Surah An-Naml Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Namlقِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
පසුව ඇයට “මෙම මාලිගාවට ඇතුළු වනු” යයි කියනු ලැබුවාය. ඇය එය දුටු අවස්ථාවේදී (පොලොවෙහි පතිත කර තිබූ පළිඟූ), ජලය යයි සිතා ඇඳුම (නොතෙමී සිටිනු පිණිස) වළලූකරෙන් (පොඩියක්) ඔසවා ගත්තාය. (සුලෙයිමාන් “එය වතුර නොව) පළිඟූ පතිත කර ඇති මාලිගාවකි” යයි පැවසුවේය. එයට ඇය “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මටම හානියක් කර ගනිමින් සිටියෙමි. ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ්ට, සුලෙයිමාන් සමග මමත් සම්පූර්ණයෙන්ම අවනත වන්නෙමි” යයි පැවසුවාය