Surah Al-Ankaboot - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
الٓمٓ
අලිෆ්. ලාම්. මීම්
Surah Al-Ankaboot, Verse 1
أَحَسِبَ ٱلنَّاسُ أَن يُتۡرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمۡ لَا يُفۡتَنُونَ
“අපි විශ්වාස කළෙමු” යයි කීවහොත් (පමණක් ප්‍රමාණවත්ය. ඒ ගැන) ඔවුන්ව පිරික්සුමට ලක් නොකර අත්හැර දමනු ලබන්නාහ යයි මිනිසුන් අදහස් කරමින් සිටින්නෙහුද
Surah Al-Ankaboot, Verse 2
وَلَقَدۡ فَتَنَّا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡكَٰذِبِينَ
මොවුන්ට පෙර විසූවන් සියල්ලන්ම නියත වශයෙන්ම අපි පිරික්සුමට ලක් කර ඇත්තෙමු. එබැවින් (‘විශ්වාස කළෙමු’ යයි පවසන මොවුන්ගෙන්) සත්‍යය කතා කරන්නන් කවුරුන්ද යන්න නියත වශයෙන්ම අල්ලාහ් (පරීක්ෂා කර) දැන ගන්නේය. (ඒ ආකාරයටම මෙහි බොරුකාරයින්වද නියත වශයෙන්ම ඔහු (පරීක්ෂා කර) දැන ගන්නේය
Surah Al-Ankaboot, Verse 3
أَمۡ حَسِبَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسۡبِقُونَاۚ سَآءَ مَا يَحۡكُمُونَ
පාපයන් කරන්නන් අපගෙන් බේරෙන්නෙහු යයි අදහස් කරමින් සිටින්නෙහුද? (එසේ නම් මේ ගැන) ඔවුන්ගේ තීරණය ඉතාමත් නපුරුය
Surah Al-Ankaboot, Verse 4
مَن كَانَ يَرۡجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَأٓتٖۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
අල්ලාහ්ව හමු වන්නෙමු යයි කවුරුන් විශ්වාස කරන්නෝද, ඔවුන් (එයට අවශ්‍ය කාරණාවන් කර ගැනීම අත්‍යාවශ්‍යය. මන්දයත් ඒ වෙනුවෙන් ඇති කරනු ලැබූ) අල්ලාහ්ගේ නියමිත වාරය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Ankaboot, Verse 5
وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ
(අල්ලාහ්ගේ මාර්ගයෙහි) කවුරුන් හෝ ප්‍රයත්න දැරුවහොත් නියත වශයෙන්ම ඔහු තම පෞද්ගලික වාසිය තකාම ප්‍රයත්න දරන්නේය. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් (තම) උත්පාදනයන්ගෙන් (උදව් උපකාර) අනවශ්‍ය කෙනෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Ankaboot, Verse 6
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَنَجۡزِيَنَّهُمۡ أَحۡسَنَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ
එබැවින් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් නියත වශයෙන්ම පහ කර, ඔවුන් කළ දැහැමි දැයට (ඒවාටත් වඩා) ඉතාමත් අලංකාරවත් ඵලවිපාක නියත වශයෙන්ම අපි ඔවුන්ට ලබා දෙන්නෙමු
Surah Al-Ankaboot, Verse 7
وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حُسۡنٗاۖ وَإِن جَٰهَدَاكَ لِتُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَآۚ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
දෙමව්පියන්ට යහපතක් කරන මෙන් අපි මිනිසාට හොඳ ඔවදන් දී ඇත්තෙමු. (එහෙත් දෙවියන් යනුවෙන්) ඔබ නොදන්නා (කිසිම සාධකයක් නොමැති) දැය මා හට සමානයන් වශයෙන් තබන මෙන් (මිනිසුනේ!) ඔවුන් ඔබව බල කළහොත් (එම කාරණාවෙහි) ඔබ ඒ දෙදෙනාටම අවනත නොවනු! මා වෙතම ඔබ ආපසු පැමිණිය යුතුව ඇත්තේය. ඔබ කරමින් සිටි දැය ගැන, ඒ අතර මා ඔබට දැනුම් දෙන්නෙමි
Surah Al-Ankaboot, Verse 8
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُدۡخِلَنَّهُمۡ فِي ٱلصَّـٰلِحِينَ
කවුරුන් විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි හොඳ අය සමග එක්කාසු කර හරින්නෙමු
Surah Al-Ankaboot, Verse 9
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِيَ فِي ٱللَّهِ جَعَلَ فِتۡنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِۖ وَلَئِن جَآءَ نَصۡرٞ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمۡۚ أَوَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِمَا فِي صُدُورِ ٱلۡعَٰلَمِينَ
