Surah Al-Ankaboot - Sinhala Translation by Www.islamhouse.com
الٓمٓ
අලිෆ්, ලාම්, මීම්
Surah Al-Ankaboot, Verse 1
أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ
මිනිසා තමන් පරීක්ෂාවට ලක් කරනු නොලැබ, අපි විශ්වාස කළෙමු යැයි පැවසීමෙන් පමණක් තමන් අතහැර දමනු ලබනු ඇතැයි සිතුවේ ද
Surah Al-Ankaboot, Verse 2
وَلَقَدۡ فَتَنَّا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡكَٰذِبِينَ
තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවන්ට ලක් කළෙමු. එහෙයින් සත්‍යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු දනී
Surah Al-Ankaboot, Verse 3
أَمۡ حَسِبَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسۡبِقُونَاۚ سَآءَ مَا يَحۡكُمُونَ
නපුරුකම් සිදු කරන්නන් අප සමග ඔවුනට තරඟ වැදිය හැකි යැයි සිතුවෙහු ද? ඔවුන් තීන්දු කරන දෑ නරක විය
Surah Al-Ankaboot, Verse 4
مَن كَانَ يَرۡجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَأٓتٖۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය
Surah Al-Ankaboot, Verse 5
وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ
තවද කවරෙකු ( අල්ලාහ්ගේ මාර්ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් (පිහිට) අවශ්‍ය නැත්තෙකු ලෙස සිටින්නේය
Surah Al-Ankaboot, Verse 6
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَنَجۡزِيَنَّهُمۡ أَحۡسَنَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් අපි ඉවත් කරන්නෙමු. තවද ඔවුන් සිදුකරමින් සිටී දෑට වඩා අලංකාර දෑ අපි ඔවුනට ප්‍රතිඵල වශයෙන් පිරිනමන්නෙමු
Surah Al-Ankaboot, Verse 7
وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حُسۡنٗاۖ وَإِن جَٰهَدَاكَ لِتُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَآۚ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
තවද තම දෙමව්පියන් සමග යහපත් අයුරින් කටයුතු කරන ලෙස අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔබට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබ මට ආදේශ කරන මෙන් ඔවුන් දෙදෙනා ඔබ වෙත (බල කරන්නට) උත්සාහ දැරුවේ නම්, එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. නුඹලාගේ නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය. එහෙයින් නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නෙමු
Surah Al-Ankaboot, Verse 8
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُدۡخِلَنَّهُمۡ فِي ٱلصَّـٰلِحِينَ
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි සැබැවින්ම අපි ඔවුන් දැහැමියන් අතරට ඇතුළත් කරන්නෙමු
Surah Al-Ankaboot, Verse 9
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِيَ فِي ٱللَّهِ جَعَلَ فِتۡنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِۖ وَلَئِن جَآءَ نَصۡرٞ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمۡۚ أَوَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِمَا فِي صُدُورِ ٱلۡعَٰلَمِينَ
‘සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසා ඔහු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට, ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකන අය ද ජනයා අතුරින් වෙති. නමුත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන්ම අපි නුඹලා සමග යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද
Surah Al-Ankaboot, Verse 10
وَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡمُنَٰفِقِينَ
සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන් ගැන දන්නේය. තවද කුහකයින් ගැන ද සැබැවින්ම ඔහු දන්නේය
Surah Al-Ankaboot, Verse 11
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ
දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපයන්ගෙන් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය
Surah Al-Ankaboot, Verse 12
وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ
තවද නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද උසුලනු ඇත. ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරනු ලැබේ
Surah Al-Ankaboot, Verse 13
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَلَبِثَ فِيهِمۡ أَلۡفَ سَنَةٍ إِلَّا خَمۡسِينَ عَامٗا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمۡ ظَٰلِمُونَ
