Surah Al-Qasas - Sinhala Translation by Www.islamhouse.com
طسٓمٓ
තා, සීන්, මීම්
Surah Al-Qasas, Verse 1
تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් වේ
Surah Al-Qasas, Verse 2
نَتۡلُواْ عَلَيۡكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرۡعَوۡنَ بِٱلۡحَقِّ لِقَوۡمٖ يُؤۡمِنُونَ
විශ්වාස කරන ජනයාට මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු
Surah Al-Qasas, Verse 3
إِنَّ فِرۡعَوۡنَ عَلَا فِي ٱلۡأَرۡضِ وَجَعَلَ أَهۡلَهَا شِيَعٗا يَسۡتَضۡعِفُ طَآئِفَةٗ مِّنۡهُمۡ يُذَبِّحُ أَبۡنَآءَهُمۡ وَيَسۡتَحۡيِۦ نِسَآءَهُمۡۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلۡمُفۡسِدِينَ
නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම් වලට බෙදා ඔවුන් අතුරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවීය. නියත වශයෙන්ම ඔහු කලහකාරීන් අතුරින් කෙනෙකු විය
Surah Al-Qasas, Verse 4
وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةٗ وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ
මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන් හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අදහස් කළෙමු
Surah Al-Qasas, Verse 5
وَنُمَكِّنَ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَنُرِيَ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُواْ يَحۡذَرُونَ
තවද ඔවුනට අපි මහපොළොවේ පහසුකම් සලසා දීමටත් ෆිර්අවුන් හා හාමාන්ට ද ,ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද, ඔවුන් අතුරින් කවර දෙයක් පිළිබඳ ඔවුන් ප්‍රවේශමෙන් කටයුතු කළේ ද එය ඔවුනට අප පෙන්වීමටත් අපි අදහස් කළෙමු
Surah Al-Qasas, Verse 6
وَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ
ඔහුට කිරි දෙන මෙන් ද, ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමන් මෙන් ද, තවද ඔබ බිය නොවනු තවද ඔබ දුක් නොවනු යැයි ද, නියත වශයෙන්ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු එමෙන්ම අපි ඔහු ධර්ම දූතයින් අතුරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු යැයි ද අපි මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු
Surah Al-Qasas, Verse 7
فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوّٗا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ
(මූසාගේ මව ඔහුව ගඟට දැමුවාය. ඉන්පසු) ෆිර්අවුන්ගේ නිවැසියන් ඔහුව අරගත්හ. එය ඔහු ඔවුනට සතුරෙකු හා දුකට හේතුවක් බවට පත් වනු පිණිසය. නියත වශයෙන්ම ෆිර්අවුන් ද හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සේනාවන් ද වැරදි කරන්නෝ වූහ
Surah Al-Qasas, Verse 8
وَقَالَتِ ٱمۡرَأَتُ فِرۡعَوۡنَ قُرَّتُ عَيۡنٖ لِّي وَلَكَۖ لَا تَقۡتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗا وَهُمۡ لَا يَشۡعُرُونَ
මට හා ඔබට නෙතට සිසිලකි. නුඹලා ඔහු මරා නොදමනු. ඔහු අපට ප්‍රයෝජනවත් විය හැක. එසේ නැතහොත් ඔහු දරුවකු සේ (හදාවඩා) ගත හැකැයි ෆිර්අවුන්ගේ බිරිය පැවසුවාය. තවද (සැබෑ යථාර්ථය) ඔවුනට නොවැටහුණි
Surah Al-Qasas, Verse 9
وَأَصۡبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًاۖ إِن كَادَتۡ لَتُبۡدِي بِهِۦ لَوۡلَآ أَن رَّبَطۡنَا عَلَىٰ قَلۡبِهَا لِتَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
මූසාගේ මවගේ හදවත හිස් විය. ඇය දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නියන් අතුරින් කෙනකු වනු පිණිස ඇයගේ හදවත අපි ශක්තිමත් නොකළෙමු නම් ඇය ඔහු ගැන හෙළි කරන්නට තිබුණි
Surah Al-Qasas, Verse 10
وَقَالَتۡ لِأُخۡتِهِۦ قُصِّيهِۖ فَبَصُرَتۡ بِهِۦ عَن جُنُبٖ وَهُمۡ لَا يَشۡعُرُونَ
ඔහු පසුපසින් යනු යැයි ඇය ඔහුගේ සහෝදරියට පැවසුවාය. එවිට ඔවුන් නොදැනුවත් ව සිටිය දී (ඔවුන්) අසලින්ම සිට ඔහු දෙස ඇය විපරම් කළාය
Surah Al-Qasas, Verse 11
۞وَحَرَّمۡنَا عَلَيۡهِ ٱلۡمَرَاضِعَ مِن قَبۡلُ فَقَالَتۡ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰٓ أَهۡلِ بَيۡتٖ يَكۡفُلُونَهُۥ لَكُمۡ وَهُمۡ لَهُۥ نَٰصِحُونَ
අපි (මවට භාරදීමට) පෙර කිරි දෙන මව්වරුන් ඔහු වෙත තහනම් කළෙමු. එවිට ඔහු භාරගන්නා නිවැසියන් පිළිබඳ ව මම නුඹලාට දන්වන්නෙම් ද? ඔවුහු ඔහුට උපදෙස් දෙන්නෝ වෙති යැයි ඇය (සහෝදරිය) පැවසුවාය
Surah Al-Qasas, Verse 12
فَرَدَدۡنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَ وَلِتَعۡلَمَ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
