Surah An-Naml - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ
තා. සීන්. මේවා ශුද්ධ වූ කුර්ආනයේ සමහර ආයාවන් වන්නේය. තවද (මෙම ශුද්ධ වූ කුර්ආනය) පැහැදිලි ධර්මය වන්නේය
Surah An-Naml, Verse 1
هُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ
විශ්වාසය තැබූවන්ට (මෙය) එක් ඍජු මාර්ගයක් වශයෙන්ද, ශුභාරංචියක් වශයෙන්ද ඇත්තේය
Surah An-Naml, Verse 2
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ
ඔවුන් සලාතය නොකඩවා ඉටු කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. තවද ඔවුන් පරලොවද ස්ථීර වශයෙන් විශ්වාස කරන්නාහ
Surah An-Naml, Verse 3
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ
කවුරුන් පරලොව නියත වශයෙන්ම විශ්වාස නොකළෝද, ඔවුන්ට (ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන්) අපි ඔවුන්ගේ (නපුරු) කාරණාවන් අලංකාරවත් කර හැරියෙමු. එබැවින් ඔවුන් (එහි) මං මුළාවී ඒ මේ අත සැරිසරන්නාහ
Surah An-Naml, Verse 4
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ
මෙවැන්නන්ට නපුරු දඬුවමම (බලාපොරොත්තුවෙන්) ඇත්තේය. විනිශ්චය දිනදී නම්, ඔවුන් ඉමහත් පරාජිතයින් වශයෙන්ම සිටින්නාහ
Surah An-Naml, Verse 5
وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ
(නබියේ!) නියත වශයෙන්ම ඉතාමත් ඥානවන්ත හා (සියල්ල) හොඳින් දන්න අය මගින් මෙම කුර්ආනය ඔබට ලබා දෙන ලදී
Surah An-Naml, Verse 6
إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ
මූසා (තූර් නමැති කන්ඳ අසළින් යමින් සිටියදී) තම පවුලේ උදවියට “නියත වශයෙන්ම මා එක් ගින්නක් දකින්නෙමි. (ඔබ ටිකක් නැවතී සිටිනු. මා ගොස් අපගේ මාර්ගය ගැන) යම්කිසි කාරණාවක් එහි සිට දැනගෙන එන්නෙමි. නැතහොත් ශීතයට ගිනි තැපීමට ගිනි පෙණෙල්ලක් හෝ ගෙන එන්නෙමි” යයිද කීවේය
Surah An-Naml, Verse 7
فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
ඔහු ඒ අසළට පැමිණි අවස්ථාවේදී “ගින්නෙහි සිටින්නා (මලායිකාවරයා) මතද, ඒ අසළ සිටින්නා (මූසා) මතද, ඉමහත් භාග්‍යය ලබා දෙන ලදී” යයි (දෙවියන්ගේ සන්නිධානයෙන් ශබ්ද නගා පවසන) ලද අතර “ලෝකයන් සියල්ල පෝෂණය කර, පරිපාලනය කරන අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි” යයි පවසන ලදී
Surah An-Naml, Verse 8
يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(තවද) “ඕ මූසා! නියත වශයෙන්ම මා අල්ලාහ්ය. මා සියල්ලන්ටම බලසම්පන්නයෙකි. (සියල්ල හොඳින් දන්නා) ඥානවන්තයෙකි”යයි පවසන ලදී
Surah An-Naml, Verse 9
وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ
(“ඔබ, ඔබගේ සැරයටිය වීසි කරනු” යයිද, පවසන ලදී. එසේ ඔහු එය වීසි කළ විට), නාගයෙකු මෙන් සෙළවීම දැක (බිය වී) ඔහු ආපසු හැරී නොබලා (උගෙන්) ඈත් වී දිව්වේය. (එබැවින් අපි මූසාට) “ඕ මූසා! ඔබ බිය නොවනු. නියත වශයෙන්ම මා වෙත කිසිම දූතයෙකු බිය නොවන්නාහ
Surah An-Naml, Verse 10
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٖ فَإِنِّي غَفُورٞ رَّحِيمٞ
එහෙත් වැරදි කළ අය හැර. (එහෙත්) ඔහුද (තමන්ගේ) වැරැද්ද (වටහාගෙන එය) හොඳක් බවට පරිවර්තනය කර ගතහොත් නියත වශයෙන්ම මා (ඔහුවද) ක්ෂමා කර කරුණාව දක්වන්නෙකු වශයෙන්ම සිටින්නෙමි”
Surah An-Naml, Verse 11
وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
“(ඕ මූසා!) ඔබ, ඔබගේ අත, ඔබගේ ලපැත්තෙහි ඇති (කමිස සාක්කුවෙහි) දමනු. එය නපුරෙන් තොර ස්වේත වර්ණයෙන් (ආලෝකමත් වී දීප්තිමත්ව) එළියට එනු ඇත. (මෙම සාධකයන් දෙකම) ෆිර්අව්න්ටද, ඔහුගේ ජනතාවටද (ඔබ ගෙන යාමට) අයත් සාධකයන් නවයෙන් ඇති ඒවා වන්නේය. ඇත්තෙන්ම ඔවුන් පාපයන් කරන ජනතාව වශයෙන් සිටින්නාහ”යයි පවසන ලදී
Surah An-Naml, Verse 12
فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةٗ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ
(මූසාට ලබා දෙන ලද) අපගේ පැහැදිලි ප්‍රාතිහාර්යයන් ඔවුන් වෙත පැමිණි විට, “මෙය පැහැදිලි සූනියමකි” යයි ඔවුන් පැවසූහ
Surah An-Naml, Verse 13
وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ
ඔවුන්ගේ හෘදයන් එය (සත්‍යය යයි) ස්ථීරවත් වුවද, උඞඟූ වී අපරාධයක් වශයෙන් එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් මෙම අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වූවේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු
Surah An-Naml, Verse 14
وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ
දාවූද්ටද, සුලෙයිමාන්ටද නියත වශයෙන්ම අපි (මෙලොවදීද, පරලොවදීද ප්‍රයෝජනවත් වන) අධ්‍යාපනය ලබා දුන්නෙමු. එයට ඒ දෙදෙනාම “ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. ඔහුම විශ්වාසය තැබූ තමන්ගේ (හොඳ) වහලූන්ගෙන් බොහොමයක් දෙනාට වඩා අපව උසස් කර තැබුවේය” යයි පවසා (කෘතඥ) වූහ
Surah An-Naml, Verse 15
وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ
පසුව සුලෙයිමාන්, දාවූද්ට උරුමක්කාරයා කර, “මිනිසුනේ! පක්ෂීන්ගේ භාෂාව අපිට උගන්වා දෙනු ලැබ ඇත්තේය. අපට (අවශ්‍ය) සියලූ වස්තූන්ද, (අප්‍රමාණවම) දෙනු ලැබ ඇත්තේය. නියත වශයෙන්ම මෙය (දෙවියන්ගේ) ඉතාමත් පැහැදිලි වරප්‍රසාදයකි” යයි පවසා (කෘතඥද) වූවේය
Surah An-Naml, Verse 16
وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ
ජින්වරුන්, මිනිසුන්, පක්ෂීන් ආදීන්ගෙන් යුත් සුලෙයිමාන්ගේ යුධ සේනාව ඔහු ඉදිරියේ ඒකරාශී කර, විවිධ ජාතීන්ට අනුව පෙළගස්වන ලදී
Surah An-Naml, Verse 17
حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٞ يَـٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ
ඒවා කුහුඹුවන් වාසය කරන එක් ඇළක් අසළින් පැමිණි අවස්ථාවේදී (ඒවායෙහි) එක් ගැහැනු කුහුඹුවෙකු (අනිත් කුහුඹුවන්ට) “ඕ කුහුඹුවණි! ඔබ, ඔබගේ නිවෙස් තුළට ඇතුළු වනු. සුලෙයිමාන්ද, ඔහුගේ යුධ සේනාවද, (ඔබ සිටිනු) නොදැනුවත්ව ඔබව (තමන්ගේ කකුල්වලින්) පාගා නොදැමිය යුතුය” යයි පැවසීය
Surah An-Naml, Verse 18
فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّـٰلِحِينَ
උගේ වදනට සවන් දුන් සුලෙයිමාන් මද සිනහවක් පාමින්, “මගේ දෙවියනේ! ඔබ මා කෙරෙහිද, මගේ දෙමව්පියන් කෙරෙහිද, ලබා දුන් ඔබගේ වරප්‍රසාදයන්ට (ඔබට) මා කෘතඥ වීමට දයාව පහළ කරනු මැනව! ඔබ සෑහීමට පත් විය හැකි දැහැමි කාරණාවන්ද මට කළ (හැකි භාග්‍යය මා හට ලබා දී) දයාව පහළ කර, ඔබගේ දයාව මගින් ඔබගේ හොඳ වහලූන්ගෙන් මාවද එකතු කර හරිනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය
Surah An-Naml, Verse 19
وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ
ඔහු පක්ෂීන්ව පිරික්සුමට ලක් කළ අවස්ථාවේදී “කිමෙක්ද කාරණාව? මා හට හූද් හූද් (නමැති පක්ෂියාව) දක්නට නැත්තේ! (එය පක්ෂීන්ගේ තද බදයෙන්) සැඟවී ඇත්තේද? (නැතහොත් මගේ අනුමැතියෙන් තොරව කොහේ හෝ ගියේද)
Surah An-Naml, Verse 20
لَأُعَذِّبَنَّهُۥ عَذَابٗا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٖ مُّبِينٖ
(එසේ නම්) නියත වශයෙන්ම මා ඌට දරුණු ලෙස දඬුවම් කරන්නෙමි. නැතහොත් උගේ ඛෙල්ල කපා දමන්නෙමි. (මෙයට) පැහැදිලි නිදහසට කරුණක් ඌ (මා ඉදිරියේ) නොගෙනාවහොත්” යයි පැවසුවේය
Surah An-Naml, Verse 21
فَمَكَثَ غَيۡرَ بَعِيدٖ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٖ يَقِينٍ
(මෙසේ පවසා) වැඩි වේලාවක් ගියේ නැත. (ඒ අතර හූද් හූද් නමැති එම පක්ෂියා ඉදිරියට විත්) “ඔබ නොදත් කාරණාවක් මා දැන ගත්තෙමි. සබා ගැන නියත වශයෙන්ම (සත්‍ය) පුවත ගෙනැවිත් ඇත්තෙමි”
Surah An-Naml, Verse 22
إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ
“ඇත්තෙන්ම ඔවුන්ව (එම රටවැසියන්ව) එක් කාන්තාවක් පාලනය කරනු මා දුටුවෙමි. සියලූ සැප සම්පත් ඈ ලබාගෙන ඇත්තීය. ශ්‍රේෂ්ඨ සිංහාසණයක්ද ඇයට ඇත්තේය
Surah An-Naml, Verse 23
وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ
ඇයද, ඇයගේ (රට)වැසියන්ද අල්ලාහ් හැර, සූය්‍යයාට (නළල බිම තබා) සුජූද් කර නමදිනු මා දුටුවෙමි. ඔවුන්ගේ මෙම කාරණාව ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කර පෙන්වා, ඔවුන්ව ඍජු මාර්ගයෙන් වළක්වා දැමුවේය. එබැවින් ඔවුන් ඍජු මාර්ගය අත් කර ගත්තේ නැත”
Surah An-Naml, Verse 24
أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ
