම ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය. ඔහු නම්, දානමාන කරන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි
Surah Al-Mumenoon, Verse 72
وَإِنَّكَ لَتَدۡعُوهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(නබියේ!) නියත වශයෙන්ම ඔබ ඔවුන්ව ඍජු මාර්ගයටම ආරාධනා කරන්නෙහිය
Surah Al-Mumenoon, Verse 73
وَإِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ
කවුරුන් පරලොව විශ්වාස නොකරන්නෝද, ඔවුන් ඍජු මාර්ගය ප්‍රතික්ෂේප කළ අය වන්නාහ
Surah Al-Mumenoon, Verse 74
۞وَلَوۡ رَحِمۡنَٰهُمۡ وَكَشَفۡنَا مَا بِهِم مِّن ضُرّٖ لَّلَجُّواْ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ
අපි ඔවුන් කෙරෙහි ආදර කරුණාව පහළ කර, ඔවුන්ට ඇති වූ දුක් ගැහැට පහ කළා වුවද, ඔවුන් (නැවතත්) මුරණ්ඩුකමෙන් යුතුව තමන්ගේ දුර්මාර්ගයෙහිම ගිලී දඟලන්නාහ
Surah Al-Mumenoon, Verse 75
وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ
අපි ඔවුන්ව දඬුවම මගින් අල්ලා ගත්තා වුවද, ඔවුන් තමන්ගේ දෙවියන් වෙත හැරෙන්නේ නැත. (ඔහු වෙත) යටත් පහත්ව ප්‍රාර්ථනා කරන්නේද නැත
Surah Al-Mumenoon, Verse 76
حَتَّىٰٓ إِذَا فَتَحۡنَا عَلَيۡهِم بَابٗا ذَا عَذَابٖ شَدِيدٍ إِذَا هُمۡ فِيهِ مُبۡلِسُونَ
ඔවුන් කෙරෙහි දරුණු දඬුවමෙහි එක් ෙදාරටුවක් විවෘත කර හැරියේ නම්, ඔවුන් තිගැස්සී තමන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේය
Surah Al-Mumenoon, Verse 77
وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ
ඔහුම ඔබ වෙනුවෙන් සවන, ඇස් පෙනීම, හෘදය, ආදී දැය නිර්මාණය කළ අයයි. (මෙසේ තිබියදී ඔහුට) ඉතාමත් සුළු වශයෙන්ම කෘතඥ වන්නෙහුය
Surah Al-Mumenoon, Verse 78
وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ
ඔහුම ඔබව භූමියෙහි (විවිධ ප්‍රදේශයන්හි) විසිරී (වාසය කර) බෝවන්නට සලස්වන්නේය
Surah Al-Mumenoon, Verse 79
وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ
ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමද ඔහුගේ නියෝගයන්ට අනුවය! (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද
Surah Al-Mumenoon, Verse 80
بَلۡ قَالُواْ مِثۡلَ مَا قَالَ ٱلۡأَوَّلُونَ
කිමෙක්ද! (මොවුන්ට) පෙර සිටියවුන් පැවසූ අන්දමට මොවුන්ද පවසන්නාහ
Surah Al-Mumenoon, Verse 81
قَالُوٓاْ أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
(එනම්) “අපි මරණයට පත් වී ඇටසැකිළි බවටද, දිරාපත්ව පස් බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිට්ටවනු ලබන්නෙමුද?”යි (ඔවුන් පැවසූ අන්දමටම මොවුන්ද) පවසන්නාහ
Surah Al-Mumenoon, Verse 82
لَقَدۡ وُعِدۡنَا نَحۡنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
(තවද) “මීට පෙර නියත වශයෙන්ම අපිත් අපගේ මුතුන් මිත්තන්ද මේ අන්දමටම පොරොන්දු දෙනු ලැබ සිටියෙමු. එය පෙර විසූ අයගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” (යයිද පවසන්නාහ)
Surah Al-Mumenoon, Verse 83
قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ
(එබැවින් නබියේ! ඔබ ඔවුන්ට) “භූමියද, එහි ඇති දැයද කා හට අයත් දැයද? ඔබ දන්නෙහු නම් පවසනු!” යයි කියනු
Surah Al-Mumenoon, Verse 84
سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ
එයට ඔවුන් “අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. (එසේ නම් “මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා නොගන්නෙහුද?”යි පවසනු
Surah Al-Mumenoon, Verse 85
قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ
(තවද) “අහස් හතට දෙවියන්ද, ඉමහත් වූ අර්ෂ් වලට දෙවියන්ද කවරෙකුද?”යි විමසනු මැනව
Surah Al-Mumenoon, Verse 86
سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ
එයට ඔවුන් “(සියල්ල) අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. “(එසේ නම්) ඔබ ඔහුට බිය විය යුතු නොවේද?”යි කියනු
Surah Al-Mumenoon, Verse 87
قُلۡ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ
(තවද) “සියලූ වස්තූන්හි බලය කවුරුන් අතේ ඇත්තේද? කිසිවෙකු විසින් බේරා නොගන්නා ලද, (නමුත් සියල්ලන්වම) බේරා ගත හැකි අය කවරෙක්ද? ඔබ දන්නෙහු නම්, (පවසනු)” යයි කියනු
Surah Al-Mumenoon, Verse 88
سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ
එයට ඔවුන් “(සියලූ බලයද) අල්ලාහ්ට අයත් දැයයි!” යයි පවසන්නාහ. “(එසේ නම්) ඔබ, ඔබගේ බුද්ධිය කොහේදී නම් නැති කර ගත්තෙහුද?”යි කියනු
Surah Al-Mumenoon, Verse 89
بَلۡ أَتَيۡنَٰهُم بِٱلۡحَقِّ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ
අපි ඔවුන්ට සත්‍යය ලබා දී තිබුණෙමු. (මෙයට විරුද්ධව පවසන) ඔවුන් නියත වශයෙන්ම බොරුකාරයින්ය
Surah Al-Mumenoon, Verse 90
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
අල්ලාහ් දරුවන් ඇර ගත්තේ නැත. ඔහු සමග වෙනත් හිමියෙකුද නැත. එසේ නම්, සෑම දෙවියෙකුම තමන් උත්පාදනය කළ දැය, (තමන් සමග එක්කාසු) කරගෙන කෙනෙකු අනිත් කෙනා කෙරෙහි යුද්ධ කර, ඉහළින් යාමට ආරම්භ කරනු ඇත. (ප්‍රතික්ෂේප කරන) මොවුන් වර්ණනා කරන මේවායෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි
Surah Al-Mumenoon, Verse 91
عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
ඔහු රහසද, නොරහසද දන්නෙකි. මොවුන් සමානයන් වශයෙන් තබන දැයෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි
Surah Al-Mumenoon, Verse 92
قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ
“මගේ දෙවියනේ! ඔබ ඔවුන්ට පොරොන්දු වන දඬුවම ඔබ මා හට පෙන්වන්නේ නම්
Surah Al-Mumenoon, Verse 93
رَبِّ فَلَا تَجۡعَلۡنِي فِي ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
මගේ දෙවියනේ! (ඒ සමගම) මෙම අපරාධකාර ජනතාවත් සමග ඔබ මාව එක්කාසු නොකරනු (මැනව!)’ යයි (නබියේ!) ඔබ ප්‍රාර්ථනා කරනු මැනව
Surah Al-Mumenoon, Verse 94
وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمۡ لَقَٰدِرُونَ
මන්දයත් නියත වශයෙන්ම අපි ඔවුන්ට පොරොන්දු දෙන ලද දඬුවම ඔබට පෙන්වීමටද බලසම්පන්න වෙමු”
Surah Al-Mumenoon, Verse 95
ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ ٱلسَّيِّئَةَۚ نَحۡنُ أَعۡلَمُ بِمَا يَصِفُونَ
(නබියේ!) පාපයන් පින් මගින්ම ඔබ වළක්වා ගනු මැනව! ඔවුන් (ඔබ ගැන) පවසන දැය අපි හොඳින් දනිමු
Surah Al-Mumenoon, Verse 96
وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنۡ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ
තවද “මගේ දෙවියනේ! (පාපතර කාරණාවන් ගැන) ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් මාව ආරක්ෂා කර ගන්නා මෙන් මා ඔබ වෙතින් ඉල්ලා සිටිමි
