Surah Al-Furqan - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا
(පින් පව් දෙක පැහැදිලිව) වෙන්කර දැනුම් දෙන මෙම ධර්මය තම වහලා (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි පහළ කළ තැනැත්තා ඉතාමත් භාග්‍යවන්තයෙකි. මෙය ලෝකවාසී සියල්ලන්වම බිය ගන්වා අනතුරු අඟවන්නක් බවට ඇත්තේය
Surah Al-Furqan, Verse 1
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا
මෙම ධර්මය පහළ කළ තැනැත්තා කෙබඳු අයදයත් අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! ඔහු කිසිවෙකුවත් (තමන්ගේ) දරුවන් වශයෙන් ඇර ගත්තේද නැත. ඔහුගේ පාලනයෙහි ඔහුට කිසි සහායයෙකුද නැත. ඔහුම සියල්ල උත්පාදනය කර, ඒවාට අයත් ස්වභාවයද සැලැස්වූ අයයි
Surah Al-Furqan, Verse 2
وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا
(මෙසේ තිබියදී සමානයන් තබා නමදින්නන්) ඔහු නොවන දැය දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. ඒවා කිසිවක් උත්පාදනය කළේ නැත. (එහෙත්) ඒවාද කිසිම හොඳක් හෝ නරකක් හෝ කර ගැනීමට ශක්තියක් නැති දැයයි. තවද පණ දීමට හෝ මරණයට පත් කිරීමට හෝ පණ දී නැගිට්ටවීමට හෝ ශක්තියක් නැති දැය වශයෙන්ම ඇත්තේය
Surah Al-Furqan, Verse 3
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ إِفۡكٌ ٱفۡتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيۡهِ قَوۡمٌ ءَاخَرُونَۖ فَقَدۡ جَآءُو ظُلۡمٗا وَزُورٗا
ප්‍රතික්ෂේප කරන්නන් මෙසේ පවසන්නාහ: “(ශුද්ධ වූ කුර්ආනය වන) මෙය, බොරු ගොතා ඔහු මනක්කල්පිත කර ගත් දැයක් මිස, වෙන කිසිවක් නැත. මෙහි (මනක්කල්පිත කිරීමෙහි) වෙනත් ජනතාවන් ඔහුට උදව් කරන්නාහ”. (නමුත් සත්‍යය කුමක්දයත් මෙමගින්) ඔවුන්ම අපරාධයද, බොරුවද පවසන්නාහ
Surah Al-Furqan, Verse 4
وَقَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٱكۡتَتَبَهَا فَهِيَ تُمۡلَىٰ عَلَيۡهِ بُكۡرَةٗ وَأَصِيلٗا
තවද “මෙය පෙර විසූවන්ගේ ප්‍රබන්ධ කතාවකි. (මෙසේ) මෙය උදේ සවස මොහුට සමුදීරණය කර පෙන්වනු ලැබේ. මෙය මොහු (අන් අයගේ උදව්වෙන්) ලියා ගනු ලබන්නේය” යයිද ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ
Surah Al-Furqan, Verse 5
قُلۡ أَنزَلَهُ ٱلَّذِي يَعۡلَمُ ٱلسِّرَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ غَفُورٗا رَّحِيمٗا
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “(එසේ නොව). අහස්හිද, භූමියෙහිද ඇති රහස් දන්නේ කවුරුන්ද, ඔහුම මෙය පහළ කළේය. (ඔබ පසුතැවිලි වී ඔහු දෙසට හැරුණහොත්) නියත වශයෙන්ම ඔහු (ඔබගේ මෙම වැරදි වලට) ඉතාමත් සමාව දෙන්නෙකු හා කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය”
Surah Al-Furqan, Verse 6
وَقَالُواْ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأۡكُلُ ٱلطَّعَامَ وَيَمۡشِي فِي ٱلۡأَسۡوَاقِ لَوۡلَآ أُنزِلَ إِلَيۡهِ مَلَكٞ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا
(නැවතත්) ඔවුන් මෙසේ පවසන්නාහ: “මෙම දූතයාට (කුමක් නම් සිදු වී ඇත්ද)? ඔහු (අප මෙන්ම) ආහාර අනුභව කරන්නේය. කඩ වීදියටද යන්නේය. (ඔහු දෙවියන්ගේ දූතයා වශයෙන් සිටින්නෙහි නම්), ඔහු වෙනුවෙන් මලායිකාවරයෙකු යවනු ලැබ, ඔහු, ඔහු සමග එක්කාසු වී බිය ගන්වා අනතුරු ඇඟවිය යුතු නොවේද
Surah Al-Furqan, Verse 7
أَوۡ يُلۡقَىٰٓ إِلَيۡهِ كَنزٌ أَوۡ تَكُونُ لَهُۥ جَنَّةٞ يَأۡكُلُ مِنۡهَاۚ وَقَالَ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا
“නැතහොත් ඔහුට නිධානයක් ලබා දිය යුතු නොවේද? නැතහොත් ඔහු ආහාරයට ගත යුතු (පලතුරු වර්ග ලබා දිය හැකි) උයන් වත්තක් ඔහුට තිබිය යුතු නොවේද?”යි මෙම අපරාධකරුවන් (විශ්වාසවන්ත-යින්ගෙන් විමසන අතර) “ඔබ සූනියම් කරන ලද මිනිසාවම අනුගමනය කරන්නෙහුය” යයිද පවසන්නාහ