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර දහසකට වසර පනහක් අඩුවෙන් (එනම් අවුරුදු නවසියපනහක්) රැඳී සිටියේය. එවිට ඔවුන් අපරාධකරුවන් ව සිටිය දී මහා ගංවතුරක් ඔවුන් හසු කළේය
Surah Al-Ankaboot, Verse 14
فَأَنجَيۡنَٰهُ وَأَصۡحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلۡنَٰهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ
එවිට අපි ඔහු(නූහ්) හා නැවේ සිටී සගයින් බේරා ගත්තෙමු. තවද ලෝ වැසියන්ට සංඥාවක් බවට අපි එය පත් කළෙමු
Surah Al-Ankaboot, Verse 15
وَإِبۡرَٰهِيمَ إِذۡ قَالَ لِقَوۡمِهِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُۖ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
තවද ඉබ්‍රාහීම් ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු
Surah Al-Ankaboot, Verse 16
إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ
නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා නැමදුම් කරනුයේ පිළිම වලටය. තවද නුඹලා බොරු නිර්මාණය කරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑ වනාහි නුඹලාට පෝෂණය ලබා දෙන්නට ඔවුනට හැකියාව නොමැත්තෝය. එහෙයින් අල්ලාහ් වෙතින් පෝෂණ සම්පත් සොයනු. තවද ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට කෘතවේදී වනු. නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය
Surah Al-Ankaboot, Verse 17
وَإِن تُكَذِّبُواْ فَقَدۡ كَذَّبَ أُمَمٞ مِّن قَبۡلِكُمۡۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
තවද නුඹලා බොරු කරන්නෙහු නම් එවිට (දැනගනු) සැබැවින්ම නුඹලාට පෙර සිටී සමූහයන්ද බොරු කළෝය. තවද පැහැදිලි ව (අල්ලාහ්ගේ නියෝග) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් (රසූල්වරයා) පණිවිඩකරුවා වෙත නැත
Surah Al-Ankaboot, Verse 18
أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
අල්ලාහ් මැවීම් ප්‍රථමෝත්පාදනය කර පසු ව ඔහු එය නැවත ගෙන එන්නේ කෙසේ දැයි ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි
Surah Al-Ankaboot, Verse 19
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
මහපොළොවේ නුඹලා ගමන් කොට ඔහු මැවීම් ප්‍රථමෝත්පාදනය කළේ කෙසේ දැයි අධීක්ෂණයෙන් බලනු. පසු ව අල්ලාහ් වෙනත් නිර්මාණයක් නිර්මාණය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය
Surah Al-Ankaboot, Verse 20
يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ
ඔහු අභිමත කරන අයට ඔහු දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට කරුණාව පෙන්වයි. තවද නුඹලා පෙරළා ගෙන එනු ලබනුයේ ඔහු වෙතටය
Surah Al-Ankaboot, Verse 21
وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
නුඹලා (ට) මහපොළොවේ හෝ අහස්හි හෝ (අල්ලාහ්ව) පරාජය කළ හැකි නොවේ. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත
Surah Al-Ankaboot, Verse 22
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُوْلَـٰٓئِكَ يَئِسُواْ مِن رَّحۡمَتِي وَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
තවද අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහු මාගේ දයාලුභාවය පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. තවද තමන්ට වේදනීය දඬුවමක් ඇත්තෝ ද ඔවුහුමය
Surah Al-Ankaboot, Verse 23
فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත
Surah Al-Ankaboot, Verse 24
وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ
තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ඇල්ම ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොර ව ගෙන ඇත්තේ පිළිම(වන්දනාව)ය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත
Surah Al-Ankaboot, Verse 25
۞فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
තවද ලූත්(නබිවරයා) ඔහු(ඉබ්‍රාහීම්) විශ්වාස කළේය. නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් නික්ම ආ කෙනෙකි. නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය
Surah Al-Ankaboot, Verse 26
وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَ وَءَاتَيۡنَٰهُ أَجۡرَهُۥ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ
තවද අපි ඔහු (ඉබ්රාහීම්)ට ඉස්හාක් හා යඃකූබ් තිළිණයක්සේ පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ නබිත්වය හා දේව ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ කුලිය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතුරින් සිටින්නේය