අපි ඔහුව (මූසාව) ඔහුගේ මව වෙතම නැවත භාර දුනිමු. (එබැවින්) ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නොවීමටද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගැනීමට ද සැලැස්සුවෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති
Surah Al-Qasas, Verse 13
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسۡتَوَىٰٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ
Surah Al-Qasas, Verse 14
وَدَخَلَ ٱلۡمَدِينَةَ عَلَىٰ حِينِ غَفۡلَةٖ مِّنۡ أَهۡلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيۡنِ يَقۡتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنۡ عَدُوِّهِۦۖ فَٱسۡتَغَٰثَهُ ٱلَّذِي مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِي مِنۡ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيۡهِۖ قَالَ هَٰذَا مِنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِۖ إِنَّهُۥ عَدُوّٞ مُّضِلّٞ مُّبِينٞ
එහි වැසියන් නොසැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසීය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු ගහ මරා ගත්හ. එවිට තම පාර්ශවයේ පුද්ගලයා තම සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහි ව ඔහුගෙන් උදව් පැතීය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසීය. එවිට ඔහු වෙත (මරණය) තීන්දු විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන්ම ඔහු නොමග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 15
قَالَ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව ! යැයි ඔහු ප්‍රාර්ථනා කළේය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේය. නියත වශයෙන්ම මහා කරුණාන්විත ලෙසද අතික්ෂමාශීලී ලෙසද සිටින්නේ ඔහුමය
Surah Al-Qasas, Verse 16
قَالَ رَبِّ بِمَآ أَنۡعَمۡتَ عَلَيَّ فَلَنۡ أَكُونَ ظَهِيرٗا لِّلۡمُجۡرِمِينَ
මාගේ පරමාධිපතියාණෙනි, ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන් හට උර දෙන්නෙකු නොවෙමි යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 17
فَأَصۡبَحَ فِي ٱلۡمَدِينَةِ خَآئِفٗا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِي ٱسۡتَنصَرَهُۥ بِٱلۡأَمۡسِ يَسۡتَصۡرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِيّٞ مُّبِينٞ
එවිට ඔහු බියට පත් ව නගරය තුළ නිරීක්ෂාවෙන් ගමන් කරන්නෙකු බවට පත් විය. පෙර දින ඔහුගෙන් උදව් පැතූ අයම නැවතත් ඔහුගෙන් උදව් පැතීය. එවිට නියත වශයෙන්ම ඔබ පැහැදිලි අපරාධකාරයකි යැයි මූසා ඔහුට පැවසීය
Surah Al-Qasas, Verse 18
فَلَمَّآ أَنۡ أَرَادَ أَن يَبۡطِشَ بِٱلَّذِي هُوَ عَدُوّٞ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقۡتُلَنِي كَمَا قَتَلۡتَ نَفۡسَۢا بِٱلۡأَمۡسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارٗا فِي ٱلۡأَرۡضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلۡمُصۡلِحِينَ
ඔවුන් දෙදෙනාටම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි අහෝ! මූසා, පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස (වෙනකක්) අදහස් කරන්නේ නැත. එමෙන්ම ප්‍රතිසංස්කරණ කරන්නන් අතර සිටීමට ඔබ නොසිතන්නෙහිය යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 19
وَجَآءَ رَجُلٞ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّـٰصِحِينَ
නගරයේ ඈත කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් අහෝ ! මූසා නියත වශයෙන්ම ප්‍රධානීහු ඔබ මරා දැමීමට ඔබ ගැන සාකච්ඡා කරති. එහෙයින් ඔබ බැහැර ව යනු. නියත වශයෙන්ම මම ඔබට උපදෙස් දෙන්නන් අතුරින් කෙනෙකු වීමි යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 20
فَخَرَجَ مِنۡهَا خَآئِفٗا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
එවිට ඔහු බියට පත් ව නිරීක්ෂාකාරී ව ඉන් බැහැර වී ‘මාගේ පරමාධිපතියාණෙනි, අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු’ යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 21
وَلَمَّا تَوَجَّهَ تِلۡقَآءَ مَدۡيَنَ قَالَ عَسَىٰ رَبِّيٓ أَن يَهۡدِيَنِي سَوَآءَ ٱلسَّبِيلِ
තවද ඔහු මද්යන් දෙසට මුහුණලා ගිය කල්හි, මාගේ පරමාධිපති මට නිවැරදි මග පෙන්වන්නට පුළුවණැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 22
وَلَمَّا وَرَدَ مَآءَ مَدۡيَنَ وَجَدَ عَلَيۡهِ أُمَّةٗ مِّنَ ٱلنَّاسِ يَسۡقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمۡرَأَتَيۡنِ تَذُودَانِۖ قَالَ مَا خَطۡبُكُمَاۖ قَالَتَا لَا نَسۡقِي حَتَّىٰ يُصۡدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيۡخٞ كَبِيرٞ
