Surah Al-Ankaboot Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ankabootفَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
(ඔවුන්) සෑම කෙනෙකුවම ඔවුනොවුන්ගේ පාපයන්හි හේතුවෙන්ම අපි (විවිධ ආකාරයට) අල්ලා ගත්තෙමු. ඔවුන්ගෙන් (ආද් ජනතාව මෙන්) සමහරෙකු මත අපි ගල් වර්ෂාව වසින්නට සැලැස්සුවෙමු. ඔවුන්ගෙන් (සමූද් ජනතාව මෙන්) සමහරෙකුව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන්ගෙන් (කාරූන් වැනි) සමහරෙකුව අපි භූමියෙහි ගිල ගැනීමට සැලැස්සුවෙමු. ඔවුන්ගෙන් (ෆිර්අව්න්, හාමාන් වැනි) සමහරෙකුව (මුහුදෙහි) ගිල්වා දැමුවෙමු. අල්ලාහ් ඔවුන්ට හානියක් කළේ නැත. එහෙත් ඔවුන් (සියල්ලන්ම) තමන්ට තමන්ම අපරාධ කර ගත්හ