Surah Al-Furqan - Sinhala Translation by Www.islamhouse.com
تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا
ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත ( සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය
Surah Al-Furqan, Verse 1
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا
ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය ඔහු සතුය. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්‍යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය
Surah Al-Furqan, Verse 2
وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا
ඔවුහු ඔහුගෙන් තොර ව වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුහු පවා මවනු ලැබූවන් ලෙස සිටිය දී ඔවුහු කිසිවක් නොමවති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුහු බලය නොදරති. තවද ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුහු බලය නොදරති
Surah Al-Furqan, Verse 3
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ إِفۡكٌ ٱفۡتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيۡهِ قَوۡمٌ ءَاخَرُونَۖ فَقَدۡ جَآءُو ظُلۡمٗا وَزُورٗا
මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එහෙයින් සැබැවින්ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝය
Surah Al-Furqan, Verse 4
وَقَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٱكۡتَتَبَهَا فَهِيَ تُمۡلَىٰ عَلَيۡهِ بُكۡرَةٗ وَأَصِيلٗا
ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති
Surah Al-Furqan, Verse 5
قُلۡ أَنزَلَهُ ٱلَّذِي يَعۡلَمُ ٱلسِّرَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ غَفُورٗا رَّحِيمٗا
අහස්හි හා මහපොළොවේ රහස්‍ය දෑ දන්නා, එය පහළ කළේය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි (නබිවරය) නුඹ පවසනු
Surah Al-Furqan, Verse 6
وَقَالُواْ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأۡكُلُ ٱلطَّعَامَ وَيَمۡشِي فِي ٱلۡأَسۡوَاقِ لَوۡلَآ أُنزِلَ إِلَيۡهِ مَلَكٞ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا
මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළ වල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමග (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නොවේ ද? යැයි ඔවුහු පවසති
Surah Al-Furqan, Verse 7
أَوۡ يُلۡقَىٰٓ إِلَيۡهِ كَنزٌ أَوۡ تَكُونُ لَهُۥ جَنَّةٞ يَأۡكُلُ مِنۡهَاۚ وَقَالَ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا
එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබිය යුතු නොවේ ද? එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමගින් අනුභව කළ යුතු නොවේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසූහ
Surah Al-Furqan, Verse 8
ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَٰلَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا
ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියහ. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදැරූහ
Surah Al-Furqan, Verse 9
تَبَارَكَ ٱلَّذِيٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيۡرٗا مِّن ذَٰلِكَ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَيَجۡعَل لَّكَ قُصُورَۢا
ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි
Surah Al-Furqan, Verse 10
بَلۡ كَذَّبُواْ بِٱلسَّاعَةِۖ وَأَعۡتَدۡنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا
නමුත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ බොරු කළෝය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු
Surah Al-Furqan, Verse 11
إِذَا رَأَتۡهُم مِّن مَّكَانِۭ بَعِيدٖ سَمِعُواْ لَهَا تَغَيُّظٗا وَزَفِيرٗا
ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි ඇවිළෙන මහා හඬට ද ගර්ජනයට ද ඔවුහු සවන් දෙති
Surah Al-Furqan, Verse 12
وَإِذَآ أُلۡقُواْ مِنۡهَا مَكَانٗا ضَيِّقٗا مُّقَرَّنِينَ دَعَوۡاْ هُنَالِكَ ثُبُورٗا
තවද ඔවුන් බැඳ දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති
Surah Al-Furqan, Verse 13
لَّا تَدۡعُواْ ٱلۡيَوۡمَ ثُبُورٗا وَٰحِدٗا وَٱدۡعُواْ ثُبُورٗا كَثِيرٗا
(ප්‍රතික්ෂේපකයිනි) අද දින නුඹලා එක් විනාශයක් පමණක් නොඅයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු
Surah Al-Furqan, Verse 14