“අහස්හිද, භූමියෙහිද, සැඟවී ඇති දැය එළිදරව් කළ හැකි අල්ලාහ්ට ඔවුන් සුජූද් කර නැමදිය යුතු නොවේද? තවද ඔහු ඔබ සඟවා ගන්නා දැයද, ඔබ එළිදරව් කරන දැයද හොඳින් දැන ගන්නේය
Surah An-Naml, Verse 25
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩
එම අල්ලාහ් හැර, නැමදුමට යුතු හිමියෙකු වෙන කිසිත් නැත. ඔහුම ශ්‍රේෂ්ඨ අර්ෂ් වලට අයත් දෙවියන්” යයි පැවසුවේය
Surah An-Naml, Verse 26
۞قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ
(එයට සුලෙයිමාන්) “ඔබ ඇත්ත කියන්නෙහිද? නැතහොත් බොරු කියන්නෙහිදැයි යන්න ඉතා ඉක්මනින් දැක ගන්නෙමු
Surah An-Naml, Verse 27
ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ
මගේ මෙම ලිපිය ගෙන ගොස් ඔවුන් ඉදිරියේ දැමීමෙන් අනතුරුව, ඈත් වී (සැඟවී සිටිමින්) ඔවුන් කුමන තීරණයකට එළඹෙන්නේදැයි ඔබ අවධානය (කර බලා එනු)” යයි පැවසුවේය
Surah An-Naml, Verse 28
قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ
(ඒ අන්දමටම එහි ගොස් ඔවුන් ඉදිරියේ එම ලිපිය වීසි කළ විට, එය දුටු එම රැජිණ තම ප්‍රධානීන්ට) “ප්‍රධානියෙණි! (ඉතාමත්) ගෞරවණීය ලිපියක් මා ඉදිරියේ දමනු ලැබ ඇත්තේය
Surah An-Naml, Verse 29
إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ඇත්තෙන්ම එය සුලෙයිමාන්ගෙන් පැමිණ ඇත. නියත වශයෙන්ම එහි (ආරම්භයේ) ‘බිස්මිල්ලා හිර් රහ්මානිර්රහීම්’ (යයි ලියනු ලැබ ඇති අතර)
Surah An-Naml, Verse 30
أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ
ඔබ (උඞඟූ වී) මා වෙත අඩම්බර බස් නොදොඩුනු. (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වූවන් වශයෙන් මා වෙත එනු’ යයි (ලියනු ලැබ) ඇත්තේය” යයි ඇය පැවසුවාය
Surah An-Naml, Verse 31
قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ
“ප්‍රධානීන්වරුණි! අපගේ (මෙම) කාරණාවෙහි ඔබ, (ඔබගේ) අදහස් උදහස් පවසනු. මගේ සමූහයෙන් ඔබ (කෙළින්ම) පැමිණ (අභිප්‍රායන්) නොපැවසුවහොත් මා කිසිම කාරණාවක තීරණයක් ගන්නෙකු නොවන්නෙමි” යයි ඇය පැවසුවාය
Surah An-Naml, Verse 32
قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ
එයට ඔවුන් “අපි බලසම්පන්නයන් වශයෙන්ද, දරුණු යුද්ධ කරන්නට හැකි අය වශයෙන්ද සිටින්නෙමු. (යුද්ධ කරන්නේද, සාමය රකින්නේද යන) මෙම කාරණාව (ගැන තීරණයක් ගැනීම) ඔබ සතුය. එබැවින් ඔබ නියෝග කිරීමෙහි (ඇති වාසි අවාසිය) ඔබ හොඳින් අවධානය කර බලනු” යයි පවැසූහ
Surah An-Naml, Verse 33
قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ
එයට ඇය “රජවරුන් යම්කිසි රටකට ඇතුළු වුවහොත් නියත වශයෙන්ම එය විනාශ කර දමන්නාහ. තවද එහි සිටින ගෞරණීය අය (අවමන් කර) නින්දිතයින් බවට පත් කරන්නාහ. (එබැවින්) මොවුන්ද, මෙසේ කරනු ඇත”
Surah An-Naml, Verse 34
وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ
“එබැවින් මා එතුමා වෙත (උසස් භාණ්ඩවලින් පිරි) එක් තුටු පඬුරක් යවා, (එය ගෙන යන) දූතයින් (එතුමා වෙතින්) කුමන පිළිතුරක් ගෙන එන්නේද යන්න මා බලාපොරොත්තුවෙන් සිටින්නෙමි” යයි පවසා (ඒ අන්දමටම යැවුවාය)
Surah An-Naml, Verse 35
فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ
ඔවුන් (එම දූතයින්) සුලෙයිමාන් වෙත පැමිණි විට, (ඔවුන්ට සුලෙයිමාන්) “ඔබ භාණ්ඩ මගින් මට උදව් (කිරීමට අදහස්) කරන්නෙහුද? අල්ලාහ් මට ලබා දී ඇති දැය ඔබට ලබා දී ඇති දැයට වඩා (අධික වශයෙන් හා) උසස් දැය වශයෙන්ම ඇත්තේය. ඔබගේ (මෙම) තුටු පඬුර මගින් ඔබම සතුටට පත් වනු” යයිද
Surah An-Naml, Verse 36
ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ
“ඔබ ඇය වෙත ආපසු යනු. කිසිවෙකු විසින් විරුද්ධ විය නොහැකි යුද සේනාවක් සමග නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එන්නෙමු. ඔවුන්ව අවමන් කර, එම රටින් පන්නා දමන්නෙමු. ඇයද අවමානයට ලක් වනු ඇත” යයිද පවසා (ආපසු යැවීමෙන් අනතරුව)
Surah An-Naml, Verse 37
قَالَ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ
(සුලෙයිමාන් තම ප්‍රධානීන්ට) “ප්‍රධානීන්වරුනි! ඔවුන් අවනත වූවන් වශයෙන් මා වෙත පැමිණ සේන්දු වීමට පෙරම ඇයගේ සිංහාසණය මා වෙත ගෙන එන්නා ඔබගෙන් කවරෙක්ද?”යි විමසුවේය
