Surah Ash-Shuara - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
طسٓمٓ
තා. සීම්. මීම්
Surah Ash-Shuara, Verse 1
تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
(නබියේ!) මේවා පැහැදිලි මෙම ධර්මයෙහි ඇති සමහර ආයාවන් වන්නේය
Surah Ash-Shuara, Verse 2
لَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ
(නබියේ!) ඔවුන් (ඔබව) විශ්වාස නොකළ හේතුවෙන් දුකෙන් ඔබව, ඔබම දිවි නසා ගන්නාක් මෙන්ද
Surah Ash-Shuara, Verse 3
إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةٗ فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ
අපි කැමති වුවහොත් ඔවුන්ගේ ඛෙලි යටහත් පහත් වී පැමිණෙන ලෙසට (දඬුවම්) දිය හැකි සාධකයන් අහසින් ඔවුන් මත අපි පහළ කර ඇත්තෙමු
Surah Ash-Shuara, Verse 4
وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ
රහ්මාන්ගේ සන්නිධානයෙන් අළුත් යම්කිසි හොඳ ඔවදනක් ඔවුන් වෙත පැමිණෙන සෑම විටම එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත
Surah Ash-Shuara, Verse 5
فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَـٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
(එබැවින් මෙයද) ඔවුන් නියත වශයෙන්ම බොරු කළහ. එහෙත් ඔවුන් කුමක් (බොරු ගොතා) සමච්චල් කරමින් සිටින්නෝද, එහි සත්‍යය ඉතාමත් ඉක්මනින් ඔවුන් වෙත පැමිණෙනු ඇත
Surah Ash-Shuara, Verse 6
أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ
ඔවුන් භූමිය බැලූවේ නැද්ද? (එහි) සෑම වර්ගයකම (ප්‍රයෝජනවත් විය හැකි) උසස් කොපමණදෝ පැලෑටි, ගස් වැල් වර්ග ජෝඩු ජෝඩු වශයෙන්ම අපි වැවෙන්නට සලස්වා ඇත්තෙමු
Surah Ash-Shuara, Verse 7
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත
Surah Ash-Shuara, Verse 8
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) ඔබගේ දෙවියන් නියත වශයෙන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 9
وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
(නබියේ!) ඔබගේ දෙවියන් මූසාව කැඳවා “ඔබ අපරාධකාර (ෆිර්අව්න්ගේ) ජනතාව වෙත යනු” යයි පැවසීම ගැන ඔබ අවධානය කර බලනු
Surah Ash-Shuara, Verse 10
قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ
“(එම) ෆිර්අව්න්ගේ ජනතාව (මට) බිය නොවන්නෙහුද?”යි (විමසුවේය)
Surah Ash-Shuara, Verse 11
قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ
එයට ඔහු “මගේ දෙවියනේ! මාව බොරුකාරයා කර දමනු ඇතැයි නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි කීවේය
Surah Ash-Shuara, Verse 12
وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ
(එසේ බොරුකාරයා කළහොත්) මගේ මනස බිඳී යනු ඇත. (ඒ අතර මට ගොතභාවය තිඛෙණ බැවින්) මගේ දිවෙන් (හොඳ හැටි) කතා කිරීමට නොහැක. එබැවින් (මා සමග) හාරූන්වද පැමිණෙන මෙන් (ඔහුට) ඔබ දැනුම් දෙනු මැනව
Surah Ash-Shuara, Verse 13
وَلَهُمۡ عَلَيَّ ذَنۢبٞ فَأَخَافُ أَن يَقۡتُلُونِ
“තවද මා කෙරෙහි ඔවුන් අත එක් චෝදනාවක්ද ඇත. ඒ වෙනුවෙන් ඔවුන් මාව ඝාතනය කර දමනු ඇතැයිද මා බිය වන්නෙමි” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 14
قَالَ كَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ
එයට (දෙවියන්) මෙසේ පැවසීය: “එසේ නොව. (හාරූන්වද කැඳවාගෙන) ඔබ දෙදෙනාම මගේ සාධකයන් රැගෙන යනු. නියත වශයෙන්ම මා ඔබ සමග සිටිමින් (සියල්ල) සවන් දෙමින් සිටින්නෙමි”
Surah Ash-Shuara, Verse 15
فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ
“එබැවින් ඔබ දෙදෙනා ෆිර්අව්න් වෙත ගොස් ‘නියත වශයෙන්ම අපි ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නාගේ දූතයින් වන්නෙමු”
Surah Ash-Shuara, Verse 16
أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ
“ඉස්රායීල දරුවන්ව ඔබ අප සමග යවනු’ යයිද පවසනු මැනව!” (යයි නියෝග කළේය)
Surah Ash-Shuara, Verse 17
قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدٗا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ
(එසේ ඔවුන් ෆිර්අව්න් වෙත ගොස් පැවසූ වහාම) මෙයට ඔහු (මූසාට) “අපි ඔබව ළදරුවෙකු වශයෙන් ගෙන, හදා වඩා ගත්තේ නැද්ද? ඔබ, (ඔබගේ තරුණ වියට පත් වන තුරු) වසර ගණනාවක් අප වෙත රැඳී සිටියේ නැද්ද?”