Surah Al-Mumenoon, Verse 97
وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحۡضُرُونِ
මගේ දෙවියනේ! ෂෙයිතාන් මා වෙත නෑවිත් සිටීමටද ඔබ වෙතින් ඉල්ලා සිටින්නෙමි” යයි (නබියේ!) ඔබ ප්‍රාර්ථනා කරමින් සිටිනු මැනව
Surah Al-Mumenoon, Verse 98
حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ رَبِّ ٱرۡجِعُونِ
(ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ගෙන් කවුරුන්ට හෝ මරණය ළඟා වුවහොත් (ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! මාව (ලොවට) ආපසු හරවා යවනු
Surah Al-Mumenoon, Verse 99
لَعَلِّيٓ أَعۡمَلُ صَٰلِحٗا فِيمَا تَرَكۡتُۚ كَلَّآۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَاۖ وَمِن وَرَآئِهِم بَرۡزَخٌ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
“මා අත්හැර දමා පැමිණි (ලොවෙහි) එහි (මින් පසු) හොඳ කාරණාවන්ම මා කරමින් සිටින්නෙමි” යයි පවසනු ඇත. (එහෙත් එය සිදුවිය හැකි කාරණාවක්) නොව. (මෙවැනි අවස්ථාවේදී) ඔහු කියන පුහු වදනක් (මිස, වෙන කිසිවක් නැත). ඔවුන්ට පෙර එහි (පණ දී) නැගිට්ටවන දින දක්වා එක් ආවරණයක් ඇති වනු ඇත
Surah Al-Mumenoon, Verse 100
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيۡنَهُمۡ يَوۡمَئِذٖ وَلَا يَتَسَآءَلُونَ
සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලැබුවහොත් එදිනදී ඔවුන් අතරේ බන්ධනයක් නොතිඛෙණු ඇත. කෙනෙකුගේ (සුවදුක්) වෙනත් කෙනෙකු නොවිමසනු ඇත. (තම තමන්ගේ දුක විශාලව පෙණෙනු ඇත)
Surah Al-Mumenoon, Verse 101
فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
කවුරුන්ගේ (පිනෙහි) බර ගණනයෙන් (වැඩි) වන්නේද, ඔවුන්ම ජයග්‍රාහකයින්ය
Surah Al-Mumenoon, Verse 102
وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فِي جَهَنَّمَ خَٰلِدُونَ
කවුරුන්ගේ (පිනෙහි) බර අඩු වන්නේද, ඔවුන් තමන්ට තමන්ම පාඩුව ඇති කරගෙන සැමදා නිරයෙහි රැඳී සිටින්නාහ
Surah Al-Mumenoon, Verse 103
تَلۡفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمۡ فِيهَا كَٰلِحُونَ
ඔවුන්ගේ මුහුණු (නිරා) ගින්න දවා (තොල් පෙති දැවී හැකිළී), එහි ඔවුන් මුහුණු විකෘතිවුවන් වශයෙන් සිටින්නාහ
Surah Al-Mumenoon, Verse 104
أَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُم بِهَا تُكَذِّبُونَ
(ඔවුන්ට) “ඔබ කෙරෙහි මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද? ඒවා ඔබ බොරු කරමින්ම සිටියෙහුය” (යයි කියනු ලැබේ)
Surah Al-Mumenoon, Verse 105
قَالُواْ رَبَّنَا غَلَبَتۡ عَلَيۡنَا شِقۡوَتُنَا وَكُنَّا قَوۡمٗا ضَآلِّينَ
එයට ඔවුන් “අපගේ දෙවියනේ! අපගේ අවාසනාව අපව යටපත් කළේය. එබැවින් අපි දුර්මාර්ගයෙහි ගියෙමු” යයි පවසනු ඇත
Surah Al-Mumenoon, Verse 106
رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡهَا فَإِنۡ عُدۡنَا فَإِنَّا ظَٰلِمُونَ
(තවද) “අපගේ දෙවියනේ! මෙයින් (මෙම නිරයෙන්) අපව පිටමං කර හරිනු. (පාපයන් කිරීමට) නැවතත් ඉදිරිපත් වුවහොත් අපි ඉමහත් අපරාධකරුවන් බවට පත් වන්නෙමු” (යයි පවසනු ඇත)
Surah Al-Mumenoon, Verse 107
قَالَ ٱخۡسَـُٔواْ فِيهَا وَلَا تُكَلِّمُونِ
එයට ඔහු “එහිම අවමානයට ලක් වී සිටිනු. ඔබ මා සමග කතා නොකරනු” යයි පවසනු ඇත
Surah Al-Mumenoon, Verse 108