Surah Al-Furqan, Verse 8
ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَٰلَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا
(එබැවින් නබියේ!) ඔබ ගැන ඔවුන් විවිධ උදාහරණයන් ඉදිරිපත් කරන්නෝද යන්න අවධානය කර බලනු. මොවුන් (සම්පූර්ණයෙන්ම) මාර්ගය වැරද ගියහ. ඍජු මාර්ගය අත් කර ගැනීමට මොවුන්ට නොහැකිය
Surah Al-Furqan, Verse 9
تَبَارَكَ ٱلَّذِيٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيۡرٗا مِّن ذَٰلِكَ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَيَجۡعَل لَّكَ قُصُورَۢا
නබියේ! ඔබගේ දෙවියන් වන ඔහු ඉතාමත් භාග්‍යවන්තයෙකි. ඔහු අදහස් කළහොත් (මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉල්ලා සිටින මාලිගාවන් කිමෙක්ද?) මීටත් වඩා උසස් ස්වර්ගයන් ඔබට ලබා දිය හැකි අයෙකි. ඒවායෙහි දිය දහරා සදාකල් ගලමින් ඇත්තේය. (ඒවායෙහි) ඔබට බොහෝ මාලිගාවන්ද සලස්වා තබනු ඇත
Surah Al-Furqan, Verse 10
بَلۡ كَذَّبُواْ بِٱلسَّاعَةِۖ وَأَعۡتَدۡنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا
ඇත්තෙන්ම මොවුන් (විනිශ්චය) කාලයම බොරු කරන්නාහ. කවුරුන් (විනිශ්චය) කාලය බොරු කරන්නෝද, ඔවුන්ට නිරයම අපි සැලසුම් කර තබා ඇත්තෙමු
Surah Al-Furqan, Verse 11
إِذَا رَأَتۡهُم مِّن مَّكَانِۭ بَعِيدٖ سَمِعُواْ لَهَا تَغَيُّظٗا وَزَفِيرٗا
එය මොවුන්ව දුටු වහාම බුර බුරා නගින ගිනිදැල් වල ගෝෂාව මොවුන්ට ඉතාමත් ඈත සිටම තමන්ගේ සවනට ඇසෙන්නේය
Surah Al-Furqan, Verse 12
وَإِذَآ أُلۡقُواْ مِنۡهَا مَكَانٗا ضَيِّقٗا مُّقَرَّنِينَ دَعَوۡاْ هُنَالِكَ ثُبُورٗا
ඔවුන්ව (ඔවුන්ගේ අත් පා) බැඳ එහි ඉතාමත් තදබදව ඇති ස්ථානයක වීසි කරනු ලැබුවහොත් අමාරුකම දරා ගත නොහැකිව (මරණය ළඟා විය හැකි) විනාශයම එහිදී ඔවුන් ආරාධනා කරන්නාහ
Surah Al-Furqan, Verse 13
لَّا تَدۡعُواْ ٱلۡيَوۡمَ ثُبُورٗا وَٰحِدٗا وَٱدۡعُواْ ثُبُورٗا كَثِيرٗا
(එබැවින් ඒ අවස්ථාවේදී ඔවුන්ට) “අද දින ඔබ විනාශයක් පමණක් ආරාධනා කරන්නෙහුය. බොහෝ විනාශයන් ආරාධනා කර ගනු” (යයි කියනු ලැබේ)
Surah Al-Furqan, Verse 14
قُلۡ أَذَٰلِكَ خَيۡرٌ أَمۡ جَنَّةُ ٱلۡخُلۡدِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۚ كَانَتۡ لَهُمۡ جَزَآءٗ وَمَصِيرٗا
(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “(නිරය වන) එය උසස්ද? නැතහොත් පරිශුද්ධවන්තයින්ට පොරොන්දු වන ලද ස්ථීර වූ ස්වර්ගයන් උසස්ද? එය ඔවුන්ට (හොඳ) ඵලවිපාක වශයෙන්ද, ඔවුන් සේන්දු වන ස්ථානය වශයෙන්ද ඇත්තේය
Surah Al-Furqan, Verse 15
لَّهُمۡ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعۡدٗا مَّسۡـُٔولٗا
එහි ඔවුන් කැමති සියල්ල ඔවුන්ට ලැඛෙනු ඇත. (එහි) ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත”. (නබියේ!) මෙයම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඉල්ලා ලබා ගත යුතු පොරොන්දුව වශයෙන් ඇත්තේය
Surah Al-Furqan, Verse 16
وَيَوۡمَ يَحۡشُرُهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمۡ أَضۡلَلۡتُمۡ عِبَادِي هَـٰٓؤُلَآءِ أَمۡ هُمۡ ضَلُّواْ ٱلسَّبِيلَ
ඔවුන්වද, අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි (අල්ලාහ් නොවන) දෙවිවරුන්වද, (විනිශ්චය සඳහා) ඒකරාශී කරන දිනදී (එම දෙවිවරුන්ගෙන්) “මගේ මෙම වහලූන්ව ඔබ මාර්ගය වැරද යාමට සැලැස්සූවෙහුද? නැතහොත් ඔවුන් තමන් විසින්ම මාර්ගය වැරද ගියෙහුද?”යි (දෙවියන්) විමසනු ඇත
Surah Al-Furqan, Verse 17