Surah An-Naml, Verse 38
قَالَ عِفۡرِيتٞ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٞ
එයට ජින්වරුන්ගෙන් වූ ඉෆ්රීත් (නමැති වීරයෙකු) “ඔබ, ඔබගේ ස්ථානයෙන් නැගී සිටීමට පෙරාතුවම එය මා ගෙන එන්නෙමි. නියත වශයෙන්ම මා මෙයට ශක්තිවන්තයෙකි. (ඉතාමත්) විශ්වාසයෙන් යුත්තෙකුද වන්නෙමි” යයි පැවසුවේය
Surah An-Naml, Verse 39
قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ
(එහෙත් ඔවුන්ගෙන්) ධර්ම ඥානය ලැබූ කෙනෙකු (සිටියේය. ඔහු සුලෙයිමාන් නබිට) “ඔබ ඇස් පිල්ලම් ගැසීම තරම් නිමේෂයකින් එය මා ඔබ වෙත ගෙන එන්නෙමි” යයි පවසා (එසේම ගෙනැවිත් තැබුවේය). එය තමන් ඉදිරියේ තබා තිබීම (සුලෙයිමාන්) දුටු වහාම “මෙය මගේ දෙවියන්, මා ඔහුට කෘතඥ වනවාද, නැද්ද යනුවෙන් මාව පිරික්සීම සඳහා (මා හට) පහළ කළ ඉමහත් වරප්‍රසාදයකි. කවුරුන් (දෙවියන්ට) කෘතඥ වන්නේද ඔහු, තමන්ටම යහපතක් කර ගන්නේය. කවුරුන් කෘතඥ වීම ප්‍රතක්ෂේප කරන්නේද, (ඔහු තමන්ටම හානියක් සොයා ගන්නේය. එබැවින් දෙවියන්ට කිසිම පාඩුවක් නැත). නියත වශයෙන්ම මගේ දෙවියන් (කිසිවෙකුගේ) අවශ්‍යතාවයක් නොවන්නෙකු හා ඉතාමත් ගෞරවවන්ත-යෙකු වශයෙන් සිටින්නේය” යයි පවසා, තමන්ගේ වැඩකාරයින්ට
Surah An-Naml, Verse 40
قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ
“ඇයගේ සිංහාසණය වෙනස් කර නිර්මාණය කර හරිනු. ඇය එය (තමන්ගේය යයි) දැන ගන්නේද, නැතහොත් දැන ගන්නට නොහැකි තැනැත්තියක් වශයෙන් සිටින්නේදැයි බලමු” යයි පැවසුවේය
Surah An-Naml, Verse 41
فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ
ඇය පැමිණ සේන්දු වූ විට, (ඇයට) “ඔබගේ සිංහාසණය මෙවැන්නක් සේ (ඇත්තේද)?”යි විමසුවේය. (එයට) ඇය “මෙය සම්පූර්ණයෙන්ම ඒ වාගේම ඇත්තේය. මීට පෙරම (ඔබගේ ශ්‍රේෂ්ඨත්වය ගැන වූ කාරණාව) අපට දැනුම් දෙනු ලැබීය. අපි සම්පූර්ණයෙන්ම (ඔබට) අවනත වී පැමිණ ඇත්තෙමු” යයි කීවාය
Surah An-Naml, Verse 42
وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ
(මෙතෙක් විශ්වාස නොකර) ඇයව වළක්වා සිටියේ අල්ලාහ් හැර, ඇය නමදිමින් සිටි (බොරු) දෙවියන්ය. මන්දයත් ඇය (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන ජනතාවගෙන් වූ කෙනෙකු වශයෙන් සිටියාය
Surah An-Naml, Verse 43
قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
පසුව ඇයට “මෙම මාලිගාවට ඇතුළු වනු” යයි කියනු ලැබුවාය. ඇය එය දුටු අවස්ථාවේදී (පොලොවෙහි පතිත කර තිබූ පළිඟූ), ජලය යයි සිතා ඇඳුම (නොතෙමී සිටිනු පිණිස) වළලූකරෙන් (පොඩියක්) ඔසවා ගත්තාය. (සුලෙයිමාන් “එය වතුර නොව) පළිඟූ පතිත කර ඇති මාලිගාවකි” යයි පැවසුවේය. එයට ඇය “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මටම හානියක් කර ගනිමින් සිටියෙමි. ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ්ට, සුලෙයිමාන් සමග මමත් සම්පූර්ණයෙන්ම අවනත වන්නෙමි” යයි පැවසුවාය
Surah An-Naml, Verse 44
وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ
නියත වශයෙන්ම අපි සමූද් (නමැති ජනතාව වෙත) ඔවුන්ගේ සහෝදර සාලිහ්ව යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “ඔබ අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු” (යයි පැවසුවේය). ඒ අතර ඔවුන් කොටස් දෙකකට ඛෙදී, තමන් තුළ තර්ක කර ගත්හ
Surah An-Naml, Verse 45
قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
(එයට සාලිහ්) “මගේ ජනතාවෙනි! ඔබ කුමක් නිසා යහපතට වඩා කළින් දඬුවම සොයා ගන්නෙහුද? අල්ලාහ් වෙතින් ඔබ සමාව ඉල්ලා සිටිය යුතු නොවේද? ඔබට කරුණාව දක්වනු ලබන්නෙහුය!” යයි පැවසුවේය
Surah An-Naml, Verse 46
قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَـٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ
එයට ඔවුන් “ඔබත්, ඔබ සමග සිටින්නන්වද අපි දුර්නිමිති වශයෙන් අදහස් කරන්නෙමු”යයි පැවසූහ. එයට ඔහු “අල්ලාහ්ගේ සන්නිධානයෙ-න්ම දුර්නිමිති පැමිණියේය. ඔබ (ඉතා ඉක්මනින් අල්ලාහ්ගේ) පිරික්සුමට ලක් විය යුතු ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය
Surah An-Naml, Verse 47
وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٖ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ
එරටේ (අපරාධයන්ට ප්‍රධානීන් වශයෙන්) මිනිසුන් නව දෙනෙකු සිටියහ. ඔවුන් එම රටේද, (ඒ අවට ප්‍රදේශයන්හිද) හොඳක් නොකර අපරාධයන් කරමින්ම සැරි සැරූහ
Surah An-Naml, Verse 48
قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ
ඔවුන් “සාලිහ්වද, ඔහුගේ පවුලේ උදවියවද ‘අපි රාත්‍රියේදීම විනාශ කර දමන්නෙමු. (මෙය කිසිවෙකුටත් පවසන්නේ නැත)’ යයි අල්ලාහ් මත දිව්රා ගනු මැනව! පසුව ‘ඔහුගේ පුවලේ උදවිය කපා දමන ලද ස්ථානයට පැමිණියේම නැත. නියත වශයෙන්ම අපි ඇත්තම කියන්නෙමු’ යයි ඔහුගේ ආරක්ෂකයින්ට කියමු” යයි (තමන් තුළ) කියා ගත්හ
Surah An-Naml, Verse 49
وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ
(මෙසේ) ඔවුන් කුමන්ත්‍රණයක් කළහ. අපිත් කුමන්ත්‍රණයක් කළෙමු. ඔවුන්ට (එය) වටහා ගත නොහැකිය විය
Surah An-Naml, Verse 50
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ
එබැවින් ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වූවේද යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු. නියත වශයෙන්ම අපි ඔවුන්වද, ඔවුන්ගේ ජනතාව සියල්ලන්වද සහමුලින්ම විනාශ කර දැමුවෙමු
Surah An-Naml, Verse 51
فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡلَمُونَ
ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් (විනාශ වී ගිය) ඔවුන්ගේ නිවාසයන් පාළුවට පත් වී ඇත්තේය. වටහා ගත හැකි ජනතාවට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත්තේය
Surah An-Naml, Verse 52
وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ
(ඔවුන්ගෙන්) කවුරුන් විශ්වාසය තබා, (අල්ලාහ්ට) බිය වී සිටියෝද, ඔවුන්ව අපි බේරා ගත්තෙමු
Surah An-Naml, Verse 53
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ
ලුත්වද (අපි, අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු තම ජනතාවට “(පාපතර ක්‍රියාවන් යයි) දැනගෙනම අවමන් ගෙන දෙන (ක්‍රියාවන් කිසි ආවරණයකින් තොරව) ඔබ කරන්නෙහුය
Surah An-Naml, Verse 54
أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ
ඔබ ගැහැනුන් අතහැර පිරිමින් මත කාම ආශාවෙන් යුතුව පැමිණෙනවා නොවෙද! ඔබ සම්පූර්ණයෙන්ම මෝඩ ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය
Surah An-Naml, Verse 55
۞فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٖ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ
එයට ඔහුගේ ජනතාව (තම ජනතාවට) “ලුත්ගේ පවුල සම්පූර්ණයෙන්ම ඔබගේ රටින් ඔබ එළවා දමනු. නියත වශයෙන්ම ඔවුන් ඉතාමත් පරිශුද්ධ මිනිසුන් (මෙන් කතා කරන්නාහ)” යයි (සමච්චලයෙන් මෙන්) පැවසුවා මිස, වෙන කිසිම පිළිතුරක් දුන්නේ නැත
Surah An-Naml, Verse 56
فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ
එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ උදවියද අපි බේරා ගත්තෙමු. එහෙත් ඔහුගේ භාර්යයාව හැර. (මන්දයත්) ඇය (එම පාපතරයන් සමග) රැඳී සිටිය යුතුය යයි (දැනටමත්) තීන්දුවක් දී තිබුණෙමු
Surah An-Naml, Verse 57
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ
එබැවින් ඔවුන් මත (ගෙන්දගම්) ගල් වරුසාවක් අපි වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වන ලද (ඔවුන් මත වසින්නට සැලැස්වූ ගෙන්දගම්) ගල් වරුසාව ඉතාමත් නපුරුය
Surah An-Naml, Verse 58
قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ
එබැවින් (නබියේ!) “ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. තමන්ගේ වහලූන්ගෙන් ඔහු තෝරා ගත් අය කෙරෙහි ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයිද “අල්ලාහ් උසස්වන්තයෙක්ද, නැතහොත් ඔවුන් (ඔහුට) සමානයන් තබන්නන්ද?” යයිද පවසනු මැනව
Surah An-Naml, Verse 59
أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ
(තවද) අහස්ද, භූමියද උත්පාදනය කර, වලාකුළෙන් ඔබ වෙනුවෙන් වැස්ස වසින්නට සලස්වන්නා කවරෙක්ද? අපිම එමගින් (ඇස් පිනා යාම පිණිස) අලංකාරවත් වතුද වැවෙන්නට සලස්වන්නෙමු. අපගේ (උදව්වෙන් තොර) එහි තිඛෙණ ගස් වැවෙන්නට සැලැස්වීමට ඔබට නොහැකිය. එබැවින් අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? නැත. (මෙසේ තිබියදී) මොවුන් (තමන්ගේ මනක්කල්පිත දෙවිවරුන්ව දෙවියන්ට) සම කරන ජනතාවක් වශයෙන් සිටින්නාහ
Surah An-Naml, Verse 60
أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
භූමිය ස්ථීර වූ වාසස්ථානයක් වශයෙන් නිර්මාණය කර එහි මධ්‍යයෙහි ගංඟාවන්ද, ඒ සඳහා ස්ථීර වූ කඳුද නිර්මාණය කළේ කවරෙක්ද? මුහුදු දෙකක් අතරේ බාධකයක් ඇති කළේ කවරෙක්ද? (මේවා කළ) අල්ලාහ් සමග නැමදුමට යුත්තෙකු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම) නැත. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයද) නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ
Surah An-Naml, Verse 61
أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
(විපතක පැටළී) දඟලමින් සිටින අය (ආරක්ෂාව පතා) ආරාධනා කළහොත් (ඔවුන්ට) පිළිතුරු දී, ඔවුන්ගේ අමාරුකම් පහ කරන්නේ කවරෙක්ද? භූමියෙහි ඔබව (තමන්ගේ) නියෝජිතයින් වශයෙන් පත් කළේ කවරෙක්ද? (මෙවැනි) අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම නැත). ඔබ (මේ ගැන) සිතන්නේ ඉතාමත් අල්පයකි
Surah An-Naml, Verse 62
أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ
මුහුදෙහි හෝ ගොඩ බිමෙහි හෝ අන්ධකාරයෙහි හෝ ඔබට මාර්ගය පෙන්වන්නේ කවරෙක්ද? ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර (සිසිල්) සුළඟ ශුභාරංචියක් වශයෙන් යවන්නා කවරෙක්ද? අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නෙහිද? (ඇත්තේම නැත). ඔවුන් සමානයන් තැබීමෙන් අල්ලාහ් ඉතාමත් උසස්වන්තයෙකි
Surah An-Naml, Verse 63
أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
ආරම්භයේදී (කිසිම නිදසුනක් නොමැතිවම) උත්පාදනයන් නිර්මාණය කළේ කවරෙක්ද? (එසේම නැවත) නැවතත් උත්පාදනය කරමින් සිටින්නේ කවරෙක්ද? වලාකුළෙන් (වැස්ස පහළ කර) භූමියෙහි (ධාන්‍ය ආදිය වැඩීමට සලස්වා) ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? අල්ලාහ් සමග නැමදුමට යුතු (වෙන කෙනෙකු) සිටින්නේද? “ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (මෙයට) ඔබගේ සාධකයන් ගෙන එනු” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව)
Surah An-Naml, Verse 64
قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ
(තවද) ඔබ මෙසේ පවසනු: “අහස්හි හෝ භූමියෙහි හෝ සැඟවී ඇති දැය අල්ලාහ් හැර, වෙන කිසිවෙකු දැන ගන්නේ නැත. (මරණයට පත් වූවන්) කවදා නැගිට්ටවනු ලබන්නෙහුද යන්නද මොවුන් දැන ගන්නේ නැත”
Surah An-Naml, Verse 65
بَلِ ٱدَّـٰرَكَ عِلۡمُهُمۡ فِي ٱلۡأٓخِرَةِۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّنۡهَاۖ بَلۡ هُم مِّنۡهَا عَمُونَ
පරලොව ගැන මොවුන්ගේ දැනුම නම්, සම්පූර්ණයෙන්ම ශුන්‍ය වී ගියේය. එහි (එම කාරණාවෙහි) නැවතත් ඔවුන් (ඉමහත්) සැකයෙහිම සිටින්නාහ. එපමණක්ද! ඔවුන්ගේ ඥාන ඇස් අන්ධය
Surah An-Naml, Verse 66
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبٗا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ
“(මරණයට පත් වී දිරාපත්ව) පස් බවට පත් වූ පසු අපිත් අපගේ මුතුන් මිත්තන්ද (පණ දී) නැගිට්ටවනු ලබන්නෙමුද?”යි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ
Surah An-Naml, Verse 67
لَقَدۡ وُعِدۡنَا هَٰذَا نَحۡنُ وَءَابَآؤُنَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
(තවද) “නියත වශයෙන්ම අපිත් මීට පෙර අපගේ මුතුන් මිත්තන්ද, මෙසේ (පොරොන්දු ලබා දී) බිය ගන්වනු ලැබුවෙමු. මෙය පෙර විසූවන්ගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” (යයි පවසන්නාහ)
Surah An-Naml, Verse 68
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ
(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි සංචාරය කළ (ඔබ වැනි) වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (අවධානය කර) බලනු”
Surah An-Naml, Verse 69
وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُن فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ
(නබියේ!) ඔවුන් ගැන ඔබ කණගාටු නොවනු. ඔවුන්ගේ කුමන්ත්‍රණ ගැනද ඔබගේ මනස බිඳී නොයායුතුය
Surah An-Naml, Verse 70
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ
(විශ්වාසවන්තයින්ට, ප්‍රතික්ෂේප කරන) ඔවුන් “ඇත්තෙන්ම ඔබ ඇත්ත පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් මෙම පොරොන්දුව (දඬුවම) කවදා එන්නේද?”යි විමසන්නාහ
Surah An-Naml, Verse 71
قُلۡ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعۡضُ ٱلَّذِي تَسۡتَعۡجِلُونَ
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ ඉක්මන් වන දැයෙන් සමහරක් දැන්මම ඔබ පසුපස එන්නටද පුළුවන”
Surah An-Naml, Verse 72
وَإِنَّ رَبَّكَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ
එහෙත් නියත වශයෙන්ම ඔබගේ දෙවියන් මිනිසුන් කෙරෙහි ඉතාමත් කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් දඬුවම ප්‍රමාද කර ඇත්තේය). එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙයට) කෘතඥ වන්නේ නැත
Surah An-Naml, Verse 73
وَإِنَّ رَبَّكَ لَيَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ
නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන්ගේ හෘදයන්හි සඟවා ඇති දැයද, (ඊට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නේය
Surah An-Naml, Verse 74
وَمَا مِنۡ غَآئِبَةٖ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ
අහස්හි හෝ භූමියෙහි හෝ සැඟවී ඇති කිසිවක් (ලව්හුල් මහ්ෆූල් නමැති) ඔහුගේ පැහැදිලි වූ (සටහන්) පුස්තකයෙහි සටහන් නොවී නැත
Surah An-Naml, Verse 75
إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ
නියත වශයෙන්ම මෙම කුර්ආනය, ඉස්රායීල පරම්පරාවේ දරුවන්, කුමන කාරණාවන්හි භේද බින්න වී (තර්ක) කරමින් සිටින්නෝද, ඒවායෙන් වැඩි හරියක් දැය ඔවුන්ට විවරණය කර පවසන්නේය
Surah An-Naml, Verse 76
وَإِنَّهُۥ لَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම මෙය විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගය වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය
Surah An-Naml, Verse 77
إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන්ගේ නියෝගය මගින් ඔවුන් අතරේ (ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්) විනිශ්චය දෙන්නේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah An-Naml, Verse 78
فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ
එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ්වම විශ්වාස කරනු. නියත වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍යය මතම සිටින්නෙහිය
Surah An-Naml, Verse 79
إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ
(නබියේ!) මරණයට පත් වුවන්ට ඇසෙන්නට සැලැස්වීමට ඔබට නොහැකිය. (එසේම ඔබට) පිටුපස හරවා යන බිහිරන්ටද ඔබ ආරාධනා කරන (ඔබගේ) ශබ්දය ඇසීමට සැලැස්වීමටද ඔබට නොහැකිය
Surah An-Naml, Verse 80
وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ
අන්ධයින්වද, ඔවුන්ගේ දුර්මාර්ගයෙන් ඍජු මාර්ගයට ගෙන ඒමටද ඔබට නොහැකිය. කවුරුන් අපගේ ආයාවන් විශ්වාස කරන්නෝද, ඔවුන්ටම ඔබ (අපගේ ආයාවන්ට) සවන් දීමට සැලැස්විය හැකිය. ඔවුන් (එයට) සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නාහ
Surah An-Naml, Verse 81
۞وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةٗ مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ
(අවසාන දිනය ගැන වූ) පොරොන්දුව ඔවුන්ට ළඟා වූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් භූමියෙන් එක් සතෙකු අපි ඉකුත් කරන්නෙමු. එය නියත වශයෙන්ම (කුමන) මිනිසුන් අපගේ ආයාවන් විශ්වාස නොකළෝද, යන්න ඔවුන්ට කියා පානු ඇත
Surah An-Naml, Verse 82
وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ
සෑම සමූහයකින්ම අපගේ ආයාවන් බොරු කරමින් සිටි අයව එක් සේනාවක කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් අපි ඒකරාශී කරන දිනදී
