Surah An-Noor Verse 61 - Sinhala Translation by Www.islamhouse.com
Surah An-Noorلَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞ وَلَا عَلَىٰٓ أَنفُسِكُمۡ أَن تَأۡكُلُواْ مِنۢ بُيُوتِكُمۡ أَوۡ بُيُوتِ ءَابَآئِكُمۡ أَوۡ بُيُوتِ أُمَّهَٰتِكُمۡ أَوۡ بُيُوتِ إِخۡوَٰنِكُمۡ أَوۡ بُيُوتِ أَخَوَٰتِكُمۡ أَوۡ بُيُوتِ أَعۡمَٰمِكُمۡ أَوۡ بُيُوتِ عَمَّـٰتِكُمۡ أَوۡ بُيُوتِ أَخۡوَٰلِكُمۡ أَوۡ بُيُوتِ خَٰلَٰتِكُمۡ أَوۡ مَا مَلَكۡتُم مَّفَاتِحَهُۥٓ أَوۡ صَدِيقِكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَأۡكُلُواْ جَمِيعًا أَوۡ أَشۡتَاتٗاۚ فَإِذَا دَخَلۡتُم بُيُوتٗا فَسَلِّمُواْ عَلَىٰٓ أَنفُسِكُمۡ تَحِيَّةٗ مِّنۡ عِندِ ٱللَّهِ مُبَٰرَكَةٗ طَيِّبَةٗۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ
නුඹලාගේ නිවෙස් වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ තම යතුරු තමන් සන්තකයේ ඇති අය හා නුඹලාගේ මිතුරන් සමග නුඹලා ආහාර ගැනීම අන්ධයා කෙරෙහි වරදක් නොමැත. එමෙන්ම කොරා කෙරෙහි ද වරදක් නොමැත. එමෙන්ම රෝගියා කෙරෙහිද වරදක් නොමැත. නුඹලා කෙරෙහි ද වරදක් නොමැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන් ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස් වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. නුඹලා වටහා ගනු පිණිස එලෙසය අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