قَالُواْ سُبۡحَٰنَكَ مَا كَانَ يَنۢبَغِي لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنۡ أَوۡلِيَآءَ وَلَٰكِن مَّتَّعۡتَهُمۡ وَءَابَآءَهُمۡ حَتَّىٰ نَسُواْ ٱلذِّكۡرَ وَكَانُواْ قَوۡمَۢا بُورٗا
එයට ඒවා (දෙවියන්ට) “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔබව හැර (අන් කිසිවක්) අපි, අපට ආරක්ෂකයෙකු වශයෙන් ගැනීම අපට සුදුසු නැත. එහෙත් ඔබම ඔවුන්ටද, ඔවුන්ගේ මුතුන් මිත්තන්ටද සැප සම්පත් දුන්නෙහිය. ඔවුන් (ඔබව) සිහි කිරීම අමතක කර දමා (තමන් විසින්ම පාපයන් කර) විනාශ වී යන මිනිසුන් බවට පත් වූහ” යයි පවසනු ඇත
Surah Al-Furqan, Verse 18
فَقَدۡ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسۡتَطِيعُونَ صَرۡفٗا وَلَا نَصۡرٗاۚ وَمَن يَظۡلِم مِّنكُمۡ نُذِقۡهُ عَذَابٗا كَبِيرٗا
(එබැවින් එම ප්‍රතික්ෂේප කරන්නන්ට “ඔබව මාර්ගය වැරද යාමට සැලැස්සුවේ මොවුන්ම යයි) ඔබ පැවසූ දැය මේවා බොරු බවට පත් කළේය. එබැවින් (අපගේ දඬුවම) වළක්වා දැමීමට හෝ (මේවායෙන්) උදව් උපකාර ලබා ගැනීමට හෝ ඔබට නොහැකිය. එබැවින් ඔබගෙන් කවුරුන් අපරාධ කරමින් සිටියේද, ඔහු ඉමහත් වූ දඬුවම විඳීමට නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු” (යයි පවසන්නෙමු)
Surah Al-Furqan, Verse 19
وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ مِنَ ٱلۡمُرۡسَلِينَ إِلَّآ إِنَّهُمۡ لَيَأۡكُلُونَ ٱلطَّعَامَ وَيَمۡشُونَ فِي ٱلۡأَسۡوَاقِۗ وَجَعَلۡنَا بَعۡضَكُمۡ لِبَعۡضٖ فِتۡنَةً أَتَصۡبِرُونَۗ وَكَانَ رَبُّكَ بَصِيرٗا
(නබියේ!) ඔබට පෙර අපි යැවූ අපගේ දූතයින් සියල්ල නියත වශයෙන්ම (ඔබ මෙන්) ආහාර අනුභව කරන්නන් වශයෙන්ද, කඩ මණ්ඩියෙහි සැරිසරන්නන් වශයෙන්ද සිටියහ. එහෙත් ඔබගෙන් සමහරෙක් අනිත් අයට පිරික්සුමක් බවට පත් කළෙමු. එබැවින් (විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන් වේදනා කිරීම) ඔබත් විඳ දරාගෙන සිටින්නෙහුද? (නබියේ!) ඔබගේ දෙවියන් (සියල්ල) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Furqan, Verse 20
۞وَقَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا لَوۡلَآ أُنزِلَ عَلَيۡنَا ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ نَرَىٰ رَبَّنَاۗ لَقَدِ ٱسۡتَكۡبَرُواْ فِيٓ أَنفُسِهِمۡ وَعَتَوۡ عُتُوّٗا كَبِيرٗا
(පරලොවදී) අපව හමු වීම කවුරුන් විශ්වාස නොකළෝද, ඔවුන් “අප කෙරෙහි (කෙළින්ම) මලායිකාවරුන් පහළ කළ යුතු නොවේද? නැතහොත් (අපගේ ඇස්වලින්) අපි, අපගේ දෙවියන්ව බැලිය යුතු නොවේද?”යි පවසන්නාහ. මොවුන් තමන්ව ඉතාමත් විශාලවන්තව අදහස් කර ගනිමින් සීමාව ඉක්මවා (යන්න) ගියහ
Surah Al-Furqan, Verse 21
يَوۡمَ يَرَوۡنَ ٱلۡمَلَـٰٓئِكَةَ لَا بُشۡرَىٰ يَوۡمَئِذٖ لِّلۡمُجۡرِمِينَ وَيَقُولُونَ حِجۡرٗا مَّحۡجُورٗا
(ඔවුන්ව විනාශ කර දැමීමට පැමිණෙන) මලායිකාවරුන්ව ඔවුන් දකින දිනදී එම වැරදිකරුවන්ට එදින කිසිම ශුභාරංචියක් නැත. “(ඔබට) වෙනස් කළ නොහැකි බාධාවක් ඇති කරනු ලැබ ඇත්තේය” යයි ඔවුන් පවසනු ඇත
Surah Al-Furqan, Verse 22
وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا
(මෙලොවදී) ඔවුන් කරමින් සිටි කාරණාවන් අපි බැලූවහොත් (එහි කිසිම හොඳක් නොමැති බැවින් සුළගේ පාවී) විසිරී යන දූවිලි බවට ඒවා අපි පත් කළෙමු
Surah Al-Furqan, Verse 23
أَصۡحَٰبُ ٱلۡجَنَّةِ يَوۡمَئِذٍ خَيۡرٞ مُّسۡتَقَرّٗا وَأَحۡسَنُ مَقِيلٗا
එදිනදී (විශ්වාසවන්තයින් වන) ස්වර්ගවාසීන් නම්, හොඳ වාසස්ථානයන්හිද, හාන්සි වන අලංකාරවත් ස්ථානයන්හිද සිටින්නාහ
Surah Al-Furqan, Verse 24
وَيَوۡمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلۡغَمَٰمِ وَنُزِّلَ ٱلۡمَلَـٰٓئِكَةُ تَنزِيلًا
