Surah An-Noor Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorإِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُواْ مَعَهُۥ عَلَىٰٓ أَمۡرٖ جَامِعٖ لَّمۡ يَذۡهَبُواْ حَتَّىٰ يَسۡتَـٔۡذِنُوهُۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَـٔۡذِنُونَكَ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦۚ فَإِذَا ٱسۡتَـٔۡذَنُوكَ لِبَعۡضِ شَأۡنِهِمۡ فَأۡذَن لِّمَن شِئۡتَ مِنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمُ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
නියත වශයෙන්ම සත්‍ය විශ්වාසවන්තයින් (කවුරුන්දයත්) අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද විශ්වාස කළ අයයි. ඔවුන් යම්කිසි පොදු කාරණාවක් ගැන (සාකච්ඡා කිරීමට) ඔහුගේ (දූතයා) වෙත රැස්වී සිටියහොත් ඔහුගේ අනුමැතිය නොමැතිව (සභාවෙන්) ඔවුන් යන්නේම නැත. (එසේ යාමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් නබියේ!) නියත වශයෙන්ම කවුරුන් ඔබගේ අනුමැතිය ඉල්ලා (ඔබ අනුමැතිය දුන් පසුම) යන්නෝද, ඔවුන්ම අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද ඇත්තෙන්ම විශ්වාස කළ අයයි. එබැවින් ඔවුන් තමන්ගේ යම්කිසි (හදිසි) වැඩක් සඳහා ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටියහොත් ඔවුන්ගෙන් ඔබ කැමති අයට අනුමැතිය දෙනු. ඔවුන්ට අල්ලාහ් වෙතින් සමාවද ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාවන්තයෙකුද වශයෙන් සිටින්නේය