Surah Ash-Shuara, Verse 18
وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ
“ඔබ (කිරීමට නොසුදුසු) කාරණාවක් (ඝාතනයක්) කළෙහිය! (එයට සමාව දී තිබියදී) ඔබ කෙළෙහි ගුණ නොදන්නෙකු වශයෙන්ම සිටින්නෙහිය!” යයි කීවේය
Surah Ash-Shuara, Verse 19
قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ
එයට මූසා “මා නොදැනුවත්ව සිටි තත්වයෙහි එය මා කළෙමි”
Surah Ash-Shuara, Verse 20
فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ
“එබැවින් මා ඔබට බිය වී දිව ගියෙමි. එහෙත් මගේ දෙවියන් මා හට (ඥානයද), සාධාරණයද ලබා දී තමන්ගේ දූතයින්ගෙන් කෙනෙකු වශයෙන්ද මාව පත් කළේය”
Surah Ash-Shuara, Verse 21
وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ
“(මගේ ගෝත්‍රිකයින් වන) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව ඔබ වහලූන් වශයෙන් තබාගෙන සිටින තත්වයෙහි මෙය ඔබ කියා පෑමට යුතු කෘතඥභාවයක් වන්නේද?”යි විමසුවේය
Surah Ash-Shuara, Verse 22
قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ
එයට ෆිර්අව්න් “ලෝකවාසීන්ගේ උත්පාදකයා කවරෙක්ද?”යි විමසුවේය
Surah Ash-Shuara, Verse 23
قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ
එයට (මූසා) “අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද, උත්පාදනය කර පෝෂණය කළ අයම (ලෝකවාසීන්ගේ උත්පාදකයාද, පෝෂණය කරන්නාද වන්නේය. මෙම සත්‍යය) ඔබ විශ්වාස කරන්නෙහුද?”යි විමසුවේය
Surah Ash-Shuara, Verse 24
قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ
එයට ඔහු තමන් වටා සිටි අයට “ඔබ මෙයට සවන් දුන්නේ නැද්ද?”යි කීවේය
Surah Ash-Shuara, Verse 25
قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
එයට ඔහු “ඔබගේ දෙවියන් (පමණක් නොව, ඔබට) පෙර ඉකුත්ව ගිය ඔබගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ද (ඔහුය)” යයි කීවේය
Surah Ash-Shuara, Verse 26
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ
එයට (ෆිර්අව්න් ඔවුන්ට) “ඔබ වෙත යවන ලද (යයි පවසන) ඔබගේ දූතයා නියත වශයෙන්ම පිස්සෙකි” යයි කීවේය
Surah Ash-Shuara, Verse 27
قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ
එයට (මූසා) “නැගෙනහිර රටද, බස්නාහිර රටද, මේ අතර ඇති දැයද (වශයෙන් ප්‍රකට රටවල්ද) උත්පාදනය කර පෝෂණය කරන්නා (ඔහුය). මෙය ඔබ වටහා ගත යුතු නොවේද?”යි පැවසුවේය
Surah Ash-Shuara, Verse 28
قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ
එයට ඔහු “මා හැර (වෙන කිසිවක්) ඔබ දෙවියන් යයි ඇර ගතහොත් නියත වශයෙන්ම මා ඔබව සිර ගෙදරට යවන්නෙමි” යයි කීවේය
Surah Ash-Shuara, Verse 29
قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ
එයට ඔහු “පැහැදිලි එකක් (සාධකයක්) මා ඔබ වෙත ගෙනැවිත් තිබියදීද (විශ්වාස නොකරන්නේ)?” යයි විමසුවේය
Surah Ash-Shuara, Verse 30
قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
එයට ඔහු “ඔබ කියන දැය ඇත්ත නම්, එය ගෙන එනු” යයි කීවේය
Surah Ash-Shuara, Verse 31
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ
එබැවින් මූසා තම සැරයටිය වීසි කළේය. එවෙලේම එය පැහැදිලි පිඹුරෙකු බවට පත් විය
Surah Ash-Shuara, Verse 32
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّـٰظِرِينَ
තවද ඔහු තමන්ගේ අත (කමිස) සාක්කුව තුළට දමා එළියට ගත්තේය. (එවෙලේම බලන්නාගේ ඇස් හීන් වන තරමට දීප්තිමත් ආලෝකයෙන් බැබළෙන) සුදු වර්ණයෙන් දිස්වුණි
Surah Ash-Shuara, Verse 33
قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ
(මෙය දුටු ෆිර්අව්න්) තමන් වටා සිටි ප්‍රධානීන්ට “නියත වශයෙන්ම මොහු ඉතාමත් හොඳින් දැනුවත් සූනියම්කරුවෙකු වශයෙන් සිටින්නේය”
Surah Ash-Shuara, Verse 34
يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ
“මොහු තම සූනියම මගින් ඔබගේ රටින් ඔබව එළවා දමන්නට අදහස් කරන්නේය. එබැවින් මේ ගැන ඔබ කුමක් නම්, පවසන්නෙහුද?”යි විමසුවේය
Surah Ash-Shuara, Verse 35
قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
එයට ඔවුන් ඔහුටත්, ඔහුගේ සහෝදරයාටත් එක් නියමිත කාලයක් නියම කර කැඳවන්නන් (අණ ඛෙරකරුවන්) විවිධ නගරයන්ට යවනු
Surah Ash-Shuara, Verse 36
يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ
“ඔවුන් හොඳින් දැන උගත් සූනියම්කරුවන් සියල්ල ඔබ වෙත කැඳවාගෙන එනු ඇත” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 37
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ
(ඒ අන්දමට කැඳවන්නන් බොහොමයක් නගරයන්ට යවනු ලැබ), නියමිත දිනදී, නියමිත වේලාවට (නියමිත ස්ථානයෙහි), සූනියම්කරුවන් සියල්ල ඒකරාශී කරනු ලැබූහ
Surah Ash-Shuara, Verse 38
وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ
සියලූ මිනිසුන් වෙත “(නියමිත වේලාවට) ඔබ පැමිණ එක්රැස් වන්නෙහුද?”යි විමසනු ලැබූහ
Surah Ash-Shuara, Verse 39
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
“සූනියම්කරුවන් ජයග්‍රහණය කළහොත් (ඔවුන්ගේ ධර්මයම) අප අනුගමනය කරන්නටද ඉඩ ඇත” (යයිද ප්‍රචාරය කරන ලදී)
Surah Ash-Shuara, Verse 40
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ
සූනියම්කරුවන් සියල්ල පැමිණි අවස්ථාවේදී ඔවුන් ෆිර්අව්න්ගෙන් “ඇත්තෙන්ම අපි ජයග්‍රහණය කළහොත් එයට සරිලන කුලියක් අපට ලැඛෙයිද?”යි විමසූහ
Surah Ash-Shuara, Verse 41
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ
එයට ඔහු “එසේය, ඇත. (කුලිය පමණක්ද?) ඒ අවස්ථාවේදී නියත වශයෙන්ම ඔබ (අපගේ රාජසභාවේ උසස් පදවීන්ද), අපට සමීප ප්‍රධානීන්ගෙන්ද අය බවට පත් වන්නෙහුය” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 42
قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ
ඔවුන්ට මූසා “ඔබ (සූනියම් කිරීමට) වීසි කළ යුතු දැය වීසි කරනු” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 43
فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ
එබැවින් ඔවුන් තමන්ගේ සැරයටිද කඹද වීසි කර,”ෆිර්අව්න්ගේ ගෞරවය මත සත්තකින්ම! නියත වශයෙන්ම අපිම ජයග්‍රහණය කරන්නෙමු” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 44
فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ
පසුව මූසාද තම සැරයටිය වීසි කළේය. එය (විශාල නාගයෙක් බවට පත් වී) ඔවුන් කර තිබූ සුනියම් සියල්ල ගිල දැමීමට පටන් ගත්තේය
Surah Ash-Shuara, Verse 45
فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ
(මෙය දුටු) සූනියම්කරුවන් සියල්ල බිම වැටී සුජූද් කළේය
Surah Ash-Shuara, Verse 46
قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ
(තවද) “ලෝකයන් සියල්ලෙහි දෙවියන්වම අපි විශ්වාස කළෙමු” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 47
رَبِّ مُوسَىٰ وَهَٰرُونَ
“ඔහුම මූසා, හාරූන් යන අයගේ දෙවියන්ද වන්නේය” (යයිද පැවසූහ)
Surah Ash-Shuara, Verse 48
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ
එයට (ෆිර්අව්න්) “මා ඔබට අනුමැතිය ලබා දීමට පෙරම ඔබ ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම ඔබට සූනියම් උගන්වා දුන් ඔබගේ ප්‍රධානියා ඔහුය. (මෙහි ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය. ඔබගේ අත් පා මාරුවෙන් මාරුවට කපා ඔබ සියල්ලන්වම කුරුසයෙහි තබා ඇන ගසන්නෙමි” යයි කීවේය
Surah Ash-Shuara, Verse 49
قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ
එයට ඔවුන් “(එමගින්) අපට කිසිම අඩුපාඩුවක් නැත. (මන්දයත්) නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් දෙසටම ආපසු යන්නෙමු” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 50
إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ
(තවද) “නියත වශයෙන්ම (මූසාව) විශ්වාස කළ අයගෙන් අපි පළමුවැනි අය වශයෙන් සිටින බැවින් අපගේ දෙවියන් අපගේ වැරදිවලට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෙමු” (යයිද පැවසූහ)
Surah Ash-Shuara, Verse 51
۞وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ
පසුව අපි මූසාට වහී දැන්වූවෙමු. “(ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) මගේ වහලූන්ව කැඳවාගෙන, ඔබ රාත්‍රියේදීම පිටත් වී යනු. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ඔබව අනුගමනය කරමින් ලූහු බැඳ එනු ඇත”
Surah Ash-Shuara, Verse 52
فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ
(එසේ ඔවුන් ගිය විට) ෆිර්අව්න් විවිධ නගරවලට (ජනතාවන්ව කැඳවීමට) කැඳවන්නන් යවනු ලැබූහ
Surah Ash-Shuara, Verse 53
إِنَّ هَـٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ
“නියත වශයෙන්ම (ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) මොවුන් ඉතාමත් සුළු සංඛ්‍යාවක්(යයිද පැවසූහ)
Surah Ash-Shuara, Verse 54
وَإِنَّهُمۡ لَنَا لَغَآئِظُونَ
(තවද) “ඔවුන් අපව කෝපයට ලක් කළහ”
Surah Ash-Shuara, Verse 55
وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ
නමුත් “නියත වශයෙන්ම අපි ඉතාමත් විශාල සංඛ්‍යාවකි. (ඒ සමගම) ඉතාමත් ප්‍රවේසම් සහිත අයයි” (යයි පවසා, විවිධ නගරවාසීන්ව ඒකරාශී කරගෙන ඉස්රායීල පරම්පරාවේ දරුවන් පසුපස ලූහු බැඳ ගියහ)
Surah Ash-Shuara, Verse 56
فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّـٰتٖ وَعُيُونٖ
(මෙසේ ඔවුන්ගේ) වතු පිටිවලින්ද අපි ඔවුන්ව පිටමං කර හැරියෙමු
Surah Ash-Shuara, Verse 57
وَكُنُوزٖ وَمَقَامٖ كَرِيمٖ
තවද (ඔවුන්ගේ) නිධානයන්ගෙන්ද, ඉතාමත් උසස් නිවෙස්වලින්ද (ඔවුන්ව පිටමං කර හැරියෙමු)
Surah Ash-Shuara, Verse 58
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ
මෙසේ (ඔවුන්ව පිටමං කර හැර) ඉස්රායීල දරුවන්ව ඒවාට උරුමක්කාරයින් බවටද පත් කළෙමු
Surah Ash-Shuara, Verse 59
فَأَتۡبَعُوهُم مُّشۡرِقِينَ
සූර්යයා උදා වන විට මොවුන්, ඔවුන් පිටුපස ලූහු බැන්දාහ
Surah Ash-Shuara, Verse 60
فَلَمَّا تَرَـٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ
මෙම සමූහයන් දෙක කෙනෙකුට කෙනෙකු දුටු අවස්ථාවේදී “නියත වශයෙන්ම අපි කොටු වුනෙමු” යයි මූසාගේ සහායයන් පැවසූහ
Surah Ash-Shuara, Verse 61
قَالَ كَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ
එයට (මූසා) “එසේ නොව. නියත වශයෙන්ම මගේ දෙවියන් මා සමග සිටින්නේය. (අපි බේරෙන) මාර්ගය නියත වශයෙන්ම අපට දැනුම් දෙනු ඇත” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 62
فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ
එබැවින් අපි මූසාට “ඔබ, ඔබගේ සැරයටියෙන් මෙම මුහුදට ගසනු” යයි වහී (මාර්ගයෙන්) දැනුම් දුන්නෙමු. (ඔහු එසේ ගැසූ වහාම) එය (විවිධ මාර්ගයන් බවට) පැලී දෙකඩ විය. සෑම පැල්මක්ම විශාල කඳු මෙන් දිස් විය
Surah Ash-Shuara, Verse 63
وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ
(පසුපසින් ගිය) අනිත් අයවද එයට ළඟා වීමට සැලැස්සුවෙමු
Surah Ash-Shuara, Verse 64
وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ
මූසාවද, ඔහු සමග සිටි සියල්ලන්වම අපි බේරා ගත්තෙමු
Surah Ash-Shuara, Verse 65
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
පසුව (ඔවුන් පසුපස ගිය) අනිත් සියල්ලන්වම ගිල්වා දැමුවෙමු
Surah Ash-Shuara, Verse 66
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම මෙහි (මෙම සිද්ධියේදී) පාඩමක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කළේ නැත
Surah Ash-Shuara, Verse 67
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ට) බලසම්පන්නයෙකු හා කරුණාවන්ත-යෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 68
وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ إِبۡرَٰهِيمَ
(නබියේ!) ඔවුන්ට ඉබ්රාහීම්ගේ ඉතිහාසයද සමුදීරණය කර පෙන්වනු
Surah Ash-Shuara, Verse 69
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ
ඔහු තමන්ගේ පියාගෙන්ද, තම ජනතාවගෙන්ද “ඔබ කුමක් නම්, නමදින්නෙහුද?”යි විමසූහ
Surah Ash-Shuara, Verse 70
قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ
විට ඔවුන් “අපි පිළිරූ නමදින්නෙමු. එවාම අපි සදාකල් ආරාධනා කරමින්ම සිටින්නෙමු” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 71
قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ
එයට (ඉබ්රාහීම් ඔවුන්ට) “ඔබ ඒවාට ආරාධනා කළහොත් ඔබට සවන් දෙන්නෙහුද?” යි විමසුවේය
Surah Ash-Shuara, Verse 72
أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ
“නැතහොත් (ඒවා ඔබ ආරාධනා කිරීමෙන්) ඔබට යම්කිසි හොඳක් හෝ (ආරාධනා නොකළහොත්) නරකක් හෝ කරන්නෙහුද?”යි විමසුවේය
Surah Ash-Shuara, Verse 73
قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ
(එයට ඔවුන්) “නැත. අපගේ මුතුන් මිත්තන් මේ අන්දමටම (ආරාධනා) කරමින් සිටිනු අපි දුටුවෙමු. (එබැවින් අපිත් ආරාධනා කරන්නෙමු)” යයි පවැසූහ
Surah Ash-Shuara, Verse 74
قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ
එයට (ඉබ්රාහීම්) මෙසේ පැවසීය: “ඔබ නමදින දැය ඔබ අවධානය කර බැලූවෙහුද?”
Surah Ash-Shuara, Verse 75
أَنتُمۡ وَءَابَآؤُكُمُ ٱلۡأَقۡدَمُونَ
“ඔබ නමදින දැයද, ඔබට පෙර විසූ ඔබගේ පියවරුන් (නැමදූ දැය)ද ඔබ අවධානය කර බැලූවෙහුද?”