මිනිසුන්ගෙන් සමහරෙක් සිටින්නාහ; ඔවුන් “අපි අල්ලාහ්ව විශ්වාස කරන්නෙමු” යයි පවසන්නාහ. එහෙත් ඔවුන්ට අල්ලාහ්ගේ මාර්ගයෙහි යම්කිසි දුක් ගැහැට ඇති වුවහොත් ජනතාවගෙන් ඇති වන (එම) දුක් ගැහැට අල්ලාහ්ගේ දඬුවම මෙන් (ඉතාමත් ලොකු දැයක් බවට) පත් කර, (ඔබගෙන් ඈත් වී) යාමට (කැමති) වන්නාහ. ඔබගේ දෙවියන්ගෙන් (ඔබට) කුමක් හෝ උදව්වක් ලැඛෙන විට, “නියත වශයෙන්ම අපි ඔබ සමගම සිටියෙමු” යයි පවසන්නාහ. ලෝකවාසීන්ගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දන්නෙකු නොවෙද
Surah Al-Ankaboot, Verse 10
وَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡمُنَٰفِقِينَ
(එබැවින් මොවුන්ගෙන් ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන්ව නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය. තවද (ඇතුලතින් එකක් තබාගෙන පිටතින් එකක් කතා කරන) වංචනිකයින්වද නියත වශයෙන්ම ඔහු හොඳින් දන්නේය
Surah Al-Ankaboot, Verse 11
وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ
ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් (බොහොමයක් දෙනා) විශ්වාසවන්තයින් “ඔබ අපගේ මාර්ගය අනුගමනය කරනු. (එමගින් යම්කිසි වැරැද්දක් සිදු වුවහොත්) ඔබගේ වැරදි අපි උසුලා ගන්නෙමු” යයි පවසන්නාහ. එහෙත් ඔවුන්ගේ වැරදි වලින් පවා කිසිවක් ඔවුන්ට උසුලා ගත නොහැක. (එසේ තිබියදී ඔබගේ වැරදි ඔවුන් කෙසේ නම්, උසුලා ගන්නට යන්නෙහුද! එබැවින් මෙසේ පවසන) ඔවුන් නියත වශයෙන්ම බොරුකාරයින්ය!”
Surah Al-Ankaboot, Verse 12
وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ
එහෙත් ඔවුන් තමන්ගේ (පාප) බරත් සමග, (තමන් අනුන්ව මාර්ගය වැරද යාමට සැලැස්වීමේ පාපයන්ගේ) බරද, (මාර්ගය වැරද ගිය) ඔවුන්ගේ පාපයන්ගේ බරද, නියත වශයෙන්ම උසුලන්නාහ. තවද ඔවුන් (මෙසේ) බොරුවට මනක්කල්පිත කර, පවසමින් සිටීම ගැනද, නියත වශයෙන්ම (ඔවුන් වෙත) විනිශ්චය දිනදී විමසනු ලැබේ
Surah Al-Ankaboot, Verse 13
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَلَبِثَ فِيهِمۡ أَلۡفَ سَنَةٍ إِلَّا خَمۡسِينَ عَامٗا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمۡ ظَٰلِمُونَ
නූහ් (නබිව අපගේ) දූතයා වශයෙන් ඔවුන්ගේ ජනතාව වෙත අපි යැව්වෙමු. ඔහු වසර දහසකට පණහක් අඩුවෙන් ඔවුන් අතරේ රැඳී සිටියේය. (මෙතරම් කාලයක් ජීවත් වුවද, ඔහුව ඔහුගේ ජනතාවගෙන් සමහරෙකු හැර, වැඩි දෙනෙකු විශ්වාස කළේ නැත. මෙසේ) ඔවුන් අපරාධකාරයින් වශයෙන් සිටි බැවින් මහා ජල ගැල්ම ඔවුන්ව අල්ලා ගත්තේය
Surah Al-Ankaboot, Verse 14
فَأَنجَيۡنَٰهُ وَأَصۡحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلۡنَٰهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ
එහෙත් ඔහුවද, (ඔහුගේ) නැවේ සහායයන්වද, අපි බේරාගෙන මෙය, (මෙම සිද්ධිය) ලෝකවාසීන්ට අපි එක් පාඩමක් බවට පත් කළෙමු
Surah Al-Ankaboot, Verse 15
وَإِبۡرَٰهِيمَ إِذۡ قَالَ لِقَوۡمِهِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُۖ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
ඉබ්රාහීම්වද (අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැවූ අවස්ථාවේදී) ඔහු තමන්ගේ ජනතාවට “ඔබ අල්ලාහ්වම නැමද, ඔහුටම ඔබ බිය වනු. ඔබ දැන සිටින්නෙහු නම් මෙයම ඔබට අගනේය (යන්න දැන ගන්නෙහුය)” යයි පැවසුවේය
Surah Al-Ankaboot, Verse 16
إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ
(තවද) “අල්ලාහ්ව මිස, ඔබ නමදින පිළිරූ සියල්ල ඔබ බොරුවට මනක්කල්පිත කර ගත් දැයයි. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් හැර, ඔබ නමදින මේවා ඔබට ආහාර ලබා දීමට පොඩියක් හෝ ශක්තියක් නැති දැයයි. එබැවින් (ඔබට අවශ්‍ය) ආහාර අල්ලාහ්ගෙන්ම ඉල්ලා, ඔහු (එක් කෙනෙකු)වම නැමද ඔහුට කෘතඥ වී සිටිනු. ඔහු වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”