අහස් වලාකුළෙන් වෙන්වන දිනදී මලායිකාවරුන් සමූහ සමූහයන් වශයෙන් බසිනු ඇත
Surah Al-Furqan, Verse 25
ٱلۡمُلۡكُ يَوۡمَئِذٍ ٱلۡحَقُّ لِلرَّحۡمَٰنِۚ وَكَانَ يَوۡمًا عَلَى ٱلۡكَٰفِرِينَ عَسِيرٗا
එදිනදී සත්‍ය වූ රාජ්‍යය රහ්මාන් (එක් කෙනෙකු)ටම ඇත්තේය. (එය) ප්‍රතික්ෂේප කරන්නන්ට (ඉතාමත්) දරුණු දිනයක් වශයෙන්ද තිඛෙණු ඇත
Surah Al-Furqan, Verse 26
وَيَوۡمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيۡهِ يَقُولُ يَٰلَيۡتَنِي ٱتَّخَذۡتُ مَعَ ٱلرَّسُولِ سَبِيلٗا
මෙදිනදී අපරාධකාරයා තමන්ගේ දෑත් සපා ගනිමින් (අපගේ) “දූතයා සමග මමත් (ඍජු) මාර්ගය අනුගමනය කර ගියා නම් හොඳයි නොවෙද?”යි පවසනු ඇත
Surah Al-Furqan, Verse 27
يَٰوَيۡلَتَىٰ لَيۡتَنِي لَمۡ أَتَّخِذۡ فُلَانًا خَلِيلٗا
(තවද) “මගේ ශෝකයයි! (පාපයන් කරන මෙන් මාව පෙළඹවූ) අසවලා, මා මගේ මිතුරෙකු වශයෙන් නොගෙන සිටියා නම් හොඳයි නොවෙද
Surah Al-Furqan, Verse 28
لَّقَدۡ أَضَلَّنِي عَنِ ٱلذِّكۡرِ بَعۡدَ إِذۡ جَآءَنِيۗ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِلۡإِنسَٰنِ خَذُولٗا
මා වෙත හොඳ ඔවදන් පැමිණි පසුවද, එයින් ඔහුම මාව මාර්ගය වැරද යැවුවේය! එම ෂෙයිතාන්, මිනිසාට ඉමහත් කුමන්ත්‍රණකාරයෙකු වශයෙන් සිටියේය!” (යයිද විලාප නගනු ඇත)
Surah Al-Furqan, Verse 29
وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوۡمِي ٱتَّخَذُواْ هَٰذَا ٱلۡقُرۡءَانَ مَهۡجُورٗا
(ඒ අතර අපගේ) දූතයා “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මගේ ජනතාව මෙම කුර්ආනය සම්පූර්ණයෙන් එපා වී (තල්ලූ කර) දැමූහ” යයි පවසනු ඇත
Surah Al-Furqan, Verse 30
وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا مِّنَ ٱلۡمُجۡرِمِينَۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيٗا وَنَصِيرٗا
මේ අන්දමට සෑම නබිවරයෙකුටම වැරදිකරුවන්ව, සතුරන් වශයෙන් පත් කර තිබුණෙමු. (නබියේ! ඔබට) ඍජු මාර්ගය දැනුම් දී උදව් කිරීමට ඔබගේ දෙවියන්ම ප්‍රමාණවත් අයෙකි
Surah Al-Furqan, Verse 31
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ٱلۡقُرۡءَانُ جُمۡلَةٗ وَٰحِدَةٗۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَۖ وَرَتَّلۡنَٰهُ تَرۡتِيلٗا
(නබියේ! ඔබව) ප්‍රතික්ෂේප කරන මොවුන් “මෙම කුර්ආනය සම්පූර්ණයෙන්ම ඔහු කෙරෙහි එක වර පහළ කළ යුතු නොවේද?”යි විමසන්නාහ. මෙසේ අපි ටිකෙන් ටික පහළ කර, (මෙය පිළිවෙලකට සිටින සේ නියම ආකාරයකට) සැලැස්වූවේ, ඔබගේ හෘදය ශක්තිමත් කිරීමටයි
Surah Al-Furqan, Verse 32
وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا
(මෙම ප්‍රතික්ෂේප කරන්නන් කුමන හෝ ප්‍රශ්නයක් අසා ඒ වෙනුවෙන්) කුමන උදාහරණයක් ඔබ වෙත ඔවුන් ගෙන ආවා වුවද, (ඊටත් වඩා) සත්‍ය වූ (කාරණාවන්)ද, අලංකාරවත් වදන්ද අපි ඔබට පහළ කර නැත්තේ නොවේ
Surah Al-Furqan, Verse 33
ٱلَّذِينَ يُحۡشَرُونَ عَلَىٰ وُجُوهِهِمۡ إِلَىٰ جَهَنَّمَ أُوْلَـٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ سَبِيلٗا
මොවුන්වම නිරයට මුණින් අතට දමා ඇදගෙන යනු ලබන්නාහ. මොවුන්ම ඉමහත් වු නපුරු ස්ථානයෙහි රැඳී සිටින්නන් හා මාර්ගය වැරද ගියවුන්ද වන්නාහ
Surah Al-Furqan, Verse 34
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرٗا
(මෙයට පෙර) නියත වශයෙන්ම අපි මූසාට තව්රාත් නමැති) ධර්මයක් ලබා දී තිබුණෙමු. ඔහුගේ සහෝදර හාරූන්ව ඔහුට ආමාත්‍යවරයෙකු බවටද පත් කළෙමු
Surah Al-Furqan, Verse 35
فَقُلۡنَا ٱذۡهَبَآ إِلَى ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَدَمَّرۡنَٰهُمۡ تَدۡمِيرٗا