إِنَّهُۥ كَانَ فَرِيقٞ مِّنۡ عِبَادِي يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّـٰحِمِينَ
නියත වශයෙන්ම මගේ වහලූන්ගෙන් එක් කොටසක් සිටියහ. ඔවුන් (මා හට) “අපගේ දෙවියනේ! අපි (ඔබව) විශ්වාස කරන්නෙමු. ඔබ අපගේ වැරදිවලට සමාව දී අප කෙරෙහි දයාව පහළ කරනු මැනව! දයාව පහළ කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස්වන්තයෙකි” යයි ප්‍රාර්ථනා කරමින් සිටියහ
Surah Al-Mumenoon, Verse 109
فَٱتَّخَذۡتُمُوهُمۡ سِخۡرِيًّا حَتَّىٰٓ أَنسَوۡكُمۡ ذِكۡرِي وَكُنتُم مِّنۡهُمۡ تَضۡحَكُونَ
නමුත් “ඔබ නම්, මාව සිහි කිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඔවුන්ව අපහාසයට ලක් කරමින් ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය
Surah Al-Mumenoon, Verse 110
إِنِّي جَزَيۡتُهُمُ ٱلۡيَوۡمَ بِمَا صَبَرُوٓاْ أَنَّهُمۡ هُمُ ٱلۡفَآئِزُونَ
(ඔබගේ අපහාසය) ඔවුන් විඳ දරාගෙන සිටීමේ හේතුවෙන් අද දින නියත වශයෙන්ම මා ඔවුන්ට (හොඳ) ඵලවිපාක දුන්නෙමි. ඇත්තෙන්ම ඔවුන්ම ජයග්‍රහණය අත් කර ගත් අයයි” (යයිද දෙවියන් පවසනු ඇත)
Surah Al-Mumenoon, Verse 111
قَٰلَ كَمۡ لَبِثۡتُمۡ فِي ٱلۡأَرۡضِ عَدَدَ سِنِينَ
(තවද) “ඔබ භූමියෙහි කොපමණ වසර ගණනක් සිටියෙහුද?”යි ඔහු විමසනු ඇත
Surah Al-Mumenoon, Verse 112
قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖ فَسۡـَٔلِ ٱلۡعَآدِّينَ
එයට ඔවුන් “එක් දිනක් නැතහොත් දිනකින් සුළු කොටසක් රැඳී සිටින්නට ඇත්තෙමු. (මේ ගැන) ගණනය කර ඇත්තවුන්ගෙන් ඔබ විමසනු මැනව!” යයි පවසන්නාහ
Surah Al-Mumenoon, Verse 113
قَٰلَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗاۖ لَّوۡ أَنَّكُمۡ كُنتُمۡ تَعۡلَمُونَ
එයට ඔහු “එක් සුළු කාලයක් මිස, (භූමියෙහි අධික කාලයක්) ඔබ රැඳී සිටියේ නැත. (මෙය) කළින්ම ඔබ දැන සිටිය යුතු නොවේද?”යි පවසනු ඇත
Surah Al-Mumenoon, Verse 114
أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ
“(කිමෙක්ද!) අපි ඔබව උත්පාදනය කළේ නියත වශයෙන්ම නිකරුණේ යයිද, ඔබ අප වෙත නැවතත් ගෙන එනු නොලබන්නෙහුය යයිද ඔබ ස්ථීර වශයෙන් අදස් කරමින් සිටියෙහුද?”යි (පවසනු ඇත)
Surah Al-Mumenoon, Verse 115
فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡكَرِيمِ
එබැවින් සත්‍යය රජු වන අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි. ඔහු හැර නමදින්නට යුතු හිමියෙකු නැත. ගෞරවණීය අර්ෂ් වලට අයත් දෙවියන් ඔහුය
Surah Al-Mumenoon, Verse 116
وَمَن يَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرۡهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ
(නබියේ!) කවුරුන් අල්ලාහ් සමග වෙනත් හිමියෙකු (දෙවියන් යයි) ආරාධනා කරන්නේද, ඔහු වෙත එයට අයත් කිසිම සාධකයක් නැත. ඔහුගේ (පාපයන්ගේ) ගණනය ඔහුගේ දෙවියන් වෙතම (තීන්දු කරනු ලැබේ). නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන මෙවැන්නන් ජයග්‍රහණය කරනු නොලබන්නාහ
Surah Al-Mumenoon, Verse 117
وَقُل رَّبِّ ٱغۡفِرۡ وَٱرۡحَمۡ وَأَنتَ خَيۡرُ ٱلرَّـٰحِمِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියනේ! ඔබ (මා හට) සමාව දී කරුණාව දක්වනු මැනව! කරුණාව දක්වන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස්වන්තයෙකි”
Surah Al-Mumenoon, Verse 118