Surah An-Naml Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Namlقَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ
(එහෙත් ඔවුන්ගෙන්) ධර්ම ඥානය ලැබූ කෙනෙකු (සිටියේය. ඔහු සුලෙයිමාන් නබිට) “ඔබ ඇස් පිල්ලම් ගැසීම තරම් නිමේෂයකින් එය මා ඔබ වෙත ගෙන එන්නෙමි” යයි පවසා (එසේම ගෙනැවිත් තැබුවේය). එය තමන් ඉදිරියේ තබා තිබීම (සුලෙයිමාන්) දුටු වහාම “මෙය මගේ දෙවියන්, මා ඔහුට කෘතඥ වනවාද, නැද්ද යනුවෙන් මාව පිරික්සීම සඳහා (මා හට) පහළ කළ ඉමහත් වරප්‍රසාදයකි. කවුරුන් (දෙවියන්ට) කෘතඥ වන්නේද ඔහු, තමන්ටම යහපතක් කර ගන්නේය. කවුරුන් කෘතඥ වීම ප්‍රතක්ෂේප කරන්නේද, (ඔහු තමන්ටම හානියක් සොයා ගන්නේය. එබැවින් දෙවියන්ට කිසිම පාඩුවක් නැත). නියත වශයෙන්ම මගේ දෙවියන් (කිසිවෙකුගේ) අවශ්‍යතාවයක් නොවන්නෙකු හා ඉතාමත් ගෞරවවන්ත-යෙකු වශයෙන් සිටින්නේය” යයි පවසා, තමන්ගේ වැඩකාරයින්ට