(ඒ දෙදෙනාට) “ඔබ දෙදෙනාම අපගේ සාධකයන් බොරු කළ අය වෙත යනු” යයි පැවසුවෙමු. (එසේ ඔවුන් ගිය පසුද, ඔවුන් ප්‍රතික්ෂේප කර හැරිය බැවින්) අපි ඔවුන්ව සහමුලින්ම විනාශ කර දැමුවෙමු
Surah Al-Furqan, Verse 36
وَقَوۡمَ نُوحٖ لَّمَّا كَذَّبُواْ ٱلرُّسُلَ أَغۡرَقۡنَٰهُمۡ وَجَعَلۡنَٰهُمۡ لِلنَّاسِ ءَايَةٗۖ وَأَعۡتَدۡنَا لِلظَّـٰلِمِينَ عَذَابًا أَلِيمٗا
නූහුගේ ජනතාවද (අපගේ) දූතයින්ව බොරු කළ බැවින් ඔවුන්වද ගිල්වා දමා, මිනිසුන්ට ඔවුන්ව එක් සාධකයක් බවට පත් කළෙමු. මෙවැනි අපරාධකරුවන්ට වේදනා ගෙන දෙන දඬුවමම අපි සැලසුම් කර තබා ඇත්තෙමු
Surah Al-Furqan, Verse 37
وَعَادٗا وَثَمُودَاْ وَأَصۡحَٰبَ ٱلرَّسِّ وَقُرُونَۢا بَيۡنَ ذَٰلِكَ كَثِيرٗا
ආද්, සමූද් (ජනතාවද), රස් (නමැති අගල්)වාසීන්වද හා මොවුන් අතරේ තවත් බොහොමයක් සමූහයන්ද, (අපි විනාශ කර ඇත්තෙමු)
Surah Al-Furqan, Verse 38
وَكُلّٗا ضَرَبۡنَا لَهُ ٱلۡأَمۡثَٰلَۖ وَكُلّٗا تَبَّرۡنَا تَتۡبِيرٗا
(ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස) ඔවුන් සියල්ලන්ටම අපි බොහොමයක් උදාහරණයන් පැවසුවෙමු. (ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කර දැමූ විට), ඔවුන් සියල්ලන්වම අපි සහමුලින්ම විනාශ කර දැමුවෙමු
Surah Al-Furqan, Verse 39
وَلَقَدۡ أَتَوۡاْ عَلَى ٱلۡقَرۡيَةِ ٱلَّتِيٓ أُمۡطِرَتۡ مَطَرَ ٱلسَّوۡءِۚ أَفَلَمۡ يَكُونُواْ يَرَوۡنَهَاۚ بَلۡ كَانُواْ لَا يَرۡجُونَ نُشُورٗا
නියත වශයෙන්ම (මක්කාවෙහි සිටි කාෆිර්වරුන්) නපුරු ගල් වැසි පහළ වූ ගම අසළින් (විටින් විට) පසු කර යමින් සිටින්නාහ. එය මොවුන් බැලූවේ නැද්ද? ඇත්තෙන්ම මොවුන් (පරලොවදී) පණ දී නැගිට්ටවීම විශ්වාස කළේම නැත
Surah Al-Furqan, Verse 40
وَإِذَا رَأَوۡكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي بَعَثَ ٱللَّهُ رَسُولًا
(නබියේ!) මොවුන් ඔබව දුටුවහොත් ඔබව සමච්චලයෙන්ම ඇර ගන්නාහ. “මොහුවද අල්ලාහ් (තමන්ගේ) දූතයා වශයෙන් යැවුවේ?” (යයි පවසන්නාහ)
Surah Al-Furqan, Verse 41
إِن كَادَ لَيُضِلُّنَا عَنۡ ءَالِهَتِنَا لَوۡلَآ أَن صَبَرۡنَا عَلَيۡهَاۚ وَسَوۡفَ يَعۡلَمُونَ حِينَ يَرَوۡنَ ٱلۡعَذَابَ مَنۡ أَضَلُّ سَبِيلًا
(තවද) “අපි ස්ථීරව නොසිටියෙමු නම්, අපගේ දෙවිවරුන්ගෙන් අපව හරවා මාර්ගය වැරද යවන්නට ඉඩ තිබුණි” (යයිද පවසන්නාහ. විනිශ්චය දිනදී) ඔවුන් දඬුවම දෑසින් දකින විට, මාර්ගය වැරද ගියවුන් කවුරුන්දැයි යන්න හොඳින් දැන ගන්නාහ
Surah Al-Furqan, Verse 42
أَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيۡهِ وَكِيلًا
(නබියේ!) තම (ශරීර) ආශාවන් (තමන් අනුගමනය කරන), තමන්ගේ දෙවියන් වශයෙන් කවුරුන් ගත්තේද, ඔහුව ඔබ බැලූවෙහිද? ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහිද
Surah Al-Furqan, Verse 43
أَمۡ تَحۡسَبُ أَنَّ أَكۡثَرَهُمۡ يَسۡمَعُونَ أَوۡ يَعۡقِلُونَۚ إِنۡ هُمۡ إِلَّا كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّ سَبِيلًا
ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (ඔබගේ වදන් කණින්) අසන්නාහ යයි හෝ නැතහොත් එය සිතන්නාහ යයි හෝ ඔබ අදහස් කළෙහිද? ඔවුන් සතුන් මෙන් අය වන්නාහ මිස, වෙන කිසිවක් නැත. තවද (සතුන්ටත් වඩා) ඉතාමත් මාර්ගය වැරද ගිය අය වශයෙන්ද සිටින්නාහ
Surah Al-Furqan, Verse 44
أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا
(නබියේ!) ඔබගේ දෙවියන් සෙවණැල්ල කෙසේ (අඩු කරන්නේද), වැඩි කරන්නේද යන්න ඔබ අවධානය කළේ නැද්ද? ඔහු අදහස් කර තිබුණේ නම්, එය ස්ථීරව තිබීමට සැලැස්විය හැකිය. සූර්යයාව, චන්ද්‍රයා ඉදිරියෙන් අපිම පත් කළෙමු