Surah Al-Ankaboot, Verse 17
وَإِن تُكَذِّبُواْ فَقَدۡ كَذَّبَ أُمَمٞ مِّن قَبۡلِكُمۡۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
“ඔබ (මාව) බොරු කළහොත් (ඒ ගැන මට දුකක් නැත). මන්දයත් ඔබට පෙර විසූ සමූහයන්ද (තමන් වෙත පැමිණි දූතයින්ව මේ අන්දමටම) බොරු කර ඇත්තාහ. නමුත් ඔහු (අපගේ දූත මෙහෙවර) ප්‍රසිද්ධියේ ගෙනහැර දැක්වීම මිස, (ඔවුන්ට බල කිරීම එම) දූතයා කෙරෙහි අනිවාර්යය නැත” (යයි පැවසුවේය)
Surah Al-Ankaboot, Verse 18
أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
(කිසිවක් වශයෙන් නොතිබුණු) උත්පාදනයන් අල්ලාහ් කෙසේ ආරම්භයේදී ඉකුත් කළේද යන්න ඔවුන් බැලූවේ නැද්ද? (එසේම මරණයට පත් වූ) පසුද ඒවා නැවත පුනරුත්ථානය කරන්නේය. නියත වශයෙන්ම මෙය, (මෙසේ කිරීම) අල්ලාහ්ට ඉතාමත් පහසු කාර්යකි
Surah Al-Ankaboot, Verse 19
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි ඔබ සංචාරය කර, (ආරම්භයේදී) උත්පාදනයන් කෙසේ නිර්මාණය කරන්නේද යන්න බලනු. (එසේම මරණයට පත් වූ) පසුද අල්ලාහ් (විනිශ්චය දිනදී) නැවත වරක් උත්පාදනය කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි
Surah Al-Ankaboot, Verse 20
يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ
“ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. ඔහු අදහස් කරන අයට කරුණාව දක්වන්නේය. ඔහු වෙතම ඔබ ආපසු හරවනු ලබන්නෙහුය”
Surah Al-Ankaboot, Verse 21
وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
“(ඔහු ඔබට දඬුවම් කිරීමට කැමති වුවහොත්) අහස්හි හෝ භූමියෙහි හෝ ඔබ (සැඟවී සිට ඔහුව) පරාජය කර දැමිය නොහැකිය. අල්ලාහ් හැර, ඔබට කිසිම ආරක්ෂකයෙකුද නැත. උදව් කරන්නෙකුද නැත”
Surah Al-Ankaboot, Verse 22
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُوْلَـٰٓئِكَ يَئِسُواْ مِن رَّحۡمَتِي وَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
කවුරුන් අල්ලාහ්ගේ ආයාවන්ද ඔහුව හමු වීමද, ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් මගේ කරුණාව ගැන වූ විශ්වාසය බිඳී යන්නේය. මෙවැන්නන්ට නියත වශයෙන්ම වේදනා ගෙන දෙන දඬුවම් ඇත
Surah Al-Ankaboot, Verse 23
فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱقۡتُلُوهُ أَوۡ حَرِّقُوهُ فَأَنجَىٰهُ ٱللَّهُ مِنَ ٱلنَّارِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
(ඉබ්රාහීම් නබි තමන්ගේ ජනතාවට දේශනා කළ අවස්ථාවේදී) “මොහුව කපා දමනු. නැතහොත් (ගින්නෙහි) වීසි කර දමනු” යයි පැවසීමම ඔහුගේ ජනතාවගේ (එකම) පිළිතුර විය. (පසුව ඉබ්රාහීම්ව ගින්නෙහි වීසි කළහ). එබැවින් (එම) ගින්නෙන් අල්ලාහ් ඔහුව බේරා ගත්තේය. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත
Surah Al-Ankaboot, Verse 24
وَقَالَ إِنَّمَا ٱتَّخَذۡتُم مِّن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا مَّوَدَّةَ بَيۡنِكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُ بَعۡضُكُم بِبَعۡضٖ وَيَلۡعَنُ بَعۡضُكُم بَعۡضٗا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ
(නැවතත් ඉබ්රාහීම් ඔවුන්ට) “ඔබ අල්ලාහ් හැර, (මෙම) පිළිරූ දෙවිවරුන් වශයෙන් ගැනීමට හේතු වන්නේ, මෙලොව ජීවිතයේ ඔබ අතරේ (කෙනෙකුට අනිත් කෙනා සමග) ඇති මනාපයයි. පසුව විනිශ්චය දිනදී නම්, ඔබගෙන් සමහරෙක්, සමහරෙකුව ප්‍රතික්ෂේප කර දමා ඔබගෙන් සමහරෙක් සමහරෙකුව (නින්දා කර) ශාප කරන්නාහ. (අවසානයේදී) ඔබ (සියල්ලන්ම) රැඳී සිටින ස්ථානය (නිරා) ගින්නයි. (එහිදී) ඔබට උදව් කරන්නන් කිසිවෙකුත් නොසිටිනු ඇත” යයි පැවසුවේය
Surah Al-Ankaboot, Verse 25
۞فَـَٔامَنَ لَهُۥ لُوطٞۘ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَىٰ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