قُلۡ أَذَٰلِكَ خَيۡرٌ أَمۡ جَنَّةُ ٱلۡخُلۡدِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۚ كَانَتۡ لَهُمۡ جَزَآءٗ وَمَصِيرٗا
එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය උතුම් ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා ගමනාන්තයක් විය යැයි (නබිවරය නුඹ) පවසනු
Surah Al-Furqan, Verse 15
لَّهُمۡ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعۡدٗا مَّسۡـُٔولٗا
ඔවුනට එහි අභිමත කරන දෑ ඇත. (ඔවුහු එහි) සදහටම රඳා පවතින්නෝය. එය නුඹගේ පරමාධිපති වෙත පතනු ලැබූ ප්‍රතිඥාවක් විය
Surah Al-Furqan, Verse 16
وَيَوۡمَ يَحۡشُرُهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمۡ أَضۡلَلۡتُمۡ عِبَادِي هَـٰٓؤُلَآءِ أَمۡ هُمۡ ضَلُّواْ ٱلسَّبِيلَ
තවද එදින ඔවුන් හා අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ?යි (අල්ලාහ්) විමසන්නේය
Surah Al-Furqan, Verse 17
قَالُواْ سُبۡحَٰنَكَ مَا كَانَ يَنۢبَغِي لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنۡ أَوۡلِيَآءَ وَلَٰكِن مَّتَّعۡتَهُمۡ وَءَابَآءَهُمۡ حَتَّىٰ نَسُواْ ٱلذِّكۡرَ وَكَانُواْ قَوۡمَۢا بُورٗا
නුඹ සුපිවිතුරුය. නුඹගෙන් තොර ව භාරකරුවන් ගැනීමට අපට යුතු නොවීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන් හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහිය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ යැයි ඔවුහු පවසා සිටිනු ඇත
Surah Al-Furqan, Verse 18
فَقَدۡ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسۡتَطِيعُونَ صَرۡفٗا وَلَا نَصۡرٗاۚ وَمَن يَظۡلِم مِّنكُمۡ نُذِقۡهُ عَذَابٗا كَبِيرٗا
නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතුරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු
Surah Al-Furqan, Verse 19
وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ مِنَ ٱلۡمُرۡسَلِينَ إِلَّآ إِنَّهُمۡ لَيَأۡكُلُونَ ٱلطَّعَامَ وَيَمۡشُونَ فِي ٱلۡأَسۡوَاقِۗ وَجَعَلۡنَا بَعۡضَكُمۡ لِبَعۡضٖ فِتۡنَةً أَتَصۡبِرُونَۗ وَكَانَ رَبُّكَ بَصِيرٗا
නුඹට පෙර වූ දහම් දූතයින් අතුරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය
Surah Al-Furqan, Verse 20
۞وَقَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا لَوۡلَآ أُنزِلَ عَلَيۡنَا ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ نَرَىٰ رَبَّنَاۗ لَقَدِ ٱسۡتَكۡبَرُواْ فِيٓ أَنفُسِهِمۡ وَعَتَوۡ عُتُوّٗا كَبِيرٗا
අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නොවේ ද? (යැයි කියමින්) සැබැවින්ම ඔවුනොවුන් තුළම උඩඟු වූහ. මහත් ලෙස ඉක්මවා යමින් සීමාව ඉක්මවා කටයුතු කළෝය
Surah Al-Furqan, Verse 21
يَوۡمَ يَرَوۡنَ ٱلۡمَلَـٰٓئِكَةَ لَا بُشۡرَىٰ يَوۡمَئِذٖ لِّلۡمُجۡرِمِينَ وَيَقُولُونَ حِجۡرٗا مَّحۡجُورٗا
ඔවුන් මලක්වරුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති
Surah Al-Furqan, Verse 22
وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا
ක්‍රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි පැමිණියෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කළෙමු
Surah Al-Furqan, Verse 23
أَصۡحَٰبُ ٱلۡجَنَّةِ يَوۡمَئِذٍ خَيۡرٞ مُّسۡتَقَرّٗا وَأَحۡسَنُ مَقِيلٗا
(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්‍රේෂ්ඨයෝ වෙති. තවද (මධ්‍යහ්න) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති
Surah Al-Furqan, Verse 24
وَيَوۡمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلۡغَمَٰمِ وَنُزِّلَ ٱلۡمَلَـٰٓئِكَةُ تَنزِيلًا
එදින වලාකුළු මගින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති
Surah Al-Furqan, Verse 25
ٱلۡمُلۡكُ يَوۡمَئِذٍ ٱلۡحَقُّ لِلرَّحۡمَٰنِۚ وَكَانَ يَوۡمًا عَلَى ٱلۡكَٰفِرِينَ عَسِيرٗا
එදින සැබෑ ආධිපත්‍යය කරුණාන්විතයාණන් සතුය. තවද එය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් විය
Surah Al-Furqan, Verse 26
وَيَوۡمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيۡهِ يَقُولُ يَٰلَيۡتَنِي ٱتَّخَذۡتُ مَعَ ٱلرَّسُولِ سَبِيلٗا
තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ ! දූතයාණන් සමග මා මගක් ගන්නට තිබුණා නොවේ දැයි ඔහු පවසයි
Surah Al-Furqan, Verse 27
يَٰوَيۡلَتَىٰ لَيۡتَنِي لَمۡ أَتَّخِذۡ فُلَانًا خَلِيلٗا
