Surah An-Naml - Sinhala Translation by Www.islamhouse.com
طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ
තා, සීන්. එය අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන්ය
Surah An-Naml, Verse 1
هُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ
දෙවියන් විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි
Surah An-Naml, Verse 2
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ
ඔවුන් වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහුය
Surah An-Naml, Verse 3
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ
නියත වශයෙන්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) ව්‍යාකූලත්වයෙන් පෙළෙති
Surah An-Naml, Verse 4
أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ
නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය
Surah An-Naml, Verse 5
وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ
(නබිවරය,) තවද සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහිය
Surah An-Naml, Verse 6
إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ
නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු
Surah An-Naml, Verse 7
فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබීය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබීය
Surah An-Naml, Verse 8
يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(එවිට) අහෝ ! මූසා, නියත වශයෙන්ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි
Surah An-Naml, Verse 9
وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ
තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ සලිත වනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේය. තවද ඔහු නැවත හැරී නොබැලුවේය. අහෝ මූසා! නුඹ බිය නොවනු. නියත වශයෙන්ම මම වනාහි, මා ඉදිරියේ දූතයෝ බිය නොවෙති
Surah An-Naml, Verse 10
إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٖ فَإِنِّي غَفُورٞ رَّحِيمٞ
නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි
Surah An-Naml, Verse 11
وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ
Surah An-Naml, Verse 12
فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةٗ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ
අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමක් යැයි ඔවුහු පැවසූහ
Surah An-Naml, Verse 13
وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ
තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු
Surah An-Naml, Verse 14
وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ
තවද සැබැවින්ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ
Surah An-Naml, Verse 15
وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ
සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබීය. තවද සෑම දෙයකින්ම අපට පිරිනමනු ලැබීය. නියත වශයෙන්ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය
Surah An-Naml, Verse 16
وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ
සුලෙයිමාන් වෙනුවෙන් ජින් වර්ගයාගෙන් ද මිනිස් සත්වයාගෙන්ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදී. පසු ව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබීය
Surah An-Naml, Verse 17
حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٞ يَـٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ
කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත් ව නුඹලා පාගා නොදැමිය යුතු යැයි කුහුඹියෙක් කීවාය
Surah An-Naml, Verse 18
فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّـٰلِحِينَ
උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණෙනි, නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසීය
Surah An-Naml, Verse 19
وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ
තවද ඔහු (සුලෙයිමාන්) පක්ෂියා සෙවීය. හුද් හුද් කුරුල්ලා මා නොදකිනුයේ ඇයි? නැතහොත් ඌ නොපැමිණියවුන් අතුරින් වීදැ?යි ඔහු පැවසීය
Surah An-Naml, Verse 20
لَأُعَذِّبَنَّهُۥ عَذَابٗا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٖ مُّبِينٖ
මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතුය
Surah An-Naml, Verse 21
فَمَكَثَ غَيۡرَ بَعِيدٖ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٖ يَقِينٍ
නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නොකළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමග නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසීය
Surah An-Naml, Verse 22
إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ
නියත වශයෙන් ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත
Surah An-Naml, Verse 23
وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ
ඇය හා ඇයගේ ජනයා අල්ලාහ්ගෙන් තොර ව හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා එම (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නොලබති
Surah An-Naml, Verse 24
أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ
අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් නොකරන මෙන් (පවසා වැළැක්වීය.) තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු(අල්ලාහ්) දනියි
Surah An-Naml, Verse 25
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩
අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන්ය
Surah An-Naml, Verse 26
۞قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ
නුඹ සත්‍ය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතුරින් දැයි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේය
Surah An-Naml, Verse 27
ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ
නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් ඔවුන් වෙත දමා පසු ව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි නුඹ අධීක්ෂණය කරනු. (යැයි පැවසීය)
Surah An-Naml, Verse 28
قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ
අහෝ ප්‍රධානියනි! නියත වශයෙන්ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවාය
Surah An-Naml, Verse 29
إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
නියත වශයෙන්ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන්ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි
Surah An-Naml, Verse 30
أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ
නුඹලා මට එරෙහි ව අහංකාර නොවනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු. (යැයි එම ලිපියේ සඳහන් ව ඇත)
Surah An-Naml, Verse 31
قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ
අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා සාක්ෂි පවසන තෙක් මම කිසිදු කරුණක් සිදු කරන්නියක් නොවූයෙමි යැයි පැවසුවාය
Surah An-Naml, Verse 32
قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ
අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙතය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැයි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසූහ
Surah An-Naml, Verse 33
قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ
නියත වශයෙන්ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ
Surah An-Naml, Verse 34
وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ
තවද නියත වශයෙන්ම මම ඔවුන් වෙත ත්‍යාග එවා දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැයි බලා සිටිමි
Surah An-Naml, Verse 35
فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ
එවිට සුලෙයිමාන් වෙත (දූතයා) ඔහු පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම්ය. නමුත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳ ව සතුටු වන්නෙහුය
Surah An-Naml, Verse 36
ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ
නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින්ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට ලක් වූ පහත් වූවන් ලෙසින් එයින් ඔවුන් ව අපි පිටුවහල් කරන්නෙමු
Surah An-Naml, Verse 37
قَالَ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ
අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් (මුස්ලිම්වරුන්) ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැයි ඔහු (සුලෙයිමාන්) විමසීය
Surah An-Naml, Verse 38
قَالَ عِفۡرِيتٞ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٞ
ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන්ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින් වර්ගයා අතුරින් බලවතෙක් පැවසීය
Surah An-Naml, Verse 39
قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ
ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසීය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි "මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැයි මා පරීක්ෂා කරනු පිණිස, මෙය මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි" යැයි (සුලෙයිමාන්) පැවසීය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙක ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන්ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලීය. (යන වග දැන ගත යුතුය)
Surah An-Naml, Verse 40
قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ
ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදි ව හඳුනා ගන්නී ද එසේ නැතහොත් නිවරැදි ව හඳුනා නොගන්නවුන් අතුරින් වන්නී දැ?යි අපි බලමු යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය
Surah An-Naml, Verse 41
فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ
පසු ව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැයි විමසනු ලැබීය. ඇය නියත වශයෙන්ම මෙය එයමය යැයි (රැජිණ) පැවසුවාය. තවද එයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් (මුස්ලිම්වරුන්) වූයෙමු
Surah An-Naml, Verse 42
وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ
අල්ලාහ්ගෙන් තොර ව ඇය නමදිමින් සිටි දෑ ඇය ව වැළැක්වීය. නියත වශයෙන්ම ඇය දෙවියන් ප්‍රතික්ෂේප කළ ජනයා අතුරින් කෙනෙකු විය
Surah An-Naml, Verse 43
قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබීය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවාය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තාය. නියත වශයෙන්ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු (සුලෙයිමාන්) පැවසීය. මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමග සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවාය
Surah An-Naml, Verse 44
وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ
තවද නුඹලා අල්ලාහ්ට නැමඳුම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින්ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ
Surah An-Naml, Verse 45
قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
මාගේ ජනයිනි, යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නොවේ දැයි ඔහු පැවසීය
Surah An-Naml, Verse 46
قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَـٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ
නුඹ හා නුඹ සමග වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් වෙතිනි. නමුත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසීය
Surah An-Naml, Verse 47
وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٖ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ
මහපොළොවේ කලහකම් කරන එමෙන්ම විධිමත් නොකරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය
Surah An-Naml, Verse 48
قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ
නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ මරා දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු යැයි ද නියත වශයෙන්ම අපි සත්‍යාවාදීහු යැයි ද ඔහුගේ භාරකරුට පවසන්නෙමු යැයි ඔවුහු (එම කණ්ඩායම්) පැවසූහ
Surah An-Naml, Verse 49
وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ
ඔවුහු කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෝය. අප ද ඔවුන් නොදැන සිටිය දී කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෙමු
Surah An-Naml, Verse 50
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ
ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු
Surah An-Naml, Verse 51
فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡلَمُونَ
ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන්ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත
Surah An-Naml, Verse 52
وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ
තවද විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු
Surah An-Naml, Verse 53
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ
තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම ස්ත්‍රීන් හැර පුරුෂයින් වෙත පැමිණෙන්නෙහු දැ?යි විමසූ අවස්ථාව සිහියට නගනු
Surah An-Naml, Verse 54
أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ
කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතු ව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? නුඹලා අඥාන පිරිසකි
Surah An-Naml, Verse 55
۞فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٖ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ
නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන්ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය
Surah An-Naml, Verse 56
فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ
එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතරට පත් කළෙමු
Surah An-Naml, Verse 57
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ
තවද අපි ඔවුන් වෙත වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන්ගේ වර්ෂාව නපුරු විය
Surah An-Naml, Verse 58
قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ
පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් ආදේශ කරන දෑ ද
Surah An-Naml, Verse 59
أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ
(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමගින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි
Surah An-Naml, Verse 60
أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කොට ඒ අතර ගංගාවන් ඇති කොට එහි කඳු ඇති කොට මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති
Surah An-Naml, Verse 61
أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ සුඵ වශයෙනි
Surah An-Naml, Verse 62
أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ
එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතරය
Surah An-Naml, Verse 63
أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
එසේ නැතහොත්, (පූර්වාදර්ශයකින් තොර ව) මැවීම් නිර්මාණය කොට (එය මරණයට පත් වූ) පසු ව යළි ( ප්‍රාණය දී) ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු
Surah An-Naml, Verse 64
قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ
(නබිවරය) අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් අදෘශ්‍යමාන දෑ නොදනී යැයි ඔබ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති
Surah An-Naml, Verse 65
بَلِ ٱدَّـٰرَكَ عِلۡمُهُمۡ فِي ٱلۡأٓخِرَةِۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّنۡهَاۖ بَلۡ هُم مِّنۡهَا عَمُونَ
එසේ නොව ඔවුන්ගේ දැනුම මතු ලොව වෙතට ළඟා වෙයි. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුන් ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙති
Surah An-Naml, Verse 66
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبٗا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ
අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නන් වන්නෙමු දැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියේය
Surah An-Naml, Verse 67
لَقَدۡ وُعِدۡنَا هَٰذَا نَحۡنُ وَءَابَآؤُنَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස නැත
Surah An-Naml, Verse 68
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ
මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි ඔබ පවසනු
Surah An-Naml, Verse 69
وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُن فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ
ඔවුන් කෙරෙහි ඔබ දුක් නොවනු. තවද ඔවුන් කරන කුමන්ත්‍රණ හේතුවෙන් ඔබ අසහනකාරී තත්ත්වයට පත් නොවනු
Surah An-Naml, Verse 70
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ
නුඹලා සත්‍යවාදීහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි ඔවුහු විමසති
Surah An-Naml, Verse 71
قُلۡ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعۡضُ ٱلَّذِي تَسۡتَعۡجِلُونَ
(නබිවරය) නුඹලා ඉක්මනින් පතන දැයින් සමහරක් නුඹලාට සමීප වන්නට පුළුවන් යැයි ඔබ පවසනු
Surah An-Naml, Verse 72
وَإِنَّ رَبَّكَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ
තවද නියත වශයෙන්ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලීය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති
Surah An-Naml, Verse 73
وَإِنَّ رَبَّكَ لَيَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ
තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන්ම ඔබේ පරමාධිපති දන්නේය
Surah An-Naml, Verse 74
وَمَا مِنۡ غَآئِبَةٖ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ
තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් හෝ පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස නැත
Surah An-Naml, Verse 75
إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ
කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි
Surah An-Naml, Verse 76
وَإِنَّهُۥ لَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ
තවද නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දෙවියන් විශ්වාස කරන්නන් හට දයාවකි
Surah An-Naml, Verse 77
إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ
නියත වශයෙන්ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහුමය සර්ව ඥානී සර්ව බලධාරී
Surah An-Naml, Verse 78
فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ
එහෙයින් ඔබ අල්ලාහ් වෙත සියල්ල භාර කරනු. නියත වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහිය
Surah An-Naml, Verse 79
إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ
නියත වශයෙන්ම නුඹට (සත්‍ය ප්‍රතික්ෂේප කරන) මළවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. තවද (සත්‍යට කන් නොදෙන) බිහිරන් ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක
Surah An-Naml, Verse 80
وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ
අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. අපගේ වදන් විශ්වාස කර, අවනත වන මුස්ලිම්වරුන් බවට පත්වූවන්ට හැර අන් අයට නුඹට සවන් වැකෙන්නට සැළැස්විය නොහැක
Surah An-Naml, Verse 81
۞وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةٗ مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ
ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය පතිත වූ විට ‘නියත වශයෙන්ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නොකරමින් සිටියහ’ යැයි ඔවුන් සමග කතා කරන සත්ත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු
Surah An-Naml, Verse 82
وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ
සෑම සමූහයකින්ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනය ගැන මෙනෙහි කරනු. එවිට ඔවුහු පෙළ ගස්වා තබනු ලබති
Surah An-Naml, Verse 83
حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ
ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නොතිබිය දී නුඹලා එය බොරු කළෙහු ද, එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක්දැ?යි ඔහු විමසයි
Surah An-Naml, Verse 84
وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ
ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය පතිත විය. එහෙයින් ඔවුහු කතා නොකරති
Surah An-Naml, Verse 85
أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රියත් දහවල පෙනෙන්නක් බවටත් නියත වශයෙන්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෙහු ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත
Surah An-Naml, Verse 86
وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ
හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත පහත් වූවන් ලෙසින් පැමිණෙනු ඇත
Surah An-Naml, Verse 87
وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةٗ وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ
ඔබ එය ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහිය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය
Surah An-Naml, Verse 88
مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَا وَهُم مِّن فَزَعٖ يَوۡمَئِذٍ ءَامِنُونَ
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඔහු සතු වනු ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝය
Surah An-Naml, Verse 89
وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتۡ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ
තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑ හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද
Surah An-Naml, Verse 90
إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ رَبَّ هَٰذِهِ ٱلۡبَلۡدَةِ ٱلَّذِي حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَيۡءٖۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ
නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට නැමැදුම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි
Surah An-Naml, Verse 91
وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ
තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන්ම මම අවවාද කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි නුඹ (ඔහුට) පවසනු
Surah An-Naml, Verse 92
وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නොවේ යැයි (නබිවරය) ඔබ පවසනු
Surah An-Naml, Verse 93