Surah Ash-Shuara, Verse 76
فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ
“නියත වශයෙන්ම මේවා මා හට සතුරන්ය! ලෝකයන් සියල්ල පෝෂණය කරන්නාම (මගේ දෙවියන්ය)”
Surah Ash-Shuara, Verse 77
ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ
“ඔහුම මාව උත්පාදනය කළේය. ඔහුම මාව ඍජු මාර්ගයෙහි යාමට සලස්වන්නේය”
Surah Ash-Shuara, Verse 78
وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ
“ඔහුම මා හට ආහාර පානද ලබා දෙන්නේය”
Surah Ash-Shuara, Verse 79
وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ
“මා අසනීප වූ අවසථාවන්හිදී ඔහුම මාව සනීප කරන්නේය”
Surah Ash-Shuara, Verse 80
وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ
“ඔහුම මාව මරණයට පත් කරන්නේය. පසුව ඔහුම මාව (විනිශ්චය දිනදී) පණ දෙන්නේය”
Surah Ash-Shuara, Verse 81
وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ
“ඵලවිපාක දෙනු ලබන (විනිශ්චය) දිනදී මගේ වැරදිවලට සමාව දීමට මා ඔහුවම විශ්වාස කරමින් සිටින්නෙමි”
Surah Ash-Shuara, Verse 82
رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّـٰلِحِينَ
“මගේ දෙවියනේ! ඔබ මට ඥානය පහළ කර, හොඳ අය සමග මාව එක්කාසු කර හරිනු මැනව!”
Surah Ash-Shuara, Verse 83
وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ
“පසු කාලයේදීද (යුග අවසාන දින දක්වා සියල්ල) මා හට (අෙලෙහිස්සලාම් යයි පවසන) හොඳ නාමයද (කීර්තියද) ලබා දෙනු මැනව!”
Surah Ash-Shuara, Verse 84
وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ
“සැප පහසුවෙන් යුත් ස්වර්ගය උරුමක්කාරයින් වශයෙන් සිටින්නන්ගෙන් කෙනෙකු බවට මාවද ඔබ පත් කරනු මැනව!”
Surah Ash-Shuara, Verse 85
وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ
“මගේ පියාවද ඔබ ක්ෂමා කර හරිනු මැනව! නියත වශයෙන්ම ඔහුගේ මාර්ගය වැරද ගියේය”
Surah Ash-Shuara, Verse 86
وَلَا تُخۡزِنِي يَوۡمَ يُبۡعَثُونَ
“(පණ දී) නැගිට්ටවනු ලබන (විනිශ්චය) දිනදී ඔබ මාව අවමානයට ලක් නොකරනු මැනව!”
Surah Ash-Shuara, Verse 87
يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ
“එදිනදී වස්තුවද මිනිසුන්ද කිසිම ප්‍රයෝජනයක් අත් කර නොදෙන්නේය”
Surah Ash-Shuara, Verse 88
إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ
“එහෙත් පරිශුද්ධ හෘදය සමග (තම දෙවියන් වන) අල්ලාහ් වෙත පැමිණෙන්නාම (ජයග්‍රහණය කරනු ඇත)”
Surah Ash-Shuara, Verse 89
وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ
“භය භක්තිකයින් (වෙනුවෙන් ඔවුන්)ව කළින්ම ස්වර්ගයට ගෙන එනු ලැබේ”
Surah Ash-Shuara, Verse 90
وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِلۡغَاوِينَ
“මාර්ගය වැරද ගියවුන් කළින්ම නිරයට ගෙනැවිත් තබනු ලැබේ”
Surah Ash-Shuara, Verse 91
وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ
ඔවුන්ගෙන් “අල්ලාහ් හැර, ඔබ නමදිමින් සිටි දැය කොහේද? යි විමසනු ලැබේ
Surah Ash-Shuara, Verse 92
مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ
(ඒ අතර) අල්ලාහ් හැර ඒවා ඔබට උදව් කරයිද? නැතහොත් තමන්වම බේරා ගනීවිද?”යි විමසනු ලැබේ
Surah Ash-Shuara, Verse 93
فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ
“(පසුව) ඒවාද (ඒවා නැමද) මාර්ගය වැරද ගිය අයද සියල්ලන්ම මුණින් අතට එහි (නිරයෙහි) තල්ලූ කරනු ලබන්නාහ”
Surah Ash-Shuara, Verse 94
وَجُنُودُ إِبۡلِيسَ أَجۡمَعُونَ
ඉබ්ලීස්ගේ සේනාවද එහි (නිරයෙහි) තල්ලූ කරනු ලබන්නාහ
Surah Ash-Shuara, Verse 95
قَالُواْ وَهُمۡ فِيهَا يَخۡتَصِمُونَ
එහිදී ඔවුන් තමන් තුළ තර්ක කරමින් මෙසේ පවසන්නාහ
Surah Ash-Shuara, Verse 96
تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ
“අල්ලාහ් මත සත්තකින්ම! අපි ප්‍රකට දුර්මාර්ගයෙහිම සිටියෙමු”
Surah Ash-Shuara, Verse 97
إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
(තමන්ගේ දෙවිවරුන්ට) “ඔබව අපි ලෝකයන්හි රහ්මාන්ට සමාන කර තැබුවෙමු
Surah Ash-Shuara, Verse 98
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ
(තවද මෙම) වැරදිකරුවන් මිස, (කිසිවෙකුත්) අපිව මාර්ගය වැරද යැවුවේ නැත
Surah Ash-Shuara, Verse 99
فَمَا لَنَا مِن شَٰفِعِينَ
“අපට මැදිහත් වී කතා කරන්නන් (අද) කිසිවෙකුත් නැත!”
Surah Ash-Shuara, Verse 100
وَلَا صَدِيقٍ حَمِيمٖ
“(අප කෙරෙහි) අනුකම්පාව ඇති (සත්‍ය) මිතුරෙකුත් නැත නොවෙද!”
Surah Ash-Shuara, Verse 101
فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
“අපි (ලොවට) ආපසු හැරී යන්නට හැකි වුවහොත් නියත වශයෙන්ම අපි සත්‍ය විශ්වාසවන්තයින් බවට පත් වන්නෙමු” (යයි ප්‍රාර්ථනා කරනු ඇත)
Surah Ash-Shuara, Verse 102
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
ඇත්තෙන්ම මෙහි එක් පාඩමක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) විශ්වාස කරන්නේ නැත
Surah Ash-Shuara, Verse 103
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 104
كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ
නූහුගේ ජනතාව (තමන් වෙත පැමිණි අපගේ) දූතයින්ව බොරුකාරයින් කළහ
Surah Ash-Shuara, Verse 105
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ
ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුන්ට මෙසේ පැවසූ අවස්ථාවේදී, “ඔබ (අල්ලාහ්ට) බිය විය යුතු නොවේද?”
