Surah Al-Ankaboot Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ankaboot۞وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ
(විශ්වාසවන්තයිනි!) ධර්මය හිමි අය සමග (තර්ක කිරීමට සිදු වුවහොත්) අලංකාරවත් අන්දමට මිස, (ඔවුන් සමග) තර්ක නොකරනු. එහෙත් ඔවුන්ගෙන් කවුරුන් හෝ සීමාව ඉක්මවා ගියහොත් (එයට සරිලන අන්දමට ඔබ පිළිතුරු දීම, ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. ඔවුන් සමග තර්ක කළහොත්) “අපට පහළ කරන ලද (ධර්මය)ද ඔබට පහළ කරන ලද (ධර්මය)ද අපි විශ්වාස කරන්නෙමු. අපගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද එක් කෙනෙකි. අපි ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන්නෙමු” යයි පවසනු මැනව