මද්යන්හි ජලාශය අසලට ඔහු පැමිණි කල්හි ජනයා අතුරින් (තම ගොවිපළ සතුන්ට) ජලය සපයන ප්‍රජාවක් දුටුවේය. තවද ඔවුන් හැර (ඉන්) වැළකී සිටින කතුන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔබ දෙදෙනා අහකට වී සිටින්නේ ඇයි දැයි ඔහු විමසීය. මෙම එඬේරුන් පිට ව යන තෙක් අපට ජලය සැපයිය නොහැක. තවද අපගේ පියාණන් ඉතා වයෝවෘද්ධ කෙනෙකි යැයි ඔවුන් දෙදෙනා පැවසූහ
Surah Al-Qasas, Verse 23
فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ
එවිට ඔවුන් දෙදෙනාහට ඔහු(මූසා) ජලය සපයා පසු ව හෙවණ වෙත හැරී ගොස් ‘මාගේ පරමාධිපතියාණෙනි, ඔබ මා වෙත පහළ කළ යහපත කෙරෙහි මම අවශ්‍යතා ඇත්තෙකු වෙමි’ යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 24
فَجَآءَتۡهُ إِحۡدَىٰهُمَا تَمۡشِي عَلَى ٱسۡتِحۡيَآءٖ قَالَتۡ إِنَّ أَبِي يَدۡعُوكَ لِيَجۡزِيَكَ أَجۡرَ مَا سَقَيۡتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيۡهِ ٱلۡقَصَصَ قَالَ لَا تَخَفۡۖ نَجَوۡتَ مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ
ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ නියත වශයෙන්ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කළේ යැයි පැවසුවාය. එවිට ඔහු(මූසා) ඔහු(අය්යූබ්) වෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසීය. ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 25
قَالَتۡ إِحۡدَىٰهُمَا يَـٰٓأَبَتِ ٱسۡتَـٔۡجِرۡهُۖ إِنَّ خَيۡرَ مَنِ ٱسۡتَـٔۡجَرۡتَ ٱلۡقَوِيُّ ٱلۡأَمِينُ
මාගේ පියාණනි, ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවාය
Surah Al-Qasas, Verse 26
قَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٖۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرٗا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰلِحِينَ
වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන්ම මම අදහස් කරමි. එසේ ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුවය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්‍රිය නොකරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතුරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසීය
Surah Al-Qasas, Verse 27
قَالَ ذَٰلِكَ بَيۡنِي وَبَيۡنَكَۖ أَيَّمَا ٱلۡأَجَلَيۡنِ قَضَيۡتُ فَلَا عُدۡوَٰنَ عَلَيَّۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ
එය මා අතර හා ඔබ අතර වූවකි. කාලයන් දෙකින් කවර(කාලය)ක් මා ඉටු කළ ද එවිට මා වෙත කිසිදු සතුරුකමක් නැත. තවද අල්ලාහ් අප පවසන දෑ වෙත භාරකරුය යැයි ඔහු(අය්යූබ්) පැවසීය
Surah Al-Qasas, Verse 28
۞فَلَمَّا قَضَىٰ مُوسَى ٱلۡأَجَلَ وَسَارَ بِأَهۡلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارٗاۖ قَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ جَذۡوَةٖ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمۡ تَصۡطَلُونَ
මූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමග ගමන් ගත් කල්හි තූර් කඳු අසල දුරකින් ගින්නක් දුටුවේය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන්ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසීය
Surah Al-Qasas, Verse 29
فَلَمَّآ أَتَىٰهَا نُودِيَ مِن شَٰطِيِٕ ٱلۡوَادِ ٱلۡأَيۡمَنِ فِي ٱلۡبُقۡعَةِ ٱلۡمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّيٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
එවිට ඒ වෙත ඔහු පැමිණි කල්හි ආශිර්වාද කරනු ලැබූ භූමි භාගයේ දකුණු මිටියාවත අද්දර වූ ගසින් ‘අහෝ! මූසා, සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් මම වෙමි යැයි අමතනු ලැබීය
Surah Al-Qasas, Verse 30
وَأَنۡ أَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰٓ أَقۡبِلۡ وَلَا تَخَفۡۖ إِنَّكَ مِنَ ٱلۡأٓمِنِينَ
තවද ඔබ ඔබේ සැරයටිය හෙළනු. එය සර්පයකු මෙන් දඟලනු ඔහු දුටු කල්හි පසුපස හැරී ගියේය. තවද ඔහු (නැවත) හැරී නොබැලුවේය. අහෝ! මූසා, ඔබ ඉදිරියට එනු. තවද ඔබ බිය නොවනු. නියත වශයෙන්ම ඔබ ආරක්ෂා කරනු ලැබූවන් අතුරිනි. (යැයි පවසනු ලැබීය)
Surah Al-Qasas, Verse 31
ٱسۡلُكۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖ وَٱضۡمُمۡ إِلَيۡكَ جَنَاحَكَ مِنَ ٱلرَّهۡبِۖ فَذَٰنِكَ بُرۡهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොර ව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ ඇළපත ඔබ වෙතට ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන්ම ඔවුහු පාපතර පිරිසක් වූහ
Surah Al-Qasas, Verse 32
قَالَ رَبِّ إِنِّي قَتَلۡتُ مِنۡهُمۡ نَفۡسٗا فَأَخَافُ أَن يَقۡتُلُونِ
මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් අතුරින් කෙනෙකු ව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය
Surah Al-Qasas, Verse 33
وَأَخِي هَٰرُونُ هُوَ أَفۡصَحُ مِنِّي لِسَانٗا فَأَرۡسِلۡهُ مَعِيَ رِدۡءٗا يُصَدِّقُنِيٓۖ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ
තවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුරය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමග එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි (යැයි මූසා පැවසීය)
Surah Al-Qasas, Verse 34
قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجۡعَلُ لَكُمَا سُلۡطَٰنٗا فَلَا يَصِلُونَ إِلَيۡكُمَا بِـَٔايَٰتِنَآۚ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلۡغَٰلِبُونَ
(එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මගින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නොවනු ඇත. අපගේ සංඥා මගින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති
Surah Al-Qasas, Verse 35
فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا سِحۡرٞ مُّفۡتَرٗى وَمَا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ
මූසා අපගේ පැහැදිලි සංඥා සමග ඔවුන් වෙත පැමිණි කල්හි ‘මෙය නිර්මාණය කරනු ලැබූ හූනියමක් මිස නැතැයි ද අපගේ මුල් මුතුන්මිත්තන් තුළ අපි මේ ගැන අසා නැත්තෙමු’ යැයි ද ඔවුහු පැවසූහ
Surah Al-Qasas, Verse 36
وَقَالَ مُوسَىٰ رَبِّيٓ أَعۡلَمُ بِمَن جَآءَ بِٱلۡهُدَىٰ مِنۡ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّـٰلِمُونَ
තමන් වෙතින් යහමග රැගෙන ආවේ කවුරුන් දැයි ද අවසන් නිවහන කවුරුන් සතු වන්නේ දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නියත වශයෙන්ම අපරාධකරුවන් ජය නොලබනු ඇතැයි මූසා පැවසීය
Surah Al-Qasas, Verse 37
وَقَالَ فِرۡعَوۡنُ يَـٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي فَأَوۡقِدۡ لِي يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجۡعَل لِّي صَرۡحٗا لَّعَلِّيٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ مِنَ ٱلۡكَٰذِبِينَ
තවද ෆිර්අව්න් (මෙසේ) පැවැසුවේය, අහෝ ! ප්‍රධානියනි, මා හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට ඇතැයි මම නොදනිමි. එහෙයින් අහෝ! හාමාන්, මූසාගේ දෙවියා වෙත එබී බැලිය හැකිවනු පිණිස මා වෙනුවෙන් උස් මැඳුරක් තනනු. තවද නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතුරින් යැයි මම සිතමි
Surah Al-Qasas, Verse 38
وَٱسۡتَكۡبَرَ هُوَ وَجُنُودُهُۥ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَظَنُّوٓاْ أَنَّهُمۡ إِلَيۡنَا لَا يُرۡجَعُونَ
ඔහු හා ඔහුගේ සේනාවන් යුක්තියෙන් තොර ව මහපොළොවෙහි අහංකාරකම් පෑවෝය. නියත වශයෙන්ම තමන් අප වෙත නැවත හැරී එනු නොලබන බව ඔවුහු සිතූහ
Surah Al-Qasas, Verse 39
فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّـٰلِمِينَ
එහෙයින් ඔහු හා ඔහුගේ සේනාව අපි හසු කළෙමු. අපි ඔවුන් මුහුදට හෙළුවෙමු. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු
Surah Al-Qasas, Verse 40
وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ لَا يُنصَرُونَ
තවද අපි ඔවුන් නිරය වෙත ඇරයුම් කරන නායකයින් බවට පත් කළෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උදව් කරනු නොලබති
Surah Al-Qasas, Verse 41
وَأَتۡبَعۡنَٰهُمۡ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ هُم مِّنَ ٱلۡمَقۡبُوحِينَ
මෙලොවෙහි ශාපයක් අපි ඔවුන් පසුපස එවන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු දුරස් කරනු ලබන්නන් අතුරින් වෙති
Surah Al-Qasas, Verse 42
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِ مَآ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ ٱلۡأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ
තවද මුල් පරම්පරාවන් අප විනාශ කිරීමෙන් පසු ව මිනිසා උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔහුට සාධක වශයෙන් ද මගපෙන්වීමක් හා දයාවක් වශයෙන් ද සැබැවින්ම අපි මූසාට දහම් ග්‍රන්ථය පිරිනැමුවෙමු
