Surah An-Noor Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorلَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٞ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٞ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٞ وَلَا عَلَىٰٓ أَنفُسِكُمۡ أَن تَأۡكُلُواْ مِنۢ بُيُوتِكُمۡ أَوۡ بُيُوتِ ءَابَآئِكُمۡ أَوۡ بُيُوتِ أُمَّهَٰتِكُمۡ أَوۡ بُيُوتِ إِخۡوَٰنِكُمۡ أَوۡ بُيُوتِ أَخَوَٰتِكُمۡ أَوۡ بُيُوتِ أَعۡمَٰمِكُمۡ أَوۡ بُيُوتِ عَمَّـٰتِكُمۡ أَوۡ بُيُوتِ أَخۡوَٰلِكُمۡ أَوۡ بُيُوتِ خَٰلَٰتِكُمۡ أَوۡ مَا مَلَكۡتُم مَّفَاتِحَهُۥٓ أَوۡ صَدِيقِكُمۡۚ لَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَأۡكُلُواْ جَمِيعًا أَوۡ أَشۡتَاتٗاۚ فَإِذَا دَخَلۡتُم بُيُوتٗا فَسَلِّمُواْ عَلَىٰٓ أَنفُسِكُمۡ تَحِيَّةٗ مِّنۡ عِندِ ٱللَّهِ مُبَٰرَكَةٗ طَيِّبَةٗۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ
(විශ්වාසවන්තයිනි! වෙනත් නිවෙස් වලින් ආහාර ගැනීමෙහි) අන්ධයා කෙරෙහි වරදක් වන්නේ නැත. අසනීපකාරයෙකු කෙරෙහිද වරදක් වන්නේ නැත. ඔබ කෙරෙහිද වරදක් (වන්නේ නැත). ඔබ, ඔබගේ ගෙදරදී හෝ නැතහොත් ඔබගේ පියවරුන්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ මව්වරුන්ගේ නිවෙසේදී හෝ නැතහොත් ඔබගේ සහෝදරයින්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ සහෝදරියන්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ පියාගේ සහෝදරයින්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ පියාගේ සහෝදරියන්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ මවගේ සහෝදරයින්ගේ නිවසේදී හෝ නැතහොත් ඔබගේ මවගේ සහෝදරියන්ගේ නිවසේදී හෝ නැතහොත් යතුරු ඔබ අතේ ඇති නිවසේදී හෝ නැතහොත් ඔබගේ මිතුරන්ගේ නිවසේදී හෝ (ආහාර) අනුභව කිරීම ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. එහිදී ඔබ සියල්ලන්ම එකට එක්කාසු වී හෝ නැතහොත් තනි තනියෙන් හෝ අනුභව කළා වුවද කම් නැත. (එය ඔබ කෙරෙහි වරදක් නැත). නමුත් ඔබ කුමන නිවසකට ඇතුළු වුවද, අල්ලාහ් විසින් ඔබට උගන්වන ලද ඉතාමත් භාග්‍යවන්ත පරිශුද්ධ වූ (අස්සලාමු අෙලෙයිකුම් යන) වදන ඔබ, ඔබ තුළ (කෙනෙකුට කෙනෙකු) පවසා ගනු. මෙසේ අල්ලාහ් ඔබට (තමන්ගේ) ආයාවන් විවරණය කර පවසන්නේය (යන්න) ඔබ දැන ගනු මැනව