Surah Ash-Shuara, Verse 106
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
“ඇත්තෙන්ම මා ඔබ වෙත (දෙවියන් විසින්) යවන ලද ඉතාමත් විශ්වාසවන්ත දූතයෙකු වන්නෙමි”
Surah Ash-Shuara, Verse 107
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
“එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මට අවනත වී කටයුතු කරනු
Surah Ash-Shuara, Verse 108
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
(මේ වෙනුවෙන්) මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, බේරාගෙන ආරක්ෂා කරන්නා වෙතම ඇත්තේය”
Surah Ash-Shuara, Verse 109
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
“එබැවින් ඔබ (එම) අල්ලාහ්ට බිය වී, මට අවනත වී කටයුතු කරනු” (යයි පැවසුවේය)
Surah Ash-Shuara, Verse 110
۞قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ
එයට ඔවුන් “ඔබව අපි විශ්වාස කරන්නද! (අපට කුලී වැඩ කරන) දීනවූ අයම ඔබව අනුගමනය කරමින් සිටින්නාහ” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 111
قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ
එයට ඔහු “ඔවුන් කරමින් සිටින වැඩ ගැන මා කුමක් නිසා දැන ගත යුතුද? (එය විපරම් කර බැලීම මගේ කාර්යයක් නොව)”
Surah Ash-Shuara, Verse 112
إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ
“(මේවා ගැන) ඔවුන් වෙත ගණනය කිරීම මගේ දෙවියන් කෙරෙහිම අනිවාර්යය යුතුකමක් වන්නේය. (මා කෙරෙහි නොව. මෙය) ඔබ දැන ගත යුතු නොවේද”
Surah Ash-Shuara, Verse 113
وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ
විශ්වාසය තැබූවන්ව (ඔවුන් දුප්පතුන් බැවින්) එළවා දැමීමට මට නොහැක
Surah Ash-Shuara, Verse 114
إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ
මා සියල්ලන්ටම ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකු මිස, වෙන කිසිවක් නැත යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 115
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ
එයට ඔවුන් “ඕ නූහ්! ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 116
قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ
එයට ඔහු “මගේ දෙවියනේ! මගේ (මෙම) ජනතාව නියත වශයෙන්ම මාව බොරුකාරයා කර දැමූහ” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 117
فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
“එබැවින් මටත්, ඔවුන්ටත් අතරේ ඔබ තීන්දුවක් දී මාවද, මා සමග වූ විශ්වාසය තැබූවන්වද බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය
Surah Ash-Shuara, Verse 118
فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
එබැවින් අපි ඔහුවද, (විශ්වාසය තබා) ඔහු සමග සිටි අයවද (අනිත් ජීව වස්තූන්ගෙන්) පිරි නැවෙහි (පටවා) බේරා ගත්තෙමු
Surah Ash-Shuara, Verse 119
ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ
ඉන්පසු (නැවෙහි නොනැගී) ඉතිරිව සිටි අයව අපි ගිල්වා දැමුවෙමු
Surah Ash-Shuara, Verse 120
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම මෙහි එක් පාඩමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත
Surah Ash-Shuara, Verse 121
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (ඔවුන්ට) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 122
كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ
ආද් නමැති ජනතාවද අපගේ දූතයාව බොරුකාරයා කළහ
Surah Ash-Shuara, Verse 123
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ
ඔවුන්ගෙන් සහෝදර හූද් “ඔබ අල්ලාහ්ට බිය විය යුතු නොවේද” යයි විමසුවේය
Surah Ash-Shuara, Verse 124
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මා ඔබ වෙත යවනු ලැබූ විශ්වාසවන්ත එක් දූතයෙකු වන්නෙමි
Surah Ash-Shuara, Verse 125
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වී කටයුතු කරනු
Surah Ash-Shuara, Verse 126
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
“ඒ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය නම්, ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙත ඇත්තේය”
Surah Ash-Shuara, Verse 127
أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ
“ඔබ උසස් ස්ථානයන්හි (විශාල කුළුණු මෙන්) මතක සටහන් නිකරුණේ ඉදි කරන්නෙහුද”
Surah Ash-Shuara, Verse 128
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ
ඔබ (විනාශ නොවන) සදාකල් වාසය කරන්නන් මෙන් (ඔබගේ මාලිගාවන්හි උසස්) කැටයම්ද නිර්මාණය කරන්නෙහුය
Surah Ash-Shuara, Verse 129
وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ
“ඔබ (කවුරුන්ව හෝ) අල්ලා ගතහොත් (කිසි අනක් ගුණක් නැතිව) ඉතාමත් දරුණු ලෙස වද හිංසා කරන්නෙහුය
Surah Ash-Shuara, Verse 130
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
“ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වී කටයුතු කරනු”
Surah Ash-Shuara, Verse 131
وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ
“ඔබ දැනුවත් විවිධ වස්තූන්ද, කවුරුන් ඔබට (ලබා දී) උදව් කළෙහුද, ඔහුට ඔබ බිය වනු”
Surah Ash-Shuara, Verse 132
أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ
“දරුවන්ද, එළු, ගව, ඔටුවන්ද, ඔබට (ලබා දී) උදව් උපකාර කර ඇත්තේය
Surah Ash-Shuara, Verse 133
وَجَنَّـٰتٖ وَعُيُونٍ
වතු පිටිද ඔහුම ඔබට ලබා දී ඇත්තේය
Surah Ash-Shuara, Verse 134
إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ
ඔහුට ඔබ වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම මා ඉමහත් වූ දිනක දඬුවම ඔබට පැමිණෙනු ඇතැයි බිය වන්නෙමි” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 135
قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ
එයට ඔවුන් “(ඕ හූද්!) ඔබ අපට හොඳ ඔවදන් දීමද, හොඳ ඔවදන් නොදීමද, එක සමානය
Surah Ash-Shuara, Verse 136
إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ
(බිය ගැන්වීමට) මෙය (මෙසේ පැවසීම) පෙර විසූවන්ගේ පුරුද්දක් මිස, වෙන කිසිවක් නැත!”
Surah Ash-Shuara, Verse 137
وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
“(ඔබ පවසන අන්දමට) අපි (කිසිම) දඬුවමකට ලක් නොවන්නෙමු” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 138
فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් අපි ඔවුන්ව විනාශ කර දැමුවෙමු. නියත වශයෙන්ම මෙහි (හොඳ) සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත
Surah Ash-Shuara, Verse 139
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) ඔබගේ දෙවියන්ම (ඔවුන්ටද) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 140
كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ
සමූද් (ජනතාවද ඔවුන් වෙත යවනු ලැබූ අපගේ) දූතයාව බොරුකාරයා කළහ
Surah Ash-Shuara, Verse 141
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ
ඔවුන්ගේ සහෝදර සාලිහ් (නබි) ඔවුන්ට ඔබ (පාපයන්) වළක්වා අල්ලාහ්ට බිය වී අවනත වී කටයුතු කළයුතු නොවේද? යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 142
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මා ඔබ වෙත යවනු ලැබූ ඉතාමත් විශ්වාසවන්ත දූතයෙකි
Surah Ash-Shuara, Verse 143
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මා හට අවනත වී කටයුතු කරනු
Surah Ash-Shuara, Verse 144
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
මේ වෙනුවෙන් මා ඔබගෙන් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකයන් උත්පාදනය කර, පෝෂණය කරන්නා වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”
Surah Ash-Shuara, Verse 145
أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ
“මෙහි (ඇති සැප සම්පත්වලින් සදාකල්) බිය නොවී (ජීවත් වීමට ඔබව) අත්හැර දමනු ලබන්නෙහුද?”