අහෝ ! මාගේ විනාශය ! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නොගන්නට තිබුණා නොවේ ද
Surah Al-Furqan, Verse 28
لَّقَدۡ أَضَلَّنِي عَنِ ٱلذِّكۡرِ بَعۡدَ إِذۡ جَآءَنِيۗ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِلۡإِنسَٰنِ خَذُولٗا
මෙනෙහි කිරීම (හෙවත් අල් කුර්ආනය) මා වෙත පැමිණි පසු ව සැබැවින්ම ඔහු මා එයින් නොමග යැවීය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්‍රෝහියකු විය
Surah Al-Furqan, Verse 29
وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوۡمِي ٱتَّخَذُواْ هَٰذَا ٱلۡقُرۡءَانَ مَهۡجُورٗا
අහෝ! මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මාගේ ජනයා මෙම කුර්ආනය අත හැර දමනු ලබන්නක් වශයෙන් ගත්තෝ යැයි (රසූල්වරයා) පණිවිඩකරු පැවසීය
Surah Al-Furqan, Verse 30
وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا مِّنَ ٱلۡمُجۡرِمِينَۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيٗا وَنَصِيرٗا
එලෙස අපි සෑම නබිවරයෙකුටම අපරාධකරුවන් අතුරින් සතුරෙකු පත් කළෙමු. මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් වේ
Surah Al-Furqan, Verse 31
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ٱلۡقُرۡءَانُ جُمۡلَةٗ وَٰحِدَةٗۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَۖ وَرَتَّلۡنَٰهُ تَرۡتِيلٗا
ඔහු වෙත අල් කුර්ආනය එකවර එකම ගොනුවක් සේ පහළ කළ යුතු නොවේ දැ? යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. (අහෝ මුහම්මද්!) එලෙස අපි එමගින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිස අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු
Surah Al-Furqan, Verse 32
وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا
තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන ආව ද සත්‍යය හා වඩාත් අලංකාර විග්‍රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු
Surah Al-Furqan, Verse 33
ٱلَّذِينَ يُحۡشَرُونَ عَلَىٰ وُجُوهِهِمۡ إِلَىٰ جَهَنَّمَ أُوْلَـٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ سَبِيلٗا
තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහුමය නවාතැනින් නපුරු දනන් වන්නේ, තවද මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් වන්නේ
Surah Al-Furqan, Verse 34
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرٗا
අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු
Surah Al-Furqan, Verse 35
فَقُلۡنَا ٱذۡهَبَآ إِلَى ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَدَمَّرۡنَٰهُمۡ تَدۡمِيرٗا
අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. තවද අපි ඔවුන් සහමුලින්ම විනාශ කළෙමු
Surah Al-Furqan, Verse 36
وَقَوۡمَ نُوحٖ لَّمَّا كَذَّبُواْ ٱلرُّسُلَ أَغۡرَقۡنَٰهُمۡ وَجَعَلۡنَٰهُمۡ لِلنَّاسِ ءَايَةٗۖ وَأَعۡتَدۡنَا لِلظَّـٰلِمِينَ عَذَابًا أَلِيمٗا
තවද නූහ්ගේ ජනයා ද, ඔවුහු එම දහම් දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු
Surah Al-Furqan, Verse 37
وَعَادٗا وَثَمُودَاْ وَأَصۡحَٰبَ ٱلرَّسِّ وَقُرُونَۢا بَيۡنَ ذَٰلِكَ كَثِيرٗا
තවද ආද් ජනයා සමූද් ජනයා රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු)
Surah Al-Furqan, Verse 38
وَكُلّٗا ضَرَبۡنَا لَهُ ٱلۡأَمۡثَٰلَۖ وَكُلّٗا تَبَّرۡنَا تَتۡبِيرٗا
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සියල්ලන් අපි දරුණු ලෙස විනාශ කර දැමුවෙමු
Surah Al-Furqan, Verse 39
وَلَقَدۡ أَتَوۡاْ عَلَى ٱلۡقَرۡيَةِ ٱلَّتِيٓ أُمۡطِرَتۡ مَطَرَ ٱلسَّوۡءِۚ أَفَلَمۡ يَكُونُواْ يَرَوۡنَهَاۚ بَلۡ كَانُواْ لَا يَرۡجُونَ نُشُورٗا
තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින්ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නොදුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නොකරන්නන් ලෙස සිටියහ
Surah Al-Furqan, Verse 40
وَإِذَا رَأَوۡكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي بَعَثَ ٱللَّهُ رَسُولًا
තවද ඔවුන් නුඹ ව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹ ව නොගනිති
Surah Al-Furqan, Verse 41
إِن كَادَ لَيُضِلُّنَا عَنۡ ءَالِهَتِنَا لَوۡلَآ أَن صَبَرۡنَا عَلَيۡهَاۚ وَسَوۡفَ يَعۡلَمُونَ حِينَ يَرَوۡنَ ٱلۡعَذَابَ مَنۡ أَضَلُّ سَبِيلًا
අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නොසිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන්දැයි ඔවුහු මතු දැන ගනු ඇත