Surah Al-Qasas, Verse 43
وَمَا كُنتَ بِجَانِبِ ٱلۡغَرۡبِيِّ إِذۡ قَضَيۡنَآ إِلَىٰ مُوسَى ٱلۡأَمۡرَ وَمَا كُنتَ مِنَ ٱلشَّـٰهِدِينَ
මූසාට නීයෝගය අප තීන්දු කළ අවස්ථාවේ ඔබ බටහිර අසල නොසිටියෙහිය. තවද ඔබ සාක්ෂිකරුවන් අතුරින් ද නොවීය
Surah Al-Qasas, Verse 44
وَلَٰكِنَّآ أَنشَأۡنَا قُرُونٗا فَتَطَاوَلَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيٗا فِيٓ أَهۡلِ مَدۡيَنَ تَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرۡسِلِينَ
එනමුත් අපි පරම්පරාවන් බිහි කළෙමු. එවිට ඔවුන් වෙත ආයු කාලය දීර්ඝ විය. තවද ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන පදිංචිකරුවකු ලෙසින් ඔබ මද්යන් වාසීන් අතර නොවීය. එනමුත් අප දූතයින් එවන්නන් වූයෙමු
Surah Al-Qasas, Verse 45
وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذۡ نَادَيۡنَا وَلَٰكِن رَّحۡمَةٗ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
අපි අමතන විට ඔබ තූර් කන්ද අසල නොවූයෙහිය. එනමුත් මෙය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු නොපැමිණි පිරිසකට ඔවුන් උපදෙස් ලැබිය හැකිවනු පිණිස ඔබ අවවාද කරනු වස් ඔබගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙනි
Surah Al-Qasas, Verse 46
وَلَوۡلَآ أَن تُصِيبَهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَيَقُولُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ
ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් විපතක් සිදු වී ‘අපගේ පරමාධිපතියාණෙනි, අප වෙත දූතයකු එවිය යුතු නොවේ ද? එවිට ඔබගේ වදන් අපි පිළිපදින්නට තිබුණි තවද දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි ඔවුහු නොපවසනු පිණිසය
Surah Al-Qasas, Verse 47
فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلّٖ كَٰفِرُونَ
අප වෙතින් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි මූසාට දෙනු ලැබූවාක් මෙන් යමක් දෙනු ලැබිය යුතු නොවේ දැ?යි විමසති. මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ ඔවුහු ප්‍රතික්ෂේප නොකළෝ ද? ඔවුන් එකිනෙකාට සහය දෙන හූනියම් කරුවන් දෙදෙනෙකි යැයි ඔවුහු පැවසූහ. තවද නියත වශයෙන්ම අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පැවසූහ
Surah Al-Qasas, Verse 48
قُلۡ فَأۡتُواْ بِكِتَٰبٖ مِّنۡ عِندِ ٱللَّهِ هُوَ أَهۡدَىٰ مِنۡهُمَآ أَتَّبِعۡهُ إِن كُنتُمۡ صَٰدِقِينَ
නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන දහම් ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි නබිවරය ඔබ පවසනු
Surah Al-Qasas, Verse 49
فَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدٗى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු. නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගියවුන් කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත
Surah Al-Qasas, Verse 50
۞وَلَقَدۡ وَصَّلۡنَا لَهُمُ ٱلۡقَوۡلَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
තවද සැබැවින්ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු
Surah Al-Qasas, Verse 51
ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ مِن قَبۡلِهِۦ هُم بِهِۦ يُؤۡمِنُونَ
මීට පෙර අපි ඔවුනට දහම් ග්‍රන්ථය පිරිනැමූ අය වනාහි ඔවුහු එය විශ්වාස කරති
Surah Al-Qasas, Verse 52
وَإِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ قَالُوٓاْ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبۡلِهِۦ مُسۡلِمِينَ
තවද ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි එය විශ්වාස කළෙමු. නියත වශයෙන්ම එය අපගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි. නියත වශයෙන්ම අපි මීට පෙර පවා අවනත වන්නන් ලෙස සිටියෙමු’ යැයි ඔවුහු පැවසූහ
Surah Al-Qasas, Verse 53
أُوْلَـٰٓئِكَ يُؤۡتَوۡنَ أَجۡرَهُم مَّرَّتَيۡنِ بِمَا صَبَرُواْ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළකා ගත් බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කළ බැවින් ද ඔවුන්ගේ කුලිය දෙවතාවක් දෙනු ලබන්නන් ඔවුහුමය
Surah Al-Qasas, Verse 54
وَإِذَا سَمِعُواْ ٱللَّغۡوَ أَعۡرَضُواْ عَنۡهُ وَقَالُواْ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ سَلَٰمٌ عَلَيۡكُمۡ لَا نَبۡتَغِي ٱلۡجَٰهِلِينَ
නිෂ්ඵල දෑට ඔවුන් සවන් දුන් විට ඔවුන් එය පිටු දැක ‘අපගේ ක්‍රියාවන් අපටය. නුඹලාගේ ක්‍රියාවන් නුඹලාටය. නුඹලා වෙත ශාන්තිය අත් වේවා! (මිතුරුකම් පෑමට) අඥානයින් අපි නොසොයන්නෙමු.’ යැයි ඔවුහු පැවසූහ