Surah Ash-Shuara, Verse 146
فِي جَنَّـٰتٖ وَعُيُونٖ
“ (මෙහි ඇති) වතු පිටි වලද ගොවිපළවල්වලද
Surah Ash-Shuara, Verse 147
وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ
(තවද) වලූ වලින් පිරුණු ඉඳි වතුවලද
Surah Ash-Shuara, Verse 148
وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ
කඳු හාරා ඉදි කරන ලද නිවාසයන්හිද, ඉතාමත් සතුටින් (සදාකල් රැඳී සිටීමට ඔබව අත්හැර දමනු ලබන්නෙහුද?)”
Surah Ash-Shuara, Verse 149
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
“එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මා හට අවනත වී කටයුතු කරනු
Surah Ash-Shuara, Verse 150
وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ
“සීමාව ඉක්මවා යන අයගේ අණට ඔබ යටත් නොවනු
Surah Ash-Shuara, Verse 151
ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ
ඔවුන් භූමියෙහි අපරාධ කරන්නන් මිස, හොඳක් නොකරන්නාහ” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 152
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ
එයට ඔවුන් (සාලිහ් නබිට) “සූනියමට අයත් අයගෙන් ඔබත් කෙනෙකි (එබැවින් ඔබගේ මනස කැළඹී ගියේය)” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 153
مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
(“ඔබ අප වැනි මිනිසෙකු මිස වෙන කිසිවෙකු නොව. ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, අපි කැමති වන අන්දමට) යම්කිසි සාධකයක් ගෙන එනු” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 154
قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ
එයට ඔහු “(ඔබට සාධකයක් වශයෙන්) එක් ඔටු දෙනකු සිටින්නේය. (ඔබ වතුර බොන මෙම තොටුපළෙහි) එය එක් එක් නියමිත දිනකදී ඌ බීමටද, ඔබ බීමටද, නියම කරනු ලැබේ
Surah Ash-Shuara, Verse 155
وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ
තවද ඔබ යම්කිසි හානියක් කිරීමට ඌට ළං නොවනු. එසේ වුවහොත් දිනකදී දරුණු දඬුවම් ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 156
فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ
(මෙසේ පවසා තිබියදී ඌ වතුර බීමට ගිය අවස්ථාවේදී) ඔවුන් උගේ (කකුලේ නහරයක්) කපා දැමූහ. (එබැවින් එම ඔටුවා මරණයට පත් වූ වහාම දඬුවම් පැමිණීමේ සළකුණු දුටු විට), ඔවුන් දුකෙහි ගැලී ගියහ
Surah Ash-Shuara, Verse 157
فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
ඔවුන්ව දඬුවමද අල්ලා ගත්තේය. නියත වශයෙන්ම (ඔවුන්ට) මෙහි එක් සාධකයක් ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේම නැත
Surah Ash-Shuara, Verse 158
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 159
كَذَّبَتۡ قَوۡمُ لُوطٍ ٱلۡمُرۡسَلِينَ
ලුත් (නබි)ගේ ජනතාවද (අපගේ) දූතයින්ව බොරුකාරයින් කළහ
Surah Ash-Shuara, Verse 160
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ لُوطٌ أَلَا تَتَّقُونَ
ඔවුන්ගේ සහෝදර ලුත් තුමා “ඔබ (පාපයෙන් ඔබව) ආරක්ෂා කර ගත යුතු නොවේද?” (යයි පැවසූහ)
Surah Ash-Shuara, Verse 161
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
නියත වශයෙන්ම මා ඔබ වෙත යවන ලද විශ්වාසවන්ත දූතයෙකු වශයෙන් සිටින්නෙමි
Surah Ash-Shuara, Verse 162
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී, මට අවනත වනු”
Surah Ash-Shuara, Verse 163
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරන දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත”
Surah Ash-Shuara, Verse 164
أَتَأۡتُونَ ٱلذُّكۡرَانَ مِنَ ٱلۡعَٰلَمِينَ
“ලෝකවාසීන්ගෙන් (සුවය විඳීමට) ඔබ පිරිමින් වෙත පැමිණෙන්නෙහුද
Surah Ash-Shuara, Verse 165
وَتَذَرُونَ مَا خَلَقَ لَكُمۡ رَبُّكُم مِّنۡ أَزۡوَٰجِكُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٌ عَادُونَ
ඔබගේ භාර්යයාවන්ගෙන් (ඔබ සුවය විඳීමට) ඔබගේ රබ්බු ඔබ වෙනුවෙන් උත්පාදනය කර ඇති දැය ඔබ අත්හැර දමන්නෙහුය. නැත! ඔබ සීමාව ඉක්මවූ සමූහයකි” (යයි පැවසුවේය)
Surah Ash-Shuara, Verse 166
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلۡمُخۡرَجِينَ
එයට ඔවුන් “ඕ ලුත්! (මෙසේ පැවසීමෙන්) ඔබ ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබ (අපගේ රටින්) එළවා දමනු ලබන්නෙහිය” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 167
قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ ٱلۡقَالِينَ
එයට ඔහු “නියත වශයෙන්ම මා ඔබගේ (මෙම නපුරු) ක්‍රියාව පිළිකුල් කරන්නෙමි” (යයි පැවසුවේය)
Surah Ash-Shuara, Verse 168
رَبِّ نَجِّنِي وَأَهۡلِي مِمَّا يَعۡمَلُونَ
“මගේ දෙවියනේ! මොවුන්ගේ (මෙම නපුරු) ක්‍රියාවෙන් මාවද, මගේ පවුලේ උදවියද බේරා ගනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය
Surah Ash-Shuara, Verse 169
فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ සියල්ලන්වද අපි බේරා ගත්තෙමු
Surah Ash-Shuara, Verse 170
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
එහෙත් ඔහුගේ එක් මැහැල්ලියක් (භාර්යයාවක්) හැර, ඇය පසුපසින් රැඳී සිටියවුන් සමග නැවතී (විනාශ වී) ගියාය
Surah Ash-Shuara, Verse 171
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
පසුව අපි අන් සියල්ලන්වම සහමුලින්ම විනාශ කර දැමුවෙමු
Surah Ash-Shuara, Verse 172
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ
ඔවුන් කෙරෙහි අපි (ගල්) වරුසාවක් වසින්නට සැලැස්සුවෙමු. බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන් (මත වසින්නට සැලැස්වූ ගල්) වරුසාව ඉතාමත් නපුරුය