Surah Al-Ankaboot, Verse 27
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ
තවද ලූත් ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශික්ෂිත දෑහි නිරත වන්නෙහුය. මෙවැනි දෙයක් ලෝවැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවෙක් නොකළේය
Surah Al-Ankaboot, Verse 28
أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
නියත වශයෙන්ම නුඹලා පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) එන්නෙහු ද? නිවැරදි මග කපා හරින්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්‍යවාදීන් අතුරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නොවීය
Surah Al-Ankaboot, Verse 29
قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ
මාගේ පරමාධිපතියණෙනි, කලහකාරී පිරිසට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්‍රාර්ථනා කළේය
Surah Al-Ankaboot, Verse 30
وَلَمَّا جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُوٓاْ إِنَّا مُهۡلِكُوٓاْ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِۖ إِنَّ أَهۡلَهَا كَانُواْ ظَٰلِمِينَ
තවද අපගේ දූත වරුන් ඉබ්‍රාහීම් වෙත ශුභාරංචිය ගෙන ආ කල්හි ‘නියත වශයෙන්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නෝ වෙමු. නියත වශයෙන්ම එහි වැසියෝ අපරාධකරුවන් වූහැ’යි ඔවුහු පැවසූහ
Surah Al-Ankaboot, Verse 31
قَالَ إِنَّ فِيهَا لُوطٗاۚ قَالُواْ نَحۡنُ أَعۡلَمُ بِمَن فِيهَاۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ
නියත වශයෙන්ම එහි ලූත් සිටින්නේ යැයි ඔහු(ඉබ්‍රාහීම්) පැවසීය. එහි සිටින්නේ කවරෙකු දැයි අපි මැනවින් දන්නෙමු. ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි මුදවා ගන්නෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය
Surah Al-Ankaboot, Verse 32
وَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ
තවද අපගේ දූත වරුන් ලූත් වෙත පැමිණි විට ඔවුන් හේතුවෙන් ඔහු දුකට පත් විය. තවද ඔවුන් හේතුවෙන් හදවත පීඩනයට පත් විය. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් නොවනු. නියත වශයෙන්ම ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අය අපි මුදවාගන්නෝ වෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය යැයි පැවසූහ
Surah Al-Ankaboot, Verse 33
إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ
නියත වශයෙන්ම මෙම නගරවාසීන් පාපකම් සිදු කරමින් සිටී හෙයින් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත පහළ කරන්නෙමු
Surah Al-Ankaboot, Verse 34
وَلَقَد تَّرَكۡنَا مِنۡهَآ ءَايَةَۢ بَيِّنَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ
තවද වටහා ගන්නා ජනයාට සැබැවින්ම අපි පැහැදිලි සංඥාවක් එහි හැර දමා ඇත්තෙමු
Surah Al-Ankaboot, Verse 35
وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗا فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱرۡجُواْ ٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
තවද මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව (එව්වෙමු.) එවිට මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද පරමාන්ත දිනය අපේක්ෂා කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු යැයි ඔහු පැවසීය
Surah Al-Ankaboot, Verse 36
فَكَذَّبُوهُ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමි කම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූහ
Surah Al-Ankaboot, Verse 37
وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ
තවද ආද් ජනයා සහ සමූද් ජනයා ද (විනාශ කළෙමු.) තවද සැබැවින්ම ඔවුන්ගේ වාසස්ථානයන්ගෙන් (ඔවුන්ගේ තත්ත්වය) නුඹලාට පැහැදිලි වී ඇත. ඔවුන් බුද්ධිමතුන් ව සිටිය දී ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට අලංකාර කර පෙන්වා ඍජු මාර්ගයෙන් ඔවුන් වැළැක්වීය
Surah Al-Ankaboot, Verse 38
وَقَٰرُونَ وَفِرۡعَوۡنَ وَهَٰمَٰنَۖ وَلَقَدۡ جَآءَهُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ وَمَا كَانُواْ سَٰبِقِينَ
තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින්ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේය. නමුත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුන් ජයග්‍රාහකයන් නොවූහ
Surah Al-Ankaboot, Verse 39
فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
