Surah Al-Ankaboot Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ankabootوَلَمَّآ أَن جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗاۖ وَقَالُواْ لَا تَخَفۡ وَلَا تَحۡزَنۡ إِنَّا مُنَجُّوكَ وَأَهۡلَكَ إِلَّا ٱمۡرَأَتَكَ كَانَتۡ مِنَ ٱلۡغَٰبِرِينَ
පසුව අපගේ (එම) දූතයින් ලුත් (නබි) වෙත පැමිණි අවස්ථාවේදී (එම රටවැසියන් නපුරු අදහස් ඇතිව ඔවුන්ව එළවාගෙන පැමිණියහ. එවිට) ඔහු (එම මලායිකාවරුන්ව බේරා ගැනීමට) තම අතින් කිසිවක් කර කියා ගත නොහැකිව ඔවුන් වෙනුවෙන් දුක් වූවේය. එයට ඔවුන් (ඔහුට) “ඔබ බිය වන්නට එපා. දුක් වන්නටද එපා. (අපි මෙම රටවැසියන්ව විනාශ කර දැමීමට ඔබගේ දෙවියන් විසින් යවන ලද මලායිකාවරුන් වන්නෙමු). නියත වශයෙන්ම අපි ඔබවද, ඔබගේ භාර්යයාව හැර, ඔබගේ පවුලේ උදවියද බේරා ගන්නෙමු. ඇය (ඔබ සමග නෑවිත් මෙම රටවැසියන් සමග) නැවතී (විනාශ වී) යන්නීය” යයි පැවසූහ