(ඉබ්රාහීම් මෙතරම් දුරට පැවසුවද) ලුත් (නබි පමණක්ම) ඔහුව විශ්වාස කළහ. (එබැවින් ඉබ්රාහීම් ඔහුට) “නියත වශයෙන්ම මා මගේ දෙවියන්ගේ බලාපොරොත්තුවෙන් (මගේ මෙම රට අත්හැර දමා) යන්නෙමි. නියත වශයෙන්ම ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය” යයි පැවසුවේය
Surah Al-Ankaboot, Verse 26
وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِ ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَ وَءَاتَيۡنَٰهُ أَجۡرَهُۥ فِي ٱلدُّنۡيَاۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ
එබැවින් ඔහුට ඉස්හාක්වද, යාකූබ්වද (දරුවන් වශයෙන්) ලබා දී ඔහුගේ පරම්පරාවේ දරුවන්ටම නබිත්වයද, ධර්මයද පහළ කර, ඔහුට ඔහුගේ ඵලවිපාක මෙලොවදීද දුන්නෙමු. පරලොවදී නම්, නියත වශයෙන්ම ඔහු හොඳ අයගෙන්ම සිටිනු ඇත
Surah Al-Ankaboot, Verse 27
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ إِنَّكُمۡ لَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنۡ أَحَدٖ مِّنَ ٱلۡعَٰلَمِينَ
ලුත්වද (අපි අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාව වෙත යැව්වෙමු). ඔහු තම ජනතාවට “ඔබට පෙර ලොවෙහි (මිනිසුන්ගෙන්) කිසිවෙකුත් නොකළ දීනවූ (කාරණාවක්) නියත වශයෙන්ම ඔබ කරන්නෙහුය”
Surah Al-Ankaboot, Verse 28
أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ
“කිමෙක්ද! ඔබ (කාන්තාවන්ව අත්හැර) පිරිමින් වෙත (කාමාශාවෙන්) පැමිණෙන්නෙහුය. (සංචාරකයින්ව) මහ මග හරස් කර (මංකොල්ල) කන්නෙහුය. (ජනයාගෙන් පිරි) ඔබගේ සාභාවන්හිද (ප්‍රසිද්ධියේම ඉතාමත්) පිළිකුල් සහගත (මෙම) කාරණාව කරන්නෙහු නොවෙද!”යි පැවසුවේය. එයට “ (ඇත්තෙන්ම) ඔබ ඇත්ත කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු” යන්නම ඔහුගේ ජනතාවගේ පිළිතුර විය
Surah Al-Ankaboot, Verse 29
قَالَ رَبِّ ٱنصُرۡنِي عَلَى ٱلۡقَوۡمِ ٱلۡمُفۡسِدِينَ
එයට ඔහු “මගේ දෙවියනේ! නපුර කරන මෙම ජනතාවට එරෙහිව ඔබ මා හට උදව් කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය
Surah Al-Ankaboot, Verse 30
وَلَمَّا جَآءَتۡ رُسُلُنَآ إِبۡرَٰهِيمَ بِٱلۡبُشۡرَىٰ قَالُوٓاْ إِنَّا مُهۡلِكُوٓاْ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِۖ إِنَّ أَهۡلَهَا كَانُواْ ظَٰلِمِينَ
(ඔහුගේ ප්‍රාර්ථනාවට අනුව එම ජනයාව විනාශ කර දැමීමට පැමිණි මලායිකාවරුන් වන) අපගේ දූතයින් ඉබ්රාහීම්ට ශුභාරංචි දීමට ඔහු වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුට “ලුත්ගේ) මෙම රටවැසියන්ව නියත වශයෙන්ම අපි විනාශ කර දමන්නෙමු. මන්දයත් නියත වශයෙන්ම මෙම රටවැසියන් (පාපයන් කිරීමෙහි) සීමාව ඉක්මවා ගියහ” යයි පැවසූහ
Surah Al-Ankaboot, Verse 31
قَالَ إِنَّ فِيهَا لُوطٗاۚ قَالُواْ نَحۡنُ أَعۡلَمُ بِمَن فِيهَاۖ لَنُنَجِّيَنَّهُۥ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ
එයට ඔහු “නියත වශයෙන්ම එහි ලුත්ද සිටිනවා නොවෙද!”යි පැවසුවේය. එයට ඔවුන් “එහි සිටින අය කවුරුන්දැයි යන්න අපි හොඳින් දනිමු. ඔහුවද, ඔහුගේ බිරිඳ හැර, ඔහුගේ පවුලේ උදවියද නියත වශයෙන්ම අපි බේරා ගන්නෙමු. (ඇය එම රටවැසියන් සමග) නැවතී (ඔවුන් සමග ඇයද විනාශ වී) යනු ඇත” යයි පැවසූහ
Surah Al-Ankaboot, Verse 32
وَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ
පසුව අපගේ (එම) දූතයින් ලුත් (නබි) වෙත පැමිණි අවස්ථාවේදී (එම රටවැසියන් නපුරු අදහස් ඇතිව ඔවුන්ව එළවාගෙන පැමිණියහ. එවිට) ඔහු (එම මලායිකාවරුන්ව බේරා ගැනීමට) තම අතින් කිසිවක් කර කියා ගත නොහැකිව ඔවුන් වෙනුවෙන් දුක් වූවේය. එයට ඔවුන් (ඔහුට) “ඔබ බිය වන්නට එපා. දුක් වන්නටද එපා. (අපි මෙම රටවැසියන්ව විනාශ කර දැමීමට ඔබගේ දෙවියන් විසින් යවන ලද මලායිකාවරුන් වන්නෙමු). නියත වශයෙන්ම අපි ඔබවද, ඔබගේ භාර්යයාව හැර, ඔබගේ පවුලේ උදවියද බේරා ගන්නෙමු. ඇය (ඔබ සමග නෑවිත් මෙම රටවැසියන් සමග) නැවතී (විනාශ වී) යන්නීය” යයි පැවසූහ