Surah Al-Qasas, Verse 55
إِنَّكَ لَا تَهۡدِي مَنۡ أَحۡبَبۡتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ
නියත වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට ඔබට මග පෙන්විය නොහැක. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය
Surah Al-Qasas, Verse 56
وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
අපි ඔබ සමග යහමග අනුගමනය කරන්නේ නම් අපි අපගේ දේශයෙන් පැහැර ගනු ලබන්නෙමු යැයි ඔවුහු පැවසූහ. අප වෙතින් වූ පෝෂණයක් වශයෙන් සෑම වර්ගයකම පලතුරු ඒ වෙත ගෙන දෙන අභයදායී සුරක්ෂිත (දේශයක්) ලෙස අපි ඔවුනට පත් නොකළෙමු ද? එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති
Surah Al-Qasas, Verse 57
وَكَمۡ أَهۡلَكۡنَا مِن قَرۡيَةِۭ بَطِرَتۡ مَعِيشَتَهَاۖ فَتِلۡكَ مَسَٰكِنُهُمۡ لَمۡ تُسۡكَن مِّنۢ بَعۡدِهِمۡ إِلَّا قَلِيلٗاۖ وَكُنَّا نَحۡنُ ٱلۡوَٰرِثِينَ
තවද තම සැපවත් ජීවිතයට ගුණමකු වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ එම වාසස්ථාන වල ස්වල්ප දෙනෙකු මිස වාසය කරනු නොලැබීය. තවද අපි උරුමක්කරුවන් වූයෙමු
Surah Al-Qasas, Verse 58
وَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولٗا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වන දූතයකු එහි මව් නගරයට එවන තෙක් ඔබේ පරමාධිපති එම ගම්මානය විනාශ කරන්නකු නොවීය. තවද අපි එහි වැසියන් අපරාධකරුවන් ව සිටිය දී මිස එම ගම්මානය විනාශ කරන්නන් නොවූයෙමු
Surah Al-Qasas, Verse 59
وَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰٓۚ أَفَلَا تَعۡقِلُونَ
තවද යමකින් නුඹලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්‍රේෂ්ඨය. සදාකාලිකය. නුඹලා වටහා නොගන්නෙහු ද
Surah Al-Qasas, Verse 60
أَفَمَن وَعَدۡنَٰهُ وَعۡدًا حَسَنٗا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعۡنَٰهُ مَتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا ثُمَّ هُوَ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مِنَ ٱلۡمُحۡضَرِينَ
අපි යමෙකුට අලංකාර ප්‍රතිඥාවක් දී එය ලබන තැනැත්තා මෙලොව ජීවිතයේ සම්පත් අපි ඔහුට භුක්ති විඳීමට සලස්වා පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඉදිරිපත් කරනු ලබන්නන් අතුරින් වන්නෙකු මෙන් ද
Surah Al-Qasas, Verse 61
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැයි විමසයි
Surah Al-Qasas, Verse 62
قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغۡوَيۡنَآ أَغۡوَيۡنَٰهُمۡ كَمَا غَوَيۡنَاۖ تَبَرَّأۡنَآ إِلَيۡكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعۡبُدُونَ
‘අපගේ පරමාධිපතියාණනි, අප නොමග යැවූ මොවූහු අප නොමග ගියාක් මෙන්ම අපි ඔවුන්ව ද නොමග යැව්වෙමු. අපි ඉන් මිදී ඔබ වෙත යොමු වූයෙමු. ඔවුහු අපට ගැතිකම් කරන්නෝ නොවූහ යැයි තමන් වෙත ප්‍රකාශය නියම වූ අය පවසයි
Surah Al-Qasas, Verse 63
وَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ
නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට (සමානයන් උපකල්පනය කළ) ඔවුහු ඔවුන් අමතති. නමුත් ඔවුහු ඔවුනට පිළිතුරු නොදෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන්ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්! (කොතරම් අගනේද)
Surah Al-Qasas, Verse 64
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ مَاذَآ أَجَبۡتُمُ ٱلۡمُرۡسَلِينَ
එදින ඔහු ඔවුන් කැඳවා නුඹලා දූතයින්ට කුමන පිළිතුරක් දුන්නෙහුදැ?යි විමසයි
Surah Al-Qasas, Verse 65
فَعَمِيَتۡ عَلَيۡهِمُ ٱلۡأَنۢبَآءُ يَوۡمَئِذٖ فَهُمۡ لَا يَتَسَآءَلُونَ
සිදුවීම් සියල්ල එදින ඔවුන් වෙත සැඟ වී ගොස් තිබේ. එහෙයින් ඔවුහු (ඒ ගැන) එකිනෙකා විමසා නොගනිති
Surah Al-Qasas, Verse 66
فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلۡمُفۡلِحِينَ
නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔහු ජයග්‍රාහකයින් අතුරින් වන්නට පුළුවණ
Surah Al-Qasas, Verse 67
وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේය. ඔහු තෝරා ගන්නේය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය
Surah Al-Qasas, Verse 68
وَرَبُّكَ يَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ
තවද නුඹලාගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද ඔබේ පරමාධිපති දන්නේය
Surah Al-Qasas, Verse 69
وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأُولَىٰ وَٱلۡأٓخِرَةِۖ وَلَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ
තවද ඔහුය අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ආරම්භයේ ද අවසානයේ ද සියලු ප්‍රශංසා ඔහු සතුය. තීන්දුව ද ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය
Surah Al-Qasas, Verse 70
قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත රාත්‍රිය සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා වෙත ආලෝකය නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා සවන් නොදෙන්නෙහු ද? යැයි (නබිවරය) ඔබ විමසනු
Surah Al-Qasas, Verse 71
قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلنَّهَارَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِلَيۡلٖ تَسۡكُنُونَ فِيهِۚ أَفَلَا تُبۡصِرُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් නුඹලා වෙත දහවල සදා පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් නුඹලා කුමක් සිතන්නෙහු ද? නුඹලා එහි වාසය කරන රාත්‍රිය නුඹලා වෙත නැවත ගෙන එන්නේ අල්ලාහ් හැර වෙනත් කවර දෙවියෙකු ද? නුඹලා අවධානයෙන් බැලිය යුතු නොවේ ද? යැයි (නබිවරය) ඔබ විමසනු
Surah Al-Qasas, Verse 72
وَمِن رَّحۡمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لِتَسۡكُنُواْ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
එහි නුඹලා වාසය කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් සොයනු පිණිසත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය තුළින් ඔහු නුඹලාට රාත්‍රිය හා දහවල ඇති කළේය
Surah Al-Qasas, Verse 73
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ
තවද එදින ඔහු ඔවුන් අමතා නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහේදැ?යි ඔහු (අල්ලාහ්) විමසයි
Surah Al-Qasas, Verse 74
وَنَزَعۡنَا مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا فَقُلۡنَا هَاتُواْ بُرۡهَٰنَكُمۡ فَعَلِمُوٓاْ أَنَّ ٱلۡحَقَّ لِلَّهِ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අපි වෙන් කර නුඹලාගේ සාධක ගෙන එනුයි අපි පවසන්නෙමු. එවිට නියත වශයෙන්ම සත්‍යය අල්ලාහ් සතු යැයි ඔවුන් දැන ගනු ඇත. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යයි
Surah Al-Qasas, Verse 75
۞إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ
නියත වශයෙන්ම කාරූන් මූසාගේ ජනයා අතුරින් කෙනෙකු විය. නමුත් ඔහු ඔවුනට එරෙහි ව සීමාව ඉක්මවා කටයුතු කළේය. තවද අපි ඔහුට නිධන් වස්තු පිරිනැමුවෙමු. නියත වශයෙන්ම එහි යතුරු ශක්තිමත් කණ්ඩායමක් විසින් ඉතා අසීරුවෙන් උසුලන්නක් විය. ඔබ උදම් නොවනු යැයි ඔහුගේ ජනයා ඔහුට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම අල්ලාහ් උදම් වන්නන් ප්‍රිය නොකරයි
Surah Al-Qasas, Verse 76
وَٱبۡتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلۡأٓخِرَةَۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنۡيَاۖ وَأَحۡسِن كَمَآ أَحۡسَنَ ٱللَّهُ إِلَيۡكَۖ وَلَا تَبۡغِ ٱلۡفَسَادَ فِي ٱلۡأَرۡضِۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ
අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ දෑහි මතු ලොව නිවහන ඔබ සොයනු. තවද මෙලොවෙහි ඔබේ කොටස අමතක නොකරනු. අල්ලාහ් ඔබ වෙත උපකාරශීලී ව කටයුතු කළාක් මෙන් ඔබ ද උපකාරශීලී ව කටයුතු කරනු. තවද මහපොළොවේ කලහකම් කිරීමට නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන් ප්‍රිය නොකරයි
Surah Al-Qasas, Verse 77
قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمٍ عِندِيٓۚ أَوَلَمۡ يَعۡلَمۡ أَنَّ ٱللَّهَ قَدۡ أَهۡلَكَ مِن قَبۡلِهِۦ مِنَ ٱلۡقُرُونِ مَنۡ هُوَ أَشَدُّ مِنۡهُ قُوَّةٗ وَأَكۡثَرُ جَمۡعٗاۚ وَلَا يُسۡـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلۡمُجۡرِمُونَ
මෙය මට දෙනු ලැබුවේ මා වෙත තිබෙන දැනුම හේතුකොටගෙනය යැයි (කාරූන්) පැවසීය. ඔහුට පෙර ඔහුට වඩා ශක්තියෙන් බලවත් එමෙන්ම පිරිසෙන් වැඩි පරම්පරාවන් අල්ලාහ් විනාශ කර ඇති බව ඔහු නොදත්තේ ද? අපරාධකරුවන් ඔවුන්ගේ පාපයන් ගැන විමසනු නොලබති
Surah Al-Qasas, Verse 78
فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ فِي زِينَتِهِۦۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا يَٰلَيۡتَ لَنَا مِثۡلَ مَآ أُوتِيَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٖ
ඔහුගේ අලංකාරය තුළ ඔහු ඔහුගේ ජනයා වෙත පිටතට පැමිණියේය. මෙලොව ජීවිතය ප්‍රිය කරන්නෝ කාරූන්ට දෙනු ලැබූ දෑ මෙන් අපට ද තිබුණා නම්! නියත වශයෙන්ම ඔහු ඉමහත් භාග්‍යය සම්පන්නයකු යැයි පැවසූහ
Surah Al-Qasas, Verse 79
وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَيۡلَكُمۡ ثَوَابُ ٱللَّهِ خَيۡرٞ لِّمَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗاۚ وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّـٰبِرُونَ
නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම්ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නොලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ
Surah Al-Qasas, Verse 80
فَخَسَفۡنَا بِهِۦ وَبِدَارِهِ ٱلۡأَرۡضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٖ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلۡمُنتَصِرِينَ
එවිට අපි ඔහු හා ඔහුගේ නිවස මහපොළොවට ගිල්වූයෙමු. එහෙයින් අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු උදව් ලබන්නන් අතුරින් ද නොවීය
Surah Al-Qasas, Verse 81
وَأَصۡبَحَ ٱلَّذِينَ تَمَنَّوۡاْ مَكَانَهُۥ بِٱلۡأَمۡسِ يَقُولُونَ وَيۡكَأَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُۖ لَوۡلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيۡنَا لَخَسَفَ بِنَاۖ وَيۡكَأَنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ
අහෝ! තම ගැත්තන් අතුරින් අල්ලාහ් අභිමත කරන අයට පෝෂණ සම්පත් ඔහු ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ප්‍රමාණ කොට දෙයි. අල්ලාහ් අප වෙත කාරුණික නොවූයේ නම් අප ද ගිලී යන්නට තිබුණි. අහෝ! දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ජය නොලබනු ඇතැයි පෙර දින ඔහුගේ නිලයට ආශා කළවුන් පවසන්නන් බවට පත් වූහ
Surah Al-Qasas, Verse 82
تِلۡكَ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ نَجۡعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوّٗا فِي ٱلۡأَرۡضِ وَلَا فَسَادٗاۚ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ
ඒ මතු ලොව නිවහන මහපොළොවේ උද්දාමය හෝ කලහකාරිත්වය හෝ ප්‍රිය නොකරන්නන් හට අපි ඇති කළෙමු. අවසානය බිය බැතිමතුන් හටය
Surah Al-Qasas, Verse 83
مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَى ٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා උතුම් දෑ ඔහුට ඇත. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එසේ නපුරුකම් සිදු කළ අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට මිස ප්‍රතිඵල දෙනු නොලැබේ
Surah Al-Qasas, Verse 84
إِنَّ ٱلَّذِي فَرَضَ عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٖۚ قُل رَّبِّيٓ أَعۡلَمُ مَن جَآءَ بِٱلۡهُدَىٰ وَمَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ
ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබ ව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයටම ගෙන යනු ඇත. යහමග රැගෙන එන්නා කවුරුන් දැයි ද පැහැදිලි මුළාවෙහි සිටින්නා කවුරුන්දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි පවසන්න
Surah Al-Qasas, Verse 85
وَمَا كُنتَ تَرۡجُوٓاْ أَن يُلۡقَىٰٓ إِلَيۡكَ ٱلۡكِتَٰبُ إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۖ فَلَا تَكُونَنَّ ظَهِيرٗا لِّلۡكَٰفِرِينَ
තවද දේව ග්‍රන්ථය ඔබ වෙත පහළ කරනු ලැබේ යැයි ඔබ අපේක්ෂා කරමින් නොසිටියෙහිය. එය ඔබගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් මිස නැත. එහෙයින් ඔබ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට උර දෙන්නකු නොවනු
Surah Al-Qasas, Verse 86
وَلَا يَصُدُّنَّكَ عَنۡ ءَايَٰتِ ٱللَّهِ بَعۡدَ إِذۡ أُنزِلَتۡ إِلَيۡكَۖ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ
අල්ලාහ්ගේ වදන් ඔබ වෙත පහළ කරනු ලැබුවායින් පසු ව ඒවායින් ඔවුන් ඔබ ව නොවැළැක්විය යුතුයි. තවද ඔබ ඔබේ පරමාධිපති වෙත ඇරයුම් කරනු. තවද ඔබ දෙවියන්ට ආදේශ කරන්නන් අතුරින් නොවනු
Surah Al-Qasas, Verse 87
وَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۘ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ كُلُّ شَيۡءٍ هَالِكٌ إِلَّا وَجۡهَهُۥۚ لَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ
තවද ඔබ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහුගේ මුහුණ හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නක්ය. නීතිය ඔහු සතුය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය
Surah Al-Qasas, Verse 88