Surah An-Noor Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُزۡجِي سَحَابٗا ثُمَّ يُؤَلِّفُ بَيۡنَهُۥ ثُمَّ يَجۡعَلُهُۥ رُكَامٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٖ فِيهَا مِنۢ بَرَدٖ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصۡرِفُهُۥ عَن مَّن يَشَآءُۖ يَكَادُ سَنَا بَرۡقِهِۦ يَذۡهَبُ بِٱلۡأَبۡصَٰرِ
(නබියේ!) ඔබ බැලූවේ නැද්ද? නියත වශයෙන්ම අල්ලාහ්ම (විවිධ ප්‍රදේශයන්හි සී සීකඩ වී ඇති) වලාකුළු එකට අලවා ඒවා ඒකරාශී කර, එකක් මත එකක් වශයෙන් අසුරන්නේය. පසුව එම වලාකුළෙහි මධ්‍යයෙන් වර්ෂාව වසින්නට සලස්වනු ඔබ දකින්නෙහිය. ඔහුම අහසෙහි ඇති (වලාකුළු) කඳුවලින්, කැට වශයෙන් වූ (ගල්වැසි) වසින්නටද සලස්වන්නේය. එය ඔහු අදහස් කරන අය මත වැටෙන්නට සලස්වන්නේය. ඔහු අදහස් කරන අයගෙන් එය වළක්වා ගන්නේය. එහි විදුලියේ ආලෝකයෙන් ඇස් පෙනුම උදුරා ගන්නට තැත් කරන්නේය