Surah Al-Ankaboot, Verse 33
إِنَّا مُنزِلُونَ عَلَىٰٓ أَهۡلِ هَٰذِهِ ٱلۡقَرۡيَةِ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ
“(තවද) මෙම රටවැසියන් කරමින් සිටින පාපයන්හි හේතුවෙන් නියත වශයෙන්ම අපි මොවුන් මත අහසින් දඬුවම පහළ කරන්නන් වශයෙන් සිටින්නෙමු” (යයිද පැවසූහ)
Surah Al-Ankaboot, Verse 34
وَلَقَد تَّرَكۡنَا مِنۡهَآ ءَايَةَۢ بَيِّنَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ
(පසුව මලායිකාවරුන් පැවසූ අන්දමට ඔවුන් මත දඬුවම පහළ වී ඔවුන් සියල්ලන්ම විනාශ වී ගියහ). නියත වශයෙන්ම අපි බුද්ධිමත් ජනතාවට පැහැදිලි වූ (එම) සාධකය (අද දක්වා) ඔවුන් සිටි රටෙහි අත්හැර දමා ඇත්තෙමු
Surah Al-Ankaboot, Verse 35
وَإِلَىٰ مَدۡيَنَ أَخَاهُمۡ شُعَيۡبٗا فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱرۡجُواْ ٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ
මදියන්වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (අපි අපගේ දූතයා වශයෙන් යැව්වෙමු. ඔහු ඔවුන්ට “මගේ) ජනතාවෙනි! ඔබ අල්ලාහ්වම නමදිනු. අවසාන දිනය බලාපොරොත්තුවෙන් සිටිනු. භූමියෙහි නපුර කරමින් සැරි සැරීමෙන් වැළකී සිටිනු” යයි පැවසුවේය
Surah Al-Ankaboot, Verse 36
فَكَذَّبُوهُ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ
එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කළහ. එබැවින් ඔවුන්ව භූමිකම්පාව අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල (මුණින් අතට) වැටී මැරී සිටි අවස්ථාවේදී (හිරු) උදා විය
Surah Al-Ankaboot, Verse 37
وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ
තවද (මේ අන්දමටම) අද්, සමූද් (සමූහයින්වද අපි විනාශ කර දැමුවෙමු). ඔවුන් ජීවත්ව සිටි ස්ථානයන්හි (ඇති සළකුණු)වලින් (ඔවුන් අත් කර ගත් අවසානය) ඔබට හොඳින් දැක ගත හැකිය. ඔවුන් (සියල්ලන්ටම) ඔවුන්ගේ (පාප) ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාරවත් කර පෙන්වා, ඍජු මාර්ගයෙහි නොගොස් ඔවුන්ව වළක්වා ගත්තේය. ඔවුන් හොඳ බුද්ධිමතුන් වශයෙන් සිටියා වුවද, (ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණයෙහි පැටළී මෙම ඉරණමට ගොදුරු වූහ)
Surah Al-Ankaboot, Verse 38
وَقَٰرُونَ وَفِرۡعَوۡنَ وَهَٰمَٰنَۖ وَلَقَدۡ جَآءَهُم مُّوسَىٰ بِٱلۡبَيِّنَٰتِ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ وَمَا كَانُواْ سَٰبِقِينَ
කාරූන්වද, ෆිර්අව්න්වද, හාමාන්වද (අපි මේ අන්දමටම විනාශ කර දැමුවෙමු). නියත වශයෙන්ම මූසා මොවුන් වෙත පැහැදිලි සාධකයන්ම ගෙනැවිත් සිටියේය. එහෙත් මොවුන් (ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමා) භූමියෙහි උඞඟූ වී කටයුතු කළ බැවින් (අපගේ දඬුවමට ගොදුරු වූහ. එයින්) ඔවුන්ට බේරීමට නොහැකි විය
Surah Al-Ankaboot, Verse 39
فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
(ඔවුන්) සෑම කෙනෙකුවම ඔවුනොවුන්ගේ පාපයන්හි හේතුවෙන්ම අපි (විවිධ ආකාරයට) අල්ලා ගත්තෙමු. ඔවුන්ගෙන් (ආද් ජනතාව මෙන්) සමහරෙකු මත අපි ගල් වර්ෂාව වසින්නට සැලැස්සුවෙමු. ඔවුන්ගෙන් (සමූද් ජනතාව මෙන්) සමහරෙකුව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන්ගෙන් (කාරූන් වැනි) සමහරෙකුව අපි භූමියෙහි ගිල ගැනීමට සැලැස්සුවෙමු. ඔවුන්ගෙන් (ෆිර්අව්න්, හාමාන් වැනි) සමහරෙකුව (මුහුදෙහි) ගිල්වා දැමුවෙමු. අල්ලාහ් ඔවුන්ට හානියක් කළේ නැත. එහෙත් ඔවුන් (සියල්ලන්ම) තමන්ට තමන්ම අපරාධ කර ගත්හ
Surah Al-Ankaboot, Verse 40
مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