Surah Ash-Shuara, Verse 173
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත
Surah Ash-Shuara, Verse 174
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 175
كَذَّبَ أَصۡحَٰبُ لۡـَٔيۡكَةِ ٱلۡمُرۡسَلِينَ
(මදියන් රටේ) අයිකා නමැති වනවාසීන්ද (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ
Surah Ash-Shuara, Verse 176
إِذۡ قَالَ لَهُمۡ شُعَيۡبٌ أَلَا تَتَّقُونَ
ෂුඅයිබ් (නබි) ඔවුන්ට “ඔබ (අල්ලාහ්ට බිය වී, පාපයන්ගෙන්) ඈත් විය යුතු නොවේද?” (යයි පැවසූහ)
Surah Ash-Shuara, Verse 177
إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ
“නියත වශයෙන්ම මා ඔබ වෙත යවන ලද විශ්වාසවන්ත දූතයෙකු වශයෙන් සිටින්නෙමි”
Surah Ash-Shuara, Verse 178
فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
“අල්ලාහ්ට බිය වී, මට අවනත වනු”
Surah Ash-Shuara, Verse 179
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ
“මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලී සියල්ල ලෝකවාසීන්ව පෝෂණය කරමින් සිටින දෙවියන් වෙතම මිස, (වෙන කිසිවෙකුත් වෙත) නැත”
Surah Ash-Shuara, Verse 180
۞أَوۡفُواْ ٱلۡكَيۡلَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُخۡسِرِينَ
“මිනුම පූරණ වශයෙන් මනිනු. (ජනතාවට) පාඩුවක් ඇති කරන්නන් වශයෙන් නොසිටිනු”
Surah Ash-Shuara, Verse 181
وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِ
“නිවැරදි තරාදියකින් කිරිනු”
Surah Ash-Shuara, Verse 182
وَلَا تَبۡخَسُواْ ٱلنَّاسَ أَشۡيَآءَهُمۡ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
“මිනිසුන්ට ලබා දිය යුතු භාණ්ඩ ඔබ අඩුකර නොදමනු. ඔබ භූමියෙහි අපරාධ කරමින් නොහැසිරෙනු”
Surah Ash-Shuara, Verse 183
وَٱتَّقُواْ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلۡجِبِلَّةَ ٱلۡأَوَّلِينَ
“ඔබවද, ඔබට පෙර විසූවන්වද, කවුරුන් උත්පාදනය කළේද, ඔහුටම ඔබ බිය වනු” යයිද පැවසුවේය
Surah Ash-Shuara, Verse 184
قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ
එයට ඔවුන් “ඔබ සූනියමට ඇතුළු වූ කෙනෙකු බවට පත් වූවෙහිය”(යයි පැවසූහ)
Surah Ash-Shuara, Verse 185
وَمَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلۡكَٰذِبِينَ
“ඔබ අප වැනි මිනිසෙකු මිස, වෙන කිසිවෙකු නොව. නියත වශයෙන්ම අපි ඔබ බොරුකාරයින්ගෙන් කෙනෙකු වශයෙන්ම අදහස් කරන්නෙමු”
Surah Ash-Shuara, Verse 186
فَأَسۡقِطۡ عَلَيۡنَا كِسَفٗا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
“ඔබ ඇත්ත කියන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහු නම් අහස කෑලිවලට කඩා එයින් එක් කැබැල්ලක් අප වෙත වීසි කරනු” යයි පැවසූහ
Surah Ash-Shuara, Verse 187
قَالَ رَبِّيٓ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ
එයට ඔහු “ඔබ කරමින් සිටින (නපුරු) කාරණාව මගේ දෙවියන් හොඳින් දන්නේය. (මෙයට අයත් දඬුවම ඔබට අනිවාර්යයෙන් දෙනු ඇත)” යයි පැවසුවේය
Surah Ash-Shuara, Verse 188
فَكَذَّبُوهُ فَأَخَذَهُمۡ عَذَابُ يَوۡمِ ٱلظُّلَّةِۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوۡمٍ عَظِيمٍ
(එහෙත්) පසුවත් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් (ඝන) අඳුරු දිනයෙහි දඬුවම ඔවුන්ව හසු කර ගත්තේය. නියත වශයෙන්ම එය නපුරු දිනයක දඬුවමක් වශයෙන්ම තිබුණි
Surah Ash-Shuara, Verse 189
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ
නියත වශයෙන්ම මෙහිද සාධකයක් ඇත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත
Surah Ash-Shuara, Verse 190
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ම (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 191
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلۡعَٰلَمِينَ
(නබියේ! ශුද්ධ වූ කුර්ආනය වන) මෙය නියත වශයෙන්ම ලෝකයන්ගේ දෙවියන් විසින්ම පහළ කරන ලදී
Surah Ash-Shuara, Verse 192
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلۡأَمِينُ
(දෙවියන්ගේ නියෝගයට අනුව) රූහුල් අමීන් (නමැති ජිබ්රීල්) මෙය ඔබගේ මනසෙහි පහළ කර තැබුවේය
Surah Ash-Shuara, Verse 193
عَلَىٰ قَلۡبِكَ لِتَكُونَ مِنَ ٱلۡمُنذِرِينَ
(මිනිසුන්ට) ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහා (මෙය පහළ කර තැබුවේය)
Surah Ash-Shuara, Verse 194
بِلِسَانٍ عَرَبِيّٖ مُّبِينٖ
පැහැදිලි අරාබි භාෂාවෙන් (මෙය පහළ කර තැබුවේය)
Surah Ash-Shuara, Verse 195
وَإِنَّهُۥ لَفِي زُبُرِ ٱلۡأَوَّلِينَ
(මේ සම්බන්ධයෙන් වූ අනාවැකිය) නියත වශයෙන්ම පෙර තිබූ ධර්මයන්හිද ඇත්තේය
Surah Ash-Shuara, Verse 196
أَوَلَمۡ يَكُن لَّهُمۡ ءَايَةً أَن يَعۡلَمَهُۥ عُلَمَـٰٓؤُاْ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ
ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් වූ විද්වතුන් මෙය දැන සිටීමම ඔවුන්ට ප්‍රමාණවත් සාධකයක් නොවෙද
Surah Ash-Shuara, Verse 197
وَلَوۡ نَزَّلۡنَٰهُ عَلَىٰ بَعۡضِ ٱلۡأَعۡجَمِينَ
(මොවුන් කැමති අන්දමට අරාබි නොවන) අජමි (වෙනත් ජනතාවන්ට අයත්) යම්කිසි කෙනෙකු කෙරෙහි (ඔහුගේ භාෂාවෙන්) මෙය පහළ කර
Surah Ash-Shuara, Verse 198
فَقَرَأَهُۥ عَلَيۡهِم مَّا كَانُواْ بِهِۦ مُؤۡمِنِينَ
ඔහු මෙය ඔවුන්ට සමුදීරණය කර පෙන්වූවා වුවද, ඔවුන් මෙය විශ්වාස කර ඇත්තේම නැත
Surah Ash-Shuara, Verse 199
كَذَٰلِكَ سَلَكۡنَٰهُ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ
මෙසේ (ඍනාත්මක මනසින් යුතුව ප්‍රතික්ෂේප කරන නපුරු ගති ගුණයෙන් යුතු) මෙය මෙම වැරදිකරුවන්ගේ හෘදයන්හි අපි ඇතුළු කර ඇත්තෙමු