Surah Al-Furqan, Verse 42
أَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيۡهِ وَكِيلًا
තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද
Surah Al-Furqan, Verse 43
أَمۡ تَحۡسَبُ أَنَّ أَكۡثَرَهُمۡ يَسۡمَعُونَ أَوۡ يَعۡقِلُونَۚ إِنۡ هُمۡ إِلَّا كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّ سَبِيلًا
නියත වශයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහුය
Surah Al-Furqan, Verse 44
أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا
නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු
Surah Al-Furqan, Verse 45
ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا
පසු ව අපි එය (හෙවණැල්ල) සීරුවෙන් අප වෙත හසුකරගනිමින් අත්පත් කර ගන්නෙමු
Surah Al-Furqan, Verse 46
وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا
රාත්‍රිය වස්ත්‍රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහුය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේද ඔහුය
Surah Al-Furqan, Verse 47
وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا
ඔහුගේ ආශිර්වාදය අතුරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහුය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු
Surah Al-Furqan, Verse 48
لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا
එමගින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතුරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත්ය
Surah Al-Furqan, Verse 49
وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا
ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. නමුත් ජනයා අතුරින් බොහෝමයක් දෙනා ගුණමකුභාවයෙන් මිස එය පිළිගත්තේ නැත
Surah Al-Furqan, Verse 50
وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا
අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකටම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි
Surah Al-Furqan, Verse 51
فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا
එහෙයින් දේව ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවනත නොවනු. තවද නුඹ ඔවුන් සමග එමගින් දැඩි පරිශ්‍රමයකින් යුතුව කැපවීම් කරනු
Surah Al-Furqan, Verse 52
۞وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا
මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහුය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූ තහනම් සීමාවක් ඔහු ඇති කළේය
Surah Al-Furqan, Verse 53
وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا
ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව ශක්තිය ඇත්තාය
Surah Al-Furqan, Verse 54
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا
තවද ඔවුහු අල්ලාහ්ගෙන් තොර වූ තමන්හට ප්‍රයෝජනයක් ලබා දිය නොහැකි එමෙන්ම තමන්හට හානියක් සිදු කළ නොහැකි දෑට නැමඳුම් කරති. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහි ව උර දෙන්නකු විය
Surah Al-Furqan, Verse 55
وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا
ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹ ව නොඑව්වෙමු
Surah Al-Furqan, Verse 56
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا
කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නොඉල්ලමි යැයි (නබිවරය) නුඹ පවසනු
Surah Al-Furqan, Verse 57
وَتَوَكَّلۡ عَلَى ٱلۡحَيِّ ٱلَّذِي لَا يَمُوتُ وَسَبِّحۡ بِحَمۡدِهِۦۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا
තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත්ය
Surah Al-Furqan, Verse 58
ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ ٱلرَّحۡمَٰنُ فَسۡـَٔلۡ بِهِۦ خَبِيرٗا
ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේය. පසු ව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඒ පිළිබඳ ව අභිඥානවන්තයා(වන ඔහු) ගෙන්ම විමසනු
Surah Al-Furqan, Verse 59
وَإِذَا قِيلَ لَهُمُ ٱسۡجُدُواْۤ لِلرَّحۡمَٰنِ قَالُواْ وَمَا ٱلرَّحۡمَٰنُ أَنَسۡجُدُ لِمَا تَأۡمُرُنَا وَزَادَهُمۡ نُفُورٗا۩
තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැයි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේය
Surah Al-Furqan, Verse 60