අල්ලාහ් හැර (අන් දැය තමන්ට) ආරක්ෂකයින් වශයෙන් ඇර ගත් අයගේ උදාහරණය නම්, මකුළු සේනාව (ආරාක්ෂා සහිත මකුළු දැල තමන්ගේ) නිවස වශයෙන් (ඇර ගන්නා) මකුළුවාට සම වන්නේය. නමුත් නිවාසයන් සියල්ලෙන් ඉතාමත් ඛෙලහීන එක මකුළුවාගේ නිවාසයයි. (මකුළුවාගේ නිවස මොවුන්ව කෙසේ ආරක්ෂා කිරීමට නොහැක්කේද, එසේම මොවුන් තමන්ට ආරක්ෂකයින් වශයෙන් ගත් දෙවිවරුන්ද මොවුන්ව ආරක්ෂා කර ගත නොහැක. මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද
Surah Al-Ankaboot, Verse 41
إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يَدۡعُونَ مِن دُونِهِۦ مِن شَيۡءٖۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
අල්ලාහ් හැර, ඔවුන් කුමක් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, එය නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය. (ඔවුන්ට කිසිම ශක්තියක්ද නැත. දැනුමක්ද නැත). ඔහුම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Ankaboot, Verse 42
وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِۖ وَمَا يَعۡقِلُهَآ إِلَّا ٱلۡعَٰلِمُونَ
මිනිසුන් වෙනුවෙන්ම මෙම උදාහරණයන් අපි පවසන්නෙමු. (සිතා දැන ගත යුතු) ඥානවන්තයින් මිස, (වෙන කිසිවෙකුත්) මෙය වටහා ගන්නේ නැත
Surah Al-Ankaboot, Verse 43
خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ
අහස්ද භූමියද උත්පාදකයා ඇත්තෙන්ම අල්ලාහ්ය. (වෙන කිසිවෙකුත් නොව). විශ්වාසය තැබූවන්ට නියත වශයෙන්ම මෙහිද එක් සාධකයක් ඇත්තේය
Surah Al-Ankaboot, Verse 44
ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ
(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙන ලද (මෙම) ධර්මය ඔබ සමුදීරණය කර, සලාතය නොකඩවා ඉටු කරමින් සිටිනු. මන්දයත් නියත වශයෙන්ම සලාතය අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද, පාපයන්ගෙන්ද, (මිනිසාව) ඈත් කරන්නේය. අල්ලාහ්ව (අමතක නොකර) මතකයේ තබා (ඔහුට දික්ර් කර) සිටීම, නියත වශයෙන්ම ඉමහත්ය. තවද ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නේය
Surah Al-Ankaboot, Verse 45
۞وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ
(විශ්වාසවන්තයිනි!) ධර්මය හිමි අය සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) අලංකාරවත් අන්දමට මිස, (ඔවුන් සමග) තර්ක නොකරනු. එහෙත් ඔවුන්ගෙන් කවුරුන් හෝ සීමාව ඉක්මවා ගියහොත් (එයට සරිලන අන්දමට ඔබ පිළිතුරු දීම, ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. ඔවුන් සමග තර්ක කළහොත්) “අපට පහළ කරන ලද (ධර්මය)ද ඔබට පහළ කරන ලද (ධර්මය)ද අපි විශ්වාස කරන්නෙමු. අපගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද එක් කෙනෙකි. අපි ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙමු” යයි පවසනු මැනව
Surah Al-Ankaboot, Verse 46
وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَـٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ
(නබියේ! ඔවුන්ට ධර්මය පහළ කළ) ඒ අන්දමටම අපි ඔබට (මෙම) ධර්මය පහළ කර ඇත්තෙමු. එබැවින් අපි කවුරුන් හට (පෙර) ධර්මය ලබා දී ඇත්තෙමුද, ඔවුන්(ගෙන් වූ සත්‍යවන්තයින්) මෙයද (මෙම ධර්මයද අනිවාර්යයෙන්) විශ්වාස කරන්නාහ. තවද (අරාබිවරුන් වන) මොවුන්ගෙන් (සාධාරණ බුද්ධියෙන් යුතු) සමහරුන්ද මෙය විශ්වාස කරන්නාහ. (සිතට නොඑකඟව ප්‍රතික්ෂේප කරන) කාෆිර්වරුන් හැර, (අන් කිසිවෙකුත්) අපගේ ආයාවන් ප්‍රතික්ෂේප නොකරන්නාහ
Surah Al-Ankaboot, Verse 47
وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ
(නබියේ!) ඔබ මීට පෙර කිසිම ධර්මයක් සමුදීරණය කළ කෙනෙකු නොව. ඔබගේ දකුණතින් ඔබ එය ලියා (පුරුදු පුහුණු වූ) කෙනෙකුද නොව. එසේ වූවේ නම්, මෙම බොරුකාරයින් (මෙය ඔබ විසින් තමන්ම මනක්කල්පිත කර ගත්තා මිස, දෙවියන් විසින් පහළ කළ දැයක් නොව යයි) සැක සිතිය හැකිය