Surah Al-Furqan, Verse 45
ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا
පසුව අපිම එය ටිකෙන් ටික අප දෙසට අඩු කර (හකුළා) ගන්නෙමු
Surah Al-Furqan, Verse 46
وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا
ඔහුම ඔබට රාත්‍රිය පොරවණයක් වශයෙන්ද, නින්ද අපහසුතාවයන් පහ කර සැතපීමක් වශයෙන්ද, දහවල (ඔබ) ඒ මේ අත සැරිසැරීම සඳහා (අලෝකයක් වශයෙන්)ද පත් කළේය
Surah Al-Furqan, Verse 47
وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا
ඔහුම තම වරප්‍රසාදයන් පහළ කිරීමට පෙර (සිසිල්) සුළඟ ශුභාරංචියක් වශයෙන් වන්නේය. (මිනිසුනේ!) අපිම වලාකුළෙන් පරිශුද්ධ වූ ජලය වසින්නට සලස්වන්නෙමු
Surah Al-Furqan, Verse 48
لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا
මැරී ගිය භූමියට එමගින් අපි ජීවය ලබා දී අපගේ උත්පාදනයන්ගෙන් වූ එළු, ගව, ඔටුවන් වැනි සතුන්ටද, බොහෝ මිනිසුන්ටද එය පානය කිරීමට සලස්වන්නෙමු
Surah Al-Furqan, Verse 49
وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا
ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස (මෙම කාරණාව බොහෝ වාර ගණනක්) ඔවුන්ට විටින් විට ගෙනහැර දැක්වූවෙමු. එහෙත් ඔවුන් (ඒවා) ප්‍රතික්ෂේප කර දැමූහ. (මන්දයත්) මිනිසුන්ගෙන් බොහොමයක් ඉතාමත් ගුණමකු අය වශයෙන්ම සිටින්නාහ
Surah Al-Furqan, Verse 50
وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا
අපි අදහස් කර තිබුණේ නම්, සෑම රටකටම බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි දූතයෙකු අපි යවා ඇත්තෙමු
Surah Al-Furqan, Verse 51
فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا
එබැවින් (නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට අවනත නොවනු. තවද (කුර්ආනය වන) මෙය (සාක්ෂි වශයෙන්) තබා ඔබ ඔවුන් සමග දැඩි ලෙස තර්ක කරනු
Surah Al-Furqan, Verse 52
۞وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا
ඔහුම මුහුදු දෙකක ජලයන්ද එක්කාසු කර ඇත්තේය. එකක් ඉතා රසවත් හා මනරම් ජලයයි. අනිත් එක ලූණු හා තිත්ත රසයෙන් යුත් ජලයයි. මේ දෙක අතරේ බිඳ දැමිය නොහැකි බාධකයක් ඇති කර ඇත්තේය
Surah Al-Furqan, Verse 53
وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا
ඔහුම එක් ජල (බිඳකින්) මිනිසාව නිර්මාණය කරන්නේය. පසුව එයට ලේ සම්බන්ධ ඥාතීන්ද, විවාහ සම්බන්ධයෙන් වූ ඥාතීන්ද ඇති කරන්නේය. (නබියේ!) ඔබගේ දෙවියන් (තමන් කැමති ආකාරයන් සියල්ල කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Furqan, Verse 54
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا
මෙසේ තිබියදී (පිළිරූ ආරාධනාවන් කරන) ඔවුන් නම්, තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කරන්නට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැය නමදින්නාහ. මෙම ප්‍රතික්ෂේප කරන්නන් තමන්ගේ දෙවියන්ටම සතුරන් වශයෙන් සිටින්නාහ
Surah Al-Furqan, Verse 55
وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا
(නබියේ!) ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද මිස, ඔබව මා යැව්වේ නැත
Surah Al-Furqan, Verse 56
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا
“දෙවියන්ගේ (ඍජු) මාර්ගයෙහි යාමට අදහස් කරන්නා (කිසිම බාධාවක් නැතිව ඕනෑතරම්) එහි යන්නට හැකිය යන්න මිස, මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත” යයි (නබියේ!) ඔබ පවසනු මැනව
Surah Al-Furqan, Verse 57
وَتَوَكَّلۡ عَلَى ٱلۡحَيِّ ٱلَّذِي لَا يَمُوتُ وَسَبِّحۡ بِحَمۡدِهِۦۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا
මරණයෙන් තොර සදා අමරණීය ජීවය (වන අල්ලාහ් එක්) කෙනෙකුවම ඔබ විශ්වාස කරනු. ඔහුගේ ප්‍රශංසාව පවසා, ඔහුව සුවි ශුද්ධ කරමින් සිටිනු. තම වහලූන් (කළ) පාපයන්(ගේ තරාතිරම් ගැන) ඔහු හොඳින් දැන සිටීම ප්‍රමාණවත්ව ඇත්තේය
Surah Al-Furqan, Verse 58
ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ ٱلرَّحۡمَٰنُ فَسۡـَٔلۡ بِهِۦ خَبِيرٗا
ඔහුම අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද දින හයකින් උත්පාදනය කළේය. පසුව ඔහු අර්ෂ් මත තම රාජ්‍යය ස්ථීරවත් කළේය. ඔහුම (ඉමහත් දයාබරවන්තයා වන) රහ්මාන්ය. මේ ගැන දැනුවත් අයගෙන් අසා දැන ගනු
Surah Al-Furqan, Verse 59
وَإِذَا قِيلَ لَهُمُ ٱسۡجُدُواْۤ لِلرَّحۡمَٰنِ قَالُواْ وَمَا ٱلرَّحۡمَٰنُ أَنَسۡجُدُ لِمَا تَأۡمُرُنَا وَزَادَهُمۡ نُفُورٗا۩
(එබැවින්) “එම රහ්මාන්ව හිස බිම තබා නමදිනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “රහ්මාන් කවරෙක්ද? ඔබ පවසන සියල්ලට අපගේ හිස නමා නමදින්නද?”යි විමසන්නාහ. තවද එය (එසේ පැවසීම) ඔවුන්ට පිළිකුලම වැඩි කරන්නේය
Surah Al-Furqan, Verse 60
تَبَارَكَ ٱلَّذِي جَعَلَ فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَجَعَلَ فِيهَا سِرَٰجٗا وَقَمَرٗا مُّنِيرٗا
අහස්හි ග්‍රහ මණ්ඩලය නිර්මාණය කර, එහි (සූර්යයා) ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා දීප්තිය ගෙන දෙන්නක් වශයෙන්ද නිර්මාණය කළ ඔහු,(එම රහ්මාන් ඉතාමත්) භාග්‍යයෙන් යුත් අයෙකි
Surah Al-Furqan, Verse 61
وَهُوَ ٱلَّذِي جَعَلَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ خِلۡفَةٗ لِّمَنۡ أَرَادَ أَن يَذَّكَّرَ أَوۡ أَرَادَ شُكُورٗا
ඔහුම රාත්‍රියද, දහවලද පිළිවෙලින් පැමිණෙන සේ සලස්වා ඇත්තේය. (මෙමගින්) හොඳ වැටහීමක් ලබාගෙන, ඔහුට කෘතඥ වීමට කැමැත්තන්, කෘතඥ වීම සඳහාම (මෙසේ කර ඇත්තේය)
Surah Al-Furqan, Verse 62
وَعِبَادُ ٱلرَّحۡمَٰنِ ٱلَّذِينَ يَمۡشُونَ عَلَى ٱلۡأَرۡضِ هَوۡنٗا وَإِذَا خَاطَبَهُمُ ٱلۡجَٰهِلُونَ قَالُواْ سَلَٰمٗا
රහ්මාන්ගේ (ස්තූතියෙන් පිරි) වහලූන් (කවුරුන්දයත්) භූමියෙහි (ඉතාමත් විනීතවද), යටත් පහත්වද කටයුතු කරන්නාහ. මෝඩයින් ඔවුන් සමග තර්ක කිරීමට ඉදිරිපත් වුවහොත් ‘සලාමුන්’ යයි කියා (ඔවුන්ගෙන් ඈත් වී) යන්නාහ
Surah Al-Furqan, Verse 63
وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمۡ سُجَّدٗا وَقِيَٰمٗا
තවද ඔවුන් තමන්ගේ දෙවියන්ව සිට ගනිමින්ද, හිස බිම තබා රාත්‍රීන් සියල්ලෙහි නමදිමින්ම සිටින්නාහ
Surah Al-Furqan, Verse 64
وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصۡرِفۡ عَنَّا عَذَابَ جَهَنَّمَۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا
තවද ඔවුන් “අපගේ දෙවියනේ! නිරා වේදනාව අපගෙන් ඔබ වළක්වා හරිනු මැනව! මන්දයත් එහි වේදනාව නම්, නියත වශයෙන්ම ස්ථීර වූ දුක් කරදරයක් වන්නේය” යයි ප්‍රාර්ථනා කරමින්ම සිටිනු ඇත
Surah Al-Furqan, Verse 65
إِنَّهَا سَآءَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا
“(තවද) ටික වේලාවක් හෝ නැතහොත් ස්ථීරව හෝ රැඳී සිටීමට එය ඉතාමත් නපුරු ස්ථානයකි. (එබැවින් එයින් අපව ඔබ බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කරනු ඇත)
Surah Al-Furqan, Verse 66
وَٱلَّذِينَ إِذَآ أَنفَقُواْ لَمۡ يُسۡرِفُواْ وَلَمۡ يَقۡتُرُواْ وَكَانَ بَيۡنَ ذَٰلِكَ قَوَامٗا
තවද ඔවුන් වියදම් කළහොත් සීමාව ඉක්මවා නොයනු ඇත. මසුරුකමද නොකරනු ඇත. මෙහිදී මධ්‍යස්තවම සිටිනු ඇත
Surah Al-Furqan, Verse 67
وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا
තවද ඔවුන් අල්ලාහ් සමග වෙනත් කිසිවෙකුත් දෙවියන් යයි ආරාධනා නොකරනු ඇත. අල්ලාහ් (ඝාතනය නොකළ යුතුය යයි) තහනම් කර ඇති කිසිම මිනිසෙකුව ඔවුන් අසාධාරණයේ මරා දමන්නේද නැත. අපචාරයේද නොහැසිරෙනු ඇත. එබැවින් කවුරුන් හෝ මේවා කිරීමට ඉදිරිපත් වුවහොත් ඔහුට (එම පාපයට අයත්) දඬුවම අත් කර ගැනීමට සිදු වනු ඇත
Surah Al-Furqan, Verse 68
يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا
විනිශ්චය දිනදී නම්, ඔහුගේ දඬුවම දෙගුණයක් කරනු ලැබූවෙකු වශයෙන්ද, අවමන් කරනු ලැබූවෙකු වශයෙන්ද එහි සදාකල් රැඳී සිටිනු ඇත
Surah Al-Furqan, Verse 69
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් පාපයන්ගෙන් ඈත් වී (සමාව ඉල්ලා සිටිමින්) විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, එවැන්නන්ගේ පාපයන් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Furqan, Verse 70
وَمَن تَابَ وَعَمِلَ صَٰلِحٗا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابٗا
කවුරුන් පසුතැවිලි වී (පාපයන්ගෙන්) ඈත් වී දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන් නියත වශයෙන්ම සම්පූර්ණයෙන්ම අල්ලාහ් වෙතම හැරෙන්නාහ
Surah Al-Furqan, Verse 71
وَٱلَّذِينَ لَا يَشۡهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّواْ بِٱللَّغۡوِ مَرُّواْ كِرَامٗا
තවද ඔවුන් බොරු සාක්ෂි නොපවසන්නාහ. (පුහු කාරණාවන් සිදු වන ස්ථානයන්ට නොයන්නාහ). කිසි විටෙක පුහු ක්‍රියාවන් (සිදු වන) ස්ථානයන් දෙසට ගියා වුවද, (එවායෙහි සම්බන්ධ වන්නේ නැති අතර) ගෞරවණීය අන්දමට (එය පසුකර) යනු ඇත
Surah Al-Furqan, Verse 72
وَٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَمۡ يَخِرُّواْ عَلَيۡهَا صُمّٗا وَعُمۡيَانٗا
තවද ඔවුන් තමන්ගේ දෙවියන්ගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් අන්ධයාද, බිහිරාද මෙන් ඒ කෙරෙහි ඇද හැළෙන්නේ නැත. (එය සම්පූර්ණයෙන්ම හොඳින් වටහා ගන්නා අතර, එය අත් කරගෙන කටයුතු කරන්නාහ)
Surah Al-Furqan, Verse 73
وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبۡ لَنَا مِنۡ أَزۡوَٰجِنَا وَذُرِّيَّـٰتِنَا قُرَّةَ أَعۡيُنٖ وَٱجۡعَلۡنَا لِلۡمُتَّقِينَ إِمَامًا
තවද ඔවුන් “අපගේ දෙවියනේ! අපගේ භාර්යයාවන්වද, අපගේ දරුවන්වද, අපට ඇස් පිනා යාමට ලබා දෙනු මැනව! තවද පරිශුද්ධවන්තයින්ට මාර්ගෝපදේශ-කයින් වශයෙන්ද අපව ඔබ පත් කරනු මැනව!” යයි ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ
Surah Al-Furqan, Verse 74
أُوْلَـٰٓئِكَ يُجۡزَوۡنَ ٱلۡغُرۡفَةَ بِمَا صَبَرُواْ وَيُلَقَّوۡنَ فِيهَا تَحِيَّةٗ وَسَلَٰمًا
මෙවැන්නන්ට ඔවුන් දුක් කරදර විඳ දරා ගැනීමේ හේතුවෙන් උසස් මාලිගාවන් (පරලොවදී) ලබා දෙනු ලැබේ. “ශාන්තිය හා සමාදානය (අත් වේවා!)” යන ආශීර්වාදය සමග එහිදී පිළි ගනු ලබන්නාහ
Surah Al-Furqan, Verse 75
خَٰلِدِينَ فِيهَاۚ حَسُنَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا
එහි සදාකල් රැඳී සිටිනු ඇත. ටික වේලාවක් රැඳී සිටියා වුවද කම් නැත, සදාකල් රැඳී සිටියා වුවද කම් නැත, එය ඉතාමත් (හොඳ) අලංකාරවත් වාසස්ථානයකි
Surah Al-Furqan, Verse 76
قُلۡ مَا يَعۡبَؤُاْ بِكُمۡ رَبِّي لَوۡلَا دُعَآؤُكُمۡۖ فَقَدۡ كَذَّبۡتُمۡ فَسَوۡفَ يَكُونُ لِزَامَۢا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ මගේ දෙවියන්ව ආරාධනා කර ප්‍රාර්ථනා නොකරන්නේ නම්, (ඒ වෙනුවෙන්) ඔහු ඔබව ගණනයට ගන්නේ නැත. මන්දයත් ඔබ (ඔහුගේ ආයාවන්) නියත වශයෙන්ම බොරු කරමින්ම සිටියෙහුය. එහි දඬුවම ඔබව අනිවාර්යයෙන්ම හසු කර ගන්නේය”
Surah Al-Furqan, Verse 77