تَبَارَكَ ٱلَّذِي جَعَلَ فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَجَعَلَ فِيهَا سِرَٰجٗا وَقَمَرٗا مُّنِيرٗا
අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා)ද ආලෝකය විහිදුවන සඳු ද ඔහු එහි ඇති කළේය
Surah Al-Furqan, Verse 61
وَهُوَ ٱلَّذِي جَعَلَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ خِلۡفَةٗ لِّمَنۡ أَرَادَ أَن يَذَّكَّرَ أَوۡ أَرَادَ شُكُورٗا
තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල විවිධත්වයෙන් යුතුව ඇති කළේ ඔහුය
Surah Al-Furqan, Verse 62
وَعِبَادُ ٱلرَّحۡمَٰنِ ٱلَّذِينَ يَمۡشُونَ عَلَى ٱلۡأَرۡضِ هَوۡنٗا وَإِذَا خَاطَبَهُمُ ٱلۡجَٰهِلُونَ قَالُواْ سَلَٰمٗا
මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමග කතා කළ විට සාමය වේවා! යැයි පවසති
Surah Al-Furqan, Verse 63
وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمۡ سُجَّدٗا وَقِيَٰمٗا
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති
Surah Al-Furqan, Verse 64
وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصۡرِفۡ عَنَّا عَذَابَ جَهَنَّمَۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا
තවද අපෙග් පරමාධිපතියාණෙනි, නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම එහි දඬුවම අනිවාර්යය වන්නක් විය
Surah Al-Furqan, Verse 65
إِنَّهَا سَآءَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا
නියත වශයෙන්ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් නපුරු විය
Surah Al-Furqan, Verse 66
وَٱلَّذِينَ إِذَآ أَنفَقُواْ لَمۡ يُسۡرِفُواْ وَلَمۡ يَقۡتُرُواْ وَكَانَ بَيۡنَ ذَٰلِكَ قَوَامٗا
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති නොකරති. තවද මසුරු ද නොවෙති. ඒ අතර මැද මාවතක එය විය
Surah Al-Furqan, Verse 67
وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا
තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය යුක්තියෙන් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු ප්‍රතිවිපාකය ලබනු ඇත
Surah Al-Furqan, Verse 68
يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත් ව සදාකල් වෙසෙනු ඇත
Surah Al-Furqan, Verse 69
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
නමුත් පශ්චාත්තාප වී විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විතයාණන් විය
Surah Al-Furqan, Verse 70
وَمَن تَابَ وَعَمِلَ صَٰلِحٗا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابٗا
තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන්ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත
Surah Al-Furqan, Verse 71
وَٱلَّذِينَ لَا يَشۡهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّواْ بِٱللَّغۡوِ مَرُّواْ كِرَامٗا
තවද ඔවුහු වනාහි බොරුව ට සාක්ෂි නොදරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු ගමන් ගනිති
Surah Al-Furqan, Verse 72
وَٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَمۡ يَخِرُّواْ عَلَيۡهَا صُمّٗا وَعُمۡيَانٗا
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නොවැටෙති
Surah Al-Furqan, Verse 73
وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبۡ لَنَا مِنۡ أَزۡوَٰجِنَا وَذُرِّيَّـٰتِنَا قُرَّةَ أَعۡيُنٖ وَٱجۡعَلۡنَا لِلۡمُتَّقِينَ إِمَامًا
තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණෙනි, අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පිනවන සිසිල අපට ඇති කරනු මැනව ! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව ! යැයි පවසන්නන් වෙති
Surah Al-Furqan, Verse 74
أُوْلَـٰٓئِكَ يُجۡزَوۡنَ ٱلۡغُرۡفَةَ بِمَا صَبَرُواْ وَيُلَقَّوۡنَ فِيهَا تَحِيَّةٗ وَسَلَٰمًا
ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහුමය. තවද ඔවුහු එහි සුබ පැතුම් සමග හා (සලාම්) සමාදානයෙන් පිළිගනු ලබති
Surah Al-Furqan, Verse 75
خَٰلِدِينَ فِيهَاۚ حَسُنَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا
ඔවුහු එහි සදාතනිකයින් වෙති. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය
Surah Al-Furqan, Verse 76
قُلۡ مَا يَعۡبَؤُاْ بِكُمۡ رَبِّي لَوۡلَا دُعَآؤُكُمۡۖ فَقَدۡ كَذَّبۡتُمۡ فَسَوۡفَ يَكُونُ لِزَامَۢا
නුඹලාගේ කන්නලව් නොවී නම් මාගේ පරමාධිපති නුඹලා ව නොසලකා හරිනු ඇත. නමුත් නුඹලා බොරු කළෙහුය. එහෙයින් (දඬුවමේ) නියමය මතු සිදු වනු ඇත
Surah Al-Furqan, Verse 77