Surah Al-Ankaboot, Verse 48
بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّـٰلِمُونَ
එසේ නොව! අධ්‍යාපන ඥානය දෙනු ලැබූ අයගේ හෘදයන්හි (පතිත විය හැකි) පැහැදිලි ආයාවන් වශයෙන් මෙය ඇත්තේය. එබැවින් අපරාධකාරයින් මිස, (අන් කිසිවෙකුත්) අපගේ ආයාවන් ප්‍රතික්ෂේප නොකරන්නාහ
Surah Al-Ankaboot, Verse 49
وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ
තවද (අපි කැමති වන අන්දමට) සමහර සාධකයන් ඔහුගේ දෙවියන් විසින් ඔහුට ලබා දිය යුතු නොවේද?”යි මොවුන් පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “සාධකයන් සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. (මා වෙත නැත). මා ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකුය
Surah Al-Ankaboot, Verse 50
أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ
(නබියේ!) ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලබන (මෙම) ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු යන්න (මෙයම) ඔවුන්ට ප්‍රමාණවත් (සාධකයක් වශයෙන් තිඛෙනවා) නොවෙද? (මන්දයත්) නියත වශයෙන්ම මෙහි (දෙවියන්ගේ) වරප්‍රසාදයද, විශ්වාසය තැබූ ජනතාවට එක් මතක් කිරීමක්ද ඇත්තේය
Surah Al-Ankaboot, Verse 51
قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මටත් ඔබටත් අතරේ අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය. (මන්දයත්) ඔහුම අහස් හා භූමියෙහි ඇති සියල්ල හොඳින් දන්නේය. එබැවින් කවුරුන් බොරුව විශ්වාස කර, අල්ලාහ්ව ප්‍රතික්ෂේප කර දමන්නෝද එවැන්නන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය”
Surah Al-Ankaboot, Verse 52
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
(විනිශ්චය දින) දඬුවම ගැන (‘එය කවදා එන්නේද?’යි) ඔවුන් ඔබ වෙත ඉක්මන් වන්නාහ. එයට නියමිත කාල අවකාශයක් නොතිබුණේ නම්, (මේ වන විටත්) එම දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු වී ඇත. නමුත් එම වාරය නියත වශයෙන්ම ඔවුන් නොදැනුවත්ව සිටියදී හදිසියේම ඔවුන් වෙත (එය) අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය
Surah Al-Ankaboot, Verse 53
يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ
ඔවුන් දඬුවම ගැන ඉක්මන් වන්නාහ. නමුත් ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම නිරය (දැනටමත්) වටකරගෙන ඇත්තේය
Surah Al-Ankaboot, Verse 54
يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ
ඔවුන්ට (ඔවුන්ගේ හිසට) උඩින්ද, ඔවුන්ගේ පාදයන්ට යටින්ද, දඬුවම ඔවුන්ව වසා ගන්නා දිනදී (ඔවුන්ට) “ඔබ කරමින් සිටි දැය (නපුරේ ඵලවිපාක) ඔබ විඳ බලනු” යයි (දෙවියන්) පවසනු ඇත
Surah Al-Ankaboot, Verse 55
يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّـٰيَ فَٱعۡبُدُونِ
විශ්වාසය තැබූ මගේ වහලූනි! නියත වශයෙන්ම මගේ භූමිය (ඉතාමත්) විශාලය. (එහි) ඔබ (කොහේ ගියා වුවද), මාවම නමදිනු
Surah Al-Ankaboot, Verse 56
كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ
සෑම ආත්මයක්ම අනිවාර්යයෙන්ම මරණය අත් කර ගන්නේය. පසුව ඔබ (විනිශ්චය සඳහා) අප වෙතම ගෙන එනු ලබන්නෙහුය
Surah Al-Ankaboot, Verse 57
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට ජල දහරා සදාකල් ගලමින් ඇති ස්වර්ගයන්හි පිහිටා ඇති උඩු මහලයන්හි නියත වශයෙන්ම අපි වාඩි කරවන්නෙමු. එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. (පින් ඇති) ක්‍රියාවන් කරන්නන්ගේ ඵලවිපාකද ඉතාමත් අගනේය
Surah Al-Ankaboot, Verse 58
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
මොවුන් (තමන්ට ඇති වූ දුක් කරදර) ඉවසිලිමත්ව විඳ දරාගෙන, තමන්ගේ දෙවියන්ටම විශ්වාසය තබා සිටින්නාහ