Surah Ash-Shuara, Verse 200
لَا يُؤۡمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُاْ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
එබැවින් වේදනා ගෙන දෙන දඬුවම මොවුන් (තමන්ගේ දෑසින්) දකින තුරු මෙය විශ්වාස කරන්නේම නැත
Surah Ash-Shuara, Verse 201
فَيَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
එය ඔවුන් වටහා නොගන්නා සේ හදිසියේ ඔවුන් වෙත පැමිණ ළඟා වන ඒ අවස්ථාවේදී
Surah Ash-Shuara, Verse 202
فَيَقُولُواْ هَلۡ نَحۡنُ مُنظَرُونَ
ඔවුන් “අපට (පොඩි) අවකාශයක් ලබා දෙනු ලැබේද?”යි විමසනු ඇත
Surah Ash-Shuara, Verse 203
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
කිමෙක්ද! අපගේ දඬුවමටද ඔවුන් ඉක්මන් වන්නේ
Surah Ash-Shuara, Verse 204
أَفَرَءَيۡتَ إِن مَّتَّعۡنَٰهُمۡ سِنِينَ
(නබියේ!) ඔබ අවධානය කළෙහිද? අපි මොවුන්ව (මොවුන් කැමති වන ආකාරයට) වසර ගණනාවක් සැප සම්පත් විඳින්නට අත්හැර දමා සිටියද
Surah Ash-Shuara, Verse 205
ثُمَّ جَآءَهُم مَّا كَانُواْ يُوعَدُونَ
ඉන්පසුව ඔවුන්ට පොරොන්දු දෙන ලද (දඬුවම) පැමිණ ළඟා වන්නේ නම්
Surah Ash-Shuara, Verse 206
مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ
ඔවුන් විඳිනු ලැබූ සැප සම්පත් කිසිවක් ඔවුන්ට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත නොවෙද
Surah Ash-Shuara, Verse 207
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ
බිය ගන්වා අනතුරු අඟවා (හොඳ ඔවදන් ලබා දෙන) දූතයෙකු නොයවන තුරු කිසිම රටක් අපි විනාශ කර දැමුවේ නැත
Surah Ash-Shuara, Verse 208
ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ
(දූතයෙකු යවා දඬුවම ගැන) මතක් නොකර (කිසිවෙකුත් කිසි විටෙකත්) අපරාධ කරන්නෙකු වශයෙන් අපි සිටියේ නැත
Surah Ash-Shuara, Verse 209
وَمَا تَنَزَّلَتۡ بِهِ ٱلشَّيَٰطِينُ
(මොවුන් පවසන අන්දමට) මෙය (මෙම ධර්මය) ෂෙයිතාන්වරුන් ගෙන ආවේද නැත
Surah Ash-Shuara, Verse 210
وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ
(එය) ඔවුන්ට සුදුසුද නැත. (එයට අවශ්‍ය) ශක්තියද ඔවුන්ට නැත
Surah Ash-Shuara, Verse 211
إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ
නියත වශයෙන්ම ඔවුන් (මෙය සවණට) ඇසීමෙන්ද වළක්වා දමනු ලැබ ඇත්තාහ
Surah Ash-Shuara, Verse 212
فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ
එබැවින් (නබියේ!) ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු ආරාධනා නොකරනු. (එසේ ආරාධනා කළහොත්) එනිසා ඔබ දඬුවම් කරනු ලබන්නෙහිය
Surah Ash-Shuara, Verse 213
وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ
ඔබ, ඔබගේ සමීප ඥාතීන්ටද, බිය ගන්වා අනතුරු අඟවනු
Surah Ash-Shuara, Verse 214
وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
ඔබව අනුගමනය කරන විශ්වාසවන්තයින් වෙත උරහිස් පහත් කොට (කරුණාවන්තව) හැසිරෙනු මැනව
Surah Ash-Shuara, Verse 215
فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ
නමුත් ඔවුන් ඔබට වෙනස්කම් කළහොත් “නියත වශයෙන්ම මා ඔබගේ කාරණාවන්ගෙන් ඈත් වූවෙමි” යයි පවසා
Surah Ash-Shuara, Verse 216
وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ
(සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ආදර කරුණාවෙන් යුතු අය වෙතම ඔබ (ඔබගේ කාරණාවන්) බාර කර හරිනු
Surah Ash-Shuara, Verse 217
ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ
(ඔහු නම්) ඔබ (තනියෙන් නැමදීමට) සිට ගත් විටද
Surah Ash-Shuara, Verse 218
وَتَقَلُّبَكَ فِي ٱلسَّـٰجِدِينَ
(නැතහොත් අන් අය සමග එක්කාසු වී නළල බිම තබා) සුජූද් කර නැමදීමේ තත්වය වෙනස් වන විටද, ඔබව ඔහු බලන්නේය
Surah Ash-Shuara, Verse 219
إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
නියත වශයෙන්ම ඔහු සියල්ල සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Ash-Shuara, Verse 220
هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ
(විශ්වාසවන්තයිනි!) කවුරුන් කෙරෙහි ෂෙයිතාන්වරුන් පහළ වන්නාහ යන්න ඔබට දැනුම් දෙන්නද
Surah Ash-Shuara, Verse 221
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٖ
බොරු කියන සෑම පාපතරයෙක් කෙරෙහිම පහළ වන්නාහ
Surah Ash-Shuara, Verse 222
يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ
තමන් ආරංචි වූ දැය (සියල්ල ඒවා ඔවුන්ට) පවසන්නාහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඉමහත්) බොරුකාරයින්ය
Surah Ash-Shuara, Verse 223
وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلۡغَاوُۥنَ
කිවිඳියන්වද දුර්මාර්ගිකයින්ම අනුගමනය කරන්නාහ
Surah Ash-Shuara, Verse 224
أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ
නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම මං මුළාවී ඒ මේ අත සැරිසරන්නාහ යන්න (නබියේ!) ඔබ බැලූවේ නැද්ද
Surah Ash-Shuara, Verse 225
وَأَنَّهُمۡ يَقُولُونَ مَا لَا يَفۡعَلُونَ
නියත වශයෙන්ම ඔවුන් නොකළ කාරණාවන් (කළේය යයි) පවසන්නාහ
Surah Ash-Shuara, Verse 226
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ
(එහෙත් ඔවුන්ගෙන්) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කර, (තමන්ගේ කාව්‍යයන්හි) අල්ලාහ්ව අධික වශයෙන් සිහි කොට, (අනුන්ගේ නින්දාවෙන්) අපරාධයන්ට ලක් වූ පසු පළි ගත්තෝද, ඔවුන් හැර, (අන් අය වැරදිකරුවන්ය. අනුන්ව නින්දා කර, වේදනා ගෙන දුන් මෙම) අපරාධ කළ අය, තමන් කොහේ ආපසු යා යුතුද යන්න ඉතාමත් ඉක්මනින් දැන ගන්නෙහුය
Surah Ash-Shuara, Verse 227