Surah An-Naml, Verse 83
حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ
ඔවුන් සියල්ලන්ම (තමන්ගේ දෙවියන් වෙත) පැමිණෙන අවස්ථාවේදී (ඔවුන්ට දෙවියන්) “ඔබ අපගේ ආයාවන් වටහා නොගෙන සිටියදී එය බොරු කර දැමුවෙහුද? (එසේ නොවූවේ නම්), පසුවත් ඔබ කුමක් නම් කරමින් සිටියෙහුද?”යි විමසනු ඇත
Surah An-Naml, Verse 84
وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ
ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් ඔවුන් මත (දඬුවම ගැන වූ) පොරොන්දුව ක්‍රියාත්මක විය. ඒ අවස්ථාවේදී ඔවුන්ට කතා කිරීමටද නොහැක
Surah An-Naml, Verse 85
أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
නියත වශයෙන්ම අපිම ඔවුන්ට සැප පහසුව ලබා ගැනීමට රාත්‍රියද, (සියල්ල) හොඳින් දැක බලා ගැනීමට දහවලද, ඇති කළෙමු යන්න ඔවුන් (අවධානය කර) බැලූවේ නැද්ද? නියත වශයෙන්ම මෙහි විශ්වාසය තැබූ ජනතාවට බොහෝ සාධකයන් ඇත්තේය
Surah An-Naml, Verse 86
وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ
සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලබන දිනදී, අල්ලාහ් (බේරා ගැනීමට) අදහස් කරන අය හැර, අහස්හිද, භූමියෙහිද, සිටින සියල්ලන්ම තිගැස්සී වෙව්ලමින් හිස නවා ගත් අය වශයෙන් ඔහු වෙත පැමිණ සේන්දු වනු ඇත
Surah An-Naml, Verse 87
وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةٗ وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ
ඔබ දකින කඳු, ඒවා ඉතාමත් ස්ථීරව සිටින බවට අදහස් කරමින් සිටින්නෙහුය. (එහෙත් එදිනදී) ඒවා වලාකුළු මෙන් (අහසෙහි) විසිරී පියාඹා යනු ඇත. සෑම වස්තුවක්ම (උත්පාදනය කර), ස්ථීර වශයෙන් පිළිවෙලකට තැබූ අල්ලාහ්ගේ කලාවට අනුව (එසේ සිදු වනු ඇත). නියත වශයෙන්ම ඔහු, ඔබ කරමින් සිටින සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය
Surah An-Naml, Verse 88
مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَا وَهُم مِّن فَزَعٖ يَوۡمَئِذٍ ءَامِنُونَ
කවුරුන් හෝ හොඳක් කළහොත් එයට සරිලන (ඵලවිපාක වලට වඩා) උසස් දැයම ඔවුන්ට ලැඛෙන්නේය. තවද එදිනදී තිගැස්සීමෙන්ද ඔවුන්ගේ බිය පහ වී යන්නේය
Surah An-Naml, Verse 89
وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتۡ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ
කවුරුන් හෝ පාපයන් කළහොත් ඔවුන් නිරයෙහි මුණින් අතට තල්ලූ කරනු ලැබ “ඔබ කරමින් සිටි දැයට මිස, (වෙන කිසිවකට) ඔබට ඵලවිපාක දෙනු ලබයිද?” (යයි විමසනු ලබනු ඇත)
Surah An-Naml, Verse 90
إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ رَبَّ هَٰذِهِ ٱلۡبَلۡدَةِ ٱلَّذِي حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَيۡءٖۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ
(නබියේ! ඔබ මෙසේ පවසනු): “ඉතාමත් ගෞරවයෙන් පිරි මෙම නිරයේ (අධිපති වන) දෙවියන්වම (දෙවියන් එක් කෙනෙකුවම) නමදින මෙන් මා නියෝග කරනු ලැබ ඇත්තෙමි. සියලූ වස්තූන් ඔහුටම අයත්ය! තවද ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වූවෙකු වශයෙන් සිටින මෙන්ද මා නියෝග කරනු ලැබ ඇත්තෙමි”
Surah An-Naml, Verse 91
وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ
තවද ශුද්ධ වූ කුර්ආනය මා (සියල්ලන්ටම) සමුදීරණය කර පෙන්වන මෙන්ද (නියෝග කරනු ලැබ ඇත්තෙමි. එමගින්) කවුරුන් ඍජු මාර්ගය අත් කර ගන්නේද, ඔහු තම පෞද්ගලික වාසිය තකාම ඍජු මාර්ගයෙහි යන්නේය. කවුරුන් හෝ (මෙයින්) ඈත් වුවහොත් (නබියේ! ඔබ ඒ ගැන කණගාටු නොවනු). “නියත වශයෙන්ම මා බිය ගන්වා අනතුරු අඟවන්නෙකු පමණි. (බල කරන්නෙකු නොව)” යයි පවසනු
Surah An-Naml, Verse 92
وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
“සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය. (ඔහු විනිශ්චය දින පැමිණීමට අයත්) තමන්ගේ සාධකයන් ඉතාමත් ඉක්මනින් ඔබට පෙන්වනු ඇත. ඒ අතර ඒවා ඔබ (සත්‍යය යයි) දැන ගන්නෙහුය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව! (දැනට) ඔබ කරමින් සිටින දැය ගැන (නබියේ!) ඔබගේ දෙවියන් නොසැලකිලිමත්ව නොවේ
Surah An-Naml, Verse 93