Surah Al-Ankaboot, Verse 59
وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ
තමන්ගේ ආහාරය උසුලාගෙන නොයන කොපමණදෝ සතුන් සිටින්නේය. ඒවාටත් ඔබටත් අල්ලාහ්ම ආහාර සපයන්නේය. (මෙසේ තිබියදී ඒ වෙනුවෙන් ඔබ කුමක් නිසා අධික වශයෙන් දුක් විය යුතුද?) ඔහු නම්, (සියල්ල) සවන් දෙන්නෙකු වශයෙන්ද හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය
Surah Al-Ankaboot, Verse 60
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ
(නබියේ! ඔබ ඔවුන්ට) ‘අහස්ද, භූමියද උත්පාදනය කර, සූර්යයාද චන්ද්‍රයාද (තමන්ගේ සැලැස්මට අනුව ගමන් කරන මෙන්) යටහත් කර තැබුවේ කවුද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, “අල්ලාහ්” යයි ඔවුන් නියත වශයෙන්ම පවසනු ඇත. එසේ නම්, ඔවුන් (අපගෙන් ඈත් වී) කොහේ නම් දුවන්නෙහුද
Surah Al-Ankaboot, Verse 61
ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
අල්ලාහ් තමන්ගේ වහලූන්ගෙන් තමන් අදහස් කරන අයට (ජීවන උපායට අවශ්‍ය) වස්තුවද විස්තීරණ කර ලබා දෙන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Ankaboot, Verse 62
وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ
(නබියේ! ඔබ ඔවුන්ට) “වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වා එමගින් මැරී ගිය භූමිය පණ ගන්වන්නේ කවරෙක්ද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන්නේ නම්, “අල්ලාහ්” යයි ඔවුන් නියත වශයෙන්ම පවසනු ඇත. එයට ඔබ ‘ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය’ යයි පවසනු මැනව! එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත
Surah Al-Ankaboot, Verse 63
وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ
මෙලොව ජීවිතය පුහු සෙල්ලම හා විනෝදයත් මිස, වෙන කිසිවක් නැත. පරලොව නිවස නියත වශයෙන්ම ස්ථීර වාසස්ථානයක් වන්නේය (යන්න) ඔවුන් දැන සිටියේ නම්, (වැරදි කරන්නට ඉදිරිපත් නොවන්නාහ)
Surah Al-Ankaboot, Verse 64
فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ
(මිනිසුන්) නැවට නැග (විපතෙහි පැටළී) ගියහොත් ඔවුන් සම්පූර්ණයෙන්ම අල්ලාහ්ට අවනත වී පරිශුද්ධ වූ මනසින් ඔහුව ආරාධනා (කර ප්‍රාර්ථනා) කරන්නාහ. ඔහු ඔවුන්ව වෙරළට (ගෙන ගොස්) බේරා ගත් පසු ඔහුටම ඔවුන් (බොහොමයක් දෙනාව) සමානයන් බවට පත් කරන්නාහ
Surah Al-Ankaboot, Verse 65
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ
අපි ඔවුන්ට පහළ කළ දැය ඔවුන් ප්‍රතික්ෂේප කරමින්ම සිටිනු ඇත. (තමන්ගේ කැමැත්තට අනුව) ඔවුන් සුවය විඳිමින්ම සිටිනු ඇත. (තමන්ගේ නපුරේ ඵලවිපාක) ඉතා ඉක්මනින් ඔවුන් දැන ගනු ඇත
Surah Al-Ankaboot, Verse 66
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ
වටේ සිටින ජනයා පැහැරගෙන (ඔසවා) ගෙනයනු ලබන තත්වයකදී (මෙම මක්කාව) ආරක්ෂා සහිත ශුද්ධ භූමියක් බවට අපි පත් කර ඇති බව ඔවුන් දුටුවේ නැද්ද? මොවුන් බොරු (දෙවිවරුන්ව) විශ්වාස කර, අල්ලාහ්ගේ (මෙම) වරප්‍රසාදයන් ප්‍රතික්ෂේප කරන්නෙහුද
Surah Al-Ankaboot, Verse 67
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ
අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ට වඩා අපරාධකරුවා කවරෙක්ද? (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන්ගේ රැඳී සිටින ස්ථානය නිරයෙහි නොවෙද ඇත්තේ
Surah Al-Ankaboot, Verse 68
وَٱلَّذِينَ جَٰهَدُواْ فِينَا لَنَهۡدِيَنَّهُمۡ سُبُلَنَاۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلۡمُحۡسِنِينَ
කවුරුන් අපගේ මාර්ගයෙහි (යාමට) උත්සාහ දරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි අපගේ (ඍජු) මාර්ගයෙහි ඇතුළු කරන්නෙමු. පින් කරන අය සමග අල්ලාහ් සිටින්නේය
Surah Al-Ankaboot, Verse 69