එබැවින් සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. එහෙයින් ඔවුන් අතුරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරින් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතුරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතුරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට (රිසි) නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය
Surah Al-Ankaboot, Verse 40
مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. ඔවුන් දැන සිටියාහු නම්, නියත වශයෙන්ම නිවෙස් අතුරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි
Surah Al-Ankaboot, Verse 41
إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يَدۡعُونَ مِن دُونِهِۦ مِن شَيۡءٖۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
නියත වශයෙන්ම ඔහු හැර ඔවුහු කවර දෙයකින් ඇරයුම් කරන්නෝ ද ඒ පිළිබඳ ව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරී මහා ප්‍රඥාවන්තය
Surah Al-Ankaboot, Verse 42
وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِۖ وَمَا يَعۡقِلُهَآ إِلَّا ٱلۡعَٰلِمُونَ
එම උපමාවන් අපි ජනයාට පවසන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නොගනියි
Surah Al-Ankaboot, Verse 43
خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
අල්ලාහ් අහස් සහ මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේය. නියත වශයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් හට එහි සංඥාවක් ඇත
Surah Al-Ankaboot, Verse 44
ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ
දේව ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වයි. අල්ලාහ් ව මෙනෙහි කිරීම අතිමහත්ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී
Surah Al-Ankaboot, Verse 45
۞وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ
දේව ග්‍රන්ථ ලත් අය අතුරින් අපරාධ කළවුන් සමග හැර සෙසු අය සමග කවර දෙයක් යහපත් වන්නේ ද එය මිස වෙනත් කිසිවක් ගැන තර්ක නොකරනු. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ගැන ද අපි විශ්වාස කළෙමු. තවද අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. තවද අපි ඔහුට අවනත (වන මුස්ලිම්වරු) වෙමු.’ යැයි නුඹලා පවසනු
Surah Al-Ankaboot, Verse 46
وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَـٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ
එලෙස අපි ඔබ වෙතට ද දේව ග්‍රන්ථය පහළ කළෙමු. (මීට පෙර) අපි දේව ග්‍රන්ථය පහළ කළා වූ අය එය විශ්වාස කරති. තවද මොවුන් අතුරින් එය විශ්වාස කරන්නන් ද වෙති. දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෝ මිස වෙනත් කිසිවකුත් අපගේ වදන් හෙළා නොදකිති
Surah Al-Ankaboot, Verse 47
وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ
මීට පෙර කිසිදු දේව ග්‍රන්ථයක් ඔබ පාරායනය කරමින් නොසිටියෙහිය. ඔබේ දකුණතින් එය ඔබ නොලිව්වෙහිය. එසේ වී නම් අසත්‍යයේ නිරත ව සිටින්නන් සැක පහළ කරන්නෝමය
Surah Al-Ankaboot, Verse 48
بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّـٰلِمُونَ
නමුත් එය ඥානය දෙනු ලැබූවන්ගේ සිත් තුළ පැවැති පැහැදිලි සංඥාවන්ය. අපරාධකරුවෝ මිස වෙනත් කිසිවෙකු අපගේ වදන් හෙළා නොදකිති
Surah Al-Ankaboot, Verse 49
وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවන් ( පෙර රසූල්වරුන්ට පහළ වූවාක් මෙන් ) ඔහු වෙත පහළ කරනු ලැබ තිබිය යුතු නොවේදැ?යි ඔවුහු විමසූහ. (අහෝ! මුහම්මද්) ‘නියත වශයෙන්ම එම සංඥා අල්ලාහ් වෙතිනි. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නෙකු පමණි’ යැයි ඔබ පවසනු
Surah Al-Ankaboot, Verse 50
أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ
නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම දේව ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි දෙවියන් විශ්වාස කරන ජනයාට ආශිර්වාදය හා මෙනෙහි කිරීමක් ඇත
Surah Al-Ankaboot, Verse 51
قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
සාක්ෂිකරුවකු වශයෙන්ම මා අතර හා නුඹලා අතර අල්ලාහ් ප්‍රමාණවත් විය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු දනී. අසත්‍යය විශ්වාස කොට අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුහුමය අලාභවන්තයෝ යැයි (නබිවරය) ඔබ පවසනු
Surah Al-Ankaboot, Verse 52
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නොවී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. ඔවුන් නොදැනුවත් ව සිටිය දී එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙනු ඇත
Surah Al-Ankaboot, Verse 53
يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ
ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන්ම නිරය දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි
Surah Al-Ankaboot, Verse 54
يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ
එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද දඬුවම ඔවුන් ව ආවරණය කරනු ඇත. "තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු" යැයි ඔහු පවසන්නේය
Surah Al-Ankaboot, Verse 55
يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّـٰيَ فَٱعۡبُدُونِ
අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි, නියත වශයෙන්ම මාගේ භූමිය විශාලය. එහෙයින් නුඹලා මටම නැමදුම් කරනු
Surah Al-Ankaboot, Verse 56
كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. පසු ව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහුය
Surah Al-Ankaboot, Verse 57
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ
තවද විශ්වාස කොට යහකම් සිදු කළ අය වනාහි, අපි ඔවුන් ස්වර්ග උයනෙහි ඊට යටින් ගංගාවන් ගලා බස්නා කුටි වල පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාතනිකයින්ය. යහකම් සිදු කරන්නන්ගේ කුලිය යහපත් විය
Surah Al-Ankaboot, Verse 58
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
තවද ඔවුන් වනාහි ඉවසිලිමත් වූහ. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති
Surah Al-Ankaboot, Verse 59
وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
කොපමණක් ප්‍රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah Al-Ankaboot, Verse 60
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ
අහස් හා මහපොළොව මවා හිරු හා සඳු වසඟ කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද
Surah Al-Ankaboot, Verse 61
ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ඔහුට ප්‍රමාණ කොට දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah Al-Ankaboot, Verse 62
وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
තවද අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව මියගිය පසුව එය ප්‍රාණවත් කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන්ම ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නොගනිති යැයි ඔබ පවසනු
Surah Al-Ankaboot, Verse 63
وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
තවද මෙලොව ජීවිතය විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. තවද නියත වශයෙන්ම මතු ලොව ජීවිතය එයමය නියම ජීවිතය. ඔවුහු දැන සිටියාහු නම්
Surah Al-Ankaboot, Verse 64
فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ
එහෙයින් ඔවුහු නැවට ගොඩ වී ගමන් ගත්තේ නම්, ( විපතෙන් මිදීමට) දහම ඔහු වෙත පමණක් පුද කරමින් අවංකයින් ලෙස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති. පසු ව ඔවුන් ගොඩබිම වෙත මුදවා ගෙන පැමිණි කල්හි එවිට ඔවුහු දෙවියන්ට ආදේශ කරන්නෝ වෙති
Surah Al-Ankaboot, Verse 65
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ
(එසේ ඔවුන් සිදු කරනුයේ) අපි ඔවුනට පිරිනැමූ දෑ ප්‍රතික්ෂේප කරනු පිණිස හා ඔවුහු (පතන පරිදි) භුක්ති විදිනු පිණිසය. එහෙත් ඔවුහු මතු දැනගන්නෝය
Surah Al-Ankaboot, Verse 66
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ
ඔවුන් වටා සිටින මිනිසුන් පැහැරගෙන යනු ලබමින් තිබිය දී (මක්කාව) සුරක්ෂිත ශුද්ධ (වූ භූමියක්) බවට අප පත් කර තිබෙන බව ඔවුහු නොදුටුවෝ ද? එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරමින් අසත්‍යය ඔවුහු විශ්වාස කරන්නෝ ද
Surah Al-Ankaboot, Verse 67
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ
අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ සත්‍යය පැමිණි කල්හි එය බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් නොවී ද
Surah Al-Ankaboot, Verse 68
وَٱلَّذِينَ جَٰهَدُواْ فِينَا لَنَهۡدِيَنَّهُمۡ سُبُلَنَاۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلۡمُحۡسِنِينَ
තවද අප විෂයයෙහි කැපවූවන් වනාහි අපි ඔවුනට අපගේ මාර්ග පෙන්වා දෙන්නෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන් සමග සිටින්නේය
Surah Al-